Author: LANKA24X7

2022 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (23) ආරම්භ වේ. දිවයින පුරා මධ්‍යස්ථාන 2,200කදී මෙවර උසස් පෙළ විභාගය පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව මෙවර විභාගයට පාසල් අපේෂකයින් 278,196 දෙනකු සහ පෞද්ගලික අපේෂකයින් 53,513 දෙනකු වශයෙන් අපේෂකයින් 331,709 දෙනකු පෙනී සිටීමට නියමිතව තිබේ. අදින් ආරම්භ වන උසස් පෙළ විභාගය පෙබරවාරි මස 17 වනදා දක්වා පැවැත් වේ. මේ අතර අපේක්ෂයින් වලංගු හැඳුනුම්පතක් සහ විභාග ප්‍රවේශපත්‍රය රැගෙන ඉක්මනින් තම විභාග මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලෙසට විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි. උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන විභාග කොමසාරිස් ජනරාල් අමිත්…

Read More

තියුණු ආයුධයකින් පහරදී මිනුවන්ගොඩ වෑගොව්ව ප්‍රදේශයේ දී 83 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. සිද්ධියට සැකපිට මරණකරුගේ පුත්‍රයා පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. බහින්බස් වීමක් දුරදිග යාමෙන් අදාළ පුද්ගලයාට සැකකරු තියුණු ආයුධයකින් පහරදී ඇති බව පොලීසිය පවසයි. තුවාල ලැබූ පුද්ගලයා මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් රෝහල වෙත මාරුකර යවා ඇත. එහිදී එම පුද්ගලයා මියගොස් තිබුණි. සිද්ධිය සම්බන්ධයේ මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

පළාත් පාලන ආයතන රැසකට ප්‍රධාන දේශපාලන පක්ෂ භාරදුන් නාමයෝජනා පත්‍ර රැසක් ප්‍රතික්ෂේප වී තිබේ. ඒ අනුව දිස්ත්‍රික්ක 15ක පමණ ප්‍රතික්ෂේප වූ නාමයෝජනා පත්‍ර සංඛ්‍යාව 100 ඉක්මවා ඇති බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවට හා මහියංගණය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබේ. ලංකා කම්කරු කොංග්‍රසය හාලිඇළ ප්‍රාදේශීය සභාව සඳහා ලබාදුන් නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබුණු අතර එහි අපේක්ෂකයින් ඒ බව දැනගැනීමෙන් අනතුරුව හඬා වැටුණි. හෙලිකොප්ටරය ලකුණින් යුත් නිදහස් ජනතා සන්ධානය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ද ප්‍රතික්ෂේප වී තිබු අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය…

Read More

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලි කප්පාදුවක් සිදුනොකර ලෙස කළ ඉල්ලීමට විදුලිබල මණ්ඩලයේ එකඟතාවය හිමි වු බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මේ බව පැවසීය. ඔහු මේ බව පැසුවේ විභාග දෙපාර්තමේන්තුවේ අද (22) පැවති විශේෂ මාධ්‍ය හමුවේ දීය. කෙසේවෙතත් විභාගය නොපැවැත්වෙන කාලය අතරතුර තුළ දී යම්කිසි කෙටි විදුලි විසන්ධිවීමක් සිදුවිය හැකි බවද ඒ මහතා පවසයි. රාත්‍රී කාලයේ ද අධ්‍යනය කටයුතු සිදුකිරීමට අවශ්‍ය බැවින් විදුලි කප්පාදුවක් සිදුනොකරන ලෙස කළ ඉල්ලීමට මේ වනවිට යම් එකඟතාවයකට පැමිණ ඇතැයි ද විභාග කොමසාරිස්වරයා පැවසීය. නමුත් නැවත නැවතත් දරුවන් ගැන අවධානය යොමුකරමින් විදුලි කප්පාදුව සීමා කරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින ලෙස ඒ මහතා…

Read More

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ව එම ධුරයෙන් ඉවත් කර තිබේ. අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් වයඹ ආණ්ඩුකාරවරයා විසින් ඔහුව ධුරයෙන් නෙරපා ඇති බව වාර්තා වෙයි. කුරුණෑගල නගර සභාවේ අයවැය සම්මත කර ගැනීමට අපොහොසත් වීම ඊට හේතුව ලෙස දැක්වෙයි. වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන්නේ හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ය.

Read More

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය අද (22) දිනයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දීමට නියමිත බව වාර්තා වේ. හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙන්නේ අදාළ දැනුම්දීම අද දිනය තුළ චීනය විසින් ලිඛිතව සිදුකරනු ඇති බවය. මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව විසින් සිය ස්ථාවරය පසුගිය 16 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිඛිතව දැනුම් දී තිබුණි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් චීනය සමග සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇති අතර ඉදිරි දින කිහිපය තුළ ඔවුන් සිය එකඟතාව සිදුකරනු ඇති බව භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ප්‍රියන්ත රත්නායක මහතා පසුගිය සිකුරාදා දිනයේ ප්‍රකාශ කළේය. රොයිටර්ස් පුවත් සේවය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ප්‍රියන්ත රත්නායක මහතා ප්‍රකාශ කර ඇත්තේ…

Read More

නඩු තීන්දු තීන්දුවෙන් නියම වුණු රුපියල් කෝටි 10 ක මුදල ගෙවීමට තමාට කිසිම ආර්ථික ශක්තියක් නැති හෙයින් ඒ මුදල ජනතාවගෙන් එකතු කිරීමට බලාපොරොත්තු වන බවත් ජනතාව මුදල් නොදුනහොත් හිරේ යන බවත් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. නඩු තීන්දුවෙන් මට කෝටි 10ක් ගෙවන්න කියලා නියම වුණා.කෝටි 10ක් ගෙවන්න ආර්ථික ශක්තියක් නැහැ . ජනතාවගෙන් කෝටි 10 එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. මට මෝටර් සයිකලයක්වත් නැහැ. රට වටෙන්ම සල්ලි එකතු කරන්න ඕන. සල්ලි නොගෙව්වොත් හිරේ යනවා. සහෝදරයා වුණාට ඩඩ්ලි සිරිසේනගේ බිස්නස්වලට මගේ සම්බන්ධයක් නැහැ. අපේ පවුලේ 11ක් ඉන්නවා. තාත්තාට කුඹුරු අක්කර 05යි, ගොඩ අක්කර 03ක් තිබ්බා. කුඹුරු අක්කර පහ නංගිලා බෙදාගෙන…

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වාහන 19ක් පෞද්ගලික පරිහරණයට යොදා ගෙන ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ඔහුගේ පෞද්ලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දරන සමයේ හෝ කිසිදු වාහනයක් අනිසි ලෙස භාවිත නොකල බවයි. හිටපු ජනාධිපතිවරයා සඳහා වෙන් කල නිල රථය ජාතික උත්සව අවස්ථාවකදී හැර වෙනත් කිසිදු අවස්ථාවක භාවිත කර නැහැ. හිටපු සෑම ජනාධිපතිවරයෙකුගේම ආරක්ෂාව සඳහා ප්‍රතිපාදන සහ ආරක්ෂක අනුඛණ්ඩ වෙනුවෙන් වාහන වෙන් කිරීම සිදු කෙරෙනවා. ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති ආරක්ෂක අනුඛණ්ඩයටද අවශ්‍යතාවට සරිලන පරිදි වාහන වෙන්කර ඇති බවයි පෞද්ගලික ලේකම් සුධීෂ්වර බණ්ඩාර පැවසුවේ. හිටපු ජනාධිපති…

Read More

අධ්‍යාපන චාරිකා සඳහා පාසල් සිසුන් රැගෙන යා හැකි දුර ප්‍රමාණය සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව දිනකට සිසුන් රැගෙන යා හැකි උපරිම දුර ප්‍රමාණය කිලෝ මීටර් 100කට සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ අවධානයට ලක්ව ඇති බවයි එම අමාත්‍යංශයේ උසස් නිළධාරියෙකු මාධ්‍ය වෙත කියා සිටියේ. එලෙස අධ්‍යාපන චාරිකා සඳහා රැගෙන යන සිසුන් පස්වරු 6ට පෙර යළි අදාළ පාසලට රැගෙන ආ යුතු වනවා. ඉදිරියේදී පාසල් සිසුන් රැගෙන යන අධ්‍යාපන චාරිකා සඳහා තෝරාගන්නා ප්‍රදේශ පිළිබඳවද වැඩි අවධානයක් යොමු කිරීමටද නියමිතව තිබෙනවා. නව උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් සියලු පාසල් හා අධ්‍යාපන බලධාරීන් වෙත කඩිනමින් නිකුත් කිරීමටද පියවර ගන්නා බවයි අධ්‍යාපන…

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමට අදාළ මූලික කටයුතු සියල්ල මේ වන විට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ අද (22) දිනය තුළ විභාග මධ්‍යස්ථාන සකස් කිරීමේ කටයුතු සිදුකෙරෙන බවය. 2022 – 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (23) දිනයේ සිට විභාග මධ්‍යස්ථාන 2,200කදී පැවැත්වීමට නියමිතය. මෙවර උසස් පෙළ විභාගය සඳහා පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් 331,709 දෙනෙකු පෙනී සිටීමට නියමිත අතර විභාගය පෙබරවාරි මස 17 වැනිදා දක්වා පැවැත්වේ. එමෙන්ම විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ විභාග මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර…

Read More