Author: LANKA24X7

2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මුදල් නිදහස් කරගැනීම සඳහා හෙට (16) දිනයේදී මුදල් අමාත්‍යංශ ලේකම් හා නිලධාරීන් කැඳවා සාකච්ඡා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා පවසයි. සැලසුම් කළ පරිදි තැපැල් ඡන්දය සලකුණු කිරීම නියමිත දිනයේදී සිදු කිරීමට උත්සාහ කරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ඇතුළු පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් මැතිවරණ කොමිෂන් සභාව විසින් රජයේ මුද්‍රණාලය වෙත ලබාදෙනතෙක් ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකරන බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබුණි. 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම අද…

Read More

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින්ට අයත් මාරවිල, වෙන්නප්පුව සහ මීගමුව ප්‍රදේශවල ඉදිකර ඇති දැවැන්ත නිවාස, සංචාරක ව්‍යාපාරයන් සඳහා සම්බන්ධ කරගනිමින් ඔවුන්ට සහ රටට ප්‍රතිලාභ හිමිකරගැනීමේ වැඩපිළිවෙලක් සකස් කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ආරම්භ කළ හැකි බවට වන දැනුම්දීම එළඹෙන මාර්තු මස වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිවේදනය කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එම ක්‍රියාවලිය ඉදිරියට යාම සඳහා රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් සහ සමාජය තුළ නව ආකල්ප ද අවශ්‍ය වන බව කොළඹ අද (15) පැවති වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේය. SLTC හෙවත් ශ්‍රී ලංකා පර්යේෂණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨය තුළ ස්ථාපිත කෙරෙන ආණ්ඩුක්‍රම අධ්‍යයන ආයතනය මතු පරපුරට පැවරීම සහ 2048 දක්වා ලංකාවේ ගමන් මග සාර්ථක කර ගැනීමට සංවිධාන කරන peace and prosperity 2048 සම්මන්ත්‍රණ මාලාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ දී ආරම්භ වුණි.…

Read More

ආණ්ඩුව මැතිවරණ නොපවත්වන්නේ මුදල් නොමැති නිසා නොව ඡන්ද නොමැති නිසා යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම මන්දා මාමාගේ අඩි පාරේ යමින් මැතිවරණ සිතියම අකුලන්නට තීරණය කර ඇති බවත්, ආණ්ඩුව මැතිවරණ නොදෙන නිසා එය ලබාගැනීමට කටයුතු කළ යුතු බවත් ගම්මන්පිල මහතා සඳහන් කළේය. ඔහු මේ බව පැවසුවේ කොළඹ දී ඊයේ (14) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. මෙහි නීතිමය ගැටලුවක් ද ඇතැයි කී මන්ත්‍රීවරයා අයවැයෙන් මැතිවරණයට වෙන්කළ මුදල ලබාදීමට ආණ්ඩුවට නොහැකිවීම අයවැය පැරදුණා හා සමාන බව ද කීවේය. අයවැය පරාජයට පත් වුවහොත් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බැවින් අයවැය ක්‍රියාත්මක කරන්නට නොහැකි බව ප්‍රායෝගිකව…

Read More

අද (15) අලුයම දෙමටගොඩ සමගි ජන බලවේගයේ කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වී තිබේ. කිහිපදෙනෙක් කඩා පැන කාර්යාලයේ තිබු ප්‍රචාරක පුවරුවලට දැඩි ලෙස හානි කර ඇතැයි මුජිබර් රහුමාන් මහතා පවසයි. සමගි ජන බලවේගයට තරග කරන අපේක්ෂකයින් බියවද්දා කාර්යාල විනාශ කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කණ්ඩායම් යොදවමින් අලුත් සංස්කෘතියක් නිර්මාණය කර ඇතැයි ද මුජිබර් රහුමාන් මහතා චෝදනා කර සිටියේය. මේ අතර ජනාධිපතිවරයාගේ නිවස ගිනිතැබීමේ සිදුවීම සම්බන්ධයෙන් සජබ අපේක්ෂකයෙකු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇතැයි ද ඔහු පැවසීය. “අදෘශ්‍යමාන බලවේග ඇවිල්ලා අද සමගි ජන බලවේගයේ ජයග්‍රහණය වළක්වන්න ජනාධිපතිතුමාගේ ආශිර්වාදය උඩ ක්‍රියාත්මක වෙනවා කියලා අපිට මනාව පැහැදිලි වෙනවා. ඒ නිසා අපි මතක තියා ගන්න ඕනේ විශේෂයෙන්ම…

Read More

මැතිවරණය කල් දැමීමට හෝ නොපැවැත්වීමට ආණ්ඩුව ගනු ලබන බියගුළු ක්‍රියාවන්ට එරෙහිව විපක්ෂයේ සියලු බලවේග සහ සෙසු සියලු ප්‍රගතිශීලී බලවේග එක කඳවුරකට ගොනුවිය යුතු අවස්ථාව උදාවී ඇතැයිවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. උන්මත්තක ආණ්ඩුවට ජනතා පරමාධිපත්‍ය සමග සෙල්ලම් කිරීමට ඉඩ නොදීමේ තීරණාත්මක අවස්ථාව උදාවී ඇති බවත් විපක්ෂනායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. “ජනතා පරමාධිපත්‍යය මංකොල්ලකෑමට ආණ්ඩුව විසින් ගනු ලබන නවතම නාඩගම කරලියට පැමිණ ඇත්තේ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට මුදල් වෙන් නොකිරීමට තීන්දු කිරීමෙනි. ජනමතයක් නොමැති ආණ්ඩුව මැතිවරණය පැවැත්වීමට බියවී ඇති අතර, ඒ හේතුවෙන් මැතිවරණය කල් දමා ගැනීමට සිදු කරන කුමන්ත්‍රණ තවම අවසන්ව නැත. 22වන වතාවටත් ආණ්ඩුව මැතිවරණය කල් දැමීම උදෙසා…

Read More

අමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ රාජතාන්ත්‍රික නිලධාරීයෙකු ඇතුළු 20 දෙනෙකුගෙන් යුත් පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා. ඒ, අමෙරිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානා දෙකකින්. ඔවුන්ගේ පැමිණීම වෙනුවෙන් දින 03 ක පමණ කාළයක සිට කටුනායක ගුවන් තොටුපළ තුළ සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂාව තර කර තිබූ බව වාර්තාවේ. දිවයිනට පැමිණි එම පිරිස කටුනායක ගුවන් තොටුපළේ සිට පොලිස් පෙර ගමන් රථ දෙකක් ඇතුළු වාහන 12 කින් ඊයේ රාත්‍රියේ කොළඹ බලා රැගෙන ගොස් තිබෙනවා. එම කාලසීමාව තුළ වෙනත් කිසිදු වාහනයකට කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයට ඇතුලුවීමට අවස්ථාව නොදුන් බවයි වාර්තාවන්නේ.

Read More

විදුලි ගාස්තු සියයට 36 කින් ඉහළ දැමීමට තමන් ඉදිරිපත් කළ යෝජනාව සිය කොමිසමේ සෙසු සාමාජිකයන් තිදෙනා ප්‍රතික්ෂේප කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා. එම සාමාජිකයන් තිදෙනා විදුලිබල මණ්ඩලය යෝජනා කළ සියයට 66 ක විදුලි ගාස්තු ඉහළ දැමීමට අනුමැතිය දුන් බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා පැවසුවේ. විදුලිබල මණ්ඩලය වාර්ෂිකව රුපියල් බිලියන 287 ක අමතර බරක් විදුලි පාරිභෝගිකයා මත පැටවීමට කර තිබූ යෝජනාව සමාලෝචන කර එය රුපියල් බිලියන 142 ක සාධාරණ මට්ටමකට පහත දමා එම කොමිසමේ සභාපතිවරයා යෝජනාව ඉදිරිපත් කර තිබුණා. එහෙත් සෙසු සාමාජිකයින් තිදෙනා වන නීතිඥ චතුරිකා විජේසිංහ, ඩග්ලස් නානායක්කාර සහ එස්. ජී. සේනාරත්න එම නීත්‍යානුකූල ගාස්තු යෝජනාවට…

Read More

මත්පෙති 145ක් ළඟ තබාගෙන සිටි බදුල්ල රෝහලේ වෛද්‍යවරයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (14) රාත්‍රීයේ අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. එම වෛද්‍යවරයා බදුල්ල මයිලගස්තැන්න පිහිටි සිය පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේදී කාලයක සිට පාසැල් දරුවන්ට හා තරුණ, තරුණියන්ට මත්පෙති අලෙවි කරන බවට ලැබුණු තොරතුරුක් මත වැටලීම සිදුකර තිබුණි. සැකකරුගේ මෝටර් රථය හා මත්පෙති බදුල්ල පොලීසිය භාරයට ගෙන තිබේ. සැකකාර වෛද්‍යවරයා අද (15) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මැතිවරණය කල්දැමීමට කටයුතු කරන නිලධාරීන්ට එරෙහිව තම ආණ්ඩුවක් යටතේ නඩු පවරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. මොනරාගල පැවති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මැතිවරණය කල්දැමීමට කටයුතු කරන රජයේ මුද්‍රණාලයාධිපතිනිය සහ මහ භාණ්ඩාගාරයේ ලේකම්වරයාට තම ආණ්ඩුවක් යටතේ නඩු පවරන බවය. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, “සියලු සමීක්ෂණ වාර්තාවල තියෙන්නේ මාලිමාව උඩින්. මුද්‍රණාලයේ ප්‍රධානියාට අපි කියන්නේ.. තමන්ගේ වගකීම් පැහැර හැරීම පිළිබඳව.. හිතා මතා ඡන්ද වැළැක්වීම සඳහා බාධා කළොත් නඩු අහලා අවුරුදු 03ක් හිරේ. හොඳට මතක තියාගන්න කවුරු ඔය නඩු…

Read More