Author: LANKA24X7

ගම්පොළ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවකින් මුදල් සමග ATM යන්ත්‍රයක් ගලවාගෙන ගිය සැකකරුවන් 07 දෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී සැකකරුවන් සතුව තිබී ATM යන්ත්‍රය සහ පිස්තෝලයක් ද පොලීසිය විසින් සොයාගෙන ඇත. එම පිස්තෝලය පසුගිය වසරේ අරගල සමයේදී ගිනි තබන ලද පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි මහතාගේ නිවසේ තිබී සොරකම් කරන ලද්දක් බවද පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Read More

තරුණයින් පිරිසක් හෙල්මට්වලින් සිදුකළ පහරදීමකින් එක්දරු පියෙකු ඝාතනයට ලක්වී තිබේ. වැලිපැන්න පොලීසිය සඳහන් කළේ වැලිපැන්න ප්‍රදේශයේ මාර්ගයක ගමන් කිරීමේදී ඇතිවූ කතාබහක් දුරදිග යෑමෙන් ඊයේ (14) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව තිබූ බවය. ඝාතනය සම්බන්ධයෙන් 16 හැවිරිදි තරුණයෙකුව අත්අඩංගුවට ගත් බවද පොලීසිය පැවසීය. සිද්ධියෙන් ඝාතනය වී ඇත්තේ වැලිපැන්න ගල්මත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි රංග විරාජ් නමැති 34 හැවිරිදි එක්දරු පියෙකි. සෙසු සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔවුන් සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බවය. මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සුළං ඊසාන දෙසින් හමාඑන අතර සුළඟේ වේගය පැ.කි.මී. (20-30) පමණවේ. මන්නාරම සිට පුත්තලම හරහා හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (40-45) දක්වා වැඩි විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. හම්බන්තොටසිටපොතුවිල් දක්වා වෙරළටඔබ්බෙන්වන මුහුදු…

Read More

සී. වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා බෞද්ධ ඉතිහාසය පිළිබඳව අනවබෝධයෙන් අදහස් ප්‍රකාශ කර ඇති බව මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමි පවසයි. උන්වහන්සේ පෙන්වා දෙන්නේ‍ බුදුන් වහන්සේ පවා රජවරුන්ට අනුශාසනා කළ බවය. “ආගම දහමට අකුල් හෙළන අය පිළිබඳව නඩුකාරයෙක්, මන්ත්‍රීවරයෙක් ඒ වගේම පක්ෂයක ප්‍රධානියෙක් විග්නේෂ්වරන්. එයා කියනවා හාමුදුරුවෝ මොකටද අපිට උපදෙස් දෙන්න කෑ ගහන්නේ. අපේ ආගමේ එහෙම වෙන්නේ නෑ කියලා. එයා දන්නේ නැතුව ඇති මේ රට රැකලා මොන තරම් භික්ෂූන් වහන්සේලා දිවි දුන්නා ද ? එදා ඉඳලා ලොව්තුරා බුදුහාමුදුරුවෝ පවා රජගොල්ලන්ට අවවාද කරා. අනුශාසනා කරා. ඒක අපේ යුතුකමක්. අපි නිකම්ම දානේ ටික වළදලා නිකම් ඉන්න එක යුතුකමක් නෙමෙයි. මේ රට රැක…

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 35.9 කණුව අසලදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිත්කෂයට පත්ව තිබේ. ඊයේ (14) රාත්‍රී කාලයේදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. පින්නදූව දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වූ ලොරි රථයක කාර්මික දෝෂයක් නිසා අධික දුමාරයක් පිටවීම හේතුවෙන් ලොරි රථය මාර්ගය අයිනේ නවතා එහි රියදුරු විසින් රථය පරීක්ෂා කරමින් සිට ඇත. එහිදී කොට්ටාව දෙසටම ධාවනය වූ මෝටර් රථයක් නවතා තිබූ ලොරි රථයේ පිටුපස ගැටී එම අනතුර සිදුව තිබුණි. අනතුරින් තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු, ඔහුගේ පියා, බාප්පා සහ නැන්දා තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී පියා සහ බාප්පා මියගොස් ඇත. එසේ මියගොස් ඇත්තේ, අවුරුදු 75ක් හා…

Read More

අනුරාධපුර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ කහටගස්දිගිලිය නගර ආසන්නයේ ,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් පස්දෙනකු බරපතළ තුවාල ලබා රෝහල් රෝහල් ගතකර තිබේ. එම අනතුරින් මියගොස් ඇත්තේ කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි දෙදරු පියෙක් බව වාර්තා වේ. අනුරාධපුර ත්‍රිකුණාමලය මාර්ගයේ කහටගස්දිගිලිය නගර ආසන්නයේ පිහිටි තුරු සෙවණ නැමැති ස්ථානයේදී මෝටර් රථය රාත්‍රී කාලයේ කාර්මික දෝෂයට ලක්ව තිබෙන අතර පසුව කාර්මික දෝෂය ඇති වූ රථයේ රියදුරුගේ දැනුම්දීමකට අනුව මෝටර් රථ කාර්මිකයකු වන ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා සිය පුතා සමග මෝටර් රථය සෑදීමට එම ස්ථානයට පැමිණ ඇති බව කහටගස්දිගිලිය පොලීසිය සඳහන් කරයි. එම අවස්ථාවේ මෝටර් රථයේ හිමිකරු, ඔහුගේ බිරිඳ හා තවත්…

Read More

අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ඉන්දීය ණය සහනය යටතේ ලැබී ඇති ඉතිරි මුදල භාවිත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ ඉන්දීය මුදල් සහ ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අතර පැවති හමුවකදී මේ පිළිබඳ අවධානය යොමුව ඇති බව සඳහන්ය. ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදල යටතේ ඉතිරිව ඇති මුදල ඖෂධ ආනයනයට යොදා ගැනීමට අපේක්ෂා කරන බව වාර්තා වේ. නවදිල්ලියේ පිහිටි එරට මුදල් අමාත්‍යාංශයේදී මිලින්ද මොරගොඩ මහතා සහ නිර්මලා සීතාරමන් මහත්මිය අතර හමුව සිදුවූ බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම…

Read More

මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ විදුලිබල මණ්ඩලය අතර ඊයේ (13) විදුලි බිල සම්බන්ධයෙන් පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන්වූ බව ජාතික සභාවට දැනුම්දී තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරියේ, ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් අද (14) ඒ බව ජාතික සභාවට දැනුම් දී ඇත. එහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසා ඇත්තේ විදුලි ගාස්තු වැඩිකිරීම පිළිබඳ අවසන් තීරණය හෙටට (15) පෙර දැනුම්දෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ජාතික සභාවට පවසා ඇති බැවින් හෙට දිනයේ අවසන් තීරණයක් අපේක්ෂා කරන බවය. විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මෙම පාර්ශ්ව දෙකට මුණගැසී සාකච්ඡා කොට අවසන් තීරණයක් ගන්නා ලෙස ජාතික සභාව ඊයේ…

Read More

බොරැල්ල ප්‍රදේශයේ වෙඩි වැදීමකින් කාන්තාවක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොලීසිය විසින් අත්අඩංගුවට ගත් යුද හමුදා සාමාජිකයින් දෙදෙනා එළඹෙන 21 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

Read More