Author: 24x7

වැලිමඩ අධ්‍යාපන කළාපයේ කැප්පෙටිපොල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙකු තම පාසලේ රූමත් සිසුවියන්ට දීර්ඝ කාලයක් තිස්සේ රාත්‍රි කාලයේදි වට්ස්ඇප් පණිවිඩ ඔස්සේ විවිධ ආකාරයේ අයුතු යෝජනා කිරීම් සම්බන්ධයෙන් ලැබුන පැමිණිලි මත විදුහල්පතිවරයාගේ සේවය අත්හිටුවා පරීක්ෂණයක් ආරම්භ කිරීමට ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ. දෙදෙරු පියෙකු වන 55 හැවිරිදි මෙම විදුහල්පතිවරයා පාසලේ සිසුවියන්ට රාත්‍රි කාලයේ වට්ස්ඇප් පණිවිඩ ඔස්සේ විවිධ ආකාරයේ අයුතු යෝජනා කිරීම තහවුරු කර ගැනීමට පාසලේ සිසුවෙකු රූමත් සිසුවියක ආකාරයෙන් වට්ස්ඇප් මාර්ගයෙන් කිහිප දවසක් සම්බන්දවී සිටියදි විදුහල්පතිවරයාගේ නිරුවත් ජායාරූප කිහිපයක් සිසුවියක යැයි සිතා සිසුවාට එවා නිවාඩු දිනකදි පාසලට පැමිණ හමුවන ලෙසත් දන්වා ඇත. චෝදනාවට ලක්වු විදුහල්පතිවරයා රාත්‍රි කාලයේදි සහ අළුයම් කාලයේදි…

Read More

පාර්ලිමේන්තුවේදී පසුගියදා ‘කටවහගෙන වාඩි වෙන්න’ (you shut up sit down) යනුවෙන් විපක්ෂයට අණදුන් ජනාධිපතිවරයාට, නුදුරේදීම මහජන නියෝගයෙන් කටවසාගෙන වාඩිවීමට සිදුවනු ඇතැයි නිදහස ජනතා සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. තමන් ඉතිහාසයේ කෲරතර ඒකාධිපතියෙකු වූ ඇඩොල්ෆ් හිට්ලර්ගේ පුනරුත්පත්තිය බවට හඳුන්වාගන්නා ජනාධිපතිවරයා දරුණු ඒකාධිපතිත්වයක් කරා ගමන් කරන බව පළාත් පාලන මැතිවරණ මගහැරීමට දරන උත්සාහයෙන් මනාව පැහැදිලි වන බව ද ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය. නුදුරේ දීම රටේ මහජනතාව විසින් ඔහු නිහඬ කොට වාඩි කරවනු ඇති බව ද හෙතෙම පැවසීය. අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ කඹුරුපිටියේ දී පැවති ජනහමුවක් අමතමිනි.

Read More

තමාගේ රංගන ජිවිතයේ ප්‍රියතම චිත්‍රපට දර්ශන තලය ශ්‍රී ලංකාවේ හික්කඩුව බව සුපිරි හොලිවුඩ් නළු රයන් රෙනොල්ඩ්ස් ප්‍රකාශ කර ඇත. ජස්ට් ෆෝ ලාෆ් වැඩසටහනට පසුගිය සෙනසුරාදා සහභාගී වෙමින් එහිදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රයන් රෙනොල්ඩ්ස් මහතා මේ බව පවසා තිබේ. මෙම වීඩියෝව අකීල් සිරාජ් නම් පුද්ගලයකු ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට උඩුගත කර තිබේ. රයන් රෙනොල්ඩ්ස් මහතාගේ ප්‍රථම චිත්‍රපටය වන ඕඩිනරි මැජික් චිත්‍රපටය 1993 වර්ෂයේදී ශ්‍රී ලංකාවේදී රූගත කර ඇත.ඔහු අවුරුදු 30ක මතකය මෙලෙස අලුත් කර ඇත. තමාගේ පළමු චිත්‍රපටය ශ්‍රී ලංකාවේ රූගත කළ බවත් අවේණික ලක්ෂණ වලින් යුත් ශ්‍රී ලංකාව තම මනස නව මානයන්ට පුළුල් කළ බවත් රයන් රෙනොල්ඩ්ස් පවසා තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා ලෙස එහි නියෝජ්‍ය මහලේකම් සරත් ඒකනායක මහතා පත්කරනු ලැබ ඇත. පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම පත්කිරීම සිදුකර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විදේශගත වී ඇති බැවින් ඔහු දිවයිනට පැමිණෙන තෙක් මෙම පත්කිරීම සිදුකර ඇති බව එම පක්‍ෂ ආරංචි මාර්ග පවසයි. සරත් ඒකනායක මහතා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාරවරයකු ද වේ.

Read More

පාතාල ලෝකයේ නායකයකු සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා සහ තවත් පාතාල නායකයකු බව කියන සලිදු මල්ශිත ඇතුළු පාතාල ක්‍රියාකාරකයන් පස්දෙනකු මැඩගස්කරයේ දී අත්අඩංගුවට පත්ව ඇති බව එරට වෙබ් අඩවියක් විසින් වාර්තා කර ඇතැයි නිල නොවන ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත. මෙම පස් දෙනා සමඟ හරක්කටාගේ අනියම් බිරිඳ බවට පැවසෙන මැලේසියානු ජාතික කාන්තාවක් සහ ඇගේ පියා ද එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එම නිල නොවන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. අත්අඩංගුවට පත්වූ පත්වූ මැලේසියානු ජාතික කාන්තාව ලඟ මිලියන 38ක මුදල් තොගයක් ද තිබී එරට පොලීසිය බාරයට ගෙන ඇති බව එම වෙබ්…

Read More

බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (7) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි වැසි ඇතිවන බව ද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ. වයඹ සහ මධ්‍යම පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු අනතුරුවලින් ආරක්‍ෂාවීමට පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කර ඇත.…

Read More

සබරගමු විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුන් පිරිසක් සහ විනයාරක්ෂක ආචාර්යවරුන් දෙදෙනකු විශ්ව විද්‍යාලයේ ආපන ශාලාව තුළ අයුතු ලෙස සිරකර තබා ගත්තේ යැයි කියන එම විශ්ව විද්‍යාලයේ සිසුන් දස දෙනෙක් සමනල වැව පොලිසිය විසින් පෙරේදා පස්වෙනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. මෙම සිද්ධිය සිදුවී තිබුණේ පසුගිය ජනවාරි මාසයේ දීය විශ්වවිද්‍යාල බලධාරීන්  මේ සම්බන්ධයෙන් කර තිබූ පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා හෙළි වූ තොරතුරු මත මෙම විශ්ව විද්‍යාල සිසුන් දස දෙනා සැ‍ෙපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. අත්අඩංගුවට ගත් සැකකාර විශ්වවිද්‍යාල සිසුහු දසදෙනා දොඩන්දූව ගම්පොල කැබිතිගොල්ලෑව උඩුගම්පල සහ උස්වැටකෙයියාව යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 23 සහ 24 යන වයස්වල පසුවන අය…

Read More

සුනඛයින්ට දෙන ඖෂධයක් කුඩුකර සේරුනුවර ප්‍රදේශයේ පිහිටි පාසලක හත්වැනි වසරේ ඉගෙනුම ලබන  සිසුවකුගේ දිවා ආහාරයට මුසු කර කෑමට සහ පානය කිරීමට  දුන් බව කියන සිසුන් හය දෙනාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා ලෙස රෝගාතුරව සිටින සිසුවාගේ මවුපියන් ඉල්ලීමක් කර ඇතැයි සේරුනුවර පොලීසිය පවසයි. මෙවැනි දෙයක් කළ සිසුන් හයදෙනාගේ අනාගතය ගැන සිතා රෝගාතුරව සිටින සිසුවාගේ මවුපියන් මෙවැනි තීරණයක් ගෙන ඇති බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට  පැවසීය. රෝගාතුරව ත්‍රිකුණාමලය රෝහලේ මේ වන විටත් ප්‍රතිකාර ලබන සිසුවා ද තමා සමග එකම පන්තියේ ඉගෙනුම ලබන මිතුරු සිසුන් හය දෙනාට සමාව දීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බව කියති. සුනඛයන්ට ලබාදෙන ඖෂධ වර්ගයක් ශරීරගත කිරීමට සැලැස්වූ…

Read More

ඉන්දියානු සාගරයේ නිකොබාර් දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 5ක අගයක් ගත් භූකම්පනයක් අද (06) උදෑසන 5.07 හටගෙන තිබේ.භූමි කම්පාව හේතුවෙන් දේපළ හෝ ජීවිත හානි තවමත් වාර්තා වී නොමැති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර ඇත. ශ්‍රී ලංකාව සහ නිකොබාර් දූපත් අතර දුර කිලෝ මීටර 1436 පමණ වන අතර මෙම භූමි කම්පාවෙන් ශ්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් නොමැත.

Read More

වීරකැටිය පොලීසියේ නිළධාරීන් කිහිප දෙනෙකු හා වීරකැටිය අත්තනයායේ පවුලක සාමාජිකයන් පිරිසක් අතර අද සවස ඇති ව තිබූ ගැටුමකින් අනතුරුව ගැටුමට මැදි වූ අයකු සපා කෑමෙන් උප පොලිස් පරීක්ෂකවරයකුගේ කන් දෙකම  අහිමි වී ඇතැයි වීරකැටිය පොලීසිය පවසයි. ගැටුම අතර තුරදී කන් දෙක සපා කෑමට ලක් වූ උප පොලිස් පරීක්ෂකවරයා මේ වන විට කරාපිටිය රෝහලට ඇතුළත් කොට ඇතැයිද පොලීසිය කියයි. ගැටුමෙන් පොලිස් නිළධාරීන් 05 දෙනකු හා සිවිල් වැසියන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කොට තිබේ. සිවිල් වැසියන් දෙදෙනා සහ පොලිස් නිළධාරීන් සිවු දෙනකු තංගල්ල මූලික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටිති. වීරකැටිය පොලීසියේ නිළධාරීන් පිරිසක්  වීරකැටිය පොලිස් වසමේ ගෝනදෙනිය ප්‍රදේශයේ කසිප්පු වැටලීමකට ගොස් නැවත…

Read More