Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: 24x7
අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ විපක්ෂය අයවැය යෝජනා ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම විහිළුවක් බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහතා පැවැසීය. ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන් හා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ඇය මේ බව සඳහන් කළේය. “අපි අයවැයට පක්ෂව ඡන්දය දුන්නා. විපක්ෂයේ සියළුම දෙනා අයවැයට විරුද්ධව ඡන්දය දුන්නා. ඒ කියන්නෙ මහා භාණ්ඩාගාරයෙන් අයවැයට මුදල් වෙන් කරන එකට ඒ අය විරුද්ධයි කියන එකනේ. අයවැයට විරුද්ධව ඡන්දය දුන්නනම් ඇයි ඡන්දයට මුදල් දෙන්න කියල කෑගහන්නේ. එහෙම කරන්න අයිතියක් නැහැ.” මේ රට තියෙන්නෙ ඡන්දයක් තියන්න පුළුවන් තත්ත්වයකද? දැන් මිනිස්සුන්ට ඕන ඡන්දයක්ද, සහනද?. ඡන්දයක් පවත්වල සභිකයන් 8711ක් පත්කරගෙන නැවත බඳු ගෙවන්නද ඕන. මේ…
පාර්මේන්තුව මාර්තු 7 වැනිදා සිට 10 වැනිදා දක්වා රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. මේ අනුව පාර්ලිමේන්තුව ලබන 7 වැනිදා පෙ.ව 9.30ට රැස්වන අතර පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇත. අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 4.00 දක්වා මෝටර් වාහන පනත යටතේ අංක 2287/28, 2301/17 සහ 2306/02 දරන ගැසට් පත්‍රවල පළකර ඇති නියෝග විවාද කිරීමෙන් අනතුරුව අනුමත කරගැනීමට නියමිත බව මහලේකම්වරයා පැවසීය. අනතුරුව ප.ව 4.00 සිට ප.ව 5.30 දක්වා, ආණ්ඩුව විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවට අනුව…
රජයට අයත් කිසිම රාජ්‍ය ආයතනයක් වසා දැමීමට තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. රටේ වත්මන් ආර්ථික, සමාජීය තත්වයන් පිළිබඳ වෘත්තීය සමිති නියෝජිතයින් සමග අද (30දා) දින අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා.. “වෘත්තීය සමිති වල අදහස් ගැඹුරින් සාකච්ඡා කරලා ඉදිරියට ගෙන යා හැකි වැඩපිළිවෙලකට සියලු දෙනා එකඟතාවය පළ කළා. ඒ අනුව අද දින මේ සාකච්ඡාවට පිවිසීමට තාවකාලික අනුකමිටුවක් ඇති කළා. මේ වෙලාවේ අපි කටයුතු කලයුතු දළ එකඟතාවයන් කිහිපයක් තිබෙනවා. ත්‍රයිපාක්ෂික එකඟතාවයකට පිවිසීමේදී වෘත්තිය සමිති ඒවාගේම රාජ්‍ය දෙපාර්තමේන්තු සහ පෞද්ගලික අංශයත් ඒ වගේම රාජ්‍යයත් නියෝජනය කිරීම…
නැගෙනහිර පළාතේ සමහර ප්‍රදේශවල වී අස්වැන්න වෙළෙඳ පොළට පැමිණෙමින් තිබෙන බවත්, එහෙත් වී මිලදී ගැනීමට රට තුළ කිසිදු වැඩපිළිවෙළක් තවමත් සකස් කර නොමැති බවත් ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි. මේ නිසා වී කිලෝවක් පෞද්ගලික අංශය මිලදී ගනු ලබන්නේ, රුපියල් 90ත් රුපියල් 100ත් අතර මුදලකට බවත්, මෙවර වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට ගොවීන්ට ආසන්න වශයෙන් රුපියල් 135ක පමණ මුදලක් වැය වී තිබෙන බවත් එම සංගමයේ සභාපති අනුරාධ තෙන්නකොන් මහතා පැවසීය. පසුගිය වගා කන්නයේ වී අස්වැන්නට නිසි මිලක් නොමැති වීම හා රජය හෝ පෞද්ගලික අංශය නිසි ලෙස වී මිලදී නොගැනීම නිසා ගොවීන් සතුව වී මෙට්‍රික්ටොන් ලක්‍ෂ හතරකට ආසන්න ප්‍රමාණයක් තවමත් තිබෙන බවට වාර්තා…
විදුලි බිල වැඩි කිරීමක් සිදුකළහොත් අනිවාර්යයෙන්ම පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාමක් සිදුවනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි. මේ වනවිට බේකරිවල විදුලි බිල දැනටත් තිබුණු මිලට වඩා දෙගුණ වී ඇතැයි පවසන ජයවර්ධන මහතා, නැවත විදුලි බිල වැඩි කළහොත් බේකරි කර්මාන්තකරුවන්ට කිසිසේත්ම දරාගත නොහැකි වන බවද ප්‍රකාශ කළේය. මේ වනවිටත් බේකරි කර්මාන්තයට අවශ්‍ය පාන් පිටි, බිත්තර, සහ අනෙකුත් අමුද්‍රව්‍යවල මිල ඉහළ යාමත්, ඉන්ධන සහ විදුලි බිල වැඩිවීමත් හමුවේ බේකරි කර්මාන්තය විශාල බිඳවැටීමකට ලක් වී ඇතැයිද හෙතෙම පවසා සිටියේය. මෙම තත්ත්වය මත යම්හෙයකින් විදුලි බිලද නැවත වැඩි කිරීමක් සිදුකළහොත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල…
කොවිඩ්-19 වසංගතය තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටම වන ජාත්‍යන්තර සැලකිල්ලේ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) තවදුරටත් අවධාරණය කරයි. “කොවිඩ්-19 සෞඛ්‍ය හා සෞඛ්‍ය පද්ධතිවලට සැලකිය යුතු හානියක් සිදු කිරීමේ හැකියාව ඇති භයානක බෝවන රෝගයක් ලෙස පවතින බවට කමිටුව එකඟ වුණා. ඒ අනුව කොවිඩ්-19 කෙරෙහි ගෝලීය අවධානය පවත්වා ගැනීම සඳහා මෙම හදිසි අවස්ථාව අඛණ්ඩව පවත්වාගෙන යාම අවශ්‍යද, එය අවසන් කළහොත් ඇතිවිය හැකි අහිතකර ප්‍රතිවිපාක සහ ආරක්ෂිත ආකාරයකින් කටයුතු කරන්නේ කෙසේද යන්න කමිටුව සාකච්ඡා කළා.”එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ණය ආධාර වැඩසටහන යටතේ සූර්ය විදුලි පද්ධති ලබාදෙන ස්ථාන පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කර තිබේ. ඒ අනුවජාතික පාසල් 374, රාජ්‍ය විශ්වවිද්‍යාල 25, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 20, ගුරු අභ්‍යාස විද්‍යාල 8, කාර්මික විද්‍යාල 20 (VTA/NAITA), දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25, ප්‍රා දේශීය ලේකම් කාර්යාල 331, ITDLH අධ්‍යාපන මධ්‍යස්ථාන 79ක්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් ගොඩනැගිලි 220ක්, පිරිවෙන් 824ක්, ආගමික ආයතන 9176ක් සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙහිදී 5kv සූර්බ බල පද්ධති ලබාදීමට නියමිතය. මේ අනුව ප්‍රතිලාභ ලබන ව්‍යාපෘති සංඛ්‍යාව 11,219කි.…
දෙමළ ජාතික සන්ධානය හා උතුරු නැගෙනහිර පළාත්වල සිවිල් සංවිධාන 75 වන ජාතික නිදහස් උළෙල දිනය කලූ කොඩි දිනයක් වශයෙන් සැමරීමටත් තීරණය කර ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පවසයි. ශ්‍රී ලංකාව 75 වන නිදහස් දිනය සමරනු ලැබුවත් දෙමළ ජනතාවට නිදහසක් ලැබී නොමැති නිසා එළැඹෙන පෙබරවාරි මස 04 වනදා මෙරට දෙමළ ජනතාව වෙනුවෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය එදින කලූ කොඩි දිනයක් වශයෙන් සැමරීමට තීරණය කර ඇති බව ද ඔහු කියයි. අපගේ රටට නිදහස ලැබී වසර 75 ක් වෙනවා. ඊට වසර 25 කට පෙර මෙරටට නිදහස ලැබිය යුතු යැයි ඉල්ලමින් අරගල කළ ජාතික වීරයින් අතරේ දෙමළ ජාතිකයනුත්…
ඇරැව්වල මාලිගාවත්ත පාරේ නිවසකට ජල බිල්පත ලබාදීම සඳහා ගිය අවස්ථාවේදී ” උඹලා වතුර කැපුවාට මදිවට, බිලත් දෙන්නත් එනවද යකෝ” යැයි ආවේගශීලීව කෑගැසූ නිවෙස් හිමියා ආදායම් සහකාර වරයාට පා පහරක් එල්ල කර අත දරා සිටි ජල බිල්පත් තොගය උදුරාගෙන වතුර බැරලයකට දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු බව මහරගම පොලිසිය පවසයි. ජල බිල්පත් තොගය බැරලයට දැමීමට පෙර එයින් කීපයක් ඉරා විසි කර දමා ඇතැයි ද පොලිසිය කියයි. සිද්ධියට මුහුණ දී ඇත්තේ ජාතික ජලසම්පාදන මණ්ඩලයේ කැස්බෑව ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයේ ආදායම් සහකාර වරයෙකි. ආදායම් සහකාර වරයා අද පෙරවරුවේ ඇරැව්වල ප්‍රදේශයේ ජල බිල්පත් හිමි නිවාස වලට මෙම මාසයට අදාල බිල්පත් ලබාදීමේ රාජකාරියේ යෙදී සිටියදී පහරදුන් පුද්ගලයාගේ…
ගිනි ගැනීම හේතුවෙන් මුහුදුබත් වූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කැබලි කර රැගෙනයාමේ කටයුතු චීනයේ ෂැන්හයි සෙල්වේජ් ආයතනය මගින් මේ වන විට සිදු කරනු ලබයි. මෙම එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරාය අසල මුහුදේ සති දෙකකට ආසන්න කාලයක් ගිනි ගනිමින් තිබී 2021 වසරේ මැයි මස දී මුහුදුබත් විය. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ උපදෙස් හා නියාමනය යටතේ මෙම ඉවත් කිරීමේ කටයුතු සිදුකරයි.