Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: 24x7
ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරදා එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව වටයේදී කඩුළු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ටැලියන්ස් කණ්ඩායම සමත්විය. තරගාවලියේ අවසන්පූර්ව වටයේ දෙවැනි තරගය ලෙස මෙය අද (21දා) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංණයේදී පැවැත්විණි. වර්ෂාව හේතුවෙන් තරගයේ ආරම්භය ප්‍රමාද වූ අතර ඒ නිසා තරගය එක් කණ්ඩායමකට පන්දුවාර 18 කට සීමාවිය. තරගයේ කාසියේ වාසිය දිනූ කලම්බු නායක ඇන්ජලෝ මැතිව්ස් ගෝල් ක්‍රීඩකයින් පන්දුවට පහරදීමට ආරාධනා කලේය. එහිදී ඔවුන් පන්දුවාර 18 කදී කඩුළු 9 ක් දැවී රැස් කලේ ලකුනු 108 ක් පමණි. හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කළ සහන් ආරච්චිගේ පන්දු 31 කදී හතරේ පහර 3 ක් හා හයේ පහර 3 ක් සමගින් ලකුනු…
නොමිලේ සහල් දීම වෙනුවට ඉදිරි මහ කන්නයේ සහ පහුගිය කන්නයේ දැනට ගොවීන් ලග පවතින වී අස්වනු වී අළෙවි මණ්ඩලය හරහා මිළදි ගැනීමට අවශ්‍ය මූල්‍ය සහය ලබා දෙන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පසුගියදා චින රජයෙන් ඉල්ලා සිටියාය. එමගින් ගොවීන්ගේ වී අස්වනු සදහා සාධාරණ මිළක් ලැබෙන අතර එම වී සහල් කිරිමේදි පාරිභෝගික ජනතාවට ද සාධාරණ මිළක් යටතේ සහල් මිළදි ගැනීමට හැකියාව ලැබෙනු ඇති. ඊට අමතරව වී මිළදි ගැනීම සදහා වී අළෙවි මණ්ඩලයට මුදල් ප්‍රතිපාදන රජය මගින් වෙන් කිරිමට ඇති අපහසුතාවය ද මෙමගින් පහව යන බව ද ආණ්ඩුකාරවරිය කියා සිටියාය. චීනයේ යුන්හාන් පළාතේ ජනතා සංගමයේ සහයෝගයෙන් නැගෙනහිර පළාතේ පාසල් සදහා …
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති හූ වෙයි මහතා හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (21දා) පවත්වා තිබේ. මෙහිදී ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වීය හා බහු පාර්ශ්වීය ණය සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වූ බව චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි. චීන රජය මෙන්ම චීනයේ බැංකු ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය පිළිබඳව ජනපතිවරයා සිය කෘතඥතාව ප්‍රකාශ කළ බව තානාපති කාර්යාලය පවසයි.
දිවයින පුරා මාංශ ප්‍රවාහනයට අවසර ලබාදීමට කටයුතු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. පසුගිය දෙසැම්බර් 08 සහ 09 දිනවල උතුරු නැගෙනහිර ප්‍රදේශවල විශාල වශයෙන් ගවයින් සහ එළුවන් මියයෑම් වාර්තා විය. සිදුකළ පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ එම සතුන් මියගොස් ඇත්තේ වසංගත තත්ත්වයක් හේතුවෙන් නොවන බවය. ඊට හේතුවී තිබුණේ එම දිනවල පැවැති දැඩි ශීත කාලගුණය බව හඳුනාගෙන ඇත.
ගල් අඟුරු තොග කඩිනමික් ගෙන්වා ගැනීමට නොහැකි වූවහොත් ජනවාරි මාසය වන විට විදුලි කප්පාදුව තවදුරටත් ඉහළ යනු ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. ඔහු පවසන්නේ ලබන වසර සඳහා ගල් අඟුරු නෞකා 38ක් ගෙන්වා ගැනීමට අවශ්‍ය වුවද මේ දක්වා මෙරටට පැමිණ ඇත්තේ ගල් අඟුරු නෞකා 06ක් පමණක් බවය. ඉදිරි විදුලි කප්පාදුව සහ විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සිවිල් සංවිධාන සමග පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනක රත්නායක මහතා මේ බව කියා සිටියේය. “ගල්අඟුරු අගෝස්තු මාසයේ සිට අද දක්වා අපිට ඇවිල්ලා තියෙන්නේ ගල්අඟුරු නැව් 5යි. තව එකක් එන්නට තියෙනව තව සුමාන දෙකක් ඇතුළත ඒ නිසා තමයි…
උතුරු කැලිෆෝනියාවේ රික්ටර් මාපක 6.4ක භූකම්පනයක් හටගෙන තිබේ. අද (21) අලුයම භූකම්පනය හට ගෙන ඇති අතර, එයින් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් 12දෙනෙක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. භූකම්පනය හේතුවෙන් හම්බෝල්ට් ප්‍රාන්තය අවට නිවාස සහ ව්‍යාපාර දස දහස් ගණනකට විදුලිය විසන්ධි වී ඇතැයි ද වාර්තා වේ.
දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ ව්‍යාපෘති වෙනුවෙන් මෙරටට විදෙස් ආයෝජන ගෙන්වා ගැනීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ. පුනර්ජනනීය බලශක්ති සියයට 70ක ඉලක්කය ළඟා කර ගැනීම, 2050 වනවිට කාබන් මධ්‍යස්ථභාවය ලබා ගැනීම සහ කාබන් විමෝචන බලපත්‍ර වෙනුවෙන් වූ ජාත්‍යන්තර වෙළඳපොළ සොයා යෑම යන ඉලක්ක සපුරා ගැනීම සඳහා විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීම රජයේ සැලසුම වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන සහ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක එරික් සෝල්හයිම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ. සහනදායී දේශගුණික මූල්‍යකරණය, කාබන් බැර කිරීම, කාබන් වෙළෙඳපො, පුනර්ජනනීය බලශක්තිය සහ හයිඩ්‍රජන් වැනි…
රත්වූ ඉස්තිරික්කයකින් සිය බිරිඳගේ ශරීරයේ කිහිප පොලක් පිලිස්සීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු හාලිඇල පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙසේ අත්අඩංගුවට ගනු ලැබූයේ හාලිඇල රොසට් වත්ත පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ සැකකරුගේ බිරිඳ වන ඉහත ලිපිනයේ පදිංචි 28 හැවිරිදි තිදරු මවකි. ඇය රෙදි මදිමින් සිටින අතර සැමියා සමඟ ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඇය අතවූ රත්වූ ඉස්තිරික්කය උදුරාගත් සැමියා මෙම පිලිස්සීම සිදුකළ බව පැවසෙන අතර ඇගේ මුහුණ, ගෙල හා පිට ප්‍රදේශය පිලිස්සීමට ලක්ව තිබේ. මෙම අඹුසැමි යුවල අතර සුළු සුළු හේතු මත පවා නිරන්තරයෙන් ආරවුල් ඇතිවන අතර එහිදී බොහෝවිට වින්දිත කාන්තාව පහරකෑමට ලක්වන බවද ඇගේ සිරුරේ මීට පෙර සිදුවූ…
ජෝන් හෝප්කිංස් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැන්කී මහතා සතිපතා ප්‍රකාශයට පත්කරන ලොව රටවල් අතර උද්ධමනයෙන් ශ්‍රී ලංකාව පහළ ගොස් තිබේ. මෙම දර්ශකය අනුව ශ්‍රී ලංකාව තවදුරටත් පස්වැනි ස්ථානයේ පසුවුවත් උද්ධමනය සියයට 113ක් දක්වා පහළට ගොස් තිබේ. මෙම දර්ශකය අනුව ලෝකයේ ඉහළම උද්ධමනයක් ඇති රට බවට තවදුරටත් පෙරමුණේ පසුවන්නේ සිම්බාබ්වේ වෙයි.
එප්පාවල පොලිස් වසමේ කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි පිරිමි දරුවකු පුද්ගලයකු විසින් පැහැර ගෙන ගොස් ඇති බවට එප්පාවල පොලීසියට අදාළ දරුවාගේ දෙමාපියන් විසින් පැමිණිල්ලක් සිදු කර ඇත. මෙම සිසුවා ප්‍රදේශයේ විදුලි කාර්මික ශිල්පි ආයතනයක් පවත්වාගෙන ගිය විදුලි කාර්මික ශිල්පියකු සමඟ මිතුරුව සිටි බවත්, අදාළ විදුලි කාර්මිකයා දරුවා පැහැර ගෙන යන්නට ඇති බවට සැකකරන බවත් දරුවාගේ මව පැවසීය. ඊයේ (19) රාත්‍රි 8.30 න් පමණ පසුව දරුවා නිවසේ නොමැති බවට දැන ගෙන සොයා බැලූවද මෙතෙක් ඔහු සම්බන්ධයෙන් තොරතුරක් නොලැබුණ බව දරුවාගේ මව වන පුෂ්පා මල්කාන්ති මහත්මිය හඩා වැළපෙමින් පැවසූවාය.