Author: LANKA24X7

මෙල්බර්න් නුවර සිට කොළඹ දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක සිටි වයෝවෘද්ධ කාන්තාවකට අවශ්‍ය හදිසි ප්‍රතිකාර ලබා දී ඇයගේ ජීවිතය ආරක්ෂා කර දීමට ශ්‍රී ලාංකික වෛද්‍යවරියක් සමත්ව තිබෙනවා. වෛද්‍ය පහසුකම් නොමැති උඩු ගුවනේදී එම කර්තව්‍යයට දායක වී ඇත්තේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් වන මනෝරි ගමගේයි. මෙල්බන් නුවර සිට කොළඹ දක්වා පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානාවක සිටි 85 හැවිරිදි කාන්තාවක් හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙලී තිබෙනවා. එම අවස්ථාවේ ගුවන් යානයේ කාර්ය මණ්ඩලය නිවේදනය කර ඇත්තේ වෛද්‍යවරයෙකු හෝ වෛද්‍යමය ආධාර දිය හැකි පුද්ගලයෙකු සිටී නම් සිය කාර්ය මණ්ඩලය දැනුවත් කරන ලෙසයි. ඒ අනුව ඉදිරිපත් වූ මනෝරි ගමගේ නමැති…

Read More

බියගම, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක පැවැති ෆේස්බුක් සාදයක් වටලා සැකකරුවන් 31ක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (12) අලුයම් කාලයේදී බියගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් එම වැටලීම සිදුකර තිබුණි. වැටලීම සිදුකරන අවස්ථාවේදී ගංජා සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 07දෙනෙකු, මත් කරල් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 03දෙනෙකු, අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු, තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මීට අමතරව මත්පෙති සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් හා සැකපිට පුද්ගලයින් 06දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරිය අවුරුදු 20ත් 27ත් අතර වයස්වල පසුවන මට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, මරදාන, ග්‍රෑන්ඩ්පාස්, පෑලියගොඩ සහ කැලණිය…

Read More

දකුණු අප්‍රිකානු ජනප්‍රිය රැප් ගායකයෙක්ව වෙඩිතබා ඝාතනය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එරට AKA ලෙස ප්‍රකට කියර්නන් ෆෝබ්ස් සිය මිතුරෙක් සමග භෝජනාගාරයක සිට යමින් සිටින විට පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් ඔවුන්ට වෙඩිතබා තිබුණි. ඉන් ගායකයා සහ ඔහුගේ මිතුරා මියගොස් ඇති බව පොලීසිය පවසයි. දකුණු අප්‍රිකාවේ ඩර්බන් නගරයේදී මෙම වෙඩිතැබීම සිදුකර තිබේ.

Read More

පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වූ දෙවන තරගය ජයගැනීමට සමත්විය. ඒ, බංග්ලාදේශ කාන්තා කණ්ඩායම කඩුලු 7කින් පරාජයට පත්කරමිනි. කේප්ටවුන් හි දී මෙරට වේලාවෙන් ඊයේ (12) රාත්‍රී 10.30ට ආරම්භ වූ එම තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ කාන්තා කණ්ඩායම දිනාගත්තේය. එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම තීරණ කළ අතර එහිදී ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 126ක් රැස්කළේය. බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් Sobhana Mostary ලකුණු 29ක් රැස්කළ අතර නායක Nigar Sultana ලකුණු 28ක් රැස්කළාය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඕෂධී රණසිංහ කඩුලු 3ක් දවාගත්තාය. ඒ අනුව, ලකුණු 127ක් ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑමට…

Read More

ලබන වසරේ සිට 6 ශ්‍රේණියේ සිට 13 දක්වා වූ සියලු ශ්‍රේණිවල විෂයමාලා යාවත්කාලීන කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අධ්‍යාපනයේ ඩිජිටල්කරණය පිළිබඳ ප්‍රතිපත්තිය සඳහා සති දෙකක් තුළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට අපේක්ෂා කරන බවය. කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව සඳහන් කළේය. “අපි අධ්‍යාපන අමාත්‍යාංශය හැටියට සැලසුම් කරගෙන යන්නේ 2024 සිට 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා තියෙන සිලබස් ඔක්කෝම අප්ඩේට් කරලා, ආටිෆිෂල් ඉන්ටලිජන් හඳුන්වා දෙන්න. සමහරවිට එක බාස්කට් එකක වෙනම සබ්ජෙක්ට් එකක් විදියට AI දැනට ICT තියෙනවා. වෙන බාස්කට් එකක ආවොත් ශිෂ්‍යයින්ට පුළුවන් තෝරගන්න. ICT +…

Read More

හංවැල්ල පොලිස් වසමේ තුම්මෝදර ප්‍රදේශයේ පිහිටා ඇති කුමාරි ඇල්ලේ දියනෑමට ගිය පුද්ගලයින් පිරිසක් අතරින් එක් පුද්ගයෙකු දියේ ගිලී ජීවිත්කෂයට පත්ව තිබේ. ඊයේ (12) සවස් කාලයේදී එම අනතුරු සිදුව ඇති බව පොලීසිය පවසයි. එසේ මියගොස් ඇත්තේ, 43 හැවිරිදි මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පක් තර ඇති අතර හංවැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. මේ අතර අනුරාධපුර, සුවාත හංදිය පොකුණු තුන අසල පොකුණක දියේ ගිලී කාන්තාවක් මියගොස් තිබේ. එසේ මියගොස් ඇත්තේ, 70 හැවිරිදි අනුරාධපුර පූජා නගරයේ සිටින යාචක කාන්තාවක් බවට අනාවරණය වී ඇත. මෘත ශරීරය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අරත අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

රත්තොට ජල පවිත්‍රාගාරයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ඒ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට අද (13) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අද පස්වරු 08.00 සිට හෙට (14) පෙරවරු 06.00 දක්වා පැය 10ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටු වන බව එම මණ්ඩලය සඳහන් කළේය. ඒ අනුව රත්තොට, කයිකාවල, වේරගම යන ප්‍රදේශ සඳහා එම ජල කප්පාදුව සිදුවනු ඇත. ජල කප්පාදුව සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීමට අවශ්‍ය නම් 1939 අංකය අමතා අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

අද (13) දින ධාවන වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය වාර විශාල ප්‍රමාණයක් ධාවනය නොවන බවට වාර්තා වෙයි. මේ හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයකට පත්ව තිබේ. ප්‍රධාන මාර්ගයේ ධාවනය වන කාර්යාල දුම්රියන් වන මහව සිට කොළඹ සහ මොරටුව දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රියද ධාවනය නොවන බව නිවේදනය කර තිබුණි. මීට අමතරව ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා කාර්යාල දුම්රිය කිහිපයක් ද අද උදෑසන අවලංගු කර තිබුණි. මේ අතර මුහුදු බඩ මාර්ගයේ හික්කඩුව සිට මරදාන දක්වා උදෑන 5.25ට ධාවනයවීමට නියමිතව තිබූ කාර්යාල දුම්රියක්ද ධානවය නොවන බව වාර්තා වේ. මේ අතර මුහුදුබඩ දුම්රිය මාර්ගයේ තවත් කාර්යාල දුම්රිය කිහිපයක්ද අවලංගු කර ඇති අතර ගාල්ලේ…

Read More

පසුගිය දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක හටගත් සුළු භූකම්පන තත්ත්වයන් පිළිබඳ මහජනතාව අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ භූ ඉංජිනේරු විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදේනි බණ්ඩාර අමරසිංහ මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, මෙරට භුමියේ පිහිටීම අනුව විනාශකාරී අවදානම් සහිත භූකම්පන ඇති වීමේ හැකියාවක් නොමැති බවය. “වැල්ලවාය, බුත්තල ආදි ප්‍රදේශවල ජීවත් වන මිනිස්සුන්ට පසුගිය පැය 24 තුළ අලුයම 4 දක්වා යම්කිසි පොළොව හෙල්ලීමේ සන්නිවේදනයක් දැනුන බව ඇත්ත. ඒ සන්නිවේදනය භූකම්පනයක් තුර්කියේ ඇතිවුණා ආකාරයේ භූකම්පනයක් ද ? කියලා අනිසි බියක් ඇති වෙනවා නේ. අපේ ගොඩබිම් කොටස ඉතාම ස්ථාවරයි. ඒ තුළ සක්‍රීය භූ පැලුම් කිසිවක් විද්‍යාඥයින්ට හමුවෙන්නේ නෑ ඇත්තටම…

Read More

රට තුළ අත්‍යවශ්‍ය ඖෂධ 150ක පමණ දැවැන්ත හිඟයක් නිර්මාණය වී ඇති බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ උප සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පවසයි. වෛද්‍යවරයා ප්‍රකාශ කළේ, දැනට පවතින අත්‍යවශ්‍ය ඖෂධ තොග අවසන් වෙමින් පවතින තත්වයක් ද මේ වන විට නිරීක්ෂණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගේ මැදිහත් වීම අවම මට්ටමක පවතින බවය. “රජය රු බිලියන 322ක මුදලක් පසුගිය අයවැයෙන් ඖෂධ සඳහා වෙන්කරනවා කියලා කිව්වත් ඒ මුදල් කිසිසේත්ම නොලැබෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ නිසා මේ වෙනකොට ජීවිතාරක්ෂක ඖෂධවල ඉඳලා විශේෂයෙන්ම හදිසි අනතුරු සේවාවන් පවතින ඖෂධවල සිට සියලුම ආකාරයේ ඖෂධ වර්ග, විශේෂයෙන්ම පිළිකා නාශක ඖෂධ වර්ග දක්වා විශාල පරාසයක ඖෂධ දැවැන්ත…

Read More