Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023

    චෝදනා පත්‍රයට පිළිතුරු යැවූ බව ජනක කියයි

    March 29, 2023

    බිත්තර ගැන අලුත්ම ආරංචිය මෙන්න

    March 29, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Featured»මෛත්‍රීගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්
    Featured

    මෛත්‍රීගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්

    By LFNDecember 5, 2022No Comments2 Mins Read108 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තමා ජනාධිපති සමයේ ක්‍රියාත්මක කළ ජාතික මට්ටමේ ව්‍යාපෘති සඳහා වැය කළ මුදල් ද තම පෞද්ගලික කාර්ය මණ්ඩලයට වැය කළ බවට ගණනය කර වැරදි පුවතක් සමාජගත කර ඇතැයි හිටපු ජනාධිපති පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පැවසීය.

    අදාල ව්‍යාපෘති සඳහා පත්කළ නිලධාරීන්ගේ වැටුප් ද ඇතුළත් කර ගාන හදා අදාල ප්‍රවෘත්ති පළ කර තිබෙන බව කීමෛත්‍රිපාල සිරිසේන මහතා කීය.

    වරප්‍රසාද ප්‍රශ්නය මතු කරමින් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද කීය.

    සතියක් තිස්සේ මාධ්‍ය ආයතන රාශියක් ඉතා වැරදි ප්‍රවෘත්තියක් මා සම්බන්ධ කරගෙන ප්‍රචාරය කළා.

    මහින්ද රාජපක්ෂ මහතාගෙත් මගෙත් ඡායාරූප දමා ජනපති කාර්ය මණ්ඩල නඩත්තුවට මිලියන එක්දහස් හාරසිය අසූවක් වියදම් වූ බව පවසා තිබෙනවා.මෙය සත්‍යයක්. මහින්ද රාජපක්ෂ මහතා සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට ජනාධිපති වැය ශීර්ෂයෙන් 43%ක්ද මෛත්‍රීපාල සිරිසේන 57% ද යොදවා තිබූ බව අනාවරණය වූ බව එම වාර්තා වල දක්වා තිබෙනවා.

    තොරතුරු දැනගැනීමේ පනත අනුව ඉල්ලීම් කර තොරතුරු ලබාගත් බවද ඒ ප්‍රවෘත්තියේ දක්වා තිබෙනවා.

    මම ජනාධිපති ලෙස කටයුතු කරද්දී ජාතික මට්ටමේ ව්‍යාපෘති හතක් ක්‍රියාත්මක කළා.ඒ ව්‍යාපෘති රටේ ජනප්‍රිය වුණා.ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන,ජාතික පරිසර වැඩසටහන,ජාතික වකුගඩු රෝග මර්දන මර්දන ව්‍යාපාරය,ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහන,අපචාර වලට ලක්වන දරුවන් බේරා ගැනීම සඳහා ළමයින් රකිමු වැඩසටහන,කාන්තා හිංසනය වැළැක්වීමේ වැඩසටහන,ග්‍රාම ශක්ති වැඩසටහන ආදියට අප වැඩිපුර නිලධාරීන් යෙදෙව්වා.

    රජයේ වෙනත් ආයතන වලින් නිලධාරීන් ලබා ගෙන ජාතික වැඩසටහන් වලට බඳවා ගත්තා.වෛද්‍යවරුන් ඉංජිනේරුවන් ද මේ වැඩසටහනට ලබා ගත්තා.

    මේ ව්‍යාපෘති සඳහා පත්කළ නිලධාරීන්ගේ වැටුප් සමඟ තමයි මේ ගාන හදලා පෙන්වන්නේ.මට මේකට පරීක්ෂණයක් අවශ්‍ය නැහැ.මේ වැරදි තොරතුරු නිවැරදි කිරීමට කටයුතු කරන්න.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023

    චෝදනා පත්‍රයට පිළිතුරු යැවූ බව ජනක කියයි

    March 29, 2023

    බිත්තර ගැන අලුත්ම ආරංචිය මෙන්න

    March 29, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023420 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023399 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023072 Views

    අද (29) උදෑසන 6 වන විට කොළොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තවල ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ කළ…

    චෝදනා පත්‍රයට පිළිතුරු යැවූ බව ජනක කියයි

    March 29, 2023

    බිත්තර ගැන අලුත්ම ආරංචිය මෙන්න

    March 29, 2023

    විදුලි බිල ගෙවාගත නොහැකි ආගමික ස්ථාන වෙතට දැනුම්දීමක්

    March 29, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.