Author: LANKA24X7

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

Read More

ව්‍යවස්ථාදායක සභාව හෙට (06) යළි රැස්වීමට නියමිතය. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරු 03ට ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත බව වාර්තා වේ. ව්‍යවස්ථාදායක සභාව පසුගිය 25 වනදා පළමුවරට රැස්වූ අතර ජනවාරි මස 30 වනදා ද යළි රැස් විය. කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත්කිරීමේ ක්‍රමවේදය පිළිබඳ එහිදී සාකච්ඡාවට ලක්වූ අතර ඒ සඳහා අයදුම්පත් කැඳවීමට තීරණය කර තිබුණි. ඒ අනුව, පෙබරවාරි මස පළමුවැනිදා සිට 15 වැනිදා දක්වා කොමිෂන් සභා සාමාජිකයින් සඳහා අයදුම්පත් යොමුකිරීමේ අවස්ථාව හිමිව තිබේ. මේ වන විටත් පුරප්පාඩු වී ඇති මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයින් සඳහා නව පත්කිරීම් සම්බන්ධයෙන් හෙට දිනයේ රැස්වන ව්‍යවස්ථාදායක සභාවේ අවධානය යොමුවනු ඇති බව…

Read More

ඒකීය රාජ්‍යක් තුළ උපරීම බලය බෙදාදීමක් උදෙසා පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 75 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජාතිය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. අද වනවිට රට පත්වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් සහ ඉන් ගොඩඒම සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය. “මම අද පවත්වන්නේ සම්ප්‍රදායික නිදහස් දින කතාවක් නෙමෙයි. මම කතා කරන්නේ අද අපිට අහිමි වී තිබෙන නිදහස යළි දිනාගැනීම පිළිබඳවයි. අද අපි දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා. මින් පෙර මෙවැනි බරපතළ තත්ත්වයකට අපි මුහුණ දී නැහැ. අපිට එහෙම වුණේ ඇයි. අපි ඇත්ත කතා කරමු. මේ තත්ත්වයට අපි සියලු දෙනාම අඩු වැඩි වශයෙන් වගකිව…

Read More

75 වන නිදහස් දින සමරු උළෙලට සමගාමීව දිවයිනේ ප්‍රදේශවල විවිධ උත්සව සහ වැඩසටහන් රැසක් සංවිධාන කර තිබූ අතර, ජාතික කොඩිය ප්‍රදර්ශණය කරමින් තරුණයින් පිරිසක් විසින් යතුපැදි හා ත්‍රිරෝධ රථ සවාරියක් පවත්වමින් නිදහස් දින වර්ණවත් කල ආකාරය වාර්තාවේ.

Read More

මහජන පීඩාවක් ඇතිවන ආකාරයෙන් මාර්ග අවහිර වන ලෙස උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වීම තහනම් කරමින් නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. පොලීසිය සිදුකළ ඉල්ලීමකට අනුව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂුබල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් වෙත මෙම නියෝගය නිකුත් කර ඇත.

Read More

නීතිවිරෝධි අයුරින් සංවිධානය කර තිබූ ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් 09 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 34 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පානදුර උතුර පොලීසිය විසින් පානදුර ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී අද (04) අලුයම එම වැටලීම සිදුකර තිබුණි. ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් ඇතුළු පොලිස් කණ්ඩායමක් සිදුකළ එම වැටලීමේදී ගංජා, කුෂ් ආදී මත්ද්‍රව්‍ය සහ මත්පැන් බෝතල් කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇත. පොලීසිය සඳහන් කළේ එම සාදය අතරතුර තරුණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් ද වාර්තා වී ඇති බවය. සැකකරුවන් පිරිසක් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් අනෙක් සැකකරුවන් දෙමව්පියන් ගෙන්වා පොලිස් ඇපමත මුදාහැරීමට කටයුතු කරන බවත් උසස් පොලිස් නිලධාරීයෙකු පැවසීය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පස්වරු 6.45 ට 75 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් ජාතිය ඇමතීමට නියමිතය. ඔහුගේ කතාව සියලුම රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය කිරීමට නියමිතය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 8 වැනිදා පාර්ලිමේන්තුව විවෘත කරමින් ඉදිරිපත් කරන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ලබන 9 වැනිදා බ්‍රහස්පතින්දා සහ 10 වැනිදා සිකුරාදා දෙදින පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ (3) තීරණය කළේය. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (3) පස්වරුවේ රැස්විය. මේ අතර සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ නියෝග සහ විවිධ රජයේ ව්‍යවස්ථාපිත ආයතනවල වාර්ෂික වාර්තාවලට අදාළව පසුගිය සභාවාරයේදී යථාපරිදි යොමුකර තිබූ යෝජනා 51 ක් අනුමැතිය සදහා 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද මෙම කාරක සභා රැස්වීමේදී තීරණය කර ඇත. අනතුරුව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව…

Read More

එතිහාසික මිහින්තලේ පුදබිමට ලබාදුන් ආරක්ෂාව ඉවත් කිරීම ජනවරමක් නොමැති වත්මන් අණ්ඩුව සිදුකළ ද්‍රෝහී ක්‍රියාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී පැවසීය. එමගින් රටේ උත්තරීතර ව්‍යවස්ථාවෙන් පවා සනාථ කර අැති සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ, ප්‍රවර්ධනය කිරීමේ සහ සුරක්ෂා කිරීමේ වගකීම පවා උල්ලංඝනය කිරීමට වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කටයුතු කර ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (3) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව පැවසීය. එතිහාසික මිහින්තලේ පුදබිමේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක අංශ පැය 24ක් ඇතුළත ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබීම පිළිබඳ කනගාටුව පළ කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන්…

Read More

සාමුහික වැඩපිළිවෙළක් ඔස්සේ පොදු ගැටලුවලට විසඳුම් සෙවීමට එක්වන ලෙස දුෂ්කරතාවලට මුහුණදී සිටින සියලු රටවලින් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අප්‍රිකා රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් සමග ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දීය. බොට්ස්වානා, ඇල්ජීරියා, ඊජිප්තුව, ඉතියෝපියාව, කොට් දි අයිවරි, කෙන්යාව, ගැම්බියාව, ලිබියාව, ලෙසෝතෝ රාජ්‍ය, ඝානා, මාලි, මොසැම්බික්, මලාවි, මොරොක්කෝ, නයිජීරියා, රුවන්ඩා, සෙනගල් ජනරජය, දකුණු අප්‍රියාව, සීෂෙල්ස්, සුඩානය, සැම්බියාව, ටැන්සානියාව, ටියුනීසියාව යන රටවල් නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට චීනය සහ නැගෙනහිර ආසියාවේ බලය වර්ධනය වෙමින් පවතින අතර මෙම සියවසේ…

Read More