Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පාසල් සිසුන්ගේ වැරදි චර්යා වළක්වා ගැනීම සඳහා උපකාරී වන අධ්‍යාපනික වැඩසටහනක් ලෙස සතිමත් බව පිහිටුවීමේ වැඩසටහන් සෑම පාසලකම ක්‍රියාත්මක කිරීමට නියමිතය. අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ, ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවය. ඒ අනුව 2023 ජනවාරි මස 4 වනදා සිට මාර්තු 24 දක්වා සෑම බදාදා දිනකම නියමු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඉන් අනතුරුව එම වැඩසටහන සෑම සතියකම සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 7.30 සිට පෙරවරු 7.40 දක්වා විනාඩි 10ක කාලයක් ක්‍රියාත්මක කිරීමට සුදානම්ය.
ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. උණ රෝගී තත්ත්වයකින් සිට ඇති ඒ මහතා අද (13) අලුයම රාවතාවත්ත ප්‍රදේශයේ සිය නිවසේ දී ජීවිතක්ෂයට පත්ව ඇත. “බයිලා ගීත කලාවේ රජු” ලෙස හැඳින් වූ ඒ මහතා මියයන විට 76 වන වියේ පසුවුණි.
මවගේ අනියම් සැමියාගේ පහරකෑමට ලක් වූ 6 හැවිරිදි කුඩා දරුවකු අද (13) අළුයම ගම්පහ මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගම්පහ පොලිසිය පවසයි. ගම්පහ , පහලගම ප්‍රදේශයේ පදිංචි ඉඳුනිල් චතුරංග නැමැති කුඩා දරුවා මෙසේ ඝාතනය කර තිබේ. පහරදීමක් සම්බන්ධයෙන් ගම්පහ පොලිසියේ රාත්‍රී ජංගම සංචාරක නිලධාරීන්ට ලද තොරතුරක් මත දරුවා පදිංචිව සිටි පහලගම ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් එම දරුවාව ගම්පහ රෝහලට ඇතුළත් කිරීමට පොලිස් නිලධාරින් අද අළුයම 2.30 ට පමණ කටයුතු කර තිබූ බව පොලිසිය කියයි. දරුවා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවත් එම දරුවාගේ මවගේ අනියම් සැමියා වු සැකකරුව ගම්පහ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය…
එල් පී එල් ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවැති තරගයකින් තියුණු ජයක් අත්කර ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්වුණා. ඒ, කලම්බු ස්ටාර්ස් කණ්ඩායම ලකුණු 06 කින් පරාජය කරමින්. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 05 ක් දැවී ලකුණු 178 ක් රැස් කිරීමට සමත්වුණා. ෂොයිබ් මලික් පන්දු 26 කදී නොදැවී ලකුණු 35 යි. සදීර සමරවික්‍රම පන්දු 25 කදී ලකුණු 32 ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 08 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 172 ක් පමණයි. නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 38 කදී නොදැවී ලකුණු 73 ක් රැස්…
ඔස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ඩ් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. බ්‍රිස්බේන් නගරයේ වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට එම ප්‍රහාරය එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය. වෙඩිතැබීම සිදුකළ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති බවත් ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ පවසයි. අපරාධකරුවන් තවමත් නිදැල්ලේ පසුවන බැවින් නැවත දැනුම්දෙන තුරු නිවෙස්වලින් පිටතට නොඑන ලෙස ක්වින්ස්ලන්ඩ් ප්‍රදේශයේ ජනතාවට දැනුම් දී ඇති බව වාර්තා වේ. මියගොස් ඇති අනෙක් සිව්දෙනා ප්‍රදේශවාසීන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
උතුරු සහ නැගෙනහිර පළාත්වලත් අනුරාධපුර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් තැනින්තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
රජය විසින් හඳුවන්වා දුන් නව බදු පනතට විරෝධය පළකරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද (13) දිනයේ දිවයින පුරා විශ්වවිද්‍යාලවල සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. එම සම්මේලනයේ සභාපති මහාචාර්ය ශියාම් බන්නැහැක මහතා සඳහන් කළේ රජය විසින් හඳුන්වා දී ඇති මෙම බදු පනත මගින් බොහෝ වෘත්තිකයින් රට හැර යාමට කටයුතු කරමින් සිටින බවය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “රජය පසුගිය දා සම්මත කරපු බදු සංශෝධන පනතට විරුද්ධව අද දවසේ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විශ්වවිදයාලවල සහභාගීත්වයෙන් එක්දින සංකේත වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඊට සමගාමීව ලංකාවේ විශ්වවිද්‍යාල ආශ්‍රීතව ශිෂ්‍යන්ගේ විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කරලා තිබෙනවා. ඒ වගේම කොළඹ ආසන්නයේ විශ්වවිදයාල…
ඉන්දීය රංගන ශිල්පිනියක් සහ නර්තන ශිල්පිණියක් වන නෝරා ෆතේහි විසින් රංගන ශිල්පිනී ජැකලින් ෆර්ඩිනැන්ඩස්ට එරෙහිව අපහාස නඩුවක් ගොනුකර තිබේ. ඉන්දීය රුපියල් කෝටි 200ක වන්දියක් ඉල්ලා එම අපහාස නඩුව ගොනුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. තමන් සම්බන්ධයෙන් ද්වේශ සහගත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශ කර ඇති බවට නෝරා ෆතේහි විසින් ජැකලින් ෆර්ඩිනැන්ඩස්ට එරෙහිව චෝදනා එල්ල කර තිබේ. සුකේෂ් චන්ද්‍රසේකර්ට සම්බන්ධ ඉන්දීය රුපියල් කෝටි 200කට අධික මුදල් විශුද්ධිකරණ සිද්ධියට අදාළ නඩුවේදී ජැකලින් විසින් එම අපහාස කිරීම සිදුකර ඇති බව නෝරා සිය පෙත්සම මගින් පෙන්වා දී ඇත. සුකේෂ් චන්ද්‍රසේකර්ට අදාළ මුදල් විශුද්ධිකරණ නඩුව සම්බන්ධයෙන් පසුගිය සැප්තැම්බර් මස 15 වන දින නෝරා ෆතේහිගෙන් ද පැය…
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබාගැනීම සඳහා නීතිපති උපදෙස් මත කඩිනමින් නඩු පැවරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබේ. ඊයේ (12) රැස්වූ අමාත්‍ය මණ්ඩලයේදී එම උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ. පසුගිය වසරේ මැයි මාසයේදී කොළඹ වරාය ආසන්නයේදී ගිනිගැනීමට ලක්ව විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මගින් මෙරට සමුද්‍රීය පරිසරයට විශාල හානියක් සිදුවූ අතර එය මෙතෙක් ලොව සිදුවූ විනාශකාරීම නෞකා අනතුර ලෙස සැලකේ. කෙසේවෙතත් අදාළ අනතුරින් සිදුවූ පරිසර හානියට වන්දි ලබාගැනීම සම්බන්ධයෙන් නඩු පැවරීමක් මෙතෙක් සිදුකර නොමැති බව සඳහන්ය. ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී ඒ පිළිබඳව වැඩි අවදානයක් යොමුව ඇති අතර කඩිනමින් අදළ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති…
ශ්‍රී ලංකාවේ සංචාරය කරන බ්‍රිතාන්‍ය වැසියන් සඳහා එරට රජය විසින් නව උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. වර්තමානයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් බ්‍රිතාන්‍ය රජය විසින් එම උපදෙස් මාලාව නිකුත් කර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ ඖෂධ, ආහාර, ඉන්ධන ඇතුළු මූලික අවශ්‍යතාවල හිඟයක් පවතින අතර දිනපතා විදුලි විසන්ධි වීමක් ද සිදුවන බව බ්‍රිතාන්‍ය රජය දැනුම් දී තිබේ. එබැවින් ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේනම් සුදුසු සංචාරක රක්ෂණයක් ලබාගෙන ඉන් ප්‍රමාණවත් ආරක්ෂාවක් ලැබෙන්නේදැයි පරීක්ෂා කිරීම වැදගත් බව බ්‍රිතාන්‍ය රජය පෙන්වා දෙයි. ආර්ථික අර්බුදයට එරෙහිව පවත්වන විරෝධතා විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන බැවින් එවැනි ස්ථානවලට…
