Author: 24x7

සැප්තැම්බර් මාසය දක්වා බාධාවකින් තොරව විදුලිය උත්පාදනය සඳහා අවශ්‍ය ගල්අඟුරු මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු සාර්ථකව සිදුවන බව ලංකා ගල්අඟුරු සමාගම පවසයි. එහි සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා සඳහන් කළේ අළුතින් ගිවිසුම් ගත වූ සමාගම් මගින්ද තොග මෙරටට ලැබී ඇති බවය. මේ අතර, ගල්අඟුරු රැගත් 16 වන නෞකාව හෙට (05) දිවයිනට ළඟාවීමට නියමිත බවඳ නාමල් හේවගේ මහතා සඳහන් කළේය.

Read More

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (04) පස්වරු 02 සිට පැය 24ක කාලයක් ජලසැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. කොළඹ 01, 02, 03, 04, 07, 08, 09, 10, 11, කඩුවෙල නගරය සහ අවට, කොලොන්නාව නගර සභා බල ප්‍රදේශය, වැල්ලම්පිටිය සහ කොටිකාවත්ත යන ප්‍රදේශවලට අද පස්වරු 02 සිට ඉරිදා පස්වරු 02 දක්වා ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය දන්වා ඇත. අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකිරීමට නියමිතය. මේ අතර වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොලොන්නාව මංසන්ධිය දක්වා මාර්ගය අද පෙරවරු 9.00 සිට දහවල් 12.00 දක්වා තාවකාලිකව වසා තබන බව පොලිස් මූලස්ථානය පවසයි. පොලීසිය සඳහන් කළේ භූගත ජලනළ එළීමේ කටයුත්තක්…

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අදාළව ශ්‍රී ලංකාව විසින් සිදුකළ යුතු සියලු වැඩකටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව මහ බැංකු අධිපතිවරයා පවසයි. මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, “ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන දැන් සම්පූර්ණයෙන්ම.. අපි විසින් කළ යුතු සියලුම වැඩකටයුතු කර අවසන්.” “අපි බලාපොරොත්තු වෙනවා ඉතා සාර්ථකව ඉදිරියට යන්න පුළුවන් අවස්ථාවක් ඉක්මණින් ලැබෙයි කියලා.”  “එතකොට මීටත් වඩා සාමාන්‍ය තත්ත්වයට පත්වෙයි.” “මේ ගත්ත ක්‍රියාමාර්ගවල සාර්ථකත්වය අනුව විනිමය අනුපාත, සංචිත වැඩි කරගැනීම, උද්ධමනය පාලනයවීම, වෙළෙඳපොළ පොලී අනුපාතය තවදුරටත් අඩුවීමේ ප්‍රවණතාවය, රජයේ ආදායම වැඩිවීම ආදී වශයෙන් යහපත් ප්‍රවණතාවයන් ඇතිවෙලා තියෙන්නේ.” “IMF මූල්‍ය පහසුකම බලාපොරොත්තු වුණ කාලසීමාවේදී නොලැබුණොත් මේ දැන් තිබෙන…

Read More

සියලුම කොටස් ශ්‍රී ලංකාවේ නි්ෂ්පාදනය කරමින් කොඩ් ජෙන් ආයතනය විසින් නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ පළමු මෝටර් රථය වන වේගා මෝටර් රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ චැසි අංකයක් සහිතව මෝටර් රථයක් ලියාපදිංචි කළ පළමු අවස්ථාව මෙය වෙයි. ‘වේගා’ ලෙස නම්කර ඇති මෙම කාර් රථයේ ‘චැසිය’ ඇතුළු සියලුම කොටස් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කර ඇති අතර ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා එම රථය නිෂ්පාදනය කර තිබේ. ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ යන මහත්වරු හර්ෂ සුභසිංහ මහතා එම මෝටර් රථයේ අංක තහඩුව එම දෙපාර්තමේන්තු පාරිශ්‍රයේදී නිල වශයෙන්  භාරදුන්හ.

Read More

බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක දෙපාර්තමේන්තුවේ පුහුණුවලත් බහුකාර්ය සංවර්ධන සහායකවරුන් 2300ක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය කාර්ය සහයකවරු ලෙස බඳවා ගැනීමට කටයුතු කර තිබේ. ඊට අදාල පත්වීම් බෙදාදීම 2023.03.03 දින  අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබීය. මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ  රජය ප්‍රතිපත්තිමය වශයෙන් සේවා ස්ථානවල වැඩ කටයුතු  භාර ගෙන කටයුතු කරන්නට හැකියාව ඇති   තරුණ පරම්පරාවට  සෑමවිටම අවස්ථාව ලබාදෙන බවයි. ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ තවත් මේම සේවාවට අන්තර් ගතව සිටින 30,000කට පමණ විවිධ සේවා ස්ථානවල රැකියා අවස්ථාවට පිවිසීමට  හැකි තීරණ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍යවරයා කීය. ‍”ඉතාම දුෂ්කර අමාරු කාල පරිච්ඡේදයක් ගත…

Read More

අඩි 15 ක් දිග විශාල ගැට කිඹුලෙකු මාතර පිලදුව ප්‍රදේශයෙන් ගම්වැදීමට සූදානම් වු අවස්ථාවේ දී ප්‍රදේශවාසීන් විසින් අල්ලා  වන ජීවී නිලධාරීන් වෙත භාර දෙනු ලැබීය. විශේෂයෙන්ම නිල්වලා ගගේ සිටින විශාල කිඹුලන් කුඩා ඇල මාර්ග ඔස්සේ ගමට පැමිණීම නිසා උයන්වත්ත හා පිලදුව ගම්වාසීන් දීර්ඝ කාලයක සිට දැඩි භීතියකින් පසුවිය. ඒ ආකාරයට පිලදුව ඇල ඔස්සේ පමණ පැමිණි කිඹුලාට ආපසු නිල්වලා ගගට යාමට නොහැකි වන පරිදි කොටු කර ගෙන අල්ලා ගැනීමට ප්‍රදේශවාසීන් මෙහෙයුමක් දියත් කර තිබුණි. ඒ අනුව පැය 06 ක පමණ කාලයක දී අල්ලා ගත් කිඹුලා ගැට ගසා මිරිස්ස වන ජීවී කාර්යාලයේ නිලධාරීන් වෙත භාර දීමට ඔවුන් කටයුතු කලේය. කිලෝ දහසකට වැඩි…

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් සූම් යෙදවුම ඔස්සේ සිදු කෙරිණි. ශ්‍රී ලංකාව අපේක්ෂා කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ජා විය. මේ වන විට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් ධනාත්මක සහ සුබවාදී පසුබිමක් ඊට අදාළ සියලු පාර්ශ්ව වෙතින් නිර්මාණය වෙමින් පවති. පසුගියදා චීන අග්‍රමාත්‍යවරයා සමඟ පැවති සාකච්ජාවෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරිය ජනාධිපතිවරයා සමඟ මෙම සාකච්ඡාවට එක්වීම සුවිශේෂී තත්ත්වයකි. එමෙන්ම “බ්ලූම්බර්ග්” පුවත් සේවය පසුගියදා වාර්තා කර තිබුණේ ණය අර්බුදයට ලක්ව ඇති රාජ්‍යයන් වෙත අර්ථවත් අන්දමින් දායක…

Read More

ආණ්ඩුවක් වෙනස් කිරීමට හැකියාව තිබෙන්නේ ජනතාව තෝරා ගත් පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බවත් මහ පාර ඊට විකල්පයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. රටේ ආර්ථිකය පිළිබඳ යහපත් ප්‍රතිඵල ළඟදීම රටට ලැබීමට නියමිත බව සඳහන් කළ ජනාධිපතිවරයා ආර්ථික බිඳවැටීමෙන් ද රටවල් අරාජික වන බවත්, එබැවින් රටක ව්‍යවස්ථාව මෙන්ම ආර්ථිකය ද එකලෙස ආරක්ෂා කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවත් පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ, ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේ ඊයේ (03) පෙරවරුවේ පැවති ගුවන් හමුදාවේ අධිකාරියට පත් කැඩෙට් නිලධාරීන්ගේ විසිරයාමේ උළෙල අමතමිනි. ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුර වෙත පැමිණි සේනාධිනායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගුවන් හමුදා උත්තමාචාර සහිතව…

Read More

කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙකු 2023.03.01 දින ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයේ නිළධාරීන්ගේ භාරයට ගෙන අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇත. කැනඩාවේ රැකියා හා පදිංචි වීසා ලබාදෙන බව පවසා පුද්ගලයෙකු විසින් රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 20 දක්වා ප්‍රමාණයන්ගෙන් මුදල් අයකර පිරිසක් මුලාවට පත්කර ඇති බවත්, ඔහු විසින් පොරොන්දු වූ පරිදි කටයුතු නොකල බව පවසමින් (2023.03.01) කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණිලි 25ක් පමණ ලැබී ඇත. ඒ අනුව මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු පැමිණිලිකරුවන්ගේද මැදිහත්වීම මත මරදාන පොලිසිය විසින් (2023.03.01) අත්අඩංගුවට ගෙන ඇති අතර, කාර්යාංශය වෙත කරන ලද පැමිණිලි අනුව අදාල නීතිමය පියවර ගැනීම…

Read More

හරිත බලශක්ති ආර්ථිකයක් මගින් ඉදිරි වසර පහක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තර තලයට ඔසවා තැබිය හැකි පදනම නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, මින්නේරිය වෝල්ටා ඔටෝ ටෙක් ඉංජිනියරින් ආයතනය විවෘත කිරීම වෙනුවෙන් අද (02) පැවැති උත්සවයට එක්වෙමිනි. රටේ පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස විද්‍යුත් යතුරු පැදි සහ ත්‍රී රෝද රථවල අවශ්‍යතාවය පවතින මෙවැනි යුගයක එකලස් කරන ලද ට්‍රැක්ටර් , විද්‍යුත් යතුරුපැදි හා ත්‍රීරෝද රථ මිලදී ගැනීමට වෝල්ටා ඔටෝ ටෙක් ඉන්ජිනියර්න්ස් ආයතනය මගින් පහසුකම් සලසා තිබේ. විවෘත කිරීමේ උත්සවයෙන් අනතුරුව කර්මාන්තශාලාව නිරීක්ෂණය කිරීමට එක් වූ ජනාධිපතිවරයා පාපැදි, විද්‍යුත් යතුරු පැදි හා…

Read More