Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
සූර්යයාගේ පෘෂ්ඨයෙන් කොටසක් වෙන්වී ගොස් ටොනාඩෝවක් ආකාරයට උත්තර ධ්‍රැවයේ භ්‍රමණය වූ බව නාසා ආයතනයේ ජේම්ස් වෙබ් දුරේක්ෂයට නිරීක්ෂණය වී තිබේ. විද්‍යාඥයින් පවසන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔවුන් පරීක්ෂණ සිදු කරන බවය. සූර්යයාගෙන් ගිනි දැල් විමෝචනය වීම සාමාන්‍ය සිදුවීමක් වුවද මෙය පෙර නොවූ ආකාරයේ විමෝචනයවීමක් බව විද්‍යාඥයින් පවසයි. විද්‍යාඥයින්ගේ ද විමතියට හේතුවී ඇති මෙම සිදුවීම සම්බන්ධයෙන් විශ්ලේෂණයක් සිදු කරන බව ඔවුන් පවසා තිබේ. මෙවැනි සිදුවීම්වලින් පෘථිවියට යම් බලපෑමක් ඇති විය හැකි බැවින් මේ සම්බන්ධයෙන් විද්‍යාඥයින්ගේ වැඩි අවධානයක් යොමුවී ඇත.
බලපත්‍ර නොමැතිව ළඟ තබාගෙන ඇති තුවක්කු රජයට භාරදීම සඳහා 2023.02.06 වන දින සිට 2023.03.15 වන දින දක්වා කාලසීමාවක් ප්‍රකාශයට පත්කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි. ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ 2023.02.06 වන දින පළකර ඇති අංක : 2318/02 දරණ ගැසට් පත්‍රය අනුව එම පියවර ගත් බවය.
ශ්‍රී ලංකාවේ නව ආයෝජන සිදුකිරීම සඳහා ඇති අවස්ථා සොයා බැලීමට චීන රජයේ විශාල නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටින බව මෙරට චීන තානාපති පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එළඹෙන මාසයේදී එම කටයුතු සිදුවෙනු ඇති බවය. ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන්, “අපේ මිත්‍රත්වයට හානි සිදුකළ හැකි යම් යම් බාහිර සාධක තිබිය හැකියි. එහෙත් මම හිතනවා ඒවායින් අපේ මිත්‍රත්වය පළුදු නොවනු ඇතැයි කියා. චීන රජය සහ එහි අනෙකුත් ආයතන සියල්ල ශ්‍රී ලංකාවට අත දීමට සූදානම්. චීන රජය මෙන්න ප්‍රාදේශීය රජයන් සහ සමාගම් ශ්‍රී ලංකාවේ නව ආයෝජන සිදුකිරීම ගැන සොයා බැලීමට පැමිණෙන්න සූදානමින් සිටිනවා.” “චීන ශ්‍රී ලංකා ඝෘජු ගුවන් ගමන්ද මේ වසරේ…
ජනප්‍රිය තීන්දු ගැනීමට සිදුවන්නේ මැතිවරණ කාලවලදී බැවින් දැන් එළඹ ඇත්තේ ජනප්‍රිය තීන්දු නොව, රට ගොඩනැගීම සඳහා අසීරු තීරණ ගන්නා කාලය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කොරියානු HYUNDAI මෝටර් රථයක් මෙරටදී පළමුවරට එකලස් කොට වෙළෙඳපොළට නිකුත් කිරීමේ අවස්ථාවට ඊයේ (10) එක්වෙමිනි. ශ්‍රී ලංකාව තුළ පළමුවරට එකලස් කරන ලද HYUNDAI GRAND i10 මෝටර් රථය වෙළෙඳපොළට හඳුන්වාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙලෙස සිදුකෙරුණි. ඉන් අනතුරුව අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, “මට කිසිම සැකයක් නැහැ. තව මාස කිහිපයක් යනවිට මීට වඩා දියුණුවක් ඇති වෙනවා. ඒ අනුව එන වර්ෂය වෙනවිට වාහන ගන්න පාරිභෝගිකයින් බිහි වෙනවා.…
වසර හැටකට ආසන්න කාලයක් මෙරට යටිතල පහසුකම් ව්‍යාපෘතිවල ප්‍රධාන පාර්ශ්වකරුවකු ලෙස කටයුතු කළ ජපානයේ මිට්සුබිෂී සමාගම එම මෙහෙයුම් නතර කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව මිට්සුබිෂී සමාගමේ කොළඹ කාර්යාලය එළඹෙන මාර්තු 31 වනදා වසා දැමීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකාව බාහිර ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීම, සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය, ස්වභාවික ද්‍රව වායු ව්‍යාපෘතිය ඇතුළු ජපාන නව ව්‍යාපෘති යෝජනා හදිසියේ අවලංගු කිරීම ද මිට්සුබිෂී සමාගමේ මෙම තීරණයට හේතුවී ඇති බව වාර්තා වෙයි. එම සමාගමේ මුල්ම විදෙස් කාර්යාල කිහිපය අතරට ශ්‍රී ලංකාව ද එක්වී සිටි අතර මෙරට සහ ජපානය අතර ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රධාන හවුල්කරුවකු ලෙසද මිට්සුබිෂී සමාගම ක්‍රියා කළේය. මේ අතර නිවේදනයක් නිකුත්…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදු නොකරන ලෙස විදුලිබල මණ්ඩලයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම ගොනුකළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය ඊයේ (10) නියෝග කළේය. මේ අතර, උසස් පෙළ සමයේ විදුලි කප්පාදු නොකරන්නැයි කළ විධානයක් උල්ලංඝනය කිරීමෙන් සිය කොමිසමට අපහාසයක් කළ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කළ පැමිණිල්ලත් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කර තිබුණි. උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදු නොකරන ලෙස විදුලිබල මණ්ඩලයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම ගොනුකළ පෙත්සම අද සලකා බැපුනේ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල ඉදිරියේදීය. අ.පො.ස…
උතුරු සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම පළාතේත් බදුල්ල, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
මඟීන් රැගත් ලංගම බස් රථයක් අද (10) දහවල් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුවී තිබේ. රත්නපුර – සිරිපාගම මාර්ගයේ ඉඳුරුව – මහවංගුව අසලදී බස් රථය ප්‍රපාතයකට පෙරළී ඇති අතර රියදුරාට වේගය පාලනය කරගැනීමට නොහැකිව එම අනතුර සිදුවී ඇති බවට වාර්තා වෙයි. අනතුරෙන් බස් රථයේ ගමන් ගත් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබා ගිලීමලේ රෝහලට ඇතුළත් කර ඇත. ඉන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතළ හේතුවෙන් රත්නපුර රෝහලට මාරු කර යවා තිබේ.
බුත්තල, වැල්ලවාය ප්‍රදේශයේ අද දහවල් මැග්නිටියුඩ් 3.0ක අගයකින් යුත් භුචලනයක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි. එම භූචලනය අද දහවල් 12.11ට පමණ සිදුව ඇති අතර එය මෙරට පිහිටි භූකම්පන මාපක 04 හි සඳහන් වී ඇති බවයි සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ. පැල්වත්ත සිනි කර්මාන්ත ශාලාව සහ A-4 මාර්ගය ආසන්නයේ මෙම භූචලනය සිදුව ඇති බවයි මුලික දත්ත විශ්ලේෂණයෙන් හෙළිවී ඇත්තේ.
නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවේ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තේරීම් කාරක සභාව විසින් පත්කරනු ලැබ ඇතත් එම කමිටුවේ මෙයට පෙර සභාපති ධූරය දැරූ සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එහි සාමාජිකයකු වශයෙන් හෝ පත් කර නොතිබීම විශේෂත්වයකි. එම කමිටුවට පත්කෙරුණු සාමාජික මන්ත්‍රීවරුන්ගේ ලේඛනය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (10) ඉදිරිපත් කළේය. ඒ අනුව එම කමිටුව සදහා පත්කරනු ලැබ සිටින්නේ විදුර වික්‍රමනායක, නලින් ප්‍රනාන්දු, ශෙහාන් සේමසිංහ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, වෛද්‍ය සීතා අරඹේපොල, ආචාර්ය සුරේන් රාඝවන්, අනුප පස්කුවල්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, වජිර අබේවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, දුමින්ද දිසානායක, නිමල් ලාන්සා, යූ. කේ. සුමිත් උඩුකුඹුර, ඉසුරු දොඩන්ගොඩ,…
