Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු තවදුරටත් පමා වන බව රජයේ මුද්‍රණයාලාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පවසයි. ඇය පවසන්නේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අවශ්‍ය මුදල් මෙතෙක් රජයේ මුද්‍රණාලය වෙත ලැබී නොමැති බවය. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව රජයේ මුද්‍රණාලය විසින් මේ වනවිටත් සිදුකර ඇති මූලික කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 200කට අධික මුදලක් ගෙවිය යුතුව පවතී. එහෙත් මෙතෙක් පළාත් පාලන මැතිවරණයට රජයේ මුද්‍රණාලය වෙත ලැබී ඇත්තේ රුපියල් මිලියන 40ක් පමණක් බව වාර්තා වේ. මැතිවරණයේ කටයුතු සඳහා රුපියල් මිලියන 500කට අධික මුදලක් වැයවනු ඇති බවට ඇස්තමේන්තු කර රජයේ මුද්‍රණාලය විසින් පසුගිය 08 වනදා මුදල් අමාත්‍යංශය වෙත දැනුම් දී තිබේ.…
වයස අවුරුද්දක් වන ගැහැණු දරුවෙකුගේ මොළය තුළ නූපන් නිවුන් කලලයක් තැන්පත්වී ඇති සිද්ධියක් චීනයෙන් වාර්තා වී තිබේ. මෙය අනාවරණ වී තිබුණේ දරුවාගේ ශාරීරික ක්‍රියාකාරීත්වය මන්දගාමීවීම සහ හිස විශාලවීම හේතුවෙන් සිදුකළ පර්යේෂණයකින් පසුවය. නිරන්තර රුධිර සැපයීම හේතුවෙන් කළලය තුළ ජීවය පැවතිය ද එහි වර්ධනයක් සිදුවී නැත. වෛද්‍යවරුන් මෙය අර්ථ දක්වන්නේ කලලයක් තුළ තවත් කලලයක් තැන්පත් වන දුර්ලභ අවස්ථාවක් ලෙසය. මෙය පරපෝශිත නිවුන් තත්ත්වයක් ලෙස ද හැඳින්විය හැකි අතර ගැබ් ගැනීම ආරම්භයේ දී මෙය සිදුවන බව වර්තාවල සඳහන් වෙයි. මෙම තත්ත්වය හටගැනීමට හේතුව වන්නේ, ශුක්‍රාණු සහ ඩිම්බ සංසේචනයෙන් පසු සෑදෙන සෛල නිසි ලෙස වෙන්වීමට අපොහොසත් වීමත් සමගය. ඒ සමග අනෙකුත් කලල මුල්…
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙස මැතිවරණ කොමිසම කළ ඉල්ලීම මුදල් අමාත්‍යවරයා වෙත යොමු කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලිපියක් මගින් දැනුම් දුන් බව එම කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා පවසයි. මේ අතර රජයේ මුද්‍රණාලයේ ආරංචි මාර්ග සඳහන් කළේ, ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මුදල් ඉල්ලා මුද්‍රණාලයාධිපතිනිය විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට යොමුකළ ඉල්ලීමට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් මුදල් අමාත්‍යාංශය පාර්ශ්වයෙන් ලැබී නොමැති බවය. අප්‍රේල් මස 25 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදන දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් නිකුත් කර ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා (10) නිවේදනය කළේය. මේ අතර පළාත්…
මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ කුඹුුරක තිබී ඝාතනය කළ බවට සැක කෙරෙන කාන්තා මළ සිරුරක් ඊයේ (11) උදෑසන හමුවී තිබුණි. මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 26 හැවිරිදි විවාහක තරුණියක් බව පොලීසිය සඳහන් කරයි. එම තරුණිය නිවසේ නොමැති බවට සැමියා විසින් ඇයගේ මවට සිදුකළ දැනුම්දීමක් අනුව කළ සොයාබැලීමකදී සිරුර හමුවී තිබුණි. මෙලෙස මියගිය තරුණිය 26 හැවිරිදි දනූකා මධුවන්ති නම් විවාහක තරුණියකි. පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ සැමියා හා එක්ව ඇය වෙළෙඳසැළක් පවත්වාගෙන ගොස් ඇති බවය. පෙරේදා රාත්‍රී 9.50ට පමණ සැමියා වෙළඳසැළ වසා දමා අවමගුල් උත්සවයකට සහභාගී වන බව පවසා පිටව ගොස් තිබේ. පසුව ඔහු අලුයම 2 ට පමණ නැවත නිවසට…
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ල සිටී.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඊයේ (11) පෙරවරුවේ වායු දූෂණ තත්ත්වය තරමක් ඉහළ මට්ටමක පැවති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එහි පාරිසරික අධ්‍යයන හා සේවා අංශය සඳහන් කළේ, නුවරඑළිය දිස්ත්‍රික්කය හැරුණු කොට අනෙකුත් ප්‍රදේශවල සංවේදී පුද්ගලයින්ට සෞඛ්‍යමය වශයෙන් බලපෑමක් එල්ල විය හැකි කාලගුණික තත්වයක් ඊයේ පෙරවරුවේ පැවති බවය. අමෙරිකානු වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව 83ක අගයක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබුණද සෙසු සැම දිස්ත්‍රික්කයකම එම අගය සියය ඉක්මවා ගොස් තිබුණි. පුත්තලම නගරය තුළ එම අගය 149ක් ලෙසත් ගාල්ල, කරාපිටිය සහ පොළොන්නරුව නගරය තුළ අගය 143ක් ලෙසත් සටහන්වී ඇත. කොළඹ නගරයේද එම අගය 149ක් ව ලෙස සටහන්ව තිබු අතර පසුගිය දින කිහිපයට සාපේක්ෂව…
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නතරකර තිබූ දුම්රියක වැසිකිළියක් තුළ දමා ගිය බිළිඳාගේ මව්පියන් සොයාගෙන තිබේ. 26 හැවිරිදි අවිවාහක යුවළක් වන ඔවුන් දෙදෙනාව බණ්ඩාරවෙල සහ කොස්ලන්ද පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. ඊයේ (10) රාත්‍රී 7ට පමණ මඩකලපුව බලා පිටත්ව යාමට සූදානම්ව තිබූ මීනගයා දුම්රියේ දමා ගොස් සිටි මෙම බිළිඳා, මගීන් සහ දුම්රිය බලධාරීන් විසින් සොයාගෙන තිබුණි. පසුව බිළිදාගේ මව්පියන් සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබූ අතර ඒ අනුව ලැබුණු තොරතුරක් අනුව මොවුන් සොයාගෙන ඇත. සැකකාර තරුණයා දෙහිවල ප්‍රදේශයේ රැකියාවක නිරතවී ඇති අතර තරුණියට දරුවෙකු ලැබීමට සිටින බව ආරංචිවීමෙන් පසු ඇයව ද ගෙන්වාගෙන කොළඹ ප්‍රදේශයේ නතර කරගැනීමට ඔහු…
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි. අද දිනය සඳහා තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවි ලකුණු 83ක් රැස්කරගෙන සිටියේය. තරගයේ තුන්වන දිනය වූ අද දිනය ආරම්භ කරන විට නවසීලන්තය සිය පළමු ඉනිමට කඩුලු 5ක් දැවි රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 162කි. ඩැරල් මිචෙල් සහ මැට් හෙන්රි ඇතුළු මැදපෙළ සහ පසුපෙළ පිතිකරුවන් අද දිනයේ නවසීලන්ත ඉනිමට තවත් ලකුණු 211ක් එක්කළේ බිඳවැටී තිබූ නවසීලන්ත ඉනිම ශක්තිමත් කරමිනි. එහිදී ඩැරල් මිචෙල් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ පස්වන ටෙස්ට් ශතකය අද වාර්තා කළේය. ඩැරල් මිචෙල් ලකුණු 102කි.…
මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ කුඹුරු යායක මඩ වගුරක ඔබා තිබූ තරුණියකගේ මළසිරුරක් අද (11) පෙරවරුවේ සොයාගෙන තිබේ. මෙලෙස මියගොස් තිබුණේ 26 හැවිරිදි තරුණියකි. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මියගිය තරුණියගේ මව, “දොර අරිනකොට දුව හිටියේ නැහැ. පොඩි දුව පෙන්නුවා සපත්තු දෙකේ පස් කියලා. මං ගිහින් අහල පහල අයට කිව්වා. පොලීසියටත් ගියා. හොයලා බලනකොට එක්කෙනෙක් කිව්වා මෙන්න ඉන්නවා කියලා. මං හිතුවේ ඉන්නවා කියලා. මඩ වගුරක දාලා.”
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) සභාපති ධුරය සඳහා දේශපාලනඥයකු නොවන සිවිල් සමාජයේ පුද්ගලයකු පත්කිරීමට එම පක්ෂයේ ඉහළ අවධානය යොමුවී ඇත. මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එවැනි පුද්ගලයකු පත් කිරීමට වැඩි ඉල්ලීම් ප්‍රමාණයක් ඉදිරිපත්ව ඇති බවයි. මෙයට අමතරව සභාපතිධුරය සඳහා තවත් නාමයෝජනා කිහිපයක්ම ඉදිරිපත්ව ඇතැයි ඔහු සඳහන් කළේය. සභාපති ධූරය තව නොබෝ දිනකින් පිරවෙනු ඇතැයිද ඔහු සඳහන් කළේය. මේ අතර මහාචාර්ය ජී එල් පීරිස් මහතා පක්ෂය හැර ගිය සෙසු කිසිවකුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිසිදු තනතුරක් නොදැරූ බව සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.
