Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අද (16) සිට විදුලි කප්පාදුව නවත්වන බවත් ඒ අනුව අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට නියමිත බවත් විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමත කරන ලද විදුලිබල මණ්ඩලයේ ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමග අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නා ලෙස ජනාධිති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට සහ අදාළ නිලධාරීන්ට ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය. ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමග විදුලි පාරිභෝගිකයින්ට අඛණ්ඩ විදුලිය සැපයීම මෙන්ම අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීමටද පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා දැනුම්දී තිබේ. එමෙන්ම ආගමික ස්ථාන හා රජයේ අධ්‍යපන ආයතන සදහා සූර්ය පැනල ලබා දීමට පියවර ගන්නා ලෙස ජනාධිති රනිල් වික්‍රමසිංහ මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
සංස්ථාවක හෝ විශ්වවිද්‍යාලයක සේවකයින් වැඩ වර්ජන කළ පමණින් ආණ්ඩුව තීරණ නොගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ආණ්ඩුව තීරණ ගන්නේ පවතින නීති රීති වලට අනුව බව ද ජනාධිපතිවරයා කීය. රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසන බවත්, රාජ්‍ය සංස්ථාවක සාමාන්‍යාධිකාරීවරයකු ඉවත් කළ යුතු බව වෘත්තිය සමිති පවසන බවත් පැවසූ ජනාධිපතිවරයා කියා සිටියේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය වෘත්තීය සමිති මට්ටම දක්වා පහත වැටීම කණගාටුදායක බවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (15) කොළඹ ට්‍රේස් සිටි හි පැවති ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාල පර්යේෂණ ආයතනයේ “රාජ්‍ය ප්‍රතිපත්ති හා ආණ්ඩුක්‍රම පිළිබඳ මධ්‍යස්ථානය” ස්ථාපිත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
හලාවත පොලිස් වසමේ කොක්කාවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු නිවස තුළ බිම වැටී මියගොස් ඇතැයි හලාවත පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි. ඒ අනුව විමර්ශන ආරම්භ කළ පොලීසිය මියගොස් ඇත්තේ 49 හැවිරිදි පුද්ගලයෙක් බවට අනාවරණය කරගෙන ඇත. මියගිය පුද්ගලයා මානසික ආබාධයකින් පෙළෙමින් සිටි අයෙකු වන අතර ඔහුගේ පුතා විසින් එම පැමිණිල්ල සිදුකර ඇති බවත් පොලීසිය පැවසීය. මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හලාවත රෝහලේ සිදුකර ඇති අතර එහිදී මරණකරුගේ ගෙල ප්‍රදේශයේ වූ කැපුම් තුවාලයක් තිබීම සම්බන්ධයෙන් සැක සහිත බවට අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් ප්‍රකාශ කර ඇත. ඒ අනුව මරණය සාහසික ක්‍රියාවක් ද නැතිනම් වෙනත් හේතුවක් මත මරණය සිදුව ඇත්දැයි සොයා පරීක්ෂණ ක්‍රියාත්මකය.
රන්මාල කොල්ලකෑම් සම්බන්ධයෙන් වරෙන්තු 11ක් නිකුත් කර තිබූ සැකකරුවන් දෙදෙනෙක් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (15) කළුතර පොලිස් වසමේ සුමංගල මාවත දුම්රිය හරස් මාර්ගයේ අසලදී කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් වැටලීමක් සිදුකර ඇත. එහිදී යතුරුපැදියක් යොදා ගනිමින් රුපියල් ලක්ෂ 10ක් වටිනා රන්මාල 5ක් කොල්ලකන ලද වරෙන්තු 11ක් නිකුත් වී ඇති සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන පයාගල පොලීසිය වෙත ඉදිරිපත් කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26ක් හා 32ක් වන උණවටුන හා කළුතර උතුර ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. සැකකරුවන් විසින් පයාගල, මොරොන්තුඩුව, අගලවත්ත, බදුරලිය හා මිද්දෙණිය පොලිස් වසම්වල සිදුකරන ලද රන්මාල කොල්ලකෑම්වලට අදාළ ග්‍රෑම් 31 මිලිග්‍රෑම්…
පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අතර තරගය අද (16) පැවැත්වෙයි. තරගය දකුණු අප්‍රිකාවේ දී අද පස්වරු 6.30ට පමණ ආරම්භ වීමට නියමිතය. පළමු කාණ්ඩය යටතේ ඔස්ට්‍රේලියාව පළමු ස්ථානයේත් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයේත් මේ වන විට පසුවෙයි.
ඉන්දියාවේ එයාර් ඉන්දියා ගුවන් සමාගම ප්‍රංශයේ එයාර් බස් සහ අමෙරිකාවේ බෝයිං සමාගම් සමග ඩොලර් බිලියන ගණනක ගිවිසුමකට එළඹ තිබේ. ඒ, මඟී ගුවන්යානා 470 ක් මිලදී ගැනීම වෙනුවෙනි. ඉන්දියාවේ ටාටා සමාගමට අයත් එයාර් ඉන්දියා ගුවන් සමාගම එලෙස ප්‍රංශයේ එයාර් බස් සහ අමෙරිකාවේ බෝයිං සමාගම් සමග ගිවිසුම අත්සන් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දියාව ප්‍රංශයේ එයාර් බස් සමාගමෙන් ගුවන්යානා 250 ක් සහ අමෙරිකාවේ බෝයිං සමාගමෙන් ගුවන්යානා 220 ක් මිලදී ගැනීමට නියමිත බවය. මෙම ගනුදෙනුවේ වටිනාකම ඩොලර් බිලියන 70 ත් 80 ත් අතර වෙයි. එය ගුවන් සමාගමක් එකවර මිලදී ගැනීම සඳහා ගිවිසුම්ගතවන වැඩිම ගුවන්යානා සංඛ්‍යාව ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…
ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි 66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය අද පස්වරුවේ හිමිවු බව විදුලිබල මණ්ඩලය පවසයි . ඒ අනුව අදාළ ගාස්තු සංශෝධනය ඊයේ සිට ක්‍රියාත්මක වනු ඇති. මෙම නව සංශෝධනයට අනුව මුල් ඒකක 30ට අදාළව දැනට එක් ඒකකයක් සඳහා අය කරන රුපියල් 8ක ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි කෙරේ. ඒකක 31 සිට 60 දක්වා දැනට එක් ඒකකයකට අය කරන රුපියල් 10ක ගාස්තුව රුපියල් 37 දක්වා වැඩි කිරීමටත් ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩය යටතේ දැනට අය කරන රුපියල් 16 ක ගාස්තුව රුපියල් 42 දක්වා වැඩි කිරීමටත් යෝජිතය. ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයට සහ ඒකක…
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් ආබාධ සැඟවීම සඳහා ශාරීරික යෝග්‍යතාව ඉහළ නංවන එන්නත් හොර රහසේ ලබාගන්නා බව ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති චේතන් ශර්මා සිදුකළ ප්‍රකාශයකින් අනාවරණ වී තිබේ. ඉන්දියාවේ සී නිව්ස් නාලිකාවේ මාධ්‍යවේදියෙක් තේරීම් කමිටු සභාපතිවරයා සමග කළ සාකච්ඡාවක් රහසිගතව පටිගත කර එය ප්‍රසිද්ධියට පත්කිරීමත් සමග මේ වනවිට නිර්මාණය වී ඇත්තේ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයකි. පලමු වරට 2022 දෙසැම්බර් මස 22වැනිදා ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති චේතන් ශර්මාව හමුවන අතර ඔහු නැවත දෙවන වරට 2023 වසරේ ජනවාරි 4 වැනිදා තේරීම් කමිටු සභාපතිවරයා හමුවී සාකච්ඡාවක් සිදුකර තිබේ. ඒ අවස්ථා දෙකේදීම අදාළ මාධ්‍යවේදියා එම සාකච්ඡා රහසිගතව පටිගත කර ඇත. අදාල සාකච්ඡා දෙකේදී ඉන්දීය ක්‍රිකට්…
මැතිවරණය කඩාකප්පල් කර ජාතික ජන බලවේගය ප්‍රචණ්ඩත්වය කරා යොමුකර, තම දේශපාලන ව්‍යාපාරය මර්දනය කර දැමීමට ජනාධිපතිවරයා දරන උත්සාහයට හසු නොවන බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් වැඩිදුරටත් අවධාරණය කළේ පළාත් පාලන ඡන්ද විමසුම ප්‍රමාද කිරීමට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදීව ගත හැකි ප්‍රබලතම ක්‍රියාමාර්ග ගන්නා බවය.
