Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජෝෂ් හෙසල්වුඩ් හට ඉන්දියාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වී තිබේ. ඔහුගේ වම් පාදයේ හට ගෙන ඇති ආබාධයක් හේතුවෙන් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා සහභාගී නොවන බව වාර්ථා වේ. හෙසල්වුඩ් වෙනුවට ස්කොට් බොලන්ඩ් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ. ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 09 වන දින නාග්පූර් හීදී ආරම්භ වීමට නියමිතය.
අමෙරිකානු ගුවන් සීමාවේදී සිය බැලුනයක් පුපුරවා විනාශ කිරීම හෙළා දකින බව චීනය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් චීන විදේශ අමාත්‍යංශය පෙන්වා දෙන්නේ අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් දැඩි අතෘප්තිය සහ විරෝධය පළ කරන බවය. අමෙරිකානු ගුවන් සීමාවේ ඔත්තු බැලූ බව පවසන චීනයට අයත් යෝධ බැලුනයක් අමෙරිකානු ආරක්ශක අංශ විසින් පුපුරුවා හැරීමට පියවර ගනු ලැබීය. අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රහාරක ජෙට් යානා යොදාගනිමින් සිදුකළ ප්‍රහාරයකින් අනතුරුව එම බැලුනය මුහුදට කඩා වැටී ඇති බවය. අදාළ බැලුනය ඔත්තු බැලීමේ යානයක් නොවන අතර එය කාලගුණ තොරතුරු ලබාගැනීම සඳහා යොමු කර තිබූ බවත් කාර්මික දෝෂයක් හේතුවෙන් අමෙරිකානු ගුවන් සීමාවට බැලුනය ගසා ගෙන ගොස් ඇති බවත් චීනය ප්‍රකාශ…
වී වගාවට අවශ්‍ය පෝෂක නිසි පරිදි නොලැබීම නිසා කහ පැහැගැන්වීමේ රෝගය මතුව ඇතැයි ක්ෂේත්‍ර පරීක්ෂාවේදී අනාවරණ වූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. ගොයම් ගස් කහ පැහැ වන නෙමටෝඩා හෙවත් මූල ගැටිති වටපණු රෝගය පසුගිය කාලය පුරාම බොහෝ ප්‍රදේශවලින් වාර්තා වුණි. ඇළහැර ගොවි ව්‍යාපාර යටතේ වගාකළ දියබෙදුම නෑහින්න ප්‍රදේශයේ ගොවීන්ගේ වී වගාවද අදවන විට කහ පැහැ ගැන්වීමේ රෝගයට ගොදුරුවී අවසන්ය. බතලේගොඩ වී පර්යේෂණ සහ සංවර්ධන ආයතනය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඊයේ (05) ප්‍රකාශ කළේ වී වගාවට අවශ්‍ය පෝෂක නිසි පරිදි නොලැබීම නිසා එම කහ පැහැ ගැන්වීමේ රෝගය මතුව ඇතැයි ක්ෂේත්‍ර පරීක්ෂාවේදී අනාවරණ වූ බවය. බතලේගොඩ වී පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ජයන්ත සේනානායක…
නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද (06) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්මේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.50ට වැඩි තරමක් තද වැසි ඇතිවේ. කොළඹ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
පයාගල, දියලගොඩ වෙරළ තීරයේ දිය නෑමට ගිය තරුණයෙක් දියේ ගිලී අතුරුදන් වී තිබේ. තරුණයින් සිව්දෙනෙකු ඊයේ (05) සවස 5.45ට පමණ පයාගල දියලගොඩ වෙරළ තීරයේ දිය නෑමට ගොස් තිබුණි. ඉන් එක් අයෙකු දියේ ගිලී අතුරුදන් වී ඇත. එසේ දියේ ගිලී අතුරුදන් වී මස්කෙළිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි. මෙම පිරිස බොරලැස්ගමුව ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවය කරන පිරික් බවට වාර්තා වෙයි.
දැඳුරු ඔයේ හලාවත මෝය කටේ දියනෑමට ගිය දරුවන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙකු දියේ ගිලි මියගොස් තිබේ. මීගමුවේ සිට හලාවත ඥාති නිවෙසකට ගොස් හලාවත මෝයේ දිය නෑමට ගිය නව දෙනකුගෙන් තිදෙනකු මෙලෙස දියේ ගිලි මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය. මියගිය අය අතර එකම පවුලේ පියා දියණිය සහ ඥාති පුතෙකු වන බව සඳහන්ය. ඔවුන් මීගමුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි සත් හැවිරිදි සහ සය හැවිරිදි වයස්වල පසුවන්නන් බව පොලීසිය පැවසීය. දියේ ගිලුණු තවත් තිදෙනෙක් ඉන් මුදවාගෙන හලාවත රෝහලට ඇතුළත් කර තිබේ. හලාවත පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
පළාත් පාලන මැතිවරණය පැවැත්විමට ප්‍රතිපාදන නොමැති නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ වැටුප මාස දෙකකට අත්හිටුවා එම මුදල් මැතිවරණය වෙනුවෙන් භාවිත කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධා ක්‍රිෂ්ණන් මහතා පවසයි. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම වෙත මුදල් ප්‍රතිපාදන ලබාදිම ප්‍රමාද කිරීම තුළින් රජය මැතිවරණය නොපැවැත්වීමට උත්සහ කරන බව ඔහු සඳහන් කරයි. නුවරඑළිය ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වී.රාධා ක්‍රිෂ්ණන් මහතා එම අදහස් පළ කළේය. “මැතිවරණ කන්තෝරුව ඒ අය සුදානම් කරලා තියෙනවා. නමුත් අද වෙනකල් ට්‍රෙෂරි එක සල්ලි දුන්නේ නෑ කියලා ඒ අය චෝදනා කරනවා. පොලීසිය එස්ටිමේට් එකක් එවලා තියෙනවා. ඒක වැඩියි කියලා ආපහු එවලා. මේවගේ පරස්පර විරෝධය…
සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන දර්ශන හඳුන්ගොඩ ඊයේ (05) රාත්‍රියේ අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ වීඩියෝ දර්ශන අප වෙත ලැබී තිබේ. ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. එම අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දර්ශන හඳුන්ගොඩ පවසා සිටියේ, “මොනවා වෙයිද දන්නේ නෑ…බලමු” යනුවෙනි.
පාර්ලිමේන්තු ඇතුළත මාර්ගවල බස් රථ ඇතුළු වාහන ධාවනය කිලෝමීටර 40 ට අඩු වේගයක පවත්වා ගෙන යන ලෙස වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා උපදෙස්දී ඇත. දියවන්නාව තෙත්බිම් කලාපයේ වෙසෙන පක්ෂීන්ට මෙන්ම පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන පාසල් දරුවන්ට වාහන අධික වේගයෙන් ධාවනය කිරීමේදී අනතුරු සිදුවිය හැකි හෙයින් මෙසේ උපදෙස් දුන් බව වේත්‍රධාරිවරයා පැවසීය. සමහර වාහන පාර්ලිමේන්තුව ඇතුළත මාර්ග වල අධික වේගයෙන් ධාවනය කරන බවට තොරතුරු වාර්තාවී ඇතැයිද ඔහු සඳහන් කළේය.
ඇඹිලිපිටිය ආයුර්වේදය මාර්ගයේ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ මළසිරුරක් ඊයේ (04) සොයාගෙන තිබේ. පුද්ගලයින් තිදෙනෙකු විසින් මෝටර් රථයකින් පැමිණ අදාළ කාන්තාව පැහැරගෙන ගොස් ඇති බවට එම කාන්තාවගේ දියණිය විසින් සූරියවැව පොලීසිය වෙත පසුගිය 03 වැනිදා සිදුකරන ලද පැමිණිල්ලක් මත විමර්ශනයක් සිදුකළ බව පොලීසිය පැවසීය. ඒ අනුව, ලැබුණු තොරතුරක් මත අදාළ කාන්තාවගේ මළසිරුර ඇඹිලිපිටිය ආයුර්වේදය මාර්ගය ප්‍රදේශයේ තිබී ඇඹිලිපිටිය පොලීසිය විසින් සොයාගෙන ඇත. මියගොස් ඇත්තේ 58 හැවිරිදි සූරියවැව වීරියගම ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි. මියගිය කාන්තාවගේ පුත්‍රයා ඇඹිලිපිටිය ප්‍රදේශයේ හෝටලයක සේවය කරන බවත් එහි හිමිකරුගේ බිරිඳ සමග අනියම් සම්බන්ධතාවක් පවත්වා ඇති අතර ඔවුන් පසුව පළාගොස් ඇති බවත් අනාවරණය වී තිබේ. පසුව ඔවුන්…
