Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: 24x7
ගිනිගත්හේන විදුලි ඉංජිනේරු කාර්යාලය යටතේ පාලනය වන හැටන් රුවන්පුර ජන පදයේ විදුලි පාරිභෝගිකයන්ට දින 40කට පසු 2023 වසරේ පෙබරවාරි මසට අදාල විදුලි බිල්පත මනු කියවන්නා විසින් නිකුත් කිරිම නිසා විදුලි බිල අධික ලෙස වැඩිවිමෙන් එම ජනපදයේ විදුලි පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වි ඇත. දින 30 කට වරක් විදුලි බල මණ්ඩලය විසින් විදුලි පාරිභෝගිකයන්ට මාසික විදුලි බිල්පත නිකුත් කල යුතුව ඇතත්, හැටන් රුවන්පුර ජනපදයේ විදුලි පාරිභෝගිකයන්ට ජනවාරි මසට අදාල විදුලි බිල්පත නිකුත් කර ඇත්තේ 2023.01.22 / 23 දිනය. ඉන් අනතුරුව මනු කියවන්නා විසින් 2023 පෙබරවාරි මසට අදාල විදුලි බිල්පත (04) දින නිකුත් කර ඇත්තේ දින 40 කට පසු විම නිසා එම…
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය බෙයිජිං අගනුවර මහජන මහ ශාලාවේ දී ආරම්භ වෙයි. ජනාධිපති ෂී ජින්පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ මෙන්ම රජයේ නායකයෝ සහ 3000කට ආසන්න නියෝජිතයෝ පිරිසක් අද (5) උදේ ඇරඹුණු සැසිවාරයේ සමාරම්භක උළෙලට එක් ව සිටිති. මෙවර සැසිවාරයේ දී, චීනයේ නව ජාතික ආයතන මණ්ඩලය තෝරා පත්කිරීම, රාජ්‍ය කාර්ය වාර්තාව පරීක්ෂා කිරීම හා 2023 වසරේ ආර්ථික, සමාජ හා සංවර්ධන ඉලක්ක මෙන්ම රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නියම කිරීම සිදුකෙරේ. දැනට නිකුත් කෙරුණු න්‍යාය පත්‍රයට අනුව, නීති සම්පාදනය පිළිබඳ නීති කෙටුම්පත සහ රාජ්‍ය මණ්ඩලයේ ආයතනික ප්‍රතිසංස්කරණ සැලැස්ම පරීක්ෂා කිරීමට ද නියමිත ය. පසුගිය වසරේ රට සංවර්ධනය කිරීමේ දී…
ඉන්දු – ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක් සිදුව තිබේ. මෙහිදී දෙරට අතර ආයෝජන, වෙළෙඳ හා සංවර්ධන හවුල්කාරීත්වය පිළිබඳ සාකච්ඡා වූ බව ඒ සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සඳහන් කර තිබේ. මේ අතර, ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග ඵලදායී සාකච්ඡාවක් පැවැත්වීමට හැකිවූ බව ට්විටර් සටහනක් තබමින් අලි සබ්රි අමාත්‍යවරයා පවසයි.
දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන ටින් මාළු වෙළෙඳ පොළට නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතිකය අනිවාර්ය බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිවේදනය කර ඇත. එස්.එල්.එස්. ලාංඡනය නොමැති දේශිය නිෂ්පාදිත ටින් මාළු වෙළඳපොලේ පවතින්නේ නම් එය නියාමනය කිරීම පාරිභෝගික අධිකාරිය සතු බවත් එම නිවේදනයේ සඳහන්.
මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් කඩිනමින් පත් කිරීමට බලාපොරොත්තු වුවත් එම පත් කිරීම් තවත් සති කීපයක් පමා වනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. ස්වාධීන කොමිෂන් සභාවල සාමාජික පුරප්පාඩු සඳහා අයදුම්පත් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබීම නිසා සුදුස්සන් තෝරා ගැනීම සංකීර්ණවී ඇති හෙයින් මෙම ප්‍රමාදය ඇතිවී තිබෙන බව ඒ ආරංචි මාර්ග සඳහන් කළේය. මේ අතර සමහර අපේක්ෂකයන් කොමිෂන් සභා හතර පහකට අයදුම්පත් යොමු කිරීම නිසාද සුදුස්සන් තේරීම සංකීර්ණවී ඇතැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව පවසයි. තවද සුදුසුකම් නැති පිරිසක්ද කොමිෂන් සභා සඳහා අයදුම්පත් යොමු කර ඇති අතර ඒ අය වෙනම ලැයිස්තුවකට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. සුදුසුකම් සහිත …
ඉන්දීය කණ්ඩායම සමග පැවති තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 09ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව තිබේ. ඒ තරගය ජයග්‍රහණය සඳහා හිමිව තිබූ ලකුණු 76ක පහසු ඉලක්කය එක් කඩුල්ලක් පමණක් දැවී පසුකර යාමට මීට ටික වේලාවකට පෙර ඔවුන් සමත් වීමත් සමගයි. ඉන්ඩෝර් හි පැවති එම තරගයේ ඉන්දීය පළමු ඉනිම ලකුණු 109කට සීමා කිරීමට ඔස්ට්‍රේලියානු පන්දුයවන්නන් සමත් වූ අතර පළමු ඉනිමේදී ඔස්ට්‍රේලියාව සියලුදෙනා දැවී ලකුණු 197ක් ලබාගත්තේය. ඉන්දීය දෙවන ඉනිම ලකුණු 163කට සීමා වීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවට ජයග්‍රහණය සදහා හිමිවූ ඉලක්කය ලකුණු 76කි. කෙසේවෙතත් තරග 04කින් සමන්විත ටෙස්ට් තරගාවලිය දෙකට එකක් ලෙස තවදුරටත් පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබේ. ලෝක ටෙස්ට්…
පළාත් පාලන මැතිවරණ කටයුතු සඳහා වෙන් කර ඇති මුදල් රඳවා තබාගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහත්වරුනට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ඊට අමතරව ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා රඳවා ගෙන ඇති මුදල් රඳවා තබා ගැනීම වළකාළමින් අතුරු තහනමක් නිකුත් කළේය. සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කළ රට් පෙත්සමක් සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
අළුත්වැඩියා කිරීමට සහ සේවා සැපයීමට මුදල් නොමැතිකම හේතුවෙන් රටපුරා මෝටර් රථ සහ යතුරු පැදි ඇතුළු වාහන ලක්ෂ දහයකට වැඩි ප්‍රමාණයක් ධාවනය කිරීමට නොහැකි වන තත්වයක් උදාවී ඇතැයි වාහන අලුත්වැඩියා ක්ෂේත්‍රයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කළේය. මින් වාහන අඩකට ආසන්න සංඛ්‍යාවක් නිසි සේවා සැපයුම් නොමැතිවීම හේතුවෙන් සම්පූර්ණයෙන්ම අකර්මණ්‍යව ඇතැයි වාර්තා වේ. වාහන අමතර කොටස් මිල දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළගොස් ඇති හෙයින් බොහෝ වාහනවලට අමතර කොටස් යෙදවීම බෙහෙවින් අඩුවී ඇති බවත් වාහනවල පැවැත්ම මේ හේතුවෙන් විශාල ලෙස අඩු වී ඇති බවත් වාහන සේවා සැපයුම්කරුවෝ පෙන්වා දෙති. බොහෝ වාහනවල සේවා සැපයුම් කාලය ඉක්මවා ගොස් ඇතත් ඒවා සේවා සඳහා යොමු කිරීම ප්‍රමාද වන…
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ පළමු පියවර ලෙස විදුලිය බෙදාහැරීමට අදාලව වෙන් කර ඇති කළාපවල වෙන්වූ ගිණුම් සහ කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍යතා සම්පුර්ණ කිරීමට තීරණය කර තිබේ. ඒ සඳහා නව නීති කෙටුම්පත් පාර්ලීමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ප්‍රතිව්‍යුහගත සැලසුම් පිළිබඳව අවදානය යොමු කළ යුතු බවත් ප්‍රතිව්‍යුගත කිරීමට අත්‍යවශ්‍ය මානව සම්පත් කළමනාකරණයට, වත්කම් කළමනාකරණයට සහ මුල්‍ය කළමනාකරණයට අවශ්‍ය විගණනයන් කඩිනම් කිරීමට තීරණය කළ බවත් විදුලිබල අමාත්‍යංශය පවසයි. ඒ සඳහා තාක්ෂණය වැඩි වශයෙන් යොදාගැනීමට සහ කාර්යක්ෂමතාවය වැඩි කිරීමටත් පිරිවැය අඩු කිරීමට ඉවහල් වන යෝජනා පිළිබඳව අවධානය යොමු කළ බව කියන විදුලිබල මණ්ඩලය පොදුවේ ප්‍රතිව්‍යුහගත කිරීමක් අත්‍යවශ්‍ය බව ඉහළ පාලන අධිකාරිය විදුලිබල අමාත්‍යවරයාට…
ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකරන බවත් දැනට පවතින මිල තව දුරටත් පවතින බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (5) පෙරවරුවේ පැවසීය. ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ යෑම මත ගෑස් මිල සූත්‍රය අනුව ගෑස් මිල ඉහළ දැමිය යුතු වුවද ඩොලරයේ අගය පහත බැසීමේ වාසිය ජනතාවට දෙමින් ගෑස් මිල ඉහළ නොදමන බව කී මුදිත පීරිස් මහතා ඒ අනුව මාර්තු මාසයේ දැනට පවතින මිල ක්‍රියාත්මක වන බව ද සඳහන් කළේය. ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක් රුපියල් 4,743 ක ද, කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 1,904 ක ද, කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක් රුපියල් 883 ක ද, කොලඹ මිල තව දුරටත් පවතින බවත් ඒ…