Author: LANKA24X7

තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනය හේතුවෙන් ‍මේ වන විට පුද්ගලයින් 15,000කට අධික පිරිසක් ජිවීතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මේ අතර තුර්කියට බලපෑ භූ කම්පන තත්ත්වයෙන් සිදුවු විනාශය අවම කිරීමට රජයේ යම් දුර්වලතාවන් බලපෑ බව එරට ජනාධිපති රිසෙප් ටයිප් අර්ඩන් විසින් පිළිගෙන තිබේ. භූ කම්පාවෙන් විනාශයට පත් වු ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට විපක්ෂය පවසන්නේ අදාළ ව්‍යසනයේ වගකීම ජනාධිපතිවරයා විසින් භාරගත යුතු බවය. අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති රිසෙප් අර්ඩන් පවසන්නේ ඇතැමුන් පවතින තත්ත්වය හමුවේ දේශපාලන වාසි උදෙසා විවිධ ප්‍රකාශ සිදුකරමින් සිටින බවය.

Read More

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය. සබරගමුව පළාතේ ත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව විදුලි, ජල, වරාය සහ ඛනිජ තෙල් ඇතුළු තවත් ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව ඔවුන් කොටුව දුම්රියපල ඉදිරිපිට මේ වනවිට උද්ඝෝෂණයක නිරත වනවා. ඒ හේතුවෙන් කොටුව දුම්රියපොල ඉදිරිපිටින් ඕල්කට් මාවතේ එක් මංතීරුවක් අවහිර වී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. මේ අතර බදු ප්‍රතිපත්තියට එරෙහි වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෘත්තීය සමිතිවලට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කර තිබෙනවා. කොටුව පොලීසිය සිදුකළ දැනුම්දීමකට අනුව අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයට, ජනපති කාර්යාලයට, ජනාධිපති මන්දිරයට සහ ගාලුමුවදොර භූමියට ඇතුළුවීමට නොහැකි වන පරිදියි.

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කළ ලැබූ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලූ කොමිසම සිදුකර තිබෙන නිර්දේශ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු නොකිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම්දුන්නේය. අදාළ කොමිසම සිදුකර තිබෙන නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් ගොනුකර තිබූ පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපති සංජේ රාජරත්නම් මහතා මෙම දැනුම්දීම සිදුකළේය.

Read More

13 වන සංශෝධනය ගෙන ඒම යහපත් නමුත් එයින් තමන්ගේ ප්‍රශ්නවලට එය විසඳුමක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය. ඒකීය රටක් තුළ සෑම විටම බහුතර සිංහල ජනතාවගේ අදහස් පමණක් ආණ්ඩුවෙන් ඉෂ්ට කරන බව ද ඒ මහතා පැවසීය. “අපේ දේවල් කරන්න බැරි ඇයි ? මම මහ ඇමති හැටියට ඒවා ඔක්කෝම දැක්කා. කොහොම ද මධ්‍යම ආණ්ඩුව අපිව වැඩකරන්න බැරි තත්ත්වයට අරන් ආවේ කියලා. ඒ නිසා ෆෙඩරල් ක්‍රමයක් ගැන අපි අහනවා. නමුත් 13 වන සංශෝධනයෙන් දැනට තියෙන තත්ත්වය ට ඒක සම්පූර්ණයෙන් ඉෂ්ට කරන එක හොඳයි කියලයි මම කියන්නේ. අනිත් ඒවා ඔක්කෝම මම හොඳට…

Read More

නව වන පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කර තිබේ. නව සභාවාරය උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට අදාළ කටයුතු අද (08) පෙරවරු 9.30 ට ආරම්භ වූ අතර ඊට සහභාගී වීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධකන, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ පැමිණිම පළමුව සිදුවුණි. අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීම පෙරවරු 9.40ට පමණ සිදු වූ බව “අද දෙරණ” පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේය. එහීදී කථානායකවරයා විසින් ජනාධිපතිවරයා පිළිගනු ලැබීය. නව වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ වනවිට ඉදිරිපත් කරමින් සිටී. ජනාධිපතිවරයාගේ කතාවෙන් අනතුරුව පාර්ලිමේන්තුව කල් තැබීම සිදුකෙරෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේය. බදු අය…

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. පෙරේදා මෙම ප්‍රකාශය සටහන් කරගෙන තිබුණේ, ජනාධිපති මන්දිරයේ තිබී පසුගිය අරගල කාලසීමාවේ දී අරගලකරුවන් විසින් සොයාගත් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක මුදල් සම්බන්ධයෙනු යි. අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවසට ගොස් එම ප්‍රකාශය සටහන් කරගෙන තිබූ බව යි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.

Read More

පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට ගොස් එහි කාන්තාවන් දෙනෙකුගේ සේවය ලබාගත් බව කියන පෑලියගොඩ මුලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනපොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් මාධ්‍යට පැවසීය. මෙම පොලිස් කොස්තාපල් ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් මූලික මූලික විමර්ශනයක් පවත්වා ඔවුන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇත්තේ කැලණිය සහකාර පොලිස් අධිකාරී 1 විසිනි. මෙම පොලිස් කොස්තාපල් දෙදෙනා අනවසරෙන් පොලිස් ස්ථානයෙන් පිටව ගොස් මෙම සම්බාහන මධ්‍යස්ථානයට ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි. පොලිස් 119 හදිසි ඇමතුම් අංශයේ මගින් ලබාදුන් තොරතුරක් මත පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩායමක්මෙම සම්භාහන මධ්‍යස්ථානය වැටලූ අවස්ථාවේ කාන්තාවන් දෙදෙනෙකුගේ සේවය ලබා ගනිමින් සිටියේ යැයි කියන කොස්තාපල් දෙදෙනා පලාගොස්…

Read More

පොළොන්නරුව දිස්ත්‍රික් පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා නිට්ටඹුව නගරයේ දී ඉකුත් වසරේ මැයි නව වැනිදා පහරදී ඝාතනය කළේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු යුධ හමුදා සෙබළකු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ නිට්ටඹුව එල්ලක්කල ප්‍රදේශයේ පදිංචිව සිටි හෙන්දාවිතාරණ නිපුන බුද්ධික නැමැති නැමැති 26 හැවිරිදි හිටපු යුධ හමුදා සෙබළෙකි. රහස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වා අත්අඩංගුවට ගත් මෙම සැකකාර හිටපු සෙබළා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මහර රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි බව පොලිසිය සඳහන් කරයි . ඔහුට වැළඳී තිබූ බව කියන පිළිකා රෝගයක් හේතුවෙන් මහර…

Read More

කළුතර, තේක්කවත්ත, පළාතොට ප්‍රදේශයේ දී සහෝදරයෙකු ට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමට සැකපිට 14 හැවිරිදි බාල සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (07) දහවල් අදාළ ඝාතනය සිදුව තිබුණි. පහරදීමෙන් බරපතළ තුවාල ලැබු වැඩිමහල් සහෝදරයා ව නගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ජීවිතක්ෂයට පත්ව තිබුණි. මියගිය පුද්ගලයා සිය බාල සහෝදරයා සමග නිවසේ සිට ඇති අතර, ඔවුන්ගේ මව රෝහල්ගතව ප්‍රතිකාර ලබන ඇයගේ සැමියාවෙ බැලීමට රෝහලට ගොස් සිටිය දී අදාළ ආරවුල ඇතිව තිබේ. එහිදී බහින්බස්වීමක් දුරදිග යෑමෙන් බාල සහෝදරයා විසින් මන්නයකින් ගෙල ප්‍රදේශයට පහර දී තිබුණි. පහරකෑමෙන් මියගොස් ඇත්තේ, 26 හැවිරිදි අනුරුද්ධ ධනංජය ද සිල්වා නොහොත් සඳුන් යනුවෙන් හඳුන්වන ත්‍රීරෝද රථ රියදුරෙකි.

Read More