Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: 24x7
සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් චිත්‍රපටයක රූගත කිරීමක් අතරතුර තුවාල ලබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. ඔහුගේ මීළඟ චිත්‍රපටය වන “ප්‍රොජෙක්ට් කේ” ච්ත්‍රපටයේ ක්‍රියාදාම දර්ශනයක් රුගත කරන අවස්ථාවේ අමිතාබ් බච්චන් මහතා මෙසේ තුවාල ලබා තිබේ. රූගත කිරීම අතරතුර තමාගේ ඉළ ඇටවලට හානි වූ බවත් ඒ හේතුවෙන් හුස්ම ගැනීමට සහ සෙලවීම වේදනාකාරී වූ බවත් අමිතාබ් බච්චන් මහතා සිය බ්ලොග් අඩවියේ සටහනක් තබමින් පවසා තිබේ. 80 වැනි වියේ පසුවන අමිතාබ් බච්චන් මහතා හයිද්‍රාබාද් නගරයේදී රූගත කිරීම් සඳහ සහභාගී වී තිබේ. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව තම නිවසේ විවේක ගනිමින් සිටින බවත් සම්පූර්ණ සුවය ලැබීමට සති කිහිපයක් ගතවනු ඇති බවත් අමිතාබ් බච්චන්…
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා විදේශ විනිමය හිඟයක් මේ වන විට රට තුළ නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණේ, මහ බැංකු වෙබ් අඩවියේ පළ කර තිබූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, “බැංකුව තුළින් එන ප්‍රේෂණ අඩුවීමට ප්‍රධාන හේතුව වුණේ 2021 වසරේ ඉඳලා. අපේ 203යි කියලා ෆික්ස් කරගෙන හිටියා. වෙනමම බැංකු ක්‍රමයෙන් පිට තමයි සම්පූර්ණයෙන් වෙළෙඳාම සිදුවුණේ. බැංකුවේ තියෙන මුදලයි, මුදල් හුවමාරු ආයතනවලින් එන මුදල අතර වෙනසක් නැහැ. අත්‍යවශ්‍ය දේ සඳහා විදේශ විනිමය හිඟයක් නැහැ. තෙල්, ගෑස්, ගල්අඟුරු, අත්‍යවශ්‍ය ඖෂධ සඳහා සියලුම…
මෙම සතිය තුළ රාජ්‍ය ආයතන කිහිපයක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබේ. 09 වන පාර්ලිමේන්තුවේ 4 වන සභාවාරය විවෘත කිරීමෙන් අනතුරුව පත්කරනු ලැබු කෝප් කමිටුව පළමු වරට පසුගිය සතියේ රැස්වු අතර එහි සභාපති ධුරයට මහචාර්ය රංජිත් බණ්ඩාර මහතා පත්කර ගනු ලැබීය. රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීපත්වයෙන් කෝප් කමිටුව හෙට රැස්වීමට නියමිතව ඇති අතර හෙට (07) දිනය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් කමිටුව හමුවට කැඳවා තිබේ. ඊට අමතරව හෙට දිනයේ ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ නිලධාරීන් ද කැඳවා ඇති බව වාර්තා වේ. අනිද්දා දිනයේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර…
බංගලාදේශයේ ගිනිකොණදිග ප්‍රදේශයේ රොහින්ග්‍යා සරණාගත කඳවුරක හටගත් ගින්නකින් දහස් ගණනකට නිවාස අහිමි වී තිබේ. ගින්නෙන් මේ වන විට නිවාස 2,000ක් පමණ සම්පුර්ණයෙන් විනාශ වී ඇති බවට තොරතුරු වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව රොහින්ග්‍යා සරණාගතයින් 12,000කට පමණ වාසස්ථාන අහිමි වී තිබේ. ගින්නෙන් මියගිය හෝ තුවාල ලැබු පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති අතර පවුල් 100ක් පමණ අතුරුදන්ව ඇති බව සඳහන්ය. පැය තුනක පමණ කාලයකට පසුව ඒකාබද්ධ මෙහෙයුමක් මඟින් ගින්න මැඩපවත්වා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය. ගින්නෙන් නිවාසවලට අමතරව මුස්ලිම් දේවස්ථාන 35ක් සහ සරණාගතයින් සඳහා වු ඉගෙනුම් මධ්‍යස්ථාන 21ක් ද විනාශ වී ඇති බව විදෙස්…
ඉන්දියාවේ සිට මෙරටට බිත්තර ආනයනය කිරීම තුළින් කුරුළු උණ වැනි රෝග තත්ත්වයන් රට තුළට ඇතුළු වීමේ අවදානමක් නොමැති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඉන්දියාවේ සිට ආනයනය කරනු ලබන බිත්තර අවස්ථා කිහිපයක දී පරීක්ෂණ සිදුකිරීමට මේ වන විට සැලසුම් කර ඇති බවය. එම පරීක්ෂණ සිදුකරන ක්‍රමවේදය හේතුවෙන් බිත්තර ආනයනය කිරීමට ද යම් ප්‍රමාදයක් සිදුවු බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. පශු සම්පත් දෙපාර්තමේන්තුව විසින් ලබාදී ඇති නිර්දේශවලට අනුව ආනයනය කරනු ලබන බිත්තර රාසායනාගාර පරීක්ෂාවකට ලක් කරන අතර එම පරීක්ෂණ වාර්තාව ඉදිරිදින කිහිපය තුළ ලැබීමට නියමිතව තිබේ. එම වාර්තාව ලැබුණු විගස බිත්තර ආනයනය කිරිම සිදුකරන…
තම පිරිමි දරුවන් දෙදෙනා ළිඳට දමා මවද ළිඳට පැන සියදිවි නසා ගැනීමට තැත් කිරීමේ පුවතක් කැබිතිගොල්ලෑව, කණුගහවැව ප්‍රදේශයෙන් වාර්තා වෙයි. ඊයේ (05) උදෑසන කාලයේදී එම සිද්ධිය වාර්තා වී ඇති අතර ළිඳට දැමූ වැඩිමහල් ආබාධිත පිරිමි දරුවා මියගොස් ඇති බව පොලීසිය පවසයි. මව සහ අනෙක් ගොලු පිරිමි දරුවා ළිඳ තුළ ගලක එල්ලී සිටියදී ගොඩ ගෙන කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත මාරු කර යවා ඇත. එම සිද්ධියෙන් මියගොස් ඇත්තේ, 21 හැවිරිදි ආබාධිත පිරිමි දරුවෙකි. මෘත ශරීරය අනුරාධපුර රෝහලේ තැන්පත් කර ඇති අතර කැබිතිගොල්ලෑව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් හෙට (07) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව හමුවීමට තීරණය කර තිබේ. විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 09 දෙනෙකුගේ අත්සනින් යුක්තව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිඛිතව අදාළ හමුවීම පිළිබඳ දැනුම් දී ඇති බව වාර්තා වේ. මාර්තු මස 3 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝගයට අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, මහාචාර්යය ජී.එල් පිරිස්, මනෝගනේෂන්, රිෂාද් බදියුදීන්, රංජීත් මද්දුමබණ්ඩාර, රවුෆ් හකීම්, ශානක්‍යයන් රාසමානික්කම්, එම්.ඒ සුමන්තිරන් සහ දායාසිරි ජයසේකර අදාළ ලිපිය සඳහා අත්සන්…
256රජය යටතේ පවතින කොමිෂන් සභා, නියෝජිතායතන සහ උපදේශක මණ්ඩල 100කට අධික සංඛ්‍යාවක සේවා අවශ්‍ය නොවන බව හෝ පවතින ආයතනවලින් ඉටු කළ හැකි බවට හඳුනාගෙන තිබීම හේතුවෙන් එම ආයතනවල බලතල අවසන් කිරීමට හෝ පැවරීමට තීරණය කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි. මේ අනුව වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව මාර්තු 31 වැනිදා සිට අවසන් කිරීමට නියමිත අතර එහි කටයුතු මුදල් අමාත්‍යාංශය යටතේ ඇති කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ ඇති ආයතන කළමනාකරණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට පැවැරීමට නියමිතව තිබේ. වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ සාමාජිකයින් 15 දෙනෙකු සහ අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයින් 36 දෙනෙකු නඩත්තු කිරීම…
යුධ හමුදා ක්‍රීඩා ඇඳුමින් සැරසී මේජර් වරයකු ලෙස හඳුන්වා දුන් පුද්ගලයකු පනාගොඩ යුද්ධ හමුදා කඳවුරේ පිටිපන මුර කුටියේ සෙබළුකු සන්තකේ තිබූ ටි 56 ගිනි අවිය සහ උන්ඩ 120 ක් අඩංගු මැගසින් හතරක් සොරාගෙන යාම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ඒකකය කියයි සොරාගත් උණ්ඩ තිහක් අඩංගු මැගසිනයක් ඒ ආසන්නයේ බෝක්කුවක් අසළ දමා ගොස් තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත. ඉකුත් තුන් වෙනි දින සවස 6.30 ට පමණමේජර් වරයෙකු බවට හඳුන්වා දෙමින් මුරකුටිය ට පැමිණ තිබූ එම පුද්ගලයා කාර්ය භාර නිලධාරී ගේ නම පවසා සෙබළා ඉදිරිපිටදීම ඔහුට ඇහෙන පරිදි දුරකථන ඇමතුමක් ගෙන ” මචං මම…
ඉතාලි ජාතික තරුණියකගේ රුපියල් එක් ලක්ෂ හැත්තෑ පන්දහසක් වටිනා (175,000) ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක්සොරකම් කළ ත්‍රීරෝද රථ රියදුරෙකු මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත්ශ්‍රීනිත් විජේසේකර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුඔහුට වසර දෙකක සිර දඬුවම් නියම කොට එය වසර දහයකට අත්හිටුවීමටපියවර ගෙන රුපියල් 1500කදඩයක් ද නියම කොටසොරකම් කරන ලද ජංගම දුරකතනය නැවතත් එම ඉතාලි ජාතික තරුණියටභාර දෙන ලෙස නියෝග කළේය . එසේ දඬුවම් නියම වූයේඑම්. යු. පුෂ්පකුමාර නමැති බෝවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටය . එම ඉතාලි ජාතික තරුණිය සහ තවත් තරුණියක්මෙරට ප්‍රධාන පෙළේකුලී රථ සේවාවක් ඔස්සේ ත්‍රීරෝද රථයක් වෙන් කරවා ගෙන ඔවුන් නැවතී සිටී හෝටලයේ සිට දළදා මාලිගාව නැරඹීම සඳහා පිටත්ව යන අවස්ථාවේදී ඇයගේ ජංගම දුරකථනය…