Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Local News»රට නිවැරදි මගට ගැනීමට සජිත්ගෙන් විසඳුම්
    Local News

    රට නිවැරදි මගට ගැනීමට සජිත්ගෙන් විසඳුම්

    By 24x7November 21, 2022No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අයවැය කතාවේ අඩංගු අඩුපාඩු වෙනුවට රට නිවැරදි ගමනක් කරා යොමු කරවීමට ප්‍රධාන වශයෙන් විසඳුම් 6ක් ඉදිරිපත් කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    2023 අයවැය දෙවනවර කියවීම පිළිබඳ අද (21දා) පාර්ලිමේන්තුවේ 06වැනි දිනට පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

    අයවැයේ කතාවේ අඩංගු අඩුපාඩු ගැන බොහෝ දෙනා කතා කළා. මම කැමතියි මේ අවස්ථාවේ රට නිවැරදි ගමනක් කරා යොමුකරවන්නට ප්‍රධාන වශයෙන් විසඳුම් 6ක් ලබා දෙන්න. බලන්න මේ ගහලා තිබෙන බදු ක්‍රමවේදය. අසාධාරණ බදු ක්‍රමයක්. මේකෙන් ගහන්නේ මධ්‍යම පන්තියට. මේ බදු ප්‍රතිපත්තිය ඉතාම අසාධාරණයි. ඒ වගේම අථාර්තිකයි. බදු සහන ලබා දීම ගැන බැලුවොත් සීනි බදු වංචාව දිහා බලන්න. ලොකු ලොකු සමාගම් වලට මේ බද්ධ රුපියල් 50 සිට සත 25ට අඩු කරපු නිසා මොන තරම් හානියක් සිදු වුණාද? අපි කියනවා බදු සහන ලබා දෙන්න පෙර ඒවා පිළිබඳ තාර්කික විශ්ලේෂණයක් අවශ්‍යයි. අපේ රජය තුළ මේ වරද නිවැරදි කරලා අහිමි වූ බදු ටික නැවතවරක් රට වෙනුවෙන් අය කර ගන්නවා.

    දුම්කොළ බද්ධ ගහන්න සමහර දේශපාලඥයෝ කැමති නැහැ. සමහර නිලධාරීනුත් කැමති නෑ. මේ දේශපාලඥයන්, නිලධාරීන් දුම්කොළ සමාගමේ සාක්කු වල ඉන්නේ. අද රාජ්‍ය බදු ආදායම අඩු වෙලා. දුම්කොල සමාගමේ ලාභය වැඩිවෙලා. මේ දූෂිත සූත්‍රය අපි වහාම ඉවත් කරන්න ඕනී. ඒ වගේම අර්ථසාදක කොල්ල කෑම. අද වන විට සියයට 70ට අධික උද්ධමන වේගය තුළ අපේ වැඩ කරන ජනතාවගේ අර්ථසාදකයේ අගය අවප්‍රමාණය වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් සිදු කර තිබෙන වෝහාරික විගණන 5ම නිර්දේශ ටික ක්‍රියාත්මක කරලා මේ රටට අහිමි වුණු ඒ සම්පත අපි නැවත වරක් ලබා ගන්නවා. සහනාධාර ගැන ලෝක බැංකුව කළ සමීක්ෂණයකදී හෙලි වෙලා තිබෙනවා මෙරට කොපමණ සහනාධාර ක්‍රම තිබුණත් දුප්පත් අයගෙන් සියයට 58ට මේ සහනාධාර හිමිවෙන්නේ නෑ. මේ සහනාධාර ක්‍රියාත්මක කරද්දි සියයට 20ක් යනවා සහනාධාර වියදම් ලෙස. සහනාධාර ලබා දීම සඳහා හොඳම මිනුම් දණ්ඩ තමයි ගවේශන වලන් තීන්දු කරලා තිබෙනවා විදුලි පාර්භෝජන ප්‍රමාණය ඉලක්ක කරගෙන.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    24x7
    • Website

    Related Posts

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023418 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023399 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023087 Views

    ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ නිවස ඉදිරිපිට අද (24) පෙරවරුවේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. ඒ,…

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023

    පාරිභෝගිකයින්ට සතොසෙන් සහනයක්

    March 24, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.