Author: LANKA24X7

මෙවර අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පෙබරවාරි මස 15 වනදාට ප්‍රථම අවසන් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල වලින් අනතුරුව විශ්වවිද්‍යාල සඳහා ඉල්ලුම්කර ඇති අයදුම්පත් පිළිබඳව ද එහිදී සලකාබලන බවය. නව අධ්‍යයන වර්ෂය සඳහා වෛද්‍ය පිඨ ඇතුළු පීඨ කිහිපයක අධ්‍යයන කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය.

Read More

මහජන උපයෝගීතා කොමිසමේ සමාජිකත්වය වෙනුවෙන් ඩග්ලස් නානායක්කාර මහතා පත්කර තිබේ. ඒ පසුගිය දා එම කොමිසමෙන් සාමාජිකයින් දෙදෙනෙක් ඉල්ලා අස්වීමත් සමගය.

Read More

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබේ. කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 334කින් ඉහළ දැමෙන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේය. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,743ක් වේ. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 134කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,904ක් වන බව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පැවසුවේය. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 61කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 883ක් වේ.

Read More

ශ්‍රී ලංකාව අද ආර්ථික වශයෙන් ගැටලුකාරී තත්ත්වයකට පත්ව සිටිය ද කිසිදු අවස්ථාවක තනිවී නොමැති බව පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රිෂීයා ස්කොට්ලන්ඩ් මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ පොදු රාජ්‍ය මණ්ඩලය නිරතුරුවම ශ්‍රී ලංකාව සමඟ රැඳී සිටින බවය. කොළඹ පැවති භූ දේශපාලන සිතියම් විද්‍යාව පිළිබඳ මංගල සමුළුවේ ප්‍රධාන දේශනය සිදුකරමින් පැට්‍රිෂීයා ස්කොට්ලන්ඩ් මහත්මිය මෙම අදහස් පළකළාය. වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින පීඩාකාරී තත්ත්වය පිළිබඳ මනා අවබෝධයක් තමා තුළ පවතින බවත් එම පීඩාකාරී තත්ත්වය ශ්‍රී ලංකාවට දරා ගැනීමට අසීරු බවත් ඇය පෙන්වාදී තිබුණි. මෙම තත්ත්වය හමුවේ පොදු රාජ්‍ය මණ්ඩලයේ සියලුදෙනා එක පවුලක සාමාජිකයින් ලෙස එකිනෙකා කෙරෙහි වගකීම්වලින් බැදීසිට එක්ව අභියෝග ජයගත යුතු…

Read More

ඉහළ දමන ගෑස් මිල ගණන් පිළිබඳව අද දිනයේ දැනුම්දෙන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි ජේෂ්ඨ ප්‍රකාශකයෙකු මාධ්‍ය කළ විමසීමකදී පැවසුවේ ගෑස් මිල ඉහළ දමන ප්‍රමාණයන් සම්බන්ධයෙන් අද උදෑසන පැවැත්වෙන මාධ්‍ය හමුවකදී දැනුම්දෙන බවයි. ඒ අනුව බොහෝදුරට එම නව මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇති. ලෝක වෙළඳපලේ ගෑස් මිල ගණන් ඉහළ යාම හමුවේ කිලෝ ග්‍රෑම් 12 යි දශම 5 වර්ගයේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1000කට ආසන්න මුදලකින් ඉහළ දැමිය යුතු වන බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ. එහෙත් එලෙස වැඩි අගයකින් මිල වැඩි කිරීම නිසා පාරිභෝගිකයින් අපහසුතාවයට පත්වීම හේතුවෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500කට වැඩි මුදලකින් ඉහළ දැමීමට…

Read More

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කාර්යයන් සඳහා රුපියල් මිලියන 770ක මුදලක් පෙබරවාරි මාසය තුළ ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා විසින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ලිඛිතව අදාළ ඉල්ලීම කර ඇති බව වාර්තා වේ. මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මූලික වියදම් සඳහා පෙබරවාරි මාසය තුළ මිලියන 770ක මුදලක් අවශ්‍ය බවට ඇස්තමේන්තු කර ඇත. ඒ අනුව අදාළ මුදල එකවර හෝ වාරික වශයෙන් ලබාදීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත. මැතිවරණ වියදම් වෙනුවෙන් මීට පෙර මුදල් අමාත්‍යංශය විසින්…

Read More

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සංඝ සම්මේලනය පවත්වා සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුර පිරිනැමීම අද වැනි පොහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ. ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම ද සිදුව ඇත්තේ අද වැනි නවම් පොහොය දිනකය. බුදු රජාණන් වහන්සේ විසින් විශාලා නුවර චාපාල චේතිය අසලදී ආයු සංස්කාරය අත්හැරීම සිදුකර ඇත්තේ ද අද වැනි පොහෝ දිනක බව සඳහන් වේ. නවම් පොහොය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරවල ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

Read More

තාක්ෂණය සහ නවෝත්පාදන වෙනුවෙන් ඉන්දු – අමෙරිකා සබඳතා තවදුරටත් ශක්තිමත් වෙනු ඇති බව අමෙරිකාවේ ඉන්දීය තානාපතිවරයා පවසා තිබේ. ඉන්දියාව සහ අමෙරිකාව එකිනෙකා දෙස බලන්නේ විශ්වාසවන්ත හවුල්කරුවන් ලෙස බවද ඔහු පවසා ඇත. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පාලන කාලය තුළ ඉන්දු – අමෙරිකානු සබඳතා මෙලෙස වඩාත් ශක්තිමත්වී ඇති බවද ඔහු පෙන්වා දෙයි. ඒ, හමුවේ දෙරටේ අන්තර් සබඳතා මෙන්ම සාකච්ඡා ක්ෂේත්‍රය ද පුළුල් වී ඇති බව අමෙරිකාවේ ඉන්දීය තානාපතිවරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වසින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වී. මුරලිදරන් අතර හමුවක් සිදුවී තිබේ. ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එම හමුව සිදුවී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සහ වාර්ගික සහජීවනය තහවුරු කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබේ.

Read More

ගල්අඟුරු මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සපයාගැනීමට නොහැකිවුවහොත් නොරොච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක කිරීම අර්බුදයක් විය හැකි බව ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ ඉදිරි සතිය වෙනුවෙන් ගල් අඟුරු මිලදී ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් මහ බැංකුවෙන් ලබාගැනීම සඳහා රුපියල් බිලියන 15.3ක මුදලක් කඩිනමින් සපයාගත යුතු බවය. ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශෙහාන් සුමනසේකර මහතා, “සාමාන්‍යයෙන් මෙම ඇනවුම් කරන්නේ යම්කිසි මුදල් ගෙවීමේ එකඟතාවයකට ඇවිල්ලා. එම එකඟතාවය තමයි නැව්ගත කිරීමේ දී 30%ක් ගෙවීම් කටයුතු කරනවා. ගොඩ බෑමේදී ඉදිරි 70% මුදල් ගෙවීම කරනවා. ජනවාරි 30 වනදා සිට පෙබරවාරි 3 වනදා දක්වා නැව් 3ක් වෙනුවෙන් ගෙවීම් කටයුතු…

Read More