Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
15 වනදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කළද එයින් කිසිදු ඵලයක් නොලැබෙන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි. වෘත්තීය සමිති රැසක් ක්‍රියාත්මක කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව පැහැදිලි කළේය. 15 වනදා සිට වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කළද රජයේ නව බදු ප්‍රතිපත්තිය, පොලී අනුපාත ඉහළ දැමීම, විදුලි බිල වැඩි කිරීම ඇතුළු කරුණු කිසිවක කිසිදු වෙනසක් සිදුනොවන බව ද ඔහු ප්‍රකාශ කළේය. රට ගැන සිතමින් තවත් මාස 08ක පමණ කාලයක් පවතින ගැටලුකාරී තත්ත්වය ඉවසා සිටියහොත් සාධනීය තත්ත්වයකට රට ගෙන යා හැකි බවත් එසේ නොවුනහොත් සියලුමදෙනා දැඩි අපහසුතාවයකට පත්විය හැකි බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.
රජයේ මුද්‍රණාලයාධිපතිනියගේ සහ මැතිවරණ කොමිසමේ ක්‍රියාකලාපය හේතුවෙන් පළාත් පාලන ඡන්ද විමසීම මෙවරත් නියමිත දිනට පැවැත්වීමට නොහැකි වනු ඇතැයි මුද්‍රණාලයේ වෘත්තිය සමිති පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම වෘත්තිය සමිති මේ බව පැවසීය. මේ අතර මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කරන්නේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය ප්‍රතිපාදන තවමත් ලැබී නොමැති බවය. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව රජයේ මුද්‍රණාලය මේ වනවිට සිදුකර ඇති මූලික කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 200කට අධික මුදලක් ගෙවිය යුතු නමුත් මේ වනවිට ලැබී ඇත්තේ රුපියල් මිලියන 40 ක් පමණක් බව රජයේ මුද්‍රණාලයේ ආරංචි මාර්ග පවසයි. මුද්‍රණාලයාධිපතිනිය ඊයේ සඳහන් කළේ, යම් හෙයකින් ඉදිරි සතිය තුළ එම මුදල රජයේ මුද්‍රණාලය වෙත ලැබුණද මාර්තු…
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත්සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ෆ්‍රෙඩී සුළි කුණාටුව හේතුවෙන් මලාවි රාජ්‍යයේ පුද්ගලයින් 99 දෙනෙකු මියගොස් තිබේ. එරට ආපදා කළමනාකරණ අංශ පවසන්නේ වාණිජ අගනගරය වන බ්ලැන්ටයර් වෙත වැඩි හානි සිදුව ඇති බවය. සුළි කුණාටුව හේතුවෙන් තවත් පුද්ගලයින් 134 දෙනෙකු තුවාල ලබා තිබේ. මියගිය සහ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව එරට බලධාරීන් පවසයි. මෙම තත්ත්වය තුළ මලාවි රාජ්‍යයේ හදිසි ආපදා තත්ත්වයක් ද ප්‍රකාශ කර තිබේ.
සැලසුම් කළ පරිදි අද (14) දිනය තුළ වර්ජනයේ නිරත වන බව වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති පවසයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ, ජනාධිපති ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සමග ඊයේ (13) රාත්‍රී පැවැත් වූ සාකච්ඡාවල ප්‍රගතියක් පැවතිය ද වෘත්තීය ක්‍රියාමාර්ග අත්හිටුවීමට තරම් එය ප්‍රමාණවත් නොවන බවය. ඒ අනුව මධ්‍යම, සබරගමුව, උතුර, උතුරු මැද සහ ඌව පළාත්වල රෝහල්වල අද දිනය තුළ වර්ජනය ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේය. මේ අතර අදාළ සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගේ අවසන් තීරණයක් නොලැබුණු බැවින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අඛණ්ඩව වර්ජනයේ නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ශ්‍යාම් බන්නැහැක මහතා ඊයේ රාත්‍රී ප්‍රකාශ කළේය. ලංකා බැංකු සේවක සංගමයේ…
ඔළුවිල් අග්නි දිග විශ්වවිද්‍යාගයේ සිසුන් පිරිසක් ඒම විශ්වවිද්‍යාලය පිටපස ඇති මුහුදු තීරයේ දියනෑමට ගොස් සිටියදී එක් සිසුවෙකු රැල්ලට හසු වී ගසාගෙන ගොස් ඇත. පසුව ප්‍රදේශවාසීන් සිසුවා බේරාගෙන ඔළුවිල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ 21 හැවිරිදි ඔළුවිල් ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඥාතින් වෙත බාර දී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අක්කරපත්තුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමය පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් එම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කෙරුණි. අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ නිකුත් කර ඇති අදාළ ගැසට් නිවේදනය මඟින් තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පවත්වාගෙන යාම සඳහා නියමයන් නිකුත් කර තිබේ. මීට පෙර වරාය, ගුවන් තොටුපොළ හා මගී ප්‍රවාහන සේවා හා ආශ්‍රිත සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණි.
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය බොහෝ විට කල්යාමට ඉඩකඩ පවතින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, උසස් පෙළ විභාගය සාර්ථක ව පවත්වා අවසන් කළ ද උත්තර පත්‍ර පරීක්ෂාව සති දෙකකින් පමා වීම නිසා සාමාන්‍යයෙන් විභාග දෙකක් අතර පැවතිය යුතු මාස තුනක පමණ කාල පරතරය අඩු වීමෙන් එලෙස විභාගය කල් යා හැකි බවය. “උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම ප්‍රමාද වන තරමටම ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වෙනවා. ඒ කාල ප්‍රමාණයෙන් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම එහාට යන්න ඉඩ තියෙනවා.” ප්‍රශ්නය – ඒ කියන්නේ දැනට මැයි මාසයේ විභාගය පවත්වන්න දාගෙන ඉන්නවා නේ.…
එළඹෙන මැතිවරණයකදී නායකත්වය ලබාදීමට තමා සූදානම් බව මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසති. උන්වහන්සේ වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ, ජනතාව හමුවට පැමිණ ඡන්දය ඉල්ලීමට දේශපාලඥයින්ට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්, “බලන්න ඔය ඉන්න 225 මොන වෘත්තියේ ද යෙදෙන්නේ කියලා. දැන් ඊයේ පෙරේදා මම දැක්කා මේ සැණකෙළියක් ක්‍රිකට් ගහනවා. මොකද එහෙම රටේ මිනිස්සුන්ට ප්‍රශ්න නැහැ. මිනිස්සුන්ට බඩගිනි නැහැ. ඒවා ගැන වගේ වගක් නැහැ. ඒ අය දන්නේ නැහැ. ඔය කිසිම දේශපාලන පක්ෂයකට සදාචාරයක් නැහැ ඔබ හමුවට අප හමුවට ඇවිල්ලා ඡන්දය ඉල්ලන්න. එල්.ටී.ටී.ඊ සංවිධානය, ජනතා විමුක්ති පෙරමුණ, UNP, SLFP සහ…
පසුගිය සතියේ දී සීඝ්‍රයෙන් පහළ ආ රත්‍රං මිල ගණන් මේ වන විට නැවත වරක් ඉහළ යන තත්ත්වයක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව අද (13) පෙරවරුවේ කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 160,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. පසුගිය බ්‍රහස්පතින්දා (09) කැරට් 22 රන් පවුමක මිල රු. 134,000 ක් දක්වා පහළ වැටී තිබුණි. මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා රු. 145,000 ක් දක්වා පහළ ගොස් තිබුණු කැරට් 24 රන් පවුමක මිල අද වන විට රු. 173,000 ක් දක්වා වැඩි වී ඇති බව කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය සතියේ රත්‍රං මිලෙහි…
