Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023

    චෝදනා පත්‍රයට පිළිතුරු යැවූ බව ජනක කියයි

    March 29, 2023

    බිත්තර ගැන අලුත්ම ආරංචිය මෙන්න

    March 29, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Sport»අප්‍රිකානු පාපන්දු ශූරයෝ එංගලන්තය හමුවේ ගෙදර යති
    Sport

    අප්‍රිකානු පාපන්දු ශූරයෝ එංගලන්තය හමුවේ ගෙදර යති

    By 24x7December 5, 2022No Comments1 Min Read152 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වසර 20 කට පසු තමන් සහභාගි වූ හොඳම පාපන්දු ලෝක කුසලාන ගමනට තිත තැබීමට සෙනගාල පාපන්දු කණ්ඩායමට සිදුවිය.

    ඒ් අවසන් 16 දෙනාගේ වටයේ තරගයෙන් එංගලන්තය  හමුවේ ගෝල 3-0 ක් ලෙසින් පරාජයට පත්වීමත් සමගිනි.

    මෙම තරගය අල්- බයිට් ක්‍රීඩාංගණයේදි පැවැත්විණි. තරගයේ පළමු අර්ධයේදීම එංගලන්තය වෙනුවෙන් ගෝල වාර්තා කිරීමට මැදපෙළ ක්‍රීඩක ජෝඩාන් හෙන්ඩර්සන් (38 වැනි  මිනිත්තුවේදී) හා නායක හැරි කේන් (45 වැනි මිනිත්තුවේදී) සමත්වූහ.

    ඒ අනුව පළමු අර්ධය නිමාවූයේ ගෝල 2-0 ක් ලෙස එංගලන්තය ඉදිරියෙන් සිටිමිනි. දෙවැනි අර්ධයේ 57 වැනි මිනිත්තුවේදී ඉදිරිපෙළ ක්‍රීඩක බුකායෝ සාකා තෙවැනි ගෝලයද එංගලන්තය වාර්තා කර දුන්නේය.

    කෙසේ වෙතත් මෙවර තරගවාරයේදී විශිෂ්ඨ ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ සෙනගාලය 2002 වර්ෂයෙන් පසු තමන් ලෝක කුසලානයක පැමිණි උපරිම ගමන් මග පෙන්නුම් කිරීම විශේෂත්වයකි.

    2002 වර්ෂයෙන් පසුව ඔවුන් ලෝක කුසලානයකට සුදුසුකම් ලැබුවේ 2018 වර්ෂයේදී වන අතර එහිදී ඔවුන් පළමු වටයෙන්ම ඉවත්වීමට සිදුවිය.

    සෙනගාලය පසුගිය වර්ෂයේදී (2021) අප්‍රිකානු පාපන්දු කිරුලද දිනා ගැනීමට සමත්විය.

    මේ අතර පසුගිය 2021 වර්ෂයේදී යුරෝපානු පාපන්දු අනුශූරයින් ලෙසින් කිරුළු පැළඳි එංගලන්තය පාපන්දු ලෝක කුසලානයක අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් 10 වැනි අවස්ථාව මෙය විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    24x7
    • Website

    Related Posts

    කාසියේ වාසිය සිංහයින්ට

    March 25, 2023

    2023 ක්‍රිකට් ලෝක කුසලානය ගැන අලුත්ම ආරංචියක්

    March 23, 2023

    දිමුත් කරුණාරත්න නායකත්වය ගැන තීරණයක් ගනී

    March 20, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023420 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023399 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023073 Views

    අද (29) උදෑසන 6 වන විට කොළොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තවල ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ කළ…

    චෝදනා පත්‍රයට පිළිතුරු යැවූ බව ජනක කියයි

    March 29, 2023

    බිත්තර ගැන අලුත්ම ආරංචිය මෙන්න

    March 29, 2023

    විදුලි බිල ගෙවාගත නොහැකි ආගමික ස්ථාන වෙතට දැනුම්දීමක්

    March 29, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.