Author: LANKA24X7

කැලණිතිස්ස විදුලි බලාගාරයේ ජනන කටයුතු යළි ආරම්භ කර තිබේ. එම බලාගාරයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අද පෙරවරු 08ට යළිත් වරක් බලාගාරයේ ජනන කටයුතු ආරම්භ කළ බවය. ප්‍රමාණවත් පරිදි නැප්තා නොමැති වීම හේතුවෙන් කැලණිතිස්ස විදුලි බලාගාරයේ ජනන කටයුතු පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට නවතා දමා තිබුණි. කෙසේවෙතත් කැලණිතිස්ස විදුලි බලාගාරය සතුව දැනට පවතින නැප්තාවලින් යළි ජනන කටයුතු ක්‍රියාත්මක කළ ද එය තවත් දින එකහමාරක කාලයකට පමණක් ප්‍රමාණවත් වන බව එම ප්‍රකාශකයා පැවසුවේය. විදුලි බල මණ්ඩලය විසින් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට මුදල් නොගෙවීම හේතුවෙන් නැප්තා ලබාදීම ප්‍රතික්ෂේප කිරීම මෙම තත්ත්වයට හේතුවී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේය.

Read More

රට බංකොලොත් වුණේ ආණ්ඩු නිසා නොව ශ්‍රී ලංකා මහා බැංකුව සහ එහි නිලධාරීන්ගේ ක්‍රියා කලාපය නිසා යැයි හිටපු මුදල් ඇමති සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා පැවසීය. මහා බැංකුව කටයුතු කරන්නේ කිසිම ප්‍රායෝගික දැනුමකින් නොවේයැයි ද මහා බැංකුව අද කරන්නේ ඒ අයගේ රාජකාරිය නොවේ යැයිද කී කරුණානායක මහතා ඒ අය ආණ්ඩු කරන්න හදනවා යැයිද එතකොට ජන වරමෙන් පත් වුණු ආණ්ඩුව කරන්නේ මොකක්දැයි ප්‍රශ්න කළේය. හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා මෙි බව කීවෙි ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ රජමල් වත්තේ පිහිටි නිවසේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දීය.

Read More

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිලේ සුළු ඉහළ යෑමක් දින කීපයක සිට ප්‍රදර්ශනය වන බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. ඉහළ පරිභෝජනයක් ඇති ‘බ්‍රෙන්ට්’ බොරතෙල් බැරලයක මිල ඩොලර් 87.60 ක් දක්වා අද (22) පෙරවරුව වන විට ඉහළ ගොස් තිබුණි. මෙම ජනවාරි මස ආරම්භයේ සිට බොරතෙල් මිලේ ඉහළ යෑම ආරම්භ වූ බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණි.

Read More

යම් දේශපාලන පක්ෂයක් විසින් කාබනික පොහොර පිළිබඳ අසත්‍ය තොරතුරු සමාජගත කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට සුදානම් වන බවට තොරුතුරු ලැබී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අදාළ දේශපාලන පක්ෂයට සම්බන්ධ ගොවි සංවිධාන හරහා දෛනික මාධ්‍ය හමු පවත්වමින් මෙම කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය. හම්බන්තොට ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම අදහස් පළ කළේය. “ගිය වතාවේ කිව්වේ බාල පොහොර ගෙනාවා කියලා. ගිය යල කන්නයේම කිව්වා. දේශපාලන උවමනාවක් තියෙන කණ්ඩායම් විවිධ දේවල් කියනවා. පස්සේ කට වහගත්තා. මම කිව්වා ඔප්පු කරලා පෙන්වන්න, නැත්නම් මාත් එක්ක විවාදයකට එන්න කියලා. ඔක්කෝම මඟ ඇරලා ගියා…

Read More

බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් යුක්‍රේනයේ කියුව් අගනුවරට පැමිණ තිබේ. හිටපු අග්‍රාමාත්‍යවරයාව යුක්‍රේන ජනාධිපති වොල්මීයර් සෙලෙන්ස්කි විසින් පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යුදමය හානි සිදුව ඇති ප්‍රදේශ මෙන්ම රුසියානු හමුදා මේ වන විට පසුබැස ඇති ප්‍රදේශයන් හි බ්‍රිතාන්‍යයේ හිටපු සංචාරකයක ද නිරත වී ඇති බව සඳහන්ය. “රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අසමත් වන්නේ නම් එය යුක්‍රේනයට පමණක් නොව මුළු ලෝකයටම හොඳ කාලයක් වනු ඇති” බවට එම සංචාරයේ දී බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සිදුකළ ප්‍රකාශය මේ වන විට ලොව පුරා දැඩි කතාබහක් ද නිර්මාණය කර තිබේ. තමාගේ පාලන සමයේ මෙන්ම රුසියාව පරාජය කිරීමට ඕනෑම සහයෝගයක් ලබාදීමට බ්‍රිතාන්‍ය තවදුරටත් සුදානම්…

Read More

නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

මහව උක්වත්තේගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට විදුලිසැර වැදීමෙන් මියගොස් තිබේ. ඊයේ (22) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ 57 හැවිරිදි මැදගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එම පුද්ගලයා උක්වත්තේගම ප්‍රදේශයේ කුකුළු ගොවිපොළක් රැකබලා ගැනීමේ නිරතව සිටින අතර, ගොවිපොළට බල්ලන් ඇතුළුවීම වැළැක්වීමට අදිනලද විදුලි රැහැනක් එම පුද්ගලයාගේ පාදයේ පැටලීමෙන් විදුලිසැර වැදී මියගොස් ඇති බව සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මහව පොලීසිය වැඩිදුර විමර්ශන පවසයි.

Read More

නියමිත ක්‍රමවේදයෙන් බැහැරව සෞඛ්‍ය වෘත්තීකයින් විදේශගත කිරිමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි. ඔහු සඳහන් කළේ, රජය විසින් සිදුකළ යුතු ආදාළ කටයුතු වෙනත් පාර්ශයන්ගේ මැදිහත් වීමෙන් විවිධ තැරැව්කරුවන් හරහා සිදුකරන බවට සාක්ෂි පවතින බවය. කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා මෙම අදහස් පළ කළේය. “ලෝකයේ බොහෝ රටවල් ශ්‍රී ලංකාවට උදව් කිරීම සඳහා කලින් නොතිබුණ රැකියා අවස්ථාවන් අපේ රටට ලබාදීලා තියෙනවා. හැබැයි මේ රටට ලබාදෙන මේ රැකියා ටික නිවැරදිව කළමනාකරණය කරලා, නිවැරදි මිනිස්සු විදේශගත කරන්න රජයට බැරිවෙලා තියෙනවා තාම. අපිට පේන්නේ මේ රැකියා ටිකත් එක්ක ජාවාරම් කරන…

Read More

අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍යරාජයාණන් වහන්සේගේ චුඩා මාණික්‍ය සොරකම් කර ඇති බව පැවසෙන සිද්ධියට අදාළව ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි. ඒ අනුව පසුගිය සතියේ දි මීට අදාළ මුලික විමර්ශනයක් සිදුකළ බව එම කොමිසම සඳහන් කළේය. මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් තිදෙනෙකු ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍යරාජයාණන් වහන්සේ පිහිටි අනුරාධපුර ප්‍රදේශයට ගොස් මේ සම්බන්ධයෙන් මුලික විමර්ශනයක් සිදුකර ඇති අතර එහි වාර්තාව අද (23) දිනයේ දී කොමිසමේ සභාපතිවරිය වෙත භාරදීමට නියමිතව තිබේ. බුදු දහම ආරක්ෂා කිරීමේ වගකීම ව්‍යවස්ථානුකුලව රජයට පැවරී ඇති අතර එම කරුණ පදනම් කර ගනිමින් මානව හිමිකම් කොමිසම වෙත රුවන්වැලි සෑ චෛත්‍ය රාජයාණන්…

Read More

වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු 40 හැවිරිදි නයිජීයානු ජාතිකයෙකි. මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතූරක් මත ඊයේ (22) පස්වරුවේ මිරිහාන ගංගොඩවිල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී එම පුද්ගලයා නිවසක සිටියදී හමු වූ බව පොලීසිය පවසයි. ඔහු සතුව තිබී ලැප්ටොප් වර්ගයේ පරිගණකයක්ද පොලිස් භාරයට ගෙන ඇත. එම පුද්ගලයා යම් අපරාධයකට සම්බන්ධ පුද්ගලයෙකු ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි. සැකකරු අද (23) ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More