Author: LANKA24X7

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙවර නිදහස් සැමරුමට සහභාගී නොවීමට තීරණය කර ඇත. පාර්ලිමේන්තු මනත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේ රට තුළ පවතින අයහපත් ආර්ථික තත්ත්වය හමුවේ මුදල් නාස්ති කෙරෙන අවස්ථාවලට සහාභාගී නොවීමට පක්ෂ රැස්වීමකදී තීරණය කළ බවය.

Read More

පොල්ගහවෙල හැවනගල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය පවසන්නේ මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ගැටුමක් හටගෙන ඇති අතර එහිදී මෙම පහරදීම සිදුකර ඇති බවය. පහරකෑමෙන් බරපතල තුවාල ලැබු පුද්ගලයා පොල්ගහවෙල රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මියගොස් තිබේ. මියගොස් ඇත්තේ 51 හැවිරිදි වැලිකඩහේන, පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ඝාතනය සම්බන්ධයෙන් 40 හැවිරිදි වියේ පසුවන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොල්ගහවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී. එල්. පීරිස් මහතා ඇතුළු පක්‍ෂය හැර ගිය සියලු දෙනා පක්‍ෂයෙන් ඉවත් කරන බවත් ඒ සඳහා නීතිමය කටයුතු කරමින් සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා ඊයේ (2) පැවසීය. සභාපති ජී. එල්. පීරිස් මහතා පක්‍ෂය හැරදා ගිය ද කිසිඳු අඩුවක් වී නොමැති බව කී සාගර කාරියවසම් මහතා එවැනි අඩුවක් නොපෙණෙන බව ද සඳහන් කළේය. එම පෙරමුණ හැරදාගිය පිරිසක් නිර්මාණය කළ ‘හෙලිකොප්ටරය’ ලකුණ සහිත කණ්ඩායම නෙළුම් මාවත හෝ මැඳමුලනට කඩාවැටේ යැයි විශ්වාස කරන බව ද කාරියවසම් මහතා වැඩි දුරටත් සදඟන් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ සංවිධාන කටයුතු පිළිබඳව…

Read More

85 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකු සමග විවාහ දිවියට එළඹුණු 24 හැවිරිදි වියේ පසුවන තරුණියක පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අදාළ පුවත වාර්තා වන්නේ අමෙරිකාවෙනි. තවමත් 24 හැවිරිදි වියේ පසුවන Miracle විවාහ වී ඇත්තේ Charles Pogue නමැති 85 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු සමගිනි. අදාළ තරුණිය සිය විවාහ ජීවිතය ගැන මහත් උද්දාමයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත. එම තරුණියගේ සීයාටත් වඩා වැඩිමහල් පුද්ගලයෙකු සමඟ විවාහ වීම පිළිබඳව විවිධ අවස්තාවන්හිදී විවිධ දේ අසන්න ලැබුණද ඔවුන් ඒවා තැකීමක් නොකරන බව විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත. මේ අතර ඔවුන් දෙදෙනා මේ වනවිට නළ දරු උපතක් සඳහා ද සූදානම් වන බව…

Read More

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබූ චෝදනාවලින් ඔහුව නිදහස් කිරීමට එරෙහිව අභියාචනයක් ගොනුකිරීමට පොලීසිය තීරණය කර තිබේ. ඒ අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ලබාදුන් එම නියෝගය සම්බන්ධයෙන් පවතින නෛතික විධිවිධාන ප්‍රකාරව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා පොලිස් මුලස්ථානය ඊයේ (02) නීතිපතිවරයා වෙත ඉල්ලීමක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේය. මේ අතර අත්අඩංගුවට ගැනීමෙන් පසු අවස්ථා කිහිපයකදී සැලසුම් සහගතව තමාව ඝාතනය කිරීමට උසස් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු උත්සාහ කළ බව අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසයි. ඊයේ (02) පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ පිළිබඳ අනාවරණ කළේය.

Read More

විදුලි පාරිභෝගිකයන්ගේ තැන්පතුව මණ්ඩලය අවභාවිත කරමින් සිටින බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය චෝදනා කරයි. ඊයේ (02) පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔවුන් ඒ බව කියා සිටියේය. මේ අතර පෙබරවාරි 17 වැනිදා දක්වා උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ කිසිදු විදුලි කප්පාදුවක් සදහා අවසර ලබා නොදෙන බව මහජන උපයෝගීතා කොමිසම පැවසීය. එහි සභාපති ජනක රත්නායක මහතා සදහන් කළේ විදුලි කප්පාදු සිදුකිරිම උසස් පෙළ විභාගයට පෙනී සිටින 331,000ක් පමණ දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවය. ඒ අනූව එම කාලය තුළ විදුලි කප්පාදුවක් සිදුකළහොත් එය නීතිවිරෝධී සහ අනවසර කටයුත්තක් ලෙස සළකන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේය. මානව හිමිකම් කොමිසමට අපහාස කළේ යැයි එම කොමිසම…

Read More

පැරිස් සමාජයට අයත් ණයහිමි රටවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ණය පහසුකම ලබාගැනීම සඳහා අදාළ ණය සහතිකය කඩිනමින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය ඊයේ (02) අනාවරණ කළේය. මූලාශ්‍ර දෙකක් උපුටා දක්වමින් එම පුවත් සේවය පවසන්නේ ශ්‍රී ලංකාව අදාළ රටවලින් ලබාගත් සමස්ත ණය ප්‍රතිව්‍යහුගතකරණය කිරීම සඳහා එම සහතිකය ලබාදීමට නියමිත බවය. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ මූල්‍ය සහනයක් ලබාගැනීම සඳහා චීනයේ, ඉන්දියාවේ මෙන්ම පැරිස් සමාජයේද ණය ප්‍රතිව්‍යුහකරණ සහතිකය අත්‍යවශ්‍ය සාධකයක් වෙයි. ඉන්දියාව ඒ සඳහා අවශ්‍ය අපේක්ෂිත මට්ටමේ ණය සහතිකයක් ලබාදුන් අතර, චීන එක්සිම් බැංකුව ලබාදුන් වසර දෙකක සහන කාලයක් ඇතුළත් ණය සහතිකය ජාත්‍යන්තර…

Read More

69 ලක්ෂයේ ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අනුකම්පාවෙන් බලාසිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. බී. දිසානායක මහතා පවසයි. ඊයේ (02) එම පක්ෂ කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රිවරයා ඒ බව සඳහන් කළේය. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැවති එම සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සහ එම පක්ෂයේ සංවිධායකයින් සහභාගී විය.

Read More

හොරකම නතරකර හොරුන්ට දඬුවම් දෙන ආණ්ඩුවක් පිහිටුවිම සඳහා පළාත් පාලන මැතිවරණයේදී තම පක්ෂයට ඡන්දය දෙන්නැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, “විසඳුම මාලිමාව” මැයෙන් අම්පාර, ‍එරගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

Read More

අනාගත සමගි ජනබලවේග ආණ්ඩුවක් තුළ රටේ ජනතාව ජීවත් කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණීමට සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මාතලේ පැවති ජන රැළියකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය. සමගි ජන බලවේගයේ නව මැතිවරණ ප්‍රචාරක ලේකම් ලෙස පත්කෙරුණු හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ද ප්‍රථම වරට මෙම ජන රැළියට එක් වුණි.

Read More