Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මැතිවරණයට නාමයෝජනා දුන්නේ මැතිවරණය කල් දැමීමට නොව මැතිවරණය පැවැත්වීම සදහා යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. මෙම පළාත් පාලන මැතිවරණයෙන් පසුව පළාත් සභා මැතිවරණයට පැවැත්වීමටද බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා කීය. ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ගම්පහ දිස්ත්‍රික්කයට නාමයෝජනා භාරදීමේ අවස්ථාවට එක්වෙමින් අද (20) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ගණන 19 කි. ඒ සියල්ල සඳහාම ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේදී නාම යෝජනා බාර දීම සිදුකෙරිණ.
ප්‍රවීන සිනමා නළු රන්ජන් රාමනායක සිය ඇමෙරිකානු සංචාරය නිමා කර අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. එහිදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ රන්ජන් රාමනායක මෙසේ අදහස් දක්වා සිටියා, ” මම ඇමෙරිකාවේ ප්‍රසංග ගනනාවක් පවත්වමින් එරටේ සංචාරයක නිරත උනා. මම ඒවායෙන් උපයා ගත් මුදල් වලින් අපේ රටේ දුප්පත් දරුවන් සදහා බෙදාදීමට ලැප්ටොප් පරිගණක තොගයක් මිලට ගත්තා . මීට අමතරව එරට කෝටිපතියන් පිරිසක් ද මට තවත් ලැප්ටොප් පරිගණක තොගයක් පරිත්‍යාග කිරීමට එකග උනා. මීට අමතරව ඔවුන් මෙරට දුප්පත් දරුවන් සදහා ඇදුම් විශාල තොගයක් ද මට පරිත්‍යාග කළා. ඒවා සියල්ල කන්ටේනර් කීපයක බහා මේ වනවිට ශ්‍රී ලංකාව බලා රැගෙන එමින් තිබෙනවා. මම…
රජයේ අත්තනෝමතික බදු සංශෝධනයට සහ රටේ රෝහල් පද්ධතිය තුළ හටගෙන ඇති ඖෂධ හිඟයට එරෙහිව විරෝධය පළ කරමින් වෘත්තීය සමිති රැසක් අද දිනයේ කොළඹ දී විරෝධතාවක් සංවිධානය කර තිබේ. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ප්‍රධානත්වයෙන් වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන කිහිපයක් ඒකාබද්ධව මෙම විරෝධතාව පැවැත්වීමට නියමිත බවය.
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහ නගර සභාවට තරගවැදීම සඳහා තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කළේය.
පේරාදෙණිය දඬුවාව පුරාණ රාජමහා විහාරස්ථානයේ උඩ මළුවට පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් හිමිනමක් අපවත් වී තිබේ. පොලිස් මුලස්ථානය පැවසුවේ විහාරස්ථානයේ උඩ මළුවේ ආගමික වතාවත් සිදුකරමින් සිටින අතරවාරයේ මෙම පස් කන්ද කඩා වැටී ඇති බවය. පස් කන්දට යටවීමෙන් බරපතල තුවාල ලැබූ හිමිනම පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව අපවත් වී තිබේ. අපවත් වී ඇත්තේ 18 හැවිරිදි වියේ පසුවූ එම විහාරස්ථානයේම වැඩවාසය කළ හිමිනමකි. අනතුර සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා හමුවී තිබේ. ඊයේ රාත්‍රියේ එම හමුව සිදුව ඇති අතර එහිදී දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වී තිබේ. යටිතල පහසුකම්, බලශක්ති, කර්මාන්ත සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් මෙරටට ආයෝජන ප්‍රවාහයන් තවදුරටත් ශක්තිමත් කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන බවය ඉන්දීය විදේශ අමාත්‍යවරයා…
ලොව ප්‍රධාන ප්‍රවෘත්ති මාතෘකා අභිබවමින් ඉන්දිය මාධ්‍යවල ප්‍රධාන සිරස්තල අතරට පැමිණීමට බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන් සමත්වී තිබෙනවා. ඒ, ලබන සතියේ තිරගත වීමට නියමිත ඔහුගේ නවතම චිත්‍රපටය හේතුවෙන්. 57 හැවිරිදි මෙම සුපිරි නළුවාගේ චිත්‍රපටයක් මෙලෙස එලි දකින්නේ වසර 04 කට පසු පළමු වරටටයි. එම කාලය තුළ ශාරුක්ගේ පුත්‍රයා මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ ව්‍යාජ චෝදනාවකට අත්අඩංගුවට ගැනීම ඇතුලු ඔහුගේ වෘත්තිය හා පෞද්ගලික ජීවිතයට බලපාන සිද්ධීන් රැසක් සිදුවුණා. ඉන් පසු දැඩි නිහඬතාවයකින් අනතුරුව මෙම චිත්‍රපටය තිරගතවීම හේතුවෙන් ඊට ඇති උනන්දුව ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. චිත්‍රපටයේ සමාජ මාධ්‍ය ප්‍රවර්ධන පමණක් මේ වන විට ලොව පුරා මිලියන 54 කට අධික පිරිසක්…
චීනය නිකුත් කරන කොවිඩ් දත්ත සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ තවදුරටත් සැක මතුවෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය දත්ත නිකුත් කරන බ්‍රිතාන්‍ය ආයතනයක වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ චීනය තුළ මේ වනවිට කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවී ඇති පුද්ගල මරණ 584,000ස ඉක්මවා ගොස් තිබිය හැකි බවය. එමෙන්ම එළඹෙන අප්‍රේල් මාසය අවසන් වනවිට චීනයේ කොවිඩ් මරණ මිලියන 1.7 ක් පමණ වනු ඇති බවද ඔවුන් පෙන්වා දී ඇත. කෙසේවෙතත් චිනය මේ වනවිට වාර්තා කර ඇත්තේ ඉකුත් දෙසැම්බර් 08 වනදා සිට ජනවාරි 12 වනදා දක්වා එරට තුළ කොරෝනා හේතුවෙන් මරණ 60,000 ක් සිදුවී ඇති බව යන්නද විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව රටේ…
2022 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල (සිංහල හා දෙමළ පාසල්) තෙවන වාරයේ දෙවන අදියර 2023.01.20 වන සිකුරාදා දිනයෙන් අවසන් කෙරෙන බව දැනුම්දෙයි. අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මුස්ලිම් පාසල් සඳහා තෙවන වාරයේ දෙවන අදියර 2023.02.06 සඳුදා දින අවසන් වන බවය. මේ අතර සියලුම පාසල්වල තෙවන වාරයේ තෙවන අදියර 2023.02.20 වන සඳුදා දිනයෙන් ආරම්භ වෙයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ට ගෙවීමට නියම කළ රුපියල් කෝටි 10ක වන්දි මුදල ගෙවීම සඳහා ජනතාවගෙන් මුදල් රැස්කිරීමේ අරමුදලක් පිහිටුවීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ. ඊයේ (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ එම වන්දි මුදල ගෙවීමට තමන්ට කිසිඳු හැකියාවක් නොමැති බැවින් මෙලෙස ජනතාවගෙන් මුදල් එකතු කිරීමට තීරණය කළ බවය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, “නඩු තීන්දුවෙන් මට කෝටි 10ක් ගෙවන්න කියලා. කෝටි 10ක් ගෙවන්න ආර්ථික ශක්තියක් නැහැ මට. ජනතාවගෙන් කෝටි 10 එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. මට මෝටර් සයිකලයක්වත් නැහැ. රට වටෙන්ම සල්ලි එකතු කරන්න ඕනේ. සල්ලි නොගෙව්වොත් හිරේ යනවා.” “සහෝදරයෝ වුනාට…
