Author: LANKA24X7

රඹුක්කන හුරිමළුව ප්‍රදේශයේ නිවසක් පිටුපස තරුණයන් දෙදෙනෙකු ඝාතනය කර වළදැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන හුරිමළුවේ ෆර්හාන් නම් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුව ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ඝාතනවලට අවශ්‍යව සිටි හලීම් නමැත්තා ද සමගින් ඔහු පුත්තලම ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. මොහොමඩ් ෆර්හාන් හෙවත් හුරිමළුවේ ෆර්හාන් නම් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පුත්තලම නගරයේ සිටින බවට කෑගල්ල කොට්ඨාස අපරාධ කාර්යාංශය වෙත තොරතුරක් ලැබී තිබුණි. ඒ අනුව අදාළ ප්‍රදේශයට ගිය විමර්ශන නිලධාරීන් සැකකරුව එහිදී අත්අඩංගුවට ගත්තේ නිවසක සැඟව සිටියදීය. එමෙන්ම අදාළ ඝාතනවලට සම්බන්ධ තවත් සැකකරුවකු වන හලීම් නමැත්තා ද ඔහු සමග සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය. මොවුන් දෙදෙනාට නවාතැන්…

Read More

ඉන්දියාව ශ්‍රී ලංකාවට සහායවීම ගැන තමන් සතුටු වන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය මුදලක් ලබාගැනීමට අදාළව ඉන්දියාව, පැරිස් සමාජය සමග සම්බන්ධීකරණයෙන් ණය සහනයක් විනිවිදභාවයකින් යුක්තව ලබාදීමට කැපවීම සම්බන්ධයෙන් තමන් එලෙස සතුට පළකරන බවය. සියලුම ණයහිමියන් සාධාරණ හා සමාන ණය සහනයට එකඟවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට මූල්‍ය අරමුදලේ ණය මුදල ලබාගැනීම සඳහා සහායවීමට අමෙරිකා එක්සත් ජනපදය සූදානම් බවද තානාපතිවරිය අවධාරණය කර තිබේ.

Read More

ඉදිරි දිනවලදී දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද දිනට අදාළ කාලගුණය පිළිබඳ නිවේදනය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව පවසයි. මේ අතර අද දිනයේ ඌව පළාතේත් අම්පාර, මඩකළපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඌව සහ උතුරු පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක පමණ තරමක් තද සුළං ඇතිවිය හැකි බවද සඳහන් කර ඇත.

Read More

පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට ලබාදී ඇති කාලය අදින් අවසන් වෙයි. කෙසේ වෙතත් මැතිවරණ කොමිසම සඳහන් කළේ අද දහවල් 12.00 දක්වා ඇප මුදල් තැන්පත් කිරිමේ හැකියාව පවතින බවය. ඊයේ දිනය වනවිට දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම් රැසක් ඇප මුදල් තැන්පත් කර තිබේ. පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා ලබන 21 වැනිදා දහවල් 12 දක්වා භාරගැනීමට නියමිතය. ඊයේ දිනය තුළ දේශපාලන පක්ෂ 10ක් නාමයෝජනා භාරදී තිබේ. ජාතික ජන බලවේගය මාතලේ, පුත්තලම, අනුරාධපුර, පොළාන්නරුව, බදුල්ල, මොණරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නාමයෝජනා භාර දී ඇත. මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ ඊට අමතරව නිදහස් ජනතා පෙරමුණ , එක්සත් ජාතික නිදහස්…

Read More

ලංකා සතොස හරහා අලෙවි කරන අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල අඩු කිරීමට පියවර ගෙන ඇති බව සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පවසයි. අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල සංශෝධනය සිදුකර ඇති බවයි සභාපතිවරයා පැවසීය. ඒ අනුව මිල අඩු කරන ලද භාණ්ඩ ලැයිස්තුව පහතින්.

Read More

මැතිවරණ කොමිසමේ නිලධාරීන් දෙදෙනෙකුට මරණ තර්ජනය සිදුකර ඇති බව අද (19) පාර්ලිමේන්තුවේදී අනාවරණය වී තිබේ. කෙසේ වෙතත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ ඊයේ රාත්‍රියේදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊට අදාළ විමර්ශන ආරම්භ කර ඇති බවය.

Read More

රසායනික හා කාබනික පොහොර බෙදාහැරීමේ දී සිදුව ඇතැයි වාර්තාවන අක්‍රමිකතාවලට සම්බන්ධ බවට චෝදනා එල්ලවන කෘෂිකර්ම පර්යේෂණ නිළධාරීන්ගේ සේවය වහාම අත්හිටුවන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසන්නේ. ගොවි ජනතාවට රජය විසින් ලබා දුන් රසායනික පොහොර මෙන්ම කාබනික පොහොර වංචා කිරීම සම්බන්ධව මේවනවිට කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරු 50කට පමණ චෝදනා එල්ල වී ඇති බවයි. පසුගිය යල කන්නයේ දී ගොවීන්ට වගා කටයුතු සඳහා ඉන්ධන බලපත්‍ර නිකුත් කිරීමේ දී ද මෙම නිලධාරින් විශාල පිරිසකට චෝදනා එල්ල වී තිබෙනවා. වී වගා නොකරන ලද ගොවීන්ට පවා බලපත් නිකුත් කර මුදල් ලබා ගැනීම මෙන්ම ව්‍යාජ බලපත් නිකුත්…

Read More

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ජීවන් තොණ්ඩමන් මහතා කැබිනට් අමාත්‍යධුරවල දිවුරුම් දී තිබේ. ඒ අනුව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙසත් ජීවන් තොණ්ඩමන් මහතා ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

Read More

අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් ඔහු තවදුරටත් කෘෂිකර්ම අමාත්‍ය ධුරයේ කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.

Read More

පළාත් පාලන මැතිවරණය සඳහා පෙනී සිටින අපේක්ෂකයින්ගේ ඉන්ධන කෝටාව වැඩිකිරීම සඳහා ඉල්ලීම් ලැබී තිබුණ ද ඊට අනුමැතිය ලබාදීමට නොහැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් මහතා සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ ප්‍රායෝගිකව එම කෝටාව වැඩි කිරීමට හැකියාවක් නොමැති බවය. මැතිවරණ කොමිෂන් සභාව සමග ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් මහතා මෙම අදහස් පළකළේය. “මේ සාකච්ඡාවේදී ඒ අය ඉල්ලීම් කළා ඉන්ධන කෝටාව වැඩිකිරීමට. ඒකේදී අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ මොහොතේදී ඉන්ධන මිලදී ගැනීමට අපිට ඩොලර් අවශ්‍ය වෙනවා. ඩොලර් මිලදී ගැනීමට ලංකාවේ මුදල් අවශ්‍ය…

Read More