Author: 24x7

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වෙත ලබාදීමට යෝජිත විස්තීර්ණ මූල්‍ය පහසුකම සදහා අවශ්‍ය අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබාගැනීම වෙනුවෙන් චීනය ශ්‍රී ලංකාව වෙත ලබාදුන් ණය  සහනය ප්‍රමාණවත් නොවන බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි. ශ්‍රී ලංකාව සඳහා අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට චීනයෙන් තවත් සහතික කිරීම් අවශ්‍ය බව එම ආරංචි මාර්ග පවසන බවද ඩේලි මිරර් පුවත් සේවය පවසයි. චීනයේ විදේශ අමාත්‍යාංශය මේ සතියේ ප්‍රකාශ කර තිබුණේ චීනයේ අපනයන ආනයනි බැංකුව (EXIM) ශ්‍රී ලංකාවට වසර දෙකක ණය දිගුවක් ලබා දී ඇති බවයි. කෙසේ වෙතත්, ඉහළ රාජ්‍ය තාන්ත්‍රික මූලාශ්‍රයක් ඩේලි මිරර් වෙත පවසා…

Read More

අඛණ්ඩ විදුලි සැපයුම කෙරෙහි ව්‍යාකූල තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ විෂයභාර අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ජනක රත්නායක මහතා විශේෂ මාධ්‍ය හමුවකදී  මේ බව පැවැසීය. එසේම එකඟවූ පරිදි අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට  ලංවිම අසමත්වුවහොත් එම මණ්ඩලය නීතිය ඉදිරියට ගෙනයන බවද ඔහු පැවැසීය. “ඇමතිගේ අත්තනෝමතික ක්‍රියාකාලාපය නිසා තමයි මේ තත්ත්වය ඇති වුණේ. සඳුදා වෙනකොට ඒ තත්ත්වය වෙනස් කරගත යුතුයි. අපි දීලා තියෙන නියෝගය මත විදුලි බලය ලබාදිය යුතුයි. එහෙම නොකර යම් අර්බුදකාරී තත්ත්වයක් ඇති වුණොත් අපි විදුලිබල මණ්ඩලය නීතිය ඉදිරියට අපි අනිවාර්යයෙන්ම ගේනවා. කැබිනට් විදුලි බිල සංශෝධනය අපි ප්‍රතික්ෂේප කළා. එය විදුලිබල පනතේ වගන්තිවලට එකඟ වෙන්නේ…

Read More

රටේ අදායම් තත්ත්වය ස්ථාවර වී ආර්ථික ප්‍රගතියක් උදාවුවහොත් මේ වසරේ තුන්වන කාර්තුවේදී සහනයක් ලෙස සියලු රජ්‍ය සේවකයින්ට වැඩිපුර දීමනාවක් ලබාදීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් අද (28) පස්වරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධි මහ මළුවේදී පැවැති පුණ්‍යෝත්සවය අමතමිනි. අද සියලුදෙනා මුහුණ පා ඇති අසීරුතාව පිළිබඳ මනා අවබෝධයක් තමාට ඇති බව පැවසූ ජනාධිපතිවරයා 2024 වසර වන විට අපේක්ෂා කරන ආර්ථික ප්‍රගතියත් සමග වැටුප් වැඩි කිරීම ඇතුළුව සියලු ජනතාවට…

Read More

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ඉල්ලා අස්වීමක් සම්බන්ධයෙන් ලිපියක් මෙතෙක් කොමිෂන් සභාව වෙත ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. ඒ අනුව 2023 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කාර්යයන් කිසිඳු අඩාලවීමකින් තොරව සැලසුම් කර ඇති ආකාරයට ක්‍රියාත්මක කරනු ලබන බවද දැනුම්දෙයි.

Read More

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී) වසරේ කණ්ඩායම් වල නායකත්වයන් හිමිකර ගැනීමට එංගලන්තයේ බෙන් ස්ටෝක්ස්, පාකිස්ථානයේ බාබර් අසාම් හා එංගලන්තයේ ජොස් බට්ලර්ට හිමිවී ඇත. අයි.සී.සී.ය මගින් පසුගිය (2022) වර්ෂයට අදාළව වසරේ ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම් නම් කරන ලදී. මෙහිදී ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය බෙන් ස්ටෝක්ස්ට හිමිවද්දී එහි වැඩිම නියෝජනයක් ඔස්ට්‍රේලියාවට හිමිවීම විශේෂත්වයකි. ඒ ක්‍රීඩකයින් 4 කි. ඊට අමතරව එංගලන්ත ක්‍රීඩකයින් තිදෙනෙක්, කොදෙව්, පකිස්ථාන, ඉන්දීය හා දකුණු අප්‍රිකාවෙන් එක් ක්‍රීඩකයෙකු බැගින් ඇතුලත්ව ඇත. වසරේ ටෙස්ට් කණ්ඩායම උස්මාන් කවාජා (ඔස්ට්‍රේලියාව), ක්‍රේග් බ්‍රැත්වේට් (කොදෙව්), මානස් ලබුෂේන් (ඔස්ට්‍රේලියාව), බාබර් අසාම් (පකිස්ථානය), ජොනී බෙයාර්ස්ටෝ (එංගලන්තය), බෙන් ස්ටෝක්ස් (නායක/එංගලන්තය), රිෂාබ් පාන්ට්, පැට් කමින්ග්ස්, කගීසෝ රබාඩා (දකුනු අප්‍රිකාව),…

Read More

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පෙබරවාරි මස 16දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (26දා) සිතාසි නිකුත් කළේය . ඒ අරගලය අවස්ථාවේදී කොටුව ජනාධිපති මැදුරෙන් සොයාගත් මුදල්, මහජන ආරක්ෂක ඇමැතිවරයාට භාර දෙන ලෙස කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී සාපරාධී විශ්වාසය කඩ කළැයි කියන සිද්ධියකට අදාළවයි.

Read More

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රංශයට අයත් රී-යූනියන් දූපත වෙත සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට පත් ශ්‍රීලාංකිකයන් 38 දෙනෙකු ඊ‍යේ (25දා)  සවස නැවතත් ගුවන් මගින් මෙරටට පිටුවහල් කිරීමට රී-යූනියන් දූපතේ ප්‍රංශ බලධාරීන් විසින් කටයුතු කර ඇත. 2022 දෙසැම්බර් මස 01 වන දින කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකු සමඟ මීගමුව ධීවර වරායෙන් පිටත්ව ඇති අංක IMUL-A-0532 CHW දරණ බහුදින ධීවර යාත්‍රාව වෙත, 2022 දෙසැම්බර් මස 13 සහ 14 යන දිනයන්හීදී පුත්තලම බත්තලන්ගුණ්ඩුව දූපතේ සිට ඩිංගි යාත්‍රා 03 ක් යොදා ගනිමින් පුද්ගලයින්  64 දෙනෙකු නංවාගෙන ඇත. අනතුරුව, මෙම නීතීවිරෝධි සංක්‍රමණිකයින් පිරිස රැගත් බහුදින ධිවර යාත්‍රාව පළමුව බ්‍රිතාන්‍යයට අයත් දියාගෝ ගාර්සියා වෙත ඇතුළුවීමට උත්සාහ කර ඇති අතර, එහිදී…

Read More

වැටුප් ලබන්නා මෙන්ම වැටුප් ගෙවන්නා ණය උගුලකට හිරවිම වැළැක්වීම සඳහා මාසික වැටුප් වෙනුවට සති වැටුප් ගෙවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල රජයට හා පෞද්ගලික අංශයට යෝජනා කරයි. ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. “ආණ්ඩුවේ සේවකයින්ට මාසික වැටුප් ගෙවන දිනයේ දී සියලු දෙනාට ඒවා ගෙවන්න බැරි වේවි යැයි ආණ්ඩුවේ ඇමතිවරුන් පැවසුවා. ආණ්ඩුවට විතරක් නොවේ මේ ආර්ථික අර්බුදය හමුවේ පෞද්ගලික සමාගම් වලටත් මාසික වැටුප් ගෙවීම බරපතල අභියෝගයක් වෙලා තිබෙන්නේ. ඒ නිසා පෞද්ගලික අංශය පොලියට ණයට ගනිමින් තමයි සේවකයන්ට වැටුප් ගෙවන්නේ. අනිත් පැත්තෙන් ජනතාවට බදු නිසා ආදායම අඩු වෙලා. උද්ධමනය නිසා වියදම වැඩි වෙලා. ඒ නිසා ලැබෙන වැටුපෙන් පරණ…

Read More

මිනිස් ජාවාරමට එරෙහිව ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ග සඳහා සහාය දැක්වීමටත්, ඒ සඳහා අවශ්‍ය හෙලිකොප්ටර් යානා සපයා දීමටත් ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති රීටා ජී. මැනෙලා මහත්මිය (Rita G. Mannella) කැමැත්ත පළ කළාය. ඉතාලි තානාපතිනිය මේ බව සඳහන් කළේ ඊයේ (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේ දී ය. ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. දෙරට අතර සංස්කෘතික වැඩසටහන් හුවමාරුව, සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීම, ආයෝජන අවස්ථා ඉහළ නැංවීම මෙන්ම මෙම අසීරු අවස්ථාවේ ඉතාලියෙන් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි සහාය පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු විය.

Read More

රජයේ දුර්වල මූල්‍ය කළමනාකරණය හේතුවෙන් රටේ සෞඛ්‍ය පද්ධතිය කඩාවැටීමට ලක්ව ඇතැයිද එතුළින් රෝගීන්ගේ වටිනා ජීවිත මරු කටට වැටී ඇතැයිද චෝදනා කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, බදුල්ල පළාත් මහ රෝහල් පරිශ්‍රය කලු කොඩිවලින් සරසමින් ඊට විරෝධය පළකළේය. බදුල්ල ඌව පළාත් මහ රෝහලේද උග්‍ර ඖෂධ හිඟයක් පවතින අතර එම තත්වය මත අසරණ රෝගීන් දැඩි දුෂ්කරතාවයට පත්වන බවද ඒ සම්බන්ධයෙන් රජය ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම පිළිබඳව තම සංගමය විරෝධය පලකරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය. එසේම වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය රෝගීන් හෝ වෙනත් කිසිවෙකුට අවහිරයක් පීඩාවක් නොවන අයුරින් රෝහල් භූමිය කලු පොලිතීන් වලින් සරසා මෙසේ…

Read More