Author: LANKA24X7

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන්නා. පලාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහාචාර්ය ජී.එල්.පීරිස් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ගොනුකළ රිට් පෙත්සම් දෙකක් අද කැදවු අවස්ථාවේ දී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙම ප්‍රතිඥාව ලබාදුන්නා. එම ප්‍රතිඥාව සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව පෙත්සම් කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සහ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන යන මහත්වරු අධිකරණය හමුවේ සඳහන් කළා. ඉන් අනතුරුව එම ප්‍රතිඥාව සටහන් කර ගත් ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් දෙකේ විභාගය අවසන් කිරීමට තීන්දු කළා.…

Read More

වත්මන් විපක්ෂය ළිඳ ලඟ සංගමයේ කයිවාරු ගහන ගෑනු වගේ යැයි පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. රට ගොඩ නගන වැඩසටහන ගැන වචනයක් නොකියන විපක්ෂය කයිවාරු ගසමින් රට වටා ඇවිදින බව ද නිමල් ලංසා මහතා කීය. ජනාධිපති ඉදිරිපත් කර තියෙන වැඩසටහන වැරදි නම් හරි වැඩසටහන කුමක්දැයි කියන්නැයි විපක්ෂයට අභියෝග කරන බවද නිමල් ලන්සා මහතා කීය. ආර්ථික අර්බුදයට දෙන විසඳුම ගැන,13 වැනි සංශෝධනය හෝ විදේශීය ප්‍රතිපත්ති ගැන කතා නොකළ යුතු බවත් ආණ්ඩුව විවේචනය කළාම ඇති බවත් විපක්ෂය තීන්දුවක් ගෙන තිබෙන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව…

Read More

ජනතාවට බොරු පැවසීම සහගහන අපරාධයක් බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. මහබැංකුවට කරන්න පුළුවන් දේවල් ආණ්ඩුවට කරන්න පුළුවන් යැයි ගමට ගිහින් මිනිස්සුන්ට කියනවා බව කී ගුණවර්ධන මහතා මහ බැංකුවේ පොලී අනුපාතය පහත හෙලන්නැයි කියමින් ඉගෙනගත් මිනිස්සුන් ද පෙළපාළි යන බව කීය. දේශපාලකයන්ට මහ බැංකුවට කඩා වැදී සල්ලි අච්චු ගහලා පොලී අනුපාතය තීරණය කරන්න පුලුවන්දැයි ප්‍රශ්න කළ අමාත්‍යවරයා ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාතය තීරණය කළා කියා අපේ ගෙවල් ගිනි තියලා හරි යනවදැයි පැවසීය.

Read More

කාන්තාවන්ට දුරකථන ඇමතුම් ලබාදෙමින් රැවටීමට ලක්කර මුදල් වංචා කළ අයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි වියේ පසුවන හල්ඔලුව පල්ලේගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. පසුගිය 8 වනදා කටුගස්තොට ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි. සැකකරු විසින් කාන්තාවන් වෙත දුරකථන ඇමතුම් ලබාදී අසභ්‍ය පණිවිඩ සහ වීඩියෝ දර්ශන යොමුකරමින් බලපෑම් සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් ලද පැමිණිලිවලට අනුව මාතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් විසින් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව සැකකරුගේ දුරකථන සහ බැංකු වාර්තා පිළිබඳ තොරතුරු හරහා මෙලෙස සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගෙන් සිදුකළ…

Read More

ජපාන ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන මිට්සුබිෂි සමාගම මෙරට මෙහෙයුම් ලබන මස අවසන් කිරීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකාව බාහිර ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීම සහ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය, ස්වභාවික ද්‍රව වායු ව්‍යාපෘතිය ඇතුළු ජපාන නව ව්‍යාපෘති යෝජනා හදිසියේ අවලංගු කිරිමත්, අහිතකර ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් සහ ආර්ථික දැක්මත් මිට්සුබිෂි සමාගම වසර හැටකට පසු ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු අවසන් කිරීමට ගත් තීරණයට හේතු වූ කාරණා අතර තිබෙන බව ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාව සහ ජපානය අතර ද්විපාර්ශික සබඳතා වල ප්‍රධාන හවුල්කරුවකු වූ මිට්සුබිෂි සමාගම වසර හැටකට ආසන්න කාලයක් මෙරට ඇතැම් යටිතල පහසුකම් ව්‍යාපෘති වල ප්‍රධාන පාර්ශ්වකරුවකු ලෙස කටයුතු කර තිබේ. මිට්සුබිෂි…

Read More

හිටපු නාවික හමුදාපති වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳව ලැබී ඇති තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. තම ජීවිතයට එල්ලවී ඇති තර්ජනයක් පිළිබඳව ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ මහතා පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇත. කරන්නාගොඩ මහතා වෙසෙන කුරුණෑගල වැව රවුමේ පිහිටි වයඹ පළාත් ආණ්ඩුකාර නිල නිවස සමඟ කුරුණෑගල නගරයේ පිහිටි වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ සිට ඒ මහතා නිල නිවස කරා ගමන් කරන මාර්ගය සහ ඒ මහතාගේ ආරක්ෂාව සඳහා යන පෙර ගමන් රථය කිසියම් නාඳුනන පිරිසක් විසින්…

Read More

සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ උද්ගතව ඇති ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය හදිසි තත්ත්වයක් ලෙස සලකා ඊට කඩිනම් මැදිහත්වීමක් සිදු නොකළහොත් තත්ත්වය ඉදිරියේදී තවත් බරපතළ වනු ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අඟවයි. එහි නියෝජිතයින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේ කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමිනි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න සඳහන් කළේ, “මේ මොහොතේ ඖෂධ, ශල්‍ය උපකරණ, රසායනාගාර ද්‍රව්‍ය ආදී දේවල් නොමැතිවීම නිසා මුලු පද්ධතියටම විශාල බලපෑමක් ඇතිවෙලා.” නිර්වින්දන සහ දැඩි සත්කාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති වෛද්‍ය අනෝමා පෙරේරා සඳහන් කළේ, “මේ තත්ත්වයට කඩිනමින් මැදිහත් නොවුණොත් ඉදිරි සුමාන කිහිපයකදී වගේ කාලයක් ඇතුළත අපිට විශාල අර්බුදයකට මුහුණ දෙන්න සිදුවෙනවා.” ජාතික…

Read More

ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය රියදුරු වර්ජනය අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. පාලනාධිකාරිය සමඟ පැවති සාකච්ඡාවකදී එකඟතාවකට පැමිණීමෙන් අනතුරුව මෙලෙස දුම්රිය වර්ජනය අවලංගු කර ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Read More

කාත්තන්කුඩි ප්‍රදේශයේදී අමානුෂික ප්‍රහාරයකට ලක්වූ කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 11 හැවිරිදි වියේ පසුවූ කුඩා පිරිමි දරුවෙකි. දරුවාගේ මවගේ දෙවන විවාහයේ පුරුෂයා නිවස තුළදී දරුවාට මෙම ප්‍රහාරය එල්ලකර ඇති බවට පොලීසිය සැකපළ කරයි. දරුවාගේ පියා විසින් පසුගිය 08 වනදා කාත්තන්කුඩි පොලීසියට පැමිණිල්ලක් සිදුකරමින් පවසා ඇත්තේ අදාළ සැකකරුගේ පහරකෑමට ලක්ව දරුවා මඩකලපුව රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලීසිය විසින් සැකකාර සුළු පියා එදිනම අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි වියේ පසුවන සැකකරුවෙකි. ඊයේ (9) දින සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී…

Read More

දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් හෙට (11) දින මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබේ. පළාත් පාලන මැතිවරණයට අදාළව දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී.පුංචිහේවා මහතා සඳහන් කළේය. ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු පිළිබඳව දැනුවත් කිරීම මෙහිදී සිදුකිරීමට නියමිතව තිබේ. මේ අතර පළාත් පාලන මැතිවරණයට පෙබරවාරි මාසයේ වියදම් සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සිදුකළ ඉල්ලීමට මෙතෙක් ප්‍රතිචාර ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති නිමල් ජී.පුංචිහේවා මහතා සඳහන් කළේ මැතිවරණ කටයුතු සඳහා රුපියල් මිලියන 770ක පමණ මුදලක් පෙබරවාරි මාසය සඳහා අවශ්‍ය බවට මුදල් අමාත්‍යාංශ…

Read More