Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
විදුලිබල මණ්ඩලයේ පාඩුව ජනතාව මතම පැටවීම වෙනුවට, එහි විගණනයක් සිදුකර දූෂණය හා නාස්තිය නවැත්වීමට පියවර ගත යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය. මේ අවස්ථාවේ ජනතාවට පමණක් පටි තද කරගැනීමට නොකියා රාජ්‍ය නිලධාරීන්ද දූෂණය, නාස්තිය නවත්වා පටි තද කරගත යුතු බව කී මන්ත්‍රීවරයා තමන් ආණ්ඩුවට සහය දුන්නත් ආණ්ඩුවේ සෑම ක්‍රියාමාර්ගයක්ම අනුමත නොකරන බව සඳහන් කළේය. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ දී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. විදුලිබල මණ්ඩලයේ සේවකයන් 27,000ක් සිටියදීත්, එහි බොහෝ කටයුතු සිදුවන්නේ බාහිර පාර්ශව යොදවාගෙන බවත්, මණ්ඩලයේ වාහන තිබියදී පිටින් වාහන පවා ලබාගෙන ඇති බවත් කී දුමින්ද දිසානායක මහතා, විගණනයක් කළහොත් එහි සිදුවන නාස්තිය බලාගැනීමට…
පළාත් පාලන මැතිවරණය වෙනුවට ජනාධිපතිවරණයක් පැවැත්වීමේ සුදානමක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි. දඹුල්ල ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් කේ.ඩී ලාල්කාන්ත මහතා මෙම අදහස් පළකළේය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරණයෙන් පසු මහමැතිවරණයක් පවත්වා පසුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ජනාධිපතිවරයාගේ අරමුණ බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා, “ආණ්ඩුවට දිගටම ඕනෑකම තිබ්බා මේ පළාත් පාලන මැතිවරණය නොපවත්වා ඉන්න. රනිල් වික්‍රමසිංහගේ න්‍යායපත්‍රයේ තියෙන්නේ පළාත් පාලන ඡන්ද මහමැතිවරණ තියන්න නෙමෙයි. ජනාධිපතිවරණයක් තියන්න. අපේ ව්‍යවස්ථාවට අනුව මේ එළැඹෙන නොවැම්බර් 19 වනදායින් පස්සේ ජනාධිපතිවරණයක් තියන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි කියන්නේ අවුරුදු 5යි කියලනේ.…
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා අද හෝ හෙට දිනය තුළ ලැබුණහොත් දැනට සැලසුම් කර ඇති පරිදි මෙම මස 22,23 සහ 24 යන දිනවල තැපැල් ඡන්දය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. යම් හෙයකින් මෙම දින දෙක ඇතුළත ඡන්ද පත්‍රිකා නොලැබුනහොත් තැපැල් ඡන්දය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් එළඹෙන සඳුදා දිනයේදී තීරණයක් ගන්නා බවද ඔවුන් සඳහන් කළේය. මේ අතර මැතිවරණය කල් දැමීමට පවතින උත්සහය සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පක්ෂය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ පිහිටි කාර්යාලයට ලිපියක්ද ලබාදී තිබේ.
මාර්තු මස 1 වනදා ඒකාබද්ධ සමස්ත මහා වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කිරීමට වෘත්තීය සමිති තීරණය කර තිබේ. ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති නියෝජිතයින් ඊයේ පස්වරුවේ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි. ඒ අනුව තෙල්, විදුලි, වරාය, ජල සම්පාදන, සෞඛ්‍ය, අධ්‍යාපන, බැංකු පද්ධතිය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්ති සමිති ඒකාබද්ධව මෙම වැඩ වර්ජනය සිදුකිරිමට එහිදි වෘත්තීය සමිති නියෝජිතයින් තීරණය කර තිබේ.
රුසියාව සහ ඉන්දියාව අතර පවතින වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත්වෙමින් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. දෙරට අතර ඇති වෙළෙඳ සබඳතා ශක්තිමත්වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ, බටහිර රටවල් විසින් රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක බවද එම වාර්තාවල දැක්වෙයි. රුසියාවේ නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ සිදුකළ සාකච්ඡාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රුසියාව හා ඉන්දියාව දැනටමත් ජාතික මුදල් ඒකක හරහා සාර්ථකව ගනුදෙනු සිදු කරන බවය. ඒ අනුව, ඉකුත් වසරේ ඉන්දියාව සහ රුසියාව අතර සිදුවූ වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 30ක් පමණ වන බවද වාර්තා වෙයි. සබඳතා තවදුරටත් ශක්තිමත්වීම හමුවේ මෙම වසරේදී එම අගයන් තවත් ඉහළ යනු ඇති බවද අපේක්ෂා කෙරේ.
එක්දින සේවා යටතේ ගුවන් ගමන් බලපත්‍රයක් ලබාදීම සඳහා අල්ලස් ලබාගත් පුද්ගලයින් 04 දෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල සහයක සේවිකාවක් සහ තැරැව්කරුවන් 03 දෙනෙකුවය. ඔවුන් විසින් එක්දින සේවාව යටතේ ගුවන් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා එලෙස රුපියල් 42,000ක අල්ලසක් ලබාගෙන තිබේ. එලෙස ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා රුපියල් 22,000ක මුදලක් වැය වෙන අතර අනෙක් රුපියල් 20,000ක් සැකකරුවන් විසින් බෙදාගෙන තිබේ.
පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවීමට පියවර ගන්නා ලෙස නිදහස් ජනතා සන්ධානය අග්‍රාමාත්‍යවරයාගෙන් හා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම පිළිබඳව මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව වහාම කැඳවන ලෙස එම සන්ධානය අදාළ ලිපියෙන් ඉල්ලා ඇත. පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව කල්දැමීම සඳහා ගෙන ඇති තීරණය ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ තර්ජනයක් බව නිදහස් ජනතා සංධානය පෙන්වා දෙයි. මෙම තත්ත්වය සමනය කිරීම මෙන්ම කළමනාකරණය කිරීම රජයේ ප්‍රතිපත්ති සම්පාදකයින් හා උත්තරීතර ව්‍යවස්ථාදායකයේ නියොජිතයින් ලෙස පැවරී ඇති වගකීමක් වන බැවින් ස්ථාවර නියෝග 16 යටතේ පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කරන ලෙස එම සන්ධානය අග්‍රාමාත්‍යවරයාගෙන් සහ කථානායකවරයාගෙන් ඉල්ලා…
පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අතර ඊයේ (16) පැවැති තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත්විය. එම තගරයේ කාසියේ වාසිය දිනාගැනීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත්වූ අතර ඔවුන්ගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදුනි. ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කඩුලු 08ක් දැවී ලකුණු 112ක් රැස් කළාය. තරගය ජය ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ට හිමිවී තිබූ ඉලක්කය ලකුණු 113කි. පන්දුවාර 15යි පන්දු 05ක් අවසානයේ කිසිඳු කඩුල්ලක් නොදැවී ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් සිය ජයග්‍රාහි ඉලක්කය වෙත ගමන් කළාය.
දිවයිනේ ප්‍රධාන වශයෙන් අද දිනයේ වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි. එසේම දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පළාත් පාලන මැතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු අවසන් කර ඇති බව මුද්‍රණාලයාධිපතිනී ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පවසයි. මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් ඇය සඳහන් කළේ අද දිනයේ සිට ඡන්ද පෝළිම් දැන්වීම් පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කරන බවය. කෙසේවෙතත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති වීම හේතුවෙන් එම කටයුතු අකර්මණ්‍ය වී ඇති බව මුද්‍රණාලයාධිපතිනිය වැඩිදුරටත් පවසයි. දිවා කාලයේදී පොලිස් නිළධාරීන් 35 දෙනෙකු සහ රාත්‍රී කාලයේ පොලිස් නිළධාරීන් 25 දෙනෙකු බැගින් පොලිස් නිළධාරීන් 60 දෙනෙකු ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන අවස්ථාවේදී ආරක්ෂක කටයුතු සඳහා යොමුකරන ලෙස පොලිස්පතිවරයාගෙන් මීට පෙර ඉල්ලීමක් කර තිබේ. කෙසේවෙතත් ආරක්ෂක කටයුතු සදහා මේ වනවිට යොදවා…
