Author: 24x7

ශ්‍රි පාද හැටන් මාර්ගයේ නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා මාර්ගය දෙපස සමන් පිච්ච පැළ රෝපණය කිරිමේ වැඩසටහනක් ඊයේ (25දා)දවස පුරා පැවැත්විණි. හැටන් පොලිස් අධිකාරි කාර්යාලය සමග එක්ව හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයට අනුබද්ධ නොවෙනස් කළණ මිතුරු එකමුතුව සහ හැටන් ජිනානන්ද දහම් පාසලේ ළමුන් එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. පළමු අදිරය යටතේ නල්ලතන්නිය කල්ප රුක්ෂ විහාරස්ථානය අසල සිට ගගුලතැන්න පොලිස් මුරපොල දක්වා සමන් පිච්ච පැළ 400 ක්  රෝපණය කල අතර , දෙවන අදිරය යටතේ ගගුලතැන්න සිට ඉටිකටු පහන දක්වා සමන් පිච්ච පැළ රෝපණය කිරිම සිදු කරන බවයි නොවෙනස් කළණ මිතුරු එකමුතුවේ සමාජිකයන් කියා සිටියේ. රෝපණය කරන ලද සමන් පිච්ච පැළ වැඩෙන…

Read More

මරදන්කඩවල –  වාලච්චේන ඒ- 11 මාර්ගයේ හීනුක්කිරියාව  පන්සල අසලදී ඊයේ (25 දා) රාත්‍රී සිදුවූ රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මරදන්කඩවල පොලිසිය පවසයි. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ  හීනුක්කිරියාව ගනේවල්පොල ප්‍රදේශයේ  පදිංචිව සිටි, මොරගොඩ පොලිසියට  අනුයුක්තව රාජකාරි සිදු  කළ 46 හැවිරිදි පොලිස් කොස්තාපල් අරුණ ලාල් උයන්ගේ (95743), සහ ගනේවල්පොල  උල්පත ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි සූරියාරච්චිලාගේ  කිස්ටෝපර් බර්නාඩ් නැමැති අයෙකි. ‍ෙ හබරණ දෙස සිට මරදන්කඩවල  දෙසට ධාවනය වූ ලොරි රථයක්  හීනුක්කිරියාව   පන්සල  ආසන්නයේදී එම දිශාවටම ගමන් කර වම් පස මංතීරුවේ නතර කර තිබූ යතුරු පැදියක ගැටී පිටුපස ගැටී  මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.…

Read More

හරි අතට වැට ගහන්න දායක වෙමු……! මෙරට වත්මන් ආර්ථික පරිහාණිය යථාතත්වයට පත් කරමින් යම් ස්ථාවරයක් ගොඩ නැගීම උදෙසා ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් පරිපාලනය විවිධ උත්සහයන් දරමින් යම් වැඩපිළිවෙලක් දියත් කරමින් පවතින බව පැවති කාලවකවානුව සහ වත්මන් තත්වය පිළිබදව සාක්ෂි කරුවන් වන අප දකින යතාර්ථයක්.  එවැනි පසුබිමක් තුල යම් යම් පටු අරමුණු සහිත විවිධ ප්‍රවාහයන් විසින් කෙටිකාලයකින් යම්තාක් දුරට සංවර්ධනය වෙමින් පවතින මෙරට ආර්ථික වැඩපිළිවෙල නැවත කඩා බිද දමමින් සිය පටු අරමුණු ජය ගැනීමට රටේ ප්‍රජාව යොදාගැනීමේ සාහසික උත්සහයක නිරත වෙමින් පවතින බව පෙනීයයි. රටේ ආර්ථීකය ඊයේ, අද සහ හෙට ශ්‍රී ලංකාව මේ වන විට පත්ව ඇති ආර්ථික අර්බුදය 2013 වසරේ සිට…

Read More

කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් පහර දුන් බව පවසා කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා සිය දෛනික සටහන් පොතේ සටහන් කර ඊයේ(24දා)  රෝහල් ගත වී ඇත . කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකු හෙට්ටිගේ මහතාට දිගින් දිගටම ගම්වාසීන්ගෙන් ලද තොරතුරක් මත ඔහුගේ උපදෙස් පරිද පසුගිය (22දා) කැබිතිගොල්ලෑව කොට්ඨාස දූෂණ මර්ධන අංශය විසින් සිදු කළ වැටලීමකින් නීති විරෝධීව මත් පැන් ජාවාරමේ යෙදුණ සැකකරුවෙක් ගෝඩා ලීටර් 20 ක් සහිතව අත් අඩංගුවට ගෙන තිබේ. එදින කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ලෙස මෙම පහර කෑමට ලක් වූවා යැයි කියවෙන ප්‍රධාන පොලිස් පරික්ෂක සුභාෂ් ආරියරත්න මහතා සිට ඇත. එම…

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ‍ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (25දා) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 49 කට අධික තොගයක් (‍තෙත බර සහිත) සමඟ සැකකරුවන් තිදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනය මඟින්, යාපනය, ‍ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, උරයක් තුළ පාර්සල් 09 ක අසුරන ලද කේරළ ගංජා කිලෝ 20 ග්‍රෑම් 900 ක පමණ තොගයක් (‍තෙත බර සහිත) සමඟ සැකකරුවන් තිදෙනෙකු සහ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. තවද, එම…

Read More

අ.පො.ස උසස් පෙළ විභාග සමයේ විදුලි කප්පාදුව සිදුකිරීම සම්බන්ධයෙන් හේතු දැක්වීම සදහා විදුලිබල සහ බලශක්ති  අමාත්‍යාංශයේ ලේකම්  සුගත් ධර්මකීර්ති  සහ මහජන උපයෝගිතා  කොමසමේ සභාපති ජනත රත්නායක  යන මහත්වරුන් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම  වෙත අද (25දා) පැමිණ තිබේ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට  ලබාදීමට එකඟවී ඇති ඩොලර් බිලියන 2.9ක මුදල නිදහස් කිරිමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය නොලැබුණ හොත් රටට හෙටක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබීම හරහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ගනුදෙනු සඳහා පහසුවෙන් ප්‍රෙව්ශ වීමට අවස්ථාව ඇති බවත් ඔහු පැවැසීය. ශ්‍රී ලංකාවේ මූල්‍ය විනයක් නොමැතිවුවහොත් ඩොලර් බිලියන 2.9ක මුදල නිදහස් කිරීම ගැටලුවක් බවට පත්වෙනු ඇති බවත් ඔහු පැවැසීය. මේ අනුව මේ අවස්ථාවේදී මැතිවරණයක් පැවැත්වීමේ අපහසුතාව මැතිවරණ කොමිෂමටත් අධිකරණයටත් දැනුම් දී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

Read More

රටේ ජනතා පරමාධිපත්‍ය කෙළෙසන සියලුම කුමන්ත්‍රණ පරාජය කිරීමට විපක්ෂනායකවරයා ලෙස තමා නායකත්වය ලබාදෙන බවත්, ඒ අනුව පළාත් පාලන මැතිවරණය කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණ දියත් කළ පුද්ගලයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එමෙන්ම ෙහට (25දා) ව්‍යවස්ථාදායක සභාවේදී මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් ඉවත් කර නව සාමාජිකයන් පත් කිරීමේ සූදානමක් පවතින බවත්, එලෙස කටයුතු කරන්නේ නම් සම්පූර්ණයෙන් එම ක්‍රියාව පරාජය කිරීමට කටයුතු කරන බවත් අද (24දා) විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම සඳහන් කළේය. “මාස ගණනාවක් මුළුල්ලේ මේ රටේ ජනාධිපතිවරයා, අගමැතිවරයා, කැබිනට් එක සහ ආණ්ඩුවේ සෙසු අය දැවැන්ත ජනතා විරෝධී කුමන්ත්‍රණයක නියැළෙනවා. ඒ කුමන්ත්‍රණය තමයි පළාත් පාලන ඡන්දය වැළැක්වීමේ, කඩාකප්පල් කිරීමේ…

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2023 ජනවාරි 24 වැනි දින පැවති රැස්වීමේදී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් දැනට පවතින 14.5% සහ 15.5% යන මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කර තිබේ. නවතම සාර්ව ආර්ථික තත්ත්වයන් සහ අපේක්ෂිත වර්ධනයන් සහ සාර්ව ආර්ථික පුරෝකථනයන් සලකා බලමින් මුදල් මණ්ඩලය මෙම තීරණයට පැමිණ තිබේ.

Read More

අධි බලැති පුපුරන  ද්‍රව්‍ය  තොගයක් බට්ටා ලොරි රථයක යට පැත්තේ රහසිගත කුටියක. සඟවා ප්‍රවාහනය කරමින් තිබියදී , බිංගිරිය  විලත්තව පොලිස් මාර්ග බාධකයේදී සැකකරුවන් දෙදෙනෙකු සමග අද (24දා)   අලුයම  අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය . පිපිපිරවීම් සඳහා  භාවිතා  කෙරෙන ඩෙටනේටර්  100 බැගින් වූ පෙට්ටි 09 ක්ද,  පුපුරන ද්‍රව්‍ය  පුරවන ලද  ප්ලාස්ටික්  පයිප්ප බට  89 ක්ද , වෙඩි බේත් නූල් 21 ක් ද ,රහසිගත කුටියේ  සඟවා තිබියදී අත්අඩංගුවට ගත් බවද පොලීසිය සඳහන් කරයි . සැකකරුවන් දෙදෙනා මන්නාරම ප්‍රදේශයේ පදිංචි කරුවන් බවත් ,මෙම පුපුරන ද්‍රව්‍ය තොගය කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ගෙන් මිලදී ගෙන ඇති බවටත්  මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බවද පොලීසිය…

Read More