Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ගමට ගොස්,ගමේ යාන්ත්‍රණය ශක්තිමත් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන්ට උපදෙස් දී ඇත. ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් සඳහා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සංවිධානය කරන ලද සුහද හමුවක් අරලියගහ මන්දිරයේ දී ඉකුත් දා පැවති අතර,ඊට සහභාගි වූ ජනාධිපති වරයා,මැති ඇමතිවරුන්ට මේ බව දැනුම් දී ඇත . ගම්වල පක්ෂ ශාඛා පිහිටුවා,රටේ ආර්ථික හා දේශපාලන තත්වය සම්බන්ධයෙන් ජනතාවට ඇත්ත කියන්නැයිද ජනාධිපතිවරයා ඔවුන්ට දැනුම් දී ඇත.
රජයේ පාසල්වල මේ වසරේ 2022 තුන්වැනි වාරය අද (5) සිට ආරම්භ කෙරේ. තුන්වැනි වාරය හෙට සිට මාර්තු 24 දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. තුන්වැනි වාරය අතරමඟදී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ -2023 විභාගය පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් ජනවාරි මාසයේදි පාසල් දරුවන්ට නිවාඩුවක් ලබාදීමට නියමිතය. අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීමේදී අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කර ඇති චක්‍රලේඛ අනුව කටයුතු කරන බව ද අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
රට තුළ පැතිර යන වයිරස් රෝග හේතුවෙන් දිනකට දරුවන් 60 ත් 70 ත් අතර සංඛ්‍යාවක් රෝහල්ගත කරන බවත් එම රෝගවලින් දරුවන් ආරක්‍ෂා කිරීමට සෞඛ්‍ය ආරක්‍ෂණ පිළිවෙත් අනුගමනය කළ යුතු බවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ නිලධාරියෙක් පැවසීය. උණ ඇතුළු වයිරස් රෝග රැසක් රට තුළ මේ වන විට පැතිර යන බව කී එම නිලධාරියා වයිරස් උණ, ඉන්ෆ්ලුවෙන්සා, ඩෙංගු සහ කොවිඩ් ඇතුළු රෝග කීපයක් නිරන්තරයෙන් වාර්තා වන බව ද එම නිලධාරියා සඳහන් කළේය. ‘කොවිඩ්’ වයිරසයෙන් ආරක්‍ෂා වීමට ජනතාව අනුගමනය කළ සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරන්නේ නම් මෙම වයිරස් රෝගවලින් ද ආරක්‍ෂා වියහැකි බව එම නිලධාරියා වැඩි දුරටත් කීය.
පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට කිසිදු නීතිමය බාධාවක් නොමැති හෙයින් මේ සතුය තුළ එම මැතිවරණය ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපෙක්ෂ ාකරන බව නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්‍රියාකාරිත්වය හෙවත් පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කරයි. දැනට පවතින වාතාවණය තුළ මැතිවරණය ප්‍රකාශයට පත් නොකර කල්මරමින් සිට යමි හෙයකින් ආණ්ඩුව මැතිවරණය කල්දැමීම සඳහා නීතිමය බාධෘවක් ඇති කළ හොත් එහි වගකීම මැතිවරණ කොමිසම බාරගත යුතු බව ද එම ලිපියේ සඳහන් කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 21 වැනි සංශෝධනය සම්මත වී ඇති නිසා නව මැතිවණ කොමිසමක් ස්ථාපිත කර නැති නිසාත් මැතිවරණයක් පැවැත්වීමට බාධාවක් ඇති නෙවන…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) අවධානයෙන් පසුවන්නේ යැයි දැනුම් දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ ක්‍රීඩා බලධාරියෙක් ක්‍රිකට් ආයතනයට කරන අඛණ්ඩ බලපෑම් පිළිබඳව අයි.සී.සී.යේ අවධානය යොමුවී ඇති බවත් අදාල නිලධාරියාගේ බලපෑම තව දුරටත් පැවතිය හොත් අයි.සී.සී.යේ ශ්‍රී ලංකා සාමාජිකත්වය අත්හිටුවීමට ඉඩ ඇති බවත්ය. එසේ වුවහොත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තරග, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අරමුදලක් ඇතුළු සියලුම අයිතිවාසිකම් අහිමිවන බව කී එම නිලධාරියා අන්තර්ජාතික ක්‍රිකට් සභාව අතුරු පාලන කමිටු පිළිනොගන්නා බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
ආණ්ඩුවේ තනතුරු ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් පක්‍ෂයේ දැරූ තනතුරුවලින් ඉවත්කිරීමට පක්‍ෂ මධ්‍යම කාරක සභාව ගත් තීරණය විධායක සභාව මගින් ද අනුමත කළ බව පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ විධායක සභාව එහි සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්‍ෂ මූලස්ථානයේ දී පසුගිය (3) පස්වරුවේ රැස්වූ අවස්ථාවේ මෙම අනුමැතිය හිමිවූ බව ද පක්‍ෂ මහලේකම්වරයා සඳහන් කළේය. පක්‍ෂයට ඔවුන් එල්ල කරන විවේචනවලට අනාගතයේදී ජනතාව සමඟ එක්වී පිළිතුරු ලබාදෙන බවද දයාසිරි ජයසේකර මහතා කීවේය.
පිළිකා රෝගියකු ද වන රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, මොස්කව් අගනුවර සිය නිල නිවසේ පඩි පෙළින් ඇද වැටී තුවාල ලැබූ බව ඇමෙරිකාවේ ‘ද නිව්යෝක් පෝස්ට්’ පුවත්පත අනාවරණය කර තිබේ.
ප්‍රතිව්ව්‍යුහගතකරණය යටතේ ලංකා විදුලිබල මණ්ඩලය අහෝසිකර රජය සතු නව සමාගමේ අටක් පිහිටුවීමට විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කරන ලද කමිටුව රජයට නිර්දේශ කර ඇත. ඒ සඳහා 2002 අංක 6 දරන විදුලිබල පනත අහෝසි කරන නව පනත් කෙටුම්පතක් විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා විසින් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිත බව බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි. විදුලිබල මණ්ඩලය වෙනුවට නව සමාගම් අටක් පිහිටුවීමට අදාළව ඉදිරිපත් කරන ලද කමිටු වාර්තාව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා විසින් ඉකුත් සතියේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද…
ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් වන ළමා පිළිකා රෝගීන්ට දැඩි දුෂ්කරතාවකට මුහුණපෑමට සිදුව තිබේ. මහරගම අපේක්ෂා රෝහලේ ළමා පිළිකා ඒකකයට පසු මෙරට රෝහලක නවීණ තාක්ෂණයෙන් යුත් අංග සම්පූර්ණ වාට්ටු සංකීර්ණයක් සහිත ළමා පිළිකා ඒකකයක් පිහිටා ඇත්තේ කරාපිටිය ශික්ෂණ රෝහලේය. නමුත් අවදානමක් සමග එහි දිවි ගෙවන පුංචි දරුවන් 250කට ආසන්න සංඛ්‍යාවකට සායනික ප්‍රතිකාරත්, තවත් දරුවන් රැසකට නේවාසික ප්‍රතිකාරත් නැවතී අදවන විට වසර 2කට ආසන්නය. ඒ සුදුසුකම් ඇති ළමා පිළිකා විශේෂඥ වෛද්‍යවරයෙක් කරාපිටිය ශික්ෂණ රෝහලට නොමැතිවීම හේතුවෙනි. මේ හේතුවෙන් නැගෙනහිර ,ඌව සහ දකුණු පළාතේ දරුවන් රැසකට මහරගම අපේක්ෂා රෝහලේ ළමා ඒකකයට ප්‍රතිකාර සඳහා යොමුවීමට සිදුව තිබේ. සෞඛ්‍ය බලධාරීන් අදාළ පුරප්පාඩු පුරවා ගාල්ල කරාපිටිය…
ලොකු ළූණු සහ ටින් මාළු සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ. දෙසැම්බර් මස පළවන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ බදු සංශෝධනයන් සිදුකර ඇති බව මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය සඳහන් කළේය. ඒ අනුව, පසුගිය සැප්තැම්බර් මස 22 වන දින සිට ලොකුළුණු කිලෝග්‍රෑම් 1ක් සඳහා පනවා තිබු රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 10ක් දක්වා අඩුකර තිබේ. පසුගිය මැයි මස 18 වන දින සිට ටින් මාළු කිලෝග්‍රෑම්යක් සඳහා අය කළ රුපියල් 100ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 200 දක්වා ඉහළ දමා ඇති බව වාර්තා වෙයි. අදාළ බදු සංශෝධනයන් මුදල් ආර්ථික…