Author: LANKA24X7

බොරැල්ල ප්‍රදේශයේ වෙඩි වැදීමකින් කාන්තාවක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොලීසිය විසින් අත්අඩංගුවට ගත් යුද හමුදා සාමාජිකයින් දෙදෙනා එළඹෙන 21 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

Read More

රටේ ජනතාව සතු ඡන්දය පිළිබඳ වූ අයිතිය උදුරා ගැනීමට දරන ඕනෑම ප්‍රයත්නයකට කොන්දේසි විරහිතව විරෝධය පළ කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී සියලු බලවේග සමග සමගි ජනබලවේගය කටයුතු කරණ බව එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලට යොමු නොවී මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ජනාධිපතිවරයා සමග ආණ්ඩුව ක්‍රියා කළයුතුයැයිද මහලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. “පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම මුදල් ලබාදීමට නොහැකි නම් අත්හිටුවන බවට දැනුම් දී ඇතැයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කළ බව මාධ්‍ය විසින් වාර්තා කොට තිබේ. මැතිවරණය පැවැත්වීමට මුදල් ලබා නොදෙන්නේ නම් එය පැහැදිලිම ජනතාවගේ පරමාධිපත්‍ය උදුරා ගැනීමකි. එමෙන්ම ආණ්ඩුක්‍රම…

Read More

2022/2023 මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් හා සමූපකාර සමිති හරහා දිස්ත්‍රික් ලේකම්වරු විසින් නාඩු වී පමණක් මිලදී ගැනීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි . ඒ අනුව උපරිම තෙතමනය 14%ක් සහ උපරිම බොල් ප්‍රමාණය 9%ක් වන නිසි ප්‍රමිතියෙන් යුතු නාඩු වී කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 100කට ද, තෙතමනය 14% ඉක්මවන හා 22% හෝ ඊට වඩා අඩු නාඩු වී කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 88කට ද මිලදී ගනු ඇතැයි ජනාධිපති කාර්යාලය කියයි. වී මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී තොග බාර ගැනීම, ගබඩා කිරීම සහ ඊට අදාළ ලේඛන පවත්වා ගැනීම හා ගිණුම් ගත කිරීම පිළිබඳ වගකීම දිස්ත්‍රික්…

Read More

හෙට (15) දිනයේ දී තැපැල් ඡන්ද පත්‍රිකාවල බෙදාහැරීම් සිදුකිරීමට නොහැකි බව මැතිවරණ කොමිසම පැවසු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි. අද (14) මැතිවරණ කොමිසන් සභාව සමඟ පැවති සාකච්ඡාවේ දී මේ බව දැනුම් දුන් බව ඒ මහතා ප්‍රකාශ කළේය. ප්‍රශ්නය – ඡන්දය සම්බන්ධයෙන් නිශ්චිතයක් නැද්ද? “තැපැල් ඡන්ද පත්‍රියා බෙදාහරින බව අපට කලින් දැනුම් දී තිබුණා. නමුත් මේ සාකච්ඡාවේදී අද කිව්වා මේ තැපැල් ඡන්ද පත්‍රිකා හෙට දිනයේ බෙදාහැරීම් සිදුකරන්න බෑ කියලා.” ප්‍රශ්නය – ඒ කියන්නේ වෙන දිනයක් දුන්නෙත් නැද්ද? “ඒක මැතිවරණ කොමිෂන් සභාව කතා කරලා තීරණය කරයි. පැහැදිලිව විස්තර කරලා කිව්වා රජයේ මුද්‍රණාලයෙන් කිව්වා කියලා…

Read More

පළාත් සභා හා පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමේ අදහසක් රජයට නැතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (14) පැවසීය. නමුත් රටේ පවතින මුදල් තත්වය පිළිබඳ භාණ්ඩාගාර ලේකම්වරයා අධිකරණයටත් කරුණු ඉදිරිපත් කර ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය. ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි. මීට පෙර පැවති රජයන් මුදල් වියදම් කර තිබෙන්නේ විදෙස් ණය ගැනීමෙන් හා මුදල් අච්චුගැසීමෙන් වුවත්, පවතින තත්වය අනුව වත්මන් රජයට එසේ කිරීමේ හැකියාවක් නැතැයි ද ඇමතිවරයා පැවසීය.

Read More

තරුණ රූමත් කාන්තාවකගේ මළ සිරුරක් පාර්ලිමේන්තුව අසළ දියවන්නා ඔයේ ( පොල්දූව තොටුපොළේ ) තිබී අද (13) උදේ සොයා ගන්නා ලදැයි වැලිකඩ පොලීසිය පවසයි. මෙම කාන්තාව කවුදැයි මෙතෙක් හදුනාගෙන නැතැයිද මළ සිරුර හඳුනා ගැනීමට කටයුතු කරගෙන යන්නේ යැයිද වැලිකඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක අනුරාධ මහතා පැවසීය.

Read More

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සේපාල් අමරසිංහ යළිත් වරක් රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව පෙබරවාරි මස 21 වනදා දක්වා යළිත් වරක් රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත.

Read More

වරක් භාවිතා කර ඉවතලන ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 7 ක් ආනයනය, විකිණීම සහ භාවිතය ජූනි මස 1 වැනිදා සිට තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ඒ අනුව වරක් භාවිතා කර ඉවතලන ප්ලාස්ටික් බීම බට, කැලතීමේ උපකරණ, යෝගට් හැඳි, ප්ලාස්ටික් මල්මාලා, ඉඳිආප්ප වට්ටි ආදී නිෂ්පාදන මෙරට තුළ තහනම් කිරීමට නියමිතය.

Read More

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට 21 ක් වතාවක් උත්සාහ කළ ආණ්ඩුව, දැන් මැතිවරණයට මුදල් නොදී සිටීමට ද උත්සාහ කරමින් සිටින බව, 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. මැතිවරණ කොමිසමට දෙන වියදම් නතර කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව කී මන්ත්‍රීවරයා, අමාත්‍යංශ ලේකම්වරු තමන්ට ව්‍යවස්ථාවෙන් පැනවී ඇති නියෝග පිළිපැදීමට අනිවාර්යෙන් බැඳී සිටින බව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මතක තබා ගත යුතු බව ද ප්‍රකාශ කළේය. නීතිගරුක නිලධාරියෙක් ලෙස ඔහු එම කාර්යය ඉටුකරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද හෙතෙම කීවේය. පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ පානදුර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි. මෑත කාලයේ ආණ්ඩුව පැවැත්වූ උත්සව…

Read More

කුලියාපිටිය මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු අමිල සම්පත් ආරියසේන මහතාගේ මෝටර් රථය කොල්ලකෑ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ සැකකරු වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවය.

Read More