Author: LANKA24X7

මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 30 වෙනිදා සඳුදා නැවතත් රැස්වීමට නියමිතය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ පළමු රැස්වීම පාර්ලිමේන්තුවේිදී පෙරේදා (25) පැවැත්විණ. මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමට එහිදී තීරණය කෙරිණ. මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට පත් කළ යුතු විපක්ෂයේ සුළු පක්ෂවල නියෝජිතයා සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැති අතර ඒ සම්බන්ධයෙන්ද සදුදා රැස්වීමේදී සාකච්ඡා කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා නවයක් පත්කිරීමට නියමිතය. රාජ්‍ය සේවා…

Read More

ගම්පොල කුරුඳුවත්ත මැදගොඩ තේ කර්මාන්ත ශාලාවේ හටගත් ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී දෙදෙනකු ද පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගත කොට ඇති බව කුරුඳුවත්ත පොලිසිය පවසයි. මෙම තේ කර්මාන්ත ශාලාව ගිනි ගන්නා බව කුරුදුවත්ත පොලිසියට දැනුම්දී ඇති අතර මහනුවර ගිනි නිවීම් ඒකකය ට ද ඒ බව දන්වා තිබේ . ඒ වන විටත් මෙම කර්මාන්ත ශාලාව ගිනිගෙන විනාශ වී තිබූ බව පරීක්ෂණ පවත්වන පොලිසිය සඳහන් කරයි . මෙම තේ කර්මාන්ත ශාලාවේ හිමිකරුගේ පුතා හා සේවකයකු ගින්නෙන් පිලිස්සුම් තුවාල ලබා ඇති අතර එක් අයකු ගම්පොළ ශික්ෂණ රෝහලටත් අනෙක් අය කුරුදුවත්ත ප්‍රාදේශීය රෝහලටත් ඇතුලත් කොට තිබේ . මෙහි අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති වුවද…

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 42 ක් පසුගිය සතියේ සේවයෙන් ඉවත්වීමේ ලිපි භාරදුන් බවත් එහි ගුවන් නියමුවන් 85 ක් මේ වන විට ගුවන් සේවා අධිකාරියෙන් සහතික කිරීමේ ලිපි අයදුම් කර ඇති බවත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවෙක්ට ඩොලර් 10,000 ක පමණ මාසික වැටුපක් හිමිවුවද එහිදී ඩොලරයේ අගය රුපියල් 225 ක අඩු මට්ටමකට ගණන කරන බව කී එම නිලධාරියා වෙනත් ජාත්‍යන්තර ගුවන් සමාගම්වල ගුවන් නියමුවෙක්ට රුපියල් 370 ට ගණනය කරන ඩොලර් 30,000 ත් 40,000 ත් අතර බදු නිදහස් වැටුපක් ලැබෙන බව ද සඳහන් කළේය. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන්…

Read More

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට අද (27) දිනයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවය. එසේම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් මඩකලපුව, අම්පාර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය. මේ අතර ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට…

Read More

sinhala.adaderana.lk Logo ENGLISH தமிழ் ෆේස්බුක් පෝස්ට් දැමූ පුද්ගලයෙක් අත්අඩංගුවට ෆේස්බුක් පෝස්ට් දැමූ පුද්ගලයෙක් අත්අඩංගුවට January 26, 2023 10:33 pm 75 වන නිදහස් උත්සවය සම්බන්ධයෙන් ෆේස්බුක් හරහා තර්ජනාත්මක අදහස් පළකළ පුද්ගලයෙක් ව මහරගම දී අත්අඩංගුවට ගත් බව පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය පවසයි. ඔහු 40 හැවිරිදි පුද්ගලයෙකි. පුද්ගලයකු සිය ෆේස්බුක් හි මහජන කැලඹීමක් ඇති වන ආකාරයෙන් නිදහස් උත්සවයට සමගාමීව විවිධ අදහස් (පොස්ට්) පළකර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරුව අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලීසිය කියයි. සැකකරු ඉහත ආකාරයෙන් මහජන කැලඹීමක් ඇතිවන ආකාරයේ අදහස් (පෝස්ට්) විවිධ ආකාරයෙන් සකස්කර ඔහුගේ මුහුණු පොතට ඇතුළත් කර තිබූ බව පරිගණක අපරාධ කොට්ඨාසය සිදුකළ විමර්ශනවලදී අනාවරණය…

Read More

විදුලිබල මණ්ඩලය නව ගාස්තු අය ක්‍රමය ක්‍රියාත්මක කළ පළමු මාස තුනක කාලයක තුළ රුපියල් බිලියන 108ක පමණ ආදායමක් ලබා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මූල්‍ය අර්බුදයක් හේතුවෙන් සහ පාඩු ලැබීම හේතුවෙන් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට නොහැකි බවට සිදුකරන ප්‍රකාශ පිළිගත නොහැකි බවය. කොළඹ පැවැති සම්මන්ත්‍රණයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කළේය. මේ අතර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව උපදෙස් ලබාදී තිබුණ ද ඊයේ දිනයේ ද සුපුරුදු දෛනික විදුලි කප්පාදුව සිදුකර තිබේ. විභාගය පැවැත්වෙන පෙබරවාරි මස 17…

Read More

එළඹෙන පෙබරවාරි මාසයේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල යළි ඉහළ යා හැකි බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. එම සමාගම වැඩිදුරටත් පවසන්නේ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් මෙලෙස එළඹෙන මාසයේදී ගෑස්‌ මිලේ සංශෝධනයක් සිදුවිය හැකි බවය.

Read More

රාජ්‍ය සේවකයින්ගේ ජනවාරි මස වැටුප් ලැබෙන දිනයන් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව විධායක නොවන සේවකයින්ගේ වැටුප ජනවාරි මස 25 වනදා ගෙවීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම විධායක නිලධාරීන්ගේ වැටුප ජනවාරි මස 25 වනදා හෝ 26 වනදා ගෙවීමට නියමිත බව ද ඒ මහතා පැවසීය.

Read More

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සුළු, මධ්‍ය හා මහා පරිමාණ සියළුම කර්මාන්තකරුවන්ට ලබා දීමට නියමිත හිඟ බිල්පත් කඩිනමින් ගෙවීමට අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. මහා භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදල් අනුව ඒවා කොටස් වශයෙන් ගෙවීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමුව ඇති බව අමාත්‍යවරයා කීය. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන් රැක ගත නොහැකි වුවහොත් ඉදිරි වසර දෙක තුන තුළ විශාල අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන බවද ඇමතිවරයා සඳහන් කළේය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ නිලධාරින් පිරිසක් සමඟ අද (23) දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

Read More

තිස්සමහරාම යෝධ වැව අයිනේ පිහිටි කබානා හෝටලයක නවාතැන් ගෙන සිටි විදෙස් ජාතික යුවළකගේ ඩොලර් 800ක් පැහැරගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් ති‍දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය ජනවාරි මස 19 වනදා එම විදෙස් යුවළ නිදාසිටිය දී කබානාව තුළට රිංගු සැකකරුවන් විසින් එම මුදල් සොරාගෙන ගොස් තිබුණි. ඒ අනුව සිදුකළ පරීක්ෂණ මත අද (23) අලුයම අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. එහිදී සැකකරුවන් විසින් පැහැරගත් ඩොලර් 780ක මුදලක් ද සොයාගෙන තිබේ. යෝධ වැව පැත්තෙන් කම්බි වැටෙන් රිංගා පැමිණි සැකකරු සිපර් එකක් යොදා වසා තිබූ කබානාව තුළට ඇතුළු වී ඇති අතර එම අවස්ථාවේ සංචාරක යුවළ නිදා සිටි බවත් පසුව එහි තිබූ කුඩා බෑගයකින් අදාළ මුදල්…

Read More