Author: LANKA24X7

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන ඉදිරි සති කිහිපයේදී ආරම්භ නොවුණහොත් පාකිස්තාන ආර්ථිකය දැඩි අර්බුදයකට ලක්විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාකිස්තානයේ ණය වැඩසටහන තවදුරටත් පමා කරන්නේ නම් තමන් ද තවදුරටත් ණය ලබානොදෙන බවට සෞදිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි. එමෙන්ම පාකිස්තානය ද වහාම ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වාදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට උනන්දු විය යුතු බව එරට මාධ්‍ය ද වාර්තා කරයි. පාකිස්තානයේ මිත්‍ර රටවල් ද ඒ බව එරට අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දී ඇත. මේ වනවිට පාකිස්තානයේ ආර්ථිකය මෙන්ම දේශපාලනය ද පවතින්නේ දැඩි අර්බුදකාරී තත්ත්වයකය. පවතින තත්ත්වය තුළ කෙටි කාලීන…

Read More

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙකුට තවදුරටත් සම්බාධක පැනවීම සඳහා G7 රටවල් එකතු කරගැනීමට කැනඩාව කටයුතු කරමින් සිටින බව එරට විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලි මහත්මිය පවසයි. ශ්‍රී ලංකාවේ සිවිල් ගැටුමේ දී මානව හිමිකම් කඩවීම් සිදුවූ බවට චෝදනා කරමින් පසුගියදා හිටපු ජනාධිපතිවරුන් ඇතුළු සිව්දෙනෙකුට කැනඩාව සම්බාධක පැනවූ අතර ඒ සම්බන්ධයෙන් දමිල මාධ්‍ය නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළේය. ප්‍රශ්නය – “ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකුට පසුගිය ජනවාරි 10 වනදා එල්ල කෙරුණු සම්බාධක පැනවීමට හේතුව සහ කාලරාමුව පිළිබඳව තවමත් පැහැදිලි අදහසක් නැහැ.” කැනඩා විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලි, “අපි මේ සම්බන්ධයෙන් නිශ්චිත කාලයක්…

Read More

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා එළඹෙන 23 වනදා සිට 27 වනදා තෙක් සෞදි අරාබියේ නිල සංචාරයක නිරතවීමට නියමිත ය. මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ සෞදි අරාබි රාජධානියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරුගේ ඇරයුමකට එම සංචාරය සිදුකෙරෙන බවය. එම සංචාරයේදී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නැංවීම පිළිබඳ සාකච්ඡා පවත්වනු ඇති. අමාත්‍ය අලි සබ්රි මහතා ඉස්ලාමීය සංවර්ධන බැංකුව, ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය යන සංවිධානවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම මක්කම සහ මදීනාව යන නගරවල ආණ්ඩුකාරවරු ද හමුවීමට නියමිතව තිබේ.

Read More

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මූල්‍ය ප්‍රතිපාදන වෙන් නොකර මැතිවරණ කටයුතුවලට බාධා කළහොත් එය වසර 03ක සිරදඬුවම් ලැබිය හැකි වරදක් වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. මාළිගාවත්ත ප්‍රදේශයේ (20) පස්වරුවේ පැවති ජන රැළියක් අමතමින් ඔහු සඳහන් කළේ, ඇප භාරනොගන්නැයි පසුගියදා ලිපියක් යැවූ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතාට එරෙහිවද නීතිමය පියවර ගන්නා බවය. එහිදි අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක “ඡන්දේ තියන්න සල්ලි නෑ. ඡන්දේ තිබ්බොත් බෙහෙත් නෑ. ඡන්දේ තිබ්බොත් තෙල් නෑ කියනවා නේද. ඡන්දේ තියන්න යන්නේ රුපියල් බිලියන 8යි. සීනි බදු වංචාව බිලියන 15යි. සීනි බදු වංචාවෙන් විතරක් ඡන්ද දෙකක් තියන්න…

Read More

දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්, දිස්ත්‍රික්ක රැසකට භාරදුන් නාමයෝජනා පත්‍රවල ගැටලු පවතින බව දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීන් පවසා තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ගැටලුවකින් තොරව පිළිගෙන තිබුණේ හෝමාගම සහ සීතාවක යන ප්‍රාදේශීය සභා සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පමණක් බව කොළඹ දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් මාපා බණ්ඩාර මහතා සඳහන් කළේය. 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල නාමයෝජනා පත්‍ර භාරගැනීම අවසන් වීමෙන් පසු ඊට විරෝධතා දැක්වීම සඳහා පැය 1.30 ක කාලයක් අද ලබාදී තිබුණි. කෙසේවෙතත් ඉන් අනතුරුව දිස්ත්‍රික් මට්ටමේ නාමයෝජනා පිළිගැනීම් සහ ප්‍රතික්ෂේප කිරීම් නිවේදනය කළේය. නව ලංකා නිදහස් පක්ෂය කොළඹ මහනගර සභාවට සහ මොරටුව මහනගර සභාවට…

Read More

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පැවතිය හැකි අතර ශීත කාලගුණික තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

Read More

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මාර්තු මස 9 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් වෙත දැනුම්දී ඇති අතර ඔවුන් එම දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සඳහන්ය. පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා කැඳවීම අද දහවල් 12.00 න් අවසන් වුණි.

Read More

ගල්කිස්ස, තෙලවල, පොච්චිවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙක් සැකකටයුතු ලෙස මියගොස් තිබේ. මියගිය පුද්ගලයා බස් රථ රියදුරෙකු වන අතර ඔහු තවත් පුද්ගලයෙකු සමග කුලියට ගත් අදාළ නිවසේ නතරවී සිට ඇති බව පොලීසිය පැවසීය. අදාළ පුද්ගලයා නිවසේ වැටී සිටින බවට මරණකරු සමග නිවසේ රැඳී සිටි අනෙක් පුද්ගලයා දැනුම්දුන් බවට තවත් අයෙකු විසින් මියගිය පුද්ගලයාගේ සහෝදරයාට පසුගිය බ්‍රහස්පතින්දා පස්වරුවේ දුරකතන ඇමතුමක් ලබාදී පවසා තිබේ. මරණකරුගේ සහෝදරයා එම නිවසට ගොස් පරීක්ෂා කිරිමේදී අධික රුධිර වාහනයක් සමග මරණකරු නිරුවත්ව වැටී සිටිනු දැක ඇති බව පොලීසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදුකර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්…

Read More

නුවරඑළිය, නානුඔය – රදැල්ල කෙටි මාර්ගයේදී ඊයේ (20) සිදුවූ මාරක රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත් එකම පවුලේ ඥාතීන් පස්දෙනාගේ අවසන් කටයුතු අද (21) සිදු කිරීමට නියමිත බව වාර්තාවේ. ඒ අනුව හැටන් දික්ඔය ජුම්මා මුස්ලිම් පල්ලියේ සුසාන භූමියේදී අද පස්වරුවේ ඔවුන්ගේ අවසන් කටයුතු සිදු කෙරෙනු ඇත. අනතුර සම්බන්ධයෙන් ශෝකය පළ කරමින් දික්ඔය නගරයේ සියලුම වෙළෙඳසැල්වල සුදු කොඩි ඔසවා තිබූ බවද අප වාර්තාකරු පැවසීය. මියගිය දරුවන් අතර අවුරුදු 15ක පිරිමි දරුවෙක් සහ ඊට බාල ගැහැණු දැරියන් දෙදෙනෙක් වෙයි.

Read More

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ රාත්‍රී 07.00න් පසු විදුලි කප්පාදුව සිදුනොකිරීමට තීරණය කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ විභාග දෙපාර්තමේන්තුව සිදුකළ ඉල්ලීමකට අනුව විදුලි බල මණ්ඩලයේ ද අවශ්‍යතා මත මෙම තීරණය ගත් බවය. මේ අතර, අද (21) සහ හෙට (22) දිනවලදී ද පැය 02යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.

Read More