Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: 24x7
අන්තර්ජාතික ක්‍රිකට් තරගවල වසරකදී, වැඩිම ලකුනු 50 ට ඉහළ ඉනිම් ප්‍රමාණයක් වාර්තා කළ ක්‍රිඩකයින් අතර සම පෙරමුණ ගැනීමට පාකිස්ථානයේ බාබර් අසාම් සමත්විය. ඒ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර සමගින් වීම විශේෂත්වයකි. නවසීලන්තය සමගින් කරච්චි හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී නොදැවී ලකුනු 161 ක් ලබා ගැනීමට සමත්වීමත් සමගින් බාබර් මෙම වාර්තාව පිහිටුවීමට සමත්විය. සංගක්කාර ඉනිම් 56 කදී මෙම වාර්තාව පිහිටුවන විට බාබර් ඒ සඳහා වැය කර ඇත්තේ ඉනිම් 56 කි. කෙසේ වෙතත් මෙම තරගයේදී දෙවැනි ඉනිමේදී බාබර් අර්ධ ශතකයක් රැස් කළහොත්, සංගාගේ වාර්තාව බිඳ දැමීමට ඔහුට හැකියාවක් ඇත. මේ සමගින් ඔහු මේ වසරේ (2022) වැඩිම ටෙස්ට් ලකුණු ලාබීන් අතර එංගලන්තයේ…
යුක්රේනයේ ගැටුම් සම්බන්ධයෙන් රුසියාවේ ක්‍රියාකලාපයන් රටේ අවශ්‍යතා සහ එහි ජනතාව ආරක්ෂා කිරීම අරමුණු කරගත් එකක් බව ජනාධිපති ව්ලැදිමීර් පූටින් පවසයි. “අපි නිවැරදි දිශාවට ගමන් කරන බව මට විශ්වාසයි. අපි අපේ ජාතික අවශ්‍යතා, අපේ පුරවැසියන්ගේ, අපේ ජනතාවගේ අවශ්‍යතා ආරක්ෂා කරනවා. අපගේ පුරවැසියන් ආරක්ෂා කිරීම හැර අපට වෙනත් විකල්පයක් අපට නැහැ” යැයි පූටින් රුසියානු මාධ්‍ය නාලිකාවකට පැවසීය. 2014 සිට යුක්රේනයේ අර්බුදයට රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් සෙවීමට මොස්කව් උත්සාහ කළ නමුත් බටහිරයන් විසින් මෙහෙයවන ලද කියෙව් නියෝජිතයන් සාකච්ඡා කිරීමට කැමැත්තක් නොදැක්වූ බව රුසියානු නායකයා සිහිපත් කළේය. “අපගේ භූදේශපාලනික විරුද්ධවාදීන්ගේ ප්‍රතිපත්තිය ඓතිහාසික රුසියාව ඈත් කිරීමයි. බෙදීම තමයි, ඔවුන් සැමවිටම කිරීමට උත්සාහ කළේ. ඔවුන් දැනුත් එය…
ගාල්ල කච්චුවත්ත පුරාණ විහාරස්ථානයේ ඇති කතරගම දේවාලයේ සහ පත්තිනි දේවාලයේ තැන්පත් කර තිබූ කතරගම දෙවියන්ගෙ පිත්තල පිළිම, දේවාභරණ ඇතුළු භාණ්ඩ සොරකම් කරනු ලැබූ බව කියන පුද්ගලයෙකු සහ තවත් අයෙකු ගාල්ල පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර් යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ගාල්ල කච්චුවත්ත පුරාණ විහාරස්ථානය පුරාවිද්‍යා දෙපාර් තමේන්තුව යටතේ ඇති විහාරස්ථානයකි. එබැවින් මෙම පෞරාණික භාණ්ඩ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර් තමේන්තුව දැනුවත් කිරීමට පොලීසිය කටයුතු කර තිබේ. සොරා ගන්නා ලැබූ බැව් කියන කතරගම දෙවියන්ගේ පිත්තල පිලිමයක්, සරස්වතී හා විෂ්ණු දෙවියන්ගේ පිලිම, ත්‍රිශූලයක්, පා සලඹ පනස් දෙකක්, සීනු තිස් දෙකක්, කුඩා කුකුළු පහන් අටක් ද පොලීසිය මගින් මෙසේ සොයාගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ අක්මීමන…
ජනවාරි මස 2 වනදා වන විට මෙරට පවතින සියලුම ගල් අඟුරු තොග අවසන් වන බවත් ඊට පෙර ගල් අඟුරු නැවක් නොපැමිණියහොත් දැවැන්ත විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි. කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරන්නේ බලාගාරය සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා දිනකට ගල් අගුරු මෙට්ට්‍රික් ටොන් හත්දහස් පන්සියයක් අවශ්‍ය බවයි. දැනට ඇති ගල් අඟුරු සංචිතය බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකක් ක්‍රියාත්මක කරන නිසා ජනවාරි මස දෙවැනිදා අවසන් වනු ඇති බවද හෙතෙම කියා සිටියේය.
නත්තල දේව මෙහෙය වෙනුවෙන් 24 රාත්‍රියේ හලාවත මාදම්පේ මීසමේ කතෝලික දේවස්ථාන වලින් ලැබුන පුජා භාණ්ඩ අතර ටී.56 ජීවි උණ්ඩ දෙකක් තිබි හමුව ඇති බව මාදම්පෙ පොලිසිය කියයි. අදාල ටී 56 ජීව උණ්ඩ දෙක සුදු පැහැති බෑගයක් තුලට දමා තිබු කළු පැහැති කුඩා පෙට්ටියක තිබියදී හමුවු බව එම දේව මෙහෙයන් සදහා එක්වු මාදම්පේ මීසම් පාලක ජූඩ් ඩයස් පියතුමා පවසයි. මාදම්පේ මීසමේ නත්තල් දේව මෙහෙයන් සදහා එක්ව සිටි මීසම් පාලක පියතුමන් දේවස්ථාන වලින් ලැබුන පුජා භාණ්ඩ රැගෙන විත් 25 දින පරික්ෂා කිරීමේදි කළු පැහැති පෙට්ටියක් තුල මෙම ජීව උණ්ඩ දෙක බහා තිබු බව පවසයි.
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනයට ඇතුල්වී ශ්‍රී ලංකාව හරහා කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ නිසා ගාල්ල සිට කොළඹ, පුත්තලම, මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකළපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල, නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ නැවත දැනුම්දෙන තෙක් යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවන්ට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් දැනුම් දී ඇත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන්වාර දෙකක් අවලංගු කර ඇත. උදෑසන 10.15 ට බදුල්ල දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා ගමන් කරන සීග්‍රගාමී දුම්රිය හා කොළඹ දුම්රිය ස්ථානයෙන් පස්වරු 12.40ට බදුල්ල බලා පිටත් වන දුම්රිය ගමන්වාර ද්විත්වය අවලංගු කර ඇත. මේ අතර ජලයෙන් වැසී ගිය මහනුවර දුම්රිය ස්ථානයේ ජලය මේ වන විට බැසගොස් ඇති අතර එහි පවිත්‍රතා කටයුතු ආරම්භ කොට ඇත.
අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල ප්‍රදේශයේ ගෙයක් මතට පස්කන්දක් සමග ගලක් කඩා වැටිමෙන් දෙදෙනෙකුට දිවි අහිමිවී ඇත. අද (25) උදෑසන ප්‍රදේශයට පැවති අයහපත් කාළගුණයත් සමගින් මෙම අනතුර සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි. පොලිසිය, ප්‍රදේශවාසීන් හා එක්ව පස්කන්දට යටවී සිටි ළමුන් තිදෙසා සොයා මෙහෙයුමක් දියත් කළ ඇති අතර මව, පියා, දැරියන් දෙදෙනෙකු හා පිරිමි දරුවෙකු ආපදා තත්වයෙන් මුදවාගෙන ජම්බුගස්පිටිය රෝහල වෙත ඇතුලත් කර ඇත. එම ඇතුලත් කිරීමේදී දැරියක් හා පිරිමි දරුවා මියගොස් ඇත. තුවාල ලබාසිටි දැරියක් වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් පේරාදෙණිය රෝහල වෙත මාරුකර යවා ඇත. මියගිය දැරිය වයස අවුරුදු 18 ක් වන අතර මියගිය දරුවා වයස අවුරුද 16…
පොලිස් ස්ථානාධිපතිවරුන් 260 කු සඳහා ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි එකී පිරිස අතර පොලිස් පරීක්ෂකවරුන් 50 කු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 210 කු වේ. මෙම ස්ථානමාරුවීම් සිදුකිරීම අතර ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කළ ඇතැම් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සහ පොලිස් පරීක්ෂකවරුන් සාමාන්‍ය රාජකාරි සඳහා යොදවා ඇත. 2020-11-30 දිනැති අංක 2202/04 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සිදුකරන ලද බලතල පැවරීම ප්‍රකාරව පොලිස් ස්ථානාධිපති ධුරයන් හි පත්කිරීම් පත් කිරීම් හා ස්ථාන මාරු කිරීම් සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විසින් නියෝග කර ඇත.
මාවනැල්ලේ සිට හෙම්මාතගම නගරය හරහා ගම්පොළ දක්වා දිවෙන මංතීරු දෙකේ මාර්ගයේ හෙම්මාතගම ගම්පොළ අතර පිහිටා ඇති තුනේ කණුව ප්‍රදේශයේ විශාල නායයාමක් සිදුවී ඇත. ඒ නිසා ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය අඩාල වී ඇති බවත්, එම මාර්ගය සම්පූර්ණයෙන්ම වසා ඇති බවත්, හෙම්මාතගම පොලිසිය පවසයි. මෙම නායයාම අද උදෑසන 8.ත්, 9 .ත් අතර කාළයේදී සිදුවී ඇත. දෛනිකව රථවාහන විශාල ප්‍රමාණයක් මෙම මාර්ගය භාවිතා කරන අතර රජයේ නිවාඩු දිනයක් වන අද දිනයේ මෙම මාර්ගයේ පස්කඳු කඩාවැටීම නිසා වාහන විශාල ප්‍රමාණයක් හරයා යැවීමට පොලිසිය කටයුතු කර තිබිණ. මාවනැල්ල සිට ගම්පොළ නාවලපිටිය හා නුවරඒළිය වැනි ප්‍රදේශවලට කෙටි ගමන්මාර්ගයක් ලෙස මෙම මාර්ගය භාවිතා කරන අතර මෙම මාර්ගයේ…