Author: LANKA24X7

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ වන තරමක් තද සුළං ඇති විය හැකි බවය. මධ්‍යම, සබරගමුව, ඌව,බස්නාහිර සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකිය.

Read More

ඊයේ (15) රාත්‍රී කාලයේ සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් අතර නොසන්සුන්තාවයක් හටගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, කළමනාකරණ පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන නේවාසිකාගාරයේ සිටින සිසුන් පිරිසක් හා එම විශ්වවිද්‍යාලයේ ම ඉගෙනුම ලබන වෙනත් සිසුන් පිරිසක් අතර ආරවුල ඇති වූ බවය. එහිදී සිදුවු පහරදීමකින් සිසුන් 9දෙනෙක් තුවාල ලබා බලංගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් නේවාසිකව ප්‍රතිකාර ලබයි. පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සඳහා සමනලවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

මුදල් අමාත්‍යංශ නිලධාරීන් සමග සාකච්ඡාවක් මෙම සතිය තුළ පැවැත්වීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම පවසයි. එහි සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා පැවසුවේ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ කටයුතු වෙනුවෙන් අවශ්‍ය මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් එම සාකච්ඡාව පවත්වන බවය. පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් නොලැබීම හේතුවෙන් මේ වන විට ඊට අදාළ කටයුතු සිදුකිරීම දුෂ්කර වී තිබේ. ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම ඊයේ (15) සිදුකිරීමට නියමිතව තිබුණ ද ඒවා මුද්‍රණයට අවශ්‍ය මුදල් නොලැබීම හේතුවෙන් එම කටයුතු සිදුකෙරුණේ නැහැ. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය මේ මස 22,23 සහ 24 යන දිනවල දී පැවැත්වෙන…

Read More

අලවතුගොඩ පොලිස් වසමේ ඒ – 9 මාර්ගයේ වැලිකන්ද හන්දියේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් මාධ්‍ය කාර්යාලය නිවේදනය කළේ, පල්ලේකැලේ සිට යාපනය දක්වා ධාවනය වූ යුද හමුදාවට අයත් ප්‍රයිමෝර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදි දෙකක ගැටීමෙන් අනතුර සිදුව තිබුණි. අනතුරින් බරපතළ තුවාල ලැබු එක් යතුරුපැදිකරුවෙක් මාතලේ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත. එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 58ක් වූ උකුවෙල පදිංචිකරුවෙකි. අනතුර සම්බන්ධයෙන් යුද හමුදා රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ දැනුම්දීම පරිදි හදිසි සේවා අවශ්‍යතාවය මත ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතිය ට යටත්ව එම ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා විසින් නියෝග කළ බවය.

Read More

සෙසු රෝහල්වල මෙන්ම මහරගම අපේක්ෂා රෝහල තුළ ද මේ වනවිට ඖෂධ හිඟයක් මතුව ඇතැයි වෛද්‍යවරු පවසති. අදට (15) යෙදී ඇති “ලෝක ළමා පිළිකා දිනය” නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ළමා පිළිකා විශේෂඥ වෛද්‍ය, සංජීව ගුණසේකර මහතා සඳහන් කර සිටියේ, ජනතාවගේ පරිත්‍යාග හේතුවෙන් එම ඖෂධ හිඟය යම් ප්‍රමාණයකට මඟහැරි ගොස් ඇති බවය. වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍යවරයා, “මහරගම පිළිකා රෝහලේ අනෙක් රෝහල්වල වගේම යම් බෙහෙත්වල අඩුපාඩුවක් තියෙනවා. හැබැයි අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ, ළමා පිළිකා වාට්ටු සමග පරිත්‍යාගශීලීන් රාශියක් වැඩකරනවා. අපිට ඔවුන්ගේ උපකාර නිසා බොහෝදුරට මෙම අවශ්‍යතාවයන් පියවා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. අපිට තිබෙන අඩුපාඩු යම් පුද්ගලයෙක් හෝ ආයතනයක්…

Read More

නිෂ්පාදන අංශයට අදාළව 2022 වර්ෂයේ පැවැත්වූ හය වන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ. මෙම විභාගයේ ප්‍රථිඵල www.slbfe.lk වෙබ් අඩවියේ පළකර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. නිෂ්පාදන අංශයට අදාළව 2022 වර්ෂයේ පැවැත්වූ හය වන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ දෙවන අදියරෙන් අපේක්ෂකයින් 3‍,950දෙනෙකු සමත් වී තිබේ. විභාගය සමත් වූ අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණ හා වෛද්‍ය පරීක්ෂණ සඳහා පැමිණිය යුතු දිනයන් ඉදිරියේදී දැනුම් දෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසීය. නිෂ්පාදන අංශයට අදාළව 2022 වර්ෂයේ පැවැත්වූ හය වන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ දෙවන අදියරය පසුගිය වසරේ ජුලි 04 වනදා සිට මෙම මස 03 වනදා දක්වා මාර්ගගත ක්‍රමයට පැවැත්විය. මෙම…

Read More

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ මහජන දිනය පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. දිවයිනේ විවිධ පළාත් වල ජනතාව විශාල පිරිසක් මීට සහභාගී වූහ. මෙහිදී රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව මෙන්ම මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව රුවන් විජයවර්ධන මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්මන් වැඩ පිළිවෙල සහ රටේ වත්මන් තත්වය පිළිබඳව ජනතාව ප්‍රසාදයෙන් අදහස් දැක්වූ බවත් අනාගත වැඩපිළිවෙළ සඳහා මහා සංඝරත්නයේ අදහස් යෝජනා මෙහිදී ලබාගත් බවත් විජයවර්ධන මහතා කීය.

Read More

ඇපමුදල් ලෙස තැන්පත්කොට ඇති රුපියල් මිලියන 186ක මුදල මැතිවරණ කටයුතු සදහා මහා භාණ්ඩාගාරය හරහා මැතිවරණ කොමිසමට ලබාදිමට මැතිවරණයට ඉදිරිපත්ව සිටින දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම්වලට ඉඩකඩක් පවතින බැව් ෆැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා ගාල්ලේ දි පැවති මාධ්‍ය හමුවකදි සදහන් කළේය. රජය මැතිවරණය කල්දැමිම සදහා ගන්නා උත්සාහය පරාජය කිරිම සදහා දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම් විසින් ඇප වශයෙන් තැන්පත්කොට ඇති මුදල නිත්‍යානුකුල අයුරින් මැතිවරණ කොමිසමට ලබාදිය හැකි බවද හෙතෙම පවසයි. මේ පිළිබද අදහස් දක්වමින් රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙසේද කිවේය. මැතිවරණය සදහා තරග වදින සියලු දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම් මේ සදහා එකගනම් දිවුරුම් ප්‍රකාශයක් මගින් නිත්‍යානුකුල ආකාරයට ඇපමුදල් තමන්…

Read More

නවසීලන්තයේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එහි අගය රික්ටර් මාපකයේ 6.1ක අගයක් ගන්නා බව එම වාර්තා වැඩිදුරටත් පවසයි. භූ කම්පනයෙන් වෙලිංටන් නගරයේ සුළු සෙලවීමක් තත්පර කිහිපයක කාලයක් සිදුව ඇති බවද එම වාර්තා වැඩිදුරටත් පවසයි.

Read More