Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: 24x7
යාපනයේ ක්‍රියාත්මක වන ආවා කල්ලිය සහ කැනී කල්ලිය අතර අද (24) දින චුන්නාකම් ප්‍රදේශයේදී වාහනද භාවිතා කරමින් සිදු වූ ගැටුමකින් සිව්දෙනකු තුවාල ලබා ඇතැයි යාපනය පොලීසිය පවසයි. යාපනය කංකසන්තුරෙයි මාර්ගයේ චුන්නාකම් මංසන්ධිය ප්‍රදේශයේදී අදාල කල්ලි දෙකේ සාමාජිකයින් කාර් රථයකින් සහ කැබ් රථයකින් මුහුණට මුහුණ ගැටී ඇති අතර වාහන දෙක ගැටීමෙන් අනතුරුව එහි සිටි සාමාජිකයෙන් තියුණු ආයුධ අතැතිව පහරදීගෙන මාර්ගයේ ගමන්ගත් ජනතාවටද තියුණු ආයුධවලින් පහරදී පලා ගොස් ඇතැයි වාර්ථා වෙයි. අදාල ගැටුමෙන් මෝටර් රථයකට සහ කැබ් රථයකට මෙන්ම යතුරුපැදියකටද බරපතල හානි සිදුව ඇත. වාහන දෙක මුහුණට මුහුණ ගැටීමෙන් සහ තියුණු ආයුධවලින් පහරදීගැනීම හේතුවෙන් දෙපාර්සවයේ සාමාජිකයන් සහ මාර්ගයේ ගමන්ගත් මගීන්ද ඇතුලුව සිව්…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන (ICC) වසරේ පිරිමි සහ කාන්තා විස්සයි20 කණ්ඩායම් වලට ශ්‍රී ලංකා ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රිඩක වනිඳු හසරංග හා වමතින් දඟ පන්දු යවන ඉනෝකා රණවීර නම්ව තිබේ. මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කළ එංගලනත් කණ්ඩායමේ නායක ජෝස් බට්ලර් අයි.සී.සි. විස්සයි20 කණ්ඩායමේ නායකත්වයට නම්කර තිබේ. තරගාවලියේ වීරයා වූ සෑම් කරන්ද කණ්ඩායමට නම්ව තිබේ. අවසන් මහ තරගයට ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් සහ හරිස් රවුෆ් යන ක්‍රීඩකයින්ද ඉන්දීය කණ්ඩායමේ විරාත් කෝලි, සූර්යකුමාර් යාදව් සහ හර්දික් පාණ්ඩ්‍යා , නවසීලන්ත ක්‍රීඩක ග්ලෙන් ෆිල්ප්ස්, සිම්බාබ්වේ ක්‍රීඩක සිකන්දර් රාසා සහ අයර්ලන්තයේ ජොෂ් ලිට්ල් කණ්ඩායමට නම්ව තිබේ. වසරේ කාන්තා කණ්ඩායමට ඔස්ට්‍රේලියාවේ…
මින් පෙර කතිරය ගසා සිදු කළ වැරැද්ද මාර්තු 09 වැනිදාට කතිරයෙන්ම නිවැරදි කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය. කොළඹ විපක්ෂනායක කාර්යාලයේ අද (23දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා, “රනිල් වික්‍රමසිංහයි, මේ රට බංකොළොත්භාවයට පත් කළ ආණ්ඩුවයි ඡන්දය කල් දාන්න ගහන්න පුළුවන් හැම තුරුම්පුවක්ම ගැහුවා. අවසාන මොහොතේ පනතක් ගෙනල්ලා ඡන්දෙ කල් දාන්න තුරුම්පු ගහලා ඒකත් බැරිවුණු තැන දැන් මැතිවරණ කොමිසම ව්‍යවස්ථාව අනුව ක්‍රියාත්මක වෙලා නාමයෝජනා භාරගෙන මාර්තු 09 වැනිදාට ඡන්දය කැඳවලා තිබෙනවා. 09 වැනිදා කියන්නේ ලංකාවට ඓතිහාසික දවසක්. මොකද ගිය අවුරුද්දේ අප්‍රේල් 09න්…
කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සියලු පාර්ශ්වයන් සාමූහික එකඟතාවකට පැමිණීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ. කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තයේ මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී පැවැති අතර එහිදී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි. කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තයේ නිරතවූවන් සහ ඊට අදාළ රේඛීය ආයතන වල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේ දී සත්ව ආහාර හිඟය, අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම, ඉන්ධන අර්බුදය, ප්‍රවාහන ගැටලු, ආනයනය කරන සත්ව ආහාර සඳහා පවතින විදේශ විනිමය ගැටලු යනාදිය සහ ඒ සඳහා ලබාගත හැකි…
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 03ක් ලබාදීමට අදාළ චෙක්පත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් අද (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය. රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම, රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, වී මිලදී ගැනීම ඇතුළු අත්‍යාවශ්‍ය කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගිය වසරේදී ලැබූ මෙහෙයුම් අතිරික්තයෙන් මෙම මුදල ලබා දී තිබේ. මෙලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මෙයට පෙර වරින් වර මහා භාණ්ඩාගාරයට ලබා දී ඇති මුළු මුදල රුපියල් මිලියන 3382ක් වන අතර එකවර රුපියල් බිලියන…
ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කේ මහතාගේ උද්ධමනය පිළිබඳ නවතම දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථානයක් පහළට පැමිණෙමින් ලෝකයේ උද්ධමනය වැඩිම රටවල් අතර පස්වන ස්ථානය ලබාගෙන ඇත. පසුගිය දර්ශකයේ ශ්‍රී ලංකාවට හතරවෙනි ස්ථානය හිමිවී තිබුණි. එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව නිල උද්ධමනය දෙසැම්බර් මස සියයට 66 ක් ලෙස සඳහන් වුවත් මෙරට සැබෑ උද්ධමනය සියයට 106 ක් බව ස්ටීව් හැන්කේ මහතා පෙන්වා දී ඇත. මීට පෙර නිකුත් වූ දර්ශකයේ හැන්කේ මහතාට අනුව ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 101 ලෙස සටහන් වූ අතර නව දර්ශකයේ එය සියයට 106 ක් දක්වා වැඩි වී තිබේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව සුබවාදී ප්‍රතිචාරයක් ලබාදීමට අපේක්ෂා කරන බව ඉන්දීය හින්දු පුවත්පත අනාවරණය කර තිබේ. ඉන්දීය රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් හින්දු පුවත්පත සඳහන් කර ඇත්තේ වර්තමාන ආර්ථික අර්බුදයේදී ශ්‍රී ලංකාවට සහායවීම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙරට සංචාරයේ මූලික අරමුණ බවය. මෙම දෙදින සංචාරයේදී, බලශක්ති සුරක්ෂිතතාව, ආහාර සුරක්ෂිතතාව, වර්තමාන විනිමය හුවමාරු ණය පහසුකම් මෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව දෙපාර්ශ්වයේ අවධානය යොමුවන බවත් හින්දු පුවත්පත සඳහන් කර තිබේ.
ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡා කිසිදු ප්‍රගතියකින් තොරව අවසන්වූ බව දෙමළ ජාතික සන්ධානය පවසයි. ද්‍රවිඩ ජනතාවට ඇති ගැටලු වන අතුරුදන් වූවන්ගේ ප්‍රශ්නය දේශපාලන සිරකරුවන් පිළිබඳව සහ ඉඩම් නිදහස් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එදා තිබුණ තත්ත්වයමයි අදත් තියෙන්නේ. ප්‍රගතියක් නැති බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක, ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ට සම්බාධක පැනවිම සමබන්ධයෙන් කරුණු විමසීමට ලංකාවේ කැනේඩියානු වැඩබලන මහ කොමසාරිස්වරයා අද (11) උදෑසන විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා ඇත. ශ්‍රී ලංකාෙව් පැවැති යුදමය කාලසීමාව තුළදී සිදු වූ බව කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ෙෙමෙස් ඔවුන්ට කැනඩාව මගින් සම්බාධක පනවා තිෙබ්. ඔවුන්ට කැනඩාවේ වතක්ම් තිබේනම් ඒවා අත්හිටුවීමට නියමිත අතර කැනඩාවට ඇතුළු වීමටද අවස්ථාවක් නොමැත.
ඇමෙරිකානු තානාපති ජූලි චුංග් මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබේ. මෙහිදී ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය, ගොලීය පරිසරය ඉහළ නැංවීම, අවුරුදු 75ක ශ්‍රී ලංකා හා ඇමෙරිකානු සබඳතා පිළිබඳව සාකච්ඡා කර තිබේ. එසේම මෙහිදී ශ්‍රී ලංකාවේ ජනතාව වෙත ඇමෙරිකාව ලබාදෙන සහාය පිළිබඳවද තවදුරටත් සාකච්ඡා කර තිබේ.