Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Hot News»සතියක් ඇතුලත බිත්තර මිලට නියෝගයක්
    Hot News

    සතියක් ඇතුලත බිත්තර මිලට නියෝගයක්

    By 24x7November 27, 2022No Comments3 Mins Read153 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුකුල් කෑම මෙරටට ආනයනය කිරීමට අදාළව  1969 අංක  1 දරන ආනයන හා  අපනයන (පාලන) පනත යටතේ වූ රෙගුලාසි සලකා බැලීමේදී,   අද තියෙන මිළ  අනුව බිත්තරයක් විකිණිය හැකි නිසි මිල සතියක් ඇතුලත ගණනය කොට ලබා දෙන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් මුදල් සහ වෙළඳ අමාත්‍යංශය නිලධාරීන් නියෝග කරනු ලැබීය.

    මේ සම්බන්ධයෙන් සකච්ඡා කෙරුණේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (24) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

    එසේම අදාළ රෙගුලාසි පිළිබඳ  දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව 2022.05.10 දිනැති අංක 2300/12, 2022.05.06 දිනැති අංක 2278/21, 2022.06.24 දිනැති අංක 2285/19, 2022.10.21 දිනැති අංක 2302/31 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල ප්‍රකාශයට පත් කරන ලද, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ වූ රෙගුලාසි සඳහා  රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වීම ද මෙහිදී සිදු විය.

    2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත යටතේ වන නියෝග පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාකඡාවට ලක් වූ අතර එහිදී කාරක සභා සාමාජිකයන්ගේ මතය වුයේ ඒ සඳහා අනුමතිය ලබා දීම රටේ සංවර්ධනයට වඩාත් පලදායි වන අයුරින් සකස් කිරීමෙන් අනතුරුව සලකා බැලීම වඩාත් සුදුසු බවයි.

    මෙහිදී කැසිනෝ නියාමන අධිකාරියක් නොමැති වීම හේතුවෙන් පවතින ගැටලු සම්බන්ධයෙන් ද කමිටුවේ අවධානය යොමු විය. මෙහිදී කාරක සභාවේ සභාපති ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියේ ලෝකයේ කිසිම රටක කැසිනෝ නියාමන ආයතනයක් නොමැතිව කැසිනෝ බලපත්‍ර ලබා නොදෙන බවයි.

    මේ අනුව නිලධාරීන් පවසා සිටියේ මේ වන විටත් අදායම් බදු  දෙපාර්තමේන්තුවට ගෙවන බදු මුදලට අමතරව කැසිනෝ  පිළිබඳව ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට කිසිඳු ප්‍රතිපාදනයක් නොමැති බවත් එහි මුලික පියවරක් ලෙස මෙම බලපත්‍ර නිකුත් කිරමට පියවර ගත් බවත්ය.

    මෙම කැසිනෝ ව්‍යාපාර අදාළ බදු මුදල් ගෙවනු ලබන්නේද, එමගින් කෙතරම් බදු මුදලක් රජයට එකතු කරගත්තාද නැද්ද යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් නොමැති වීම,  ලියාපදිංචි වී තිබෙන කැසිනෝ ව්‍යාපාර 4ට අමතරව පවත්නා කැසිනෝ ව්‍යාපාර සම්බන්ධයෙන් නිසි නියාමනයක් නොමැති වීම වැනි ඒ හා සම්බන්ධ කරණු කාරණා ගණනාවක් සම්බන්ධයෙන් කමිටුව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

    ඒ අනුව මේ සම්බන්ධයෙන් සංසන්දනාත්ම අධ්‍යනයක් සිදු කොට නැවත සලකා බැලීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව තීරණය කරන ලදී.

    2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත යටතේ වන නියමයන්ද සලකා බලනු ලැබූ අතර ඒ සඳහා කාරක සභාවේ අනුමතිය හිමි විය. එහිදීමේ සඳහා කමිටුවේ  අනුමතිය හිමි වුවද, ගැනුම්කරුවන් සහ සංවර්ධකයින් දැනටමත් උප කොන්ත්‍රාත් කළමනාකරණ සැලැස්මකට අනුව  පුර්ව ගෙවීමක් කර ඇති පසුබිමක සහාධිපත්‍ය නේවාසික නවාතැන් සඳහා පනවා ඇති බද්ද හේතුවෙන්  ඇතිවන ගැටලු නිසා මහජනතාවට පැහැදිලි අසාධාරණයක් සිදු වන බවට කමිටු සමාජිකයන් අදාළ  නිලධාරීන්ට අවධාරණය කරන  ලදී.

    තවද,    දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ වන යෝජනා, 2012 අංක 12 දරන මුදල් පනත යටතේ නියෝග, විසර්ජන (සංශෝධන) පනත 2022 සඳහාද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    24x7
    • Website

    Related Posts

    IMF සහ රට ගොඩ යන මග – විවෘත සටහන

    March 23, 2023

    ආනයනික කිරිපිටි මිල අඩුකෙරේ

    March 23, 2023

    IMF අනුමැතිය හිමිවෙයි

    March 21, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023418 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023399 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023087 Views

    ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ නිවස ඉදිරිපිට අද (24) පෙරවරුවේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. ඒ,…

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023

    පාරිභෝගිකයින්ට සතොසෙන් සහනයක්

    March 24, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.