Author: 24x7

ගම්පහ මහ රෝහලේ ගිලන් රථ රියදුරෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5  මිලි ග්‍රෑම් 320 සන්තකයේ තබාගෙන සිටි බව කියමින් යාගොඩ ප්‍රදේශයේ දී ෙසැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් මෙම ගිලන් රථ රියදුරා කාලයක් තිස්සේ සිට හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වී සිටින අයකු බවට තොරතුරු හෙළිවී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. මොහු හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කර රෝගීන් රැගෙන ගිලන් රථය පදවාගෙන ගිය අවස්ථා පවා තිබෙන බව කියති. මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ සීදුව රද්දොළුගම කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි හතළිස් හැවිරිදි අයෙකි. ලැබුණු තොරතුරක් මත මෙම රෝහල් ගිලන් රථ රියදුරා යාගොඩමුල්ල ප්‍රදේශයේදී පරීක්ෂාවට ලක්කර හෙරොයින් සමග සැක පිට…

Read More

පුල්මුඩේ පොලිස්වසමට අයත් පාලම්කුලම් වෙල්යායේදි  කුඹුරු ඉඩමක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් නිසා දෙදෙනෙකු කපාකොටා ඝාතනය කර ඇත. දෙපාර්ශවයක් අතර ඊයේ (29) පස්වරුවේ ඇති වුමෙම ආරවුල ඇතිවී ඇත. මෙම ගැටුමෙන් තුවාල ලැබු තවත් තිදෙනෙකු පුල්මුඩේ රෝහලට ඇතුලත් කර ඇත. ඉක් එක් අයෙකුගේ තත්වය බරපතල බැවින් පසුව ත්‍රිකුණාමලය රෝහලට මාරුකර ඇති බව පොලිසිය කියයි. මෙලෙස ඝාතනය වි ඇත්තේ පුල්මුඩේ කොට්ඨාස අංක  01හි පදිංචිකරුවන් වන අබ්දුල් පරිඩ් අලවුදීන් (37) හා සින්න මරික්කාර් බදූර් (40) නැමැති අයයි. මියගිය දෙදෙනා ගැටුම් ඇතිකර ගත්  පාර්ශව දෙකේ දෙදෙනෙකු වේ.මෙම කුඹුරු ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් අබ්දුල් පරිඩ් නැමැත්තාගේ පවුලේ සහෝදරයන් හා  සින්නමරික්කාර නැමැත්තාගේ පවුලේ සහෝදරයන් අතර මෙම ගැටුම හටගෙන තිබේ. මෙලෙස…

Read More

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාට තම විෂය ක්ෂේත්‍රය පිළිබදව අවබෝධයක් නොමැති බවත්, තමන්ට එන ඕනෑම අභියෝගයක් භාර ගන්නා බවත් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවැසීය. “ස්වාධින කොමිෂන් සභා තියෙන්නේ දේශපාලඥයින්ගේ තීන්දු ක්‍රියාත්මක කරන්න නෙමෙයි ස්වාධිනව වැඩ කිරිමට. කොමිෂන් සභාවල දෙන තීන්දු නිලධාරීන විසින් ක්‍රියාත්මක නොකිරිම ස්වාධීනත්වයට නිගරු කිරිමක්. මේ පිළිබඳව අපි නීතිමය ක්‍රියාමර්ග ගන්නවා. අපිට තියෙන අධි ජල  ප්‍රමාණය භාවිත කරලා පුළුවන් විදුලිය උත්පාදනය කරන්න. ජල විදුලිය භාවිත කරලා ඉදිරි දින 19 තුළ විදුලිය නිපදවන්න පුළුවන්. මම එක දේශපාලන පක්ෂවලට සම්බන්ධ නෑ. මම අලියගේ එල්ලිලා නෑ. මට කොමිෂමේ…

Read More

පාර්ලිමේන්තුව අවට වීඩියෝ දර්ශන ගත කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය සඳහන් කරයි ජි එක ප්‍රධාන පිවිසුම අසලට පැමින තිබූ සැකකරුවන් දෙදෙනා ජංගම දුරකථනයෙන් ඇමතුම් ලබා ගනිමින් වීඩියෝ දර්ශන කිරීමේදී  පාර්ලිමේන්තු කොට්ඨාසයට අයත් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පොලිසියට බාර දුන් බව පොලිස් නිළධාරියෙකු පැවසීය සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සින්දු වකට අවශ්‍ය දර්ශන ගැනීම සඳහා පැමිණි බවට ප්‍රකාශ කළ බව පොලිසිය කියයි අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මහනුවර මහයියාව සහ යාපනය  වෛමන් පාර පදිංචි ලෙස අවුරුදු 22 හා 31 අතර පසුවන්නන් බව  පොලිසිය කියයි තලංගම  පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන්  අනුරුද්ධ  මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ…

Read More

පළාත් පාලන මැතිවරණය ක්‍රියාවලිය ආරම්භ කිරිම සඳහා අවශ්‍ය ගැසට් නිවේදය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති හා අනෙකුත් සාමාජිකයන්ගේ අත්සනින් ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත මෙතෙක් යොමුකර නොමැති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා නිවේදනය කරයි.

Read More

ජාතික නිදහස් දින උත්සවය සැමරිමට මහ භාණ්ඩාගාරයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කරනවා සේම පළාත් පාලන මැතිවරණයත් පැවැත්විමට මුදල් ප්‍රතිපාදන වෙන් කරන ලෙස සමගි ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා රජයෙන් ඉල්ලා සිටියි. පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු (29) දින හැටන් නගරයෙන් ආරම්භ කිරිමෙන් අනතුරුව හැටන් නගරයේදි මාධ්‍ය හමුවක් පවත්වමින් ප.ම පලනි දිගම්බරම් මහතා ඒ බැව් පැවසිය. මෙම මාධ්‍යය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු පලනි දිගම්බරම් මන්ත්‍රිවරයා කියා සිටියේ ජාතික නිදහස් දින උත්සවය අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බවයි. මැතිවරණ කොමිසමේ ඇතැම් නිලධාරින්ට දුරකථනය ඔස්සේ මරණිය තර්ජනය කර පළාත් පාලන මැතිවරණය කල් දැමිමට නොහැකි බවත්, රට පුරා ජනතාව සහ වතුකරයේ ජනතාව සමගි…

Read More

බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක විසින් මිළදී ගත් ස්ටර්ලිං පවුම් 18500 ක වටිනාකමකින් යුත් සුදු රත්තරං , කහ රත්තරං වලලු සහ කරාබු ඇතුළු ස්වර්ණාභරණ තොගයක් සොරකම් කළුතර උතුර පොලිසිය කියයි. කළුතර උතුර සංචාරක හෝටලයේ නවාතැන් ගෙන සිටින බ්‍රිතාන්‍ය ජාතික ලින්ඩා බ්‍රව්මන් නැමැති කාන්තාවක විසින් ඊයේ (28) රාත්‍රි කල පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කල බව පොලිසිය සදහන් කරයි. පැමිණිලිකාර කාන්තාව කළුතර උතුර සංචාරක හෝටලයේ සිට ත්‍රිරෝද රථයකින් අලුත්ගම ප්‍රදේශයට ගොස් එහි ප්‍රධාන ස්වර්ණාභරණ අලෙවි සැලකින් රන් ආභරණ මිළදී ගෙන ඇති බවත් එහිදී සංචාරක මගපෙන්වන්නන් ලෙසින් කටයුතු කල දෙදෙනකු රන් ආභරණ ලබාගත් බවටත් ප්‍රකාශ ලබාදී ඇතැයි පොලිසිය සදහන් කරයි. රන් භාණ්ඩ වල වටිනාකම…

Read More

මහරගම නගරාධිපති ටිරාජ් ලක්රුවන් පියරත්න මහතාගේ නිල කැබ් රථයේ ටයර්වලට තියුණු ආයුධයකින් ඇන බරපතල අලාභානි සිදු කළ වැඩ පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ එම නගර සභාවේම වැඩ පරීක්ෂකවරයෙකි. කැබ් රථය නගරාධිපතිවරයා මහරගම නගර සභා ප්‍රධාන කාර්යාලයේ නවතා තිබියදී අලාභානිය සිදු කර ඇතැයි පොලීසිය සඳහන් කරයි. එය හේතුවෙන් කැබ් රථයේ රෝද හතරෙම හුළං බැස ගොස් ඇතැයි පොලිසිය කියයි. සැකකරු නගරාධිපතිවරයා සමග පවතින මතභේදාත්මක තත්ත්වයක් මුල්කරගෙන එම සිද්ධිය සිදු කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකාර වැඩ පරීක්ෂකවරයා පරීක්ෂකවරයා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. නුගේගොඩ අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වූහ.

Read More

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය සහා අයදුම්පත් කැඳවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. ඒම විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය 2023.01.27 දින රජයේ ගැසට් පත්‍රයෙහි ප්‍රසිද්ධ කර ඇති අතර අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2023.02.10 වේ. මේ සඳහා අයදුම් කරන අයදුම්කරුවන් applications.doenets.lk/exams වෙබ් අඩවිය වෙත පිවිස විභාගය සඳහා අයදුම් කිරීම සිදු කළ යුතු බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

Read More

උත්තර ලංකා සභාගයෙන් ලංකා සම සමාජ පක්ෂය ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා කීය. අද 28 වනදා මහනුවර දී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා  එසේ කීය. උත්තර ලංකා සභාගයේ  සාමාජික පක්ෂ හතෙන් ප්‍රධාන පක්ෂයක් ලෙස සම සමාජ පක්ෂය තිබුණත් පළමු වරට පැවැත්වූ උත්තර ලංකා සභාගයේ මංගල  මැතිවරණ රැස්වීමට තම පක්ෂයට ආරාධනා නොකළ බවත් එය තම පක්ෂය උත්තර ලංකා සභාගයෙන්  ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් බව විශ්වාස කරන බවත්  තිස්ස විතාරණ මහතා මෙහිදී කීය. මෙම මංගල රැස්වීමට එක වචනයකින්වත් තමන්ට ආරාධනා නොකළ බවත් එහෙම රැස්වීමක් තිබූ බව තමන් දැන ගත්තේ  අද මහනුවරට පැමිණි…

Read More