Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: 24x7
පාකිස්තානයේ පොලිස් නිලධාරීන් ඉලක්ක කර එල්ල වන ප්‍රහාර ඉහළ ගොස් තිබේ. පොලිස් නිලධාරියෙකු සමග ඇතිවූ බහින්බස්වීමකින් පසුව සිදුකළ වෙඩිතැබීමක් පිළිබඳව ද විදෙස් මාධ්‍ය වැඩි අවධානයක් දෙමින් වාර්තා කර තිබුණි. විදෙස් මාධ්‍ය පැවසුවේ, ලාහෝරයේදී පොලිස් විශේෂ අංශයේ නිලධාරියෙකුට නාඳුනන තුවක්කුකරුවෙකු එලෙස වෙඩිතබා තිබූ බවය. ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියා තුවාල ලබා ඇති අතර තුවක්කුකරු පළා ගොස් තිබේ. මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු හා අදාළ පොලිස් නිලධාරියා අතර ලාහෝරයේ මාර්ගයකදී බහින්බස්වීමක් සිදුවී ඇත. එහිදී මෝටර් රථයේ සිටි පුද්ගලයෙකු පොලිස් නිලධාරියාට වෙඩි තබා ඇතැයි වාර්තා වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බව පාකිස්තාන බලධාරීන් පැවසීය.
ව්‍යාපාරිකයෙකුට පහරදී රුපියල් කෝටි 8ක් පමණ වටිනා රන් බිස්කට් කිලෝ 2ක් පැහැර ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඒ අනුව, කොළඹ උතුර කොට්ඨාසයේ පොලිස් අංශ තුනක පොලිස් නිලධාරීන් 08 දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධ ප්‍රකාශ සටහන් කරගෙන ඇත. ඒ අතර උප පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙක්, පොලිස් සැරයන්වරයෙක් හා පොලිස් කොස්තාපල්වරුන් සිව්දෙනෙකු සිටින බව පොලීසිය සඳහන් කරයි. ව්‍යාපාරිකයෙකුට පහරදී පොලිස් නිලධාරීන් පිරිසක් රත්‍රං කිලෝ ග්‍රෑම් 2ක් පැහැරගත් බව පවසමින් පොලිස්පතිවරයාට නිර්නාමික පෙත්සමක් ලැබී තිබුණි. අනතුරුව පුද්ගලයෙකු ඉදිරිපත් වී අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ද ගොනුකර ඇති බව පොලීසිය සඳහන් කරයි. එම පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ, ව්‍යාපාරිකයෙකු වෙන්දේසියකින් ලබාගත්…
පුද්ගලික බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් ඉතා අවාසනාවන්ත ලෙස මාස 06ක් වයසැති බිළිඳෙකු මියගොස් තිබේ. ඊයෙ (12) සවස මහව අටවරල ප්‍රදේශයේ දී එම අනතුර සිදුවී තිබුණි. බිළිඳාගේ මව, තවත් කාන්තාවක් සහ එක් පුද්ගලයෙකු අනතුරෙන් බරපතළ තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහල්ට ඇතුළත් කර තිබේ. කුරුණෑගල සිට මහව බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක් සහ මහව සිට දළදාගම දෙසට යමින් තිබූ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබුණි.
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද දිනට අදාළ කාලගුණ නිවේදනය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව පවසයි. මේ අතර එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ සෙසු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අද දිනයේ පැවතිය හැකි බවය. මේ අතර ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවමකරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර අද දින දහවල් 12.11ට කිරන්චි, කොකාවිල් සහ පුදුකුඩිඉරිප්පු යන ප්‍රදේශවලට සූර්යයා මුදුන්…
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා වන විශේෂ සාකච්ඡාව ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය මූලිකත්වය ගෙන ආරම්භ කෙරුණි. එම රටවල් අමෙරිකාවේ වොෂිංටන් හි පැවැත්වෙන ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්ෂික ස්ප්‍රින්ග් මීටින්ස් රැස්වීමට සහභාගී වී සිටින අතරතුර මෙම විශේෂ මාධ්‍ය හමුව සිදුකෙරුණි. ශ්‍රී ලංකාව සහ එහි සියලුම ණය හිමියන් අතර සමීප සම්බන්ධීකරණය, ණය ස්ථාවරත්වය ඇතිකිරිම සදහා ප්‍රතිකර්මයක් කඩිනමින් ක්‍රියාත්මක කිරිමට ඉතා වැදගත් වන බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය එහිදී පැවසීය. ශ්‍රි ලංකාවේ දීර්ඝ කාලීන මිතුරෙකු වශයෙන් ඉන්දියාව ණය ප්‍රතිව්‍යුහගත කරණය සම්බන්ධයෙන් පළමුව කැමැත්ත පළ කළ බවද බලාපොරොත්තු නොවූ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රි ලංකාවට සහාය පළ කළ…
මෙවර අලුත් අවුරුද්ද පාට, පක්ෂ, ජාති, ආගම් භේද පසෙකලා නව දැක්මකින් රට වෙනුවෙන් ඉදිරියට යාමේ නව ඇරඹුමක් කරගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අලුත් අවුරුදු සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ පසුගිය වසරේ සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද උදාවන විට රටේ ජනතාව ජිවන අරගලය පවත්වාගෙන යාමේ අර්බුදයකට මුහුණ දී සිටි බවය. නමුත් මෙවර අවුරුද්ද කිසියම් සහනදායි පරිසරයක් නිර්මාණය කරමින් උදාවන හෙයින් එළඹෙන මීළඟ අවුරුද්ද අදටත් වඩා භාග්‍යවත් සහ සමෘද්ධිමත් කර ගැනීමට අප උත්සහ කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි. ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවුඩය, “සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණයත් සමඟ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද මෙරට සිංහල…
ගිරිඋල්ල ප්‍රදේශයේ තාවකාලිකව ඉදිකර තිබූ ගිනිකෙළි වෙළෙඳසැලක ගින්නක් හටගෙන තිබේ. පොලිස් මූලස්ථානය සදහන් කළේ ඊයේ රාත්‍රියේ මෙම ගින්න හටගෙන ඇති අතර ගිරිඋල්ල පොලීසියේ සහ ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් ගින්න මැඩපවත්වා ඇති බවය. ගින්න හේතුවෙන් එම වෙළෙඳසැලේ තිබු සියලු ගිනිකෙළි තොඟ විනාශ වී තිබේ. ගින්නෙන් දෙපස තිබූ වෙළෙඳසැල් දෙකක දේපළවලට ද හානි සිදුව ඇති බව වාර්තා වෙයි. ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
අමෙරිකානු බුද්ධි අංශ රැස්කර තිබූ තොරතුරු රැසක් අන්තර්ජාලය ට නිකුත්කළ බවට සැකකෙරෙන පුද්ගලයා ව අත්අඩංගුවට ගෙන තිබේ. එම තොරතුරු නිකුත් කිරීම හේතුවෙන් ඇමෙරිකාව සහ මිත්‍ර රටවල් අතර ද දැඩි අර්බුදයක් ඇතිවී තිබේ. සැකකරු 21 හැවිරිදි ගුවන් හමුදා ආරක්ෂකයෙකි. ඔහුව ඩයිටන්, මැසචුසෙට්ස් හි ඔහුගේ නිවස ආසන්නයේදී අත්අඩංගුවට ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වෙයි.
දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද (14) දිනයේ ඉහළ උණුසුමක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත් කොළඹ, ගම්පහ, කුරුණෑගල, කිළිනොච්චිය, වව්නියා, මුලතිව් සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම ඉහළ අගයක පවතිනු ඇති බවය. ඒ අනුව මෙම උණුසුමට වැඩිවේලාවක් නිරාවරණයවීම තුළින් තෙහෙට්ටු තත්ත්වයක් ඇති විම සහ විජලන තත්වයක් හෝ මස්පිඩු පෙරලීම් සිදුවිය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මේ පිළිබද වැඩි අවදානයක් යොමුකළ යුතු අතර මෙම තත්වය තුළ ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරිම අත්‍යවශ්‍ය බවය.
යාපනයේ අක්කර 350ක වගා කර ඇති කාබනික ඇඹුල් කෙසෙල් පළමු තොගය කිලෝ ග්‍රෑම් 25,000ක් බැගින් මෙම මස 28 දින සිට සෑම සතියකම ඩුබායි වෙළෙඳපොළට යැවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. අද දින (11) පෙරවරුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කළේය. කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය යටතේ අප රටේ ඇඹුල් කෙසෙල් අපනයන කළාප පිහිටුවීමේ වැඩ පිළිවෙළ යටතේ මේ වනවිට 18 වතාවක් රාජාංගනයේ ඇඹුල් කෙසෙල් අපනයනය කරනු ලැබ තිබේ. මීට අමතරව යාපනය ප්‍රදේශයේ ස්ථාපිත කර තිබෙන අක්කර 350ක පමණ වන කාබනික…