තමන් අමාත්‍යවරයාට ගරු නොකරන බවත් විදුලි බල පනතට ගරු කරන බවත් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.
ඊ කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“මගේ කිසිම ගැටුමක් නෑත මෙතන තියෙන්නේ මත ගැටුවක් වගේ එකක්. ඇමතිතුමා කියලා තියෙනවා මම පරණ යාලුවෙක් කියලා. ඒ යාලුකම තියෙනවා. මම ඇමතිතුමාට ගරු කරන්නේ නෑ. මම ගරු කරන්නේ පනතට. ඇමතිතුමා කියන කථා වැදගත් නෑ. මමත් මට ඕන දේ කියනවා. දිනය අවසානයේ හරි දේ සිදුවිය යුතුයි කියා මම හිතනවා. ”