Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඡන්දය තියන්න ගැසට් එක මුද්‍රණයට යොමුකර නෑ

    January 29, 2023

    නිදහස් උත්සවයට මුදල් දෙනවනම් මැතිවරණයට දෙන්න

    January 29, 2023

    සුදු කතග‍ේ කෝටියක රන් සොරා ගෙන

    January 29, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Featured»දේශබන්දු ව අත්අඩංගුවට ගන්නැයි අභියාචනාධිකරණයට පෙත්සමක්
    Featured

    දේශබන්දු ව අත්අඩංගුවට ගන්නැයි අභියාචනාධිකරණයට පෙත්සමක්

    By LFNNovember 29, 2022No Comments2 Mins Read164 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගාලු මුවදොර “ගෝඨා ගෝ ගම” අරගලයට පහර දීමේ සිද්ධිය අදාළ නඩුකරයේ සැකකරුවකු වශයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කොට ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ රිට් ආඥාවක් නිකුත් කළ ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

    අරගලයට සහය දැක්වූ නීතිඥවරයෙකු වන රාමලිංගම් රන්ජන් මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කර ඇත.

    එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කර තිබේ.

    පෙත්සම්කරු කියා සිටින්නේ, ඉකුත් මැයි මස 9 වන දා ගාලු මුවදොර ප්‍රදේශයේ පැවති “ගෝඨා ගෝ ගම” අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු පවතින බව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ද නිරීක්ෂණය කර ඇති බවය.

    එසේ තිබියදී දේශබන්දු තෙන්නකෝන් මහතා සැකකරුවකු වශයෙන් නම් කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වගඋත්තරකරුවන් මෙතෙක් ක්‍රියාකර නොමැති බවත් පෙත්සමේ සඳහන් වේ.

    ඒ අනුව “ගෝඨා ගෝ ගම” අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කරන ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    ඊට අමතරව දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගෙන රඳවා තබා වැඩිදුර ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝගයක් නිකුත් කරන මෙන්ද පෙත්සමෙන් ඉල්ලා තිබේ.

    එමෙන්ම දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික පොලිස් කොමිසම දැනුවත් කරන ලෙස පොලිස්පතිවරයා නියෝගයක් නිකුත් කළ ලෙසද අදාළ පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඡන්දය තියන්න ගැසට් එක මුද්‍රණයට යොමුකර නෑ

    January 29, 2023

    නිදහස් උත්සවයට මුදල් දෙනවනම් මැතිවරණයට දෙන්න

    January 29, 2023

    සුදු කතග‍ේ කෝටියක රන් සොරා ගෙන

    January 29, 2023
    Top Posts

    හරි අතට වැට ගහමු

    January 25, 2023380 Views

    වෙඩි වැදී රෝහල්ගත කළ දරුවා මරුට

    November 17, 2022339 Views

    ධනුෂ්ක ට ඇප

    November 17, 2022315 Views
    Don't Miss

    ඡන්දය තියන්න ගැසට් එක මුද්‍රණයට යොමුකර නෑ

    January 29, 20230182 Views

    පළාත් පාලන මැතිවරණය ක්‍රියාවලිය ආරම්භ කිරිම සඳහා අවශ්‍ය ගැසට් නිවේදය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති හා…

    නිදහස් උත්සවයට මුදල් දෙනවනම් මැතිවරණයට දෙන්න

    January 29, 2023

    සුදු කතග‍ේ කෝටියක රන් සොරා ගෙන

    January 29, 2023

    මහරගම නගරාධිපති වාහනයේ රෝද කපලා

    January 29, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.