Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලම දිස්ත්‍රික්කයේ පැවැත්වීම පිළිබඳව නිල වශයෙන් තීන්දු තීරණ ගැනීමේ සාකච්ඡාවක් හලාවත කරවිටාගාර ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේදී පත්තඩුවන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක නැදගමුවේ විජය මෛත්රී අනුනාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් රටපුරා බෞද්ධ ප්‍රබෝධය ඇති කිරීමේ අරමුණින් මෙවර වෙසක් උත්සවය සැමරීමට සැලසුම්කර ඇති අතර ඒ සඳහා ජාතික තලයේ මෙන්ම දිස්ත්‍රි හා ප්‍රාදේශීය මට්ටමේ ආයතන සමඟද ඒකාබද්ධ වෙමින් කටයුතු කරන බව වැඩ සටහන පිළිබඳව පැහැදිලි කළ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා එහිදී සඳහන් කළේ ය. වෙසක් පුර්ව වැඩසටහන්,වෙසක් සතිය තුළ ක්‍රියාත්මක රාජ්‍ය වෙසක් දින උත්සවය හා වෙසක්…
පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා 2023 ජනවාරි මාසයට අදාළ පෝෂණ මුදල් වශයෙන් රුපියල් මිලියන 814 ඉක්මවූ අත්තිකාරම් මුදලක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවලට මුදා හැර ඇත. තව ද සහල්, පරිප්පු සහ සැමන් මෙන් ම ආහාර පිසීමට ගන්නා තෙල් ද ලෝක ආහාර වැඩසටහන හා ඇමරිකානු ආධාර යටතේ ප්‍රදානය කෙරී ඇති අතර සතියේ දින පහේ ම දරුවන්ට ලබා දෙන ආහාර වට්ටෝරු සඳහා බත් ඇතුළත් කර ඇත. මෙතෙක් දිවා ආහාරය ලබා දුන් දරුවන් ලක්ෂ එකොළහක සංඛ්‍යාව, ලබන පාසල් වාරයේ සිට දෙගුණයකින් වැඩි කිරීමටත් ඒ අනුව සමස්ත පාසල් දරුවන්ගෙන් 51%ක් සඳහා දිවා ආහාර සැපයීමටත් කටයුතු යොදා ඇත. සියලු ම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මෙම තොරතුරු…
ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල ඉතිහාසයේ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය මාර්තු 23 වන දින සිට දිවයින පුරා සිනමාශාලාවලදී ප්‍රදර්ශනය කිරිමට නියමිතව තිබේ. මෙම චිත්‍රපටය සුවිශේෂ වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ප්‍රභාත් අංගම්පොඩි මහතාගේ අධ්‍යක්ෂනයෙන් සහකැලණිය විශ්වවිද්‍යාලයීය සිනමා හා රූපවාහිනී අධ්‍යන සිසු සිසුවියන්ගේ දායකත්වයෙන් ඔවුන්ගේ පරීක්ශණ ව්‍යාපෘතියකටසමගාමීව බිහිවූ නිර්මාණයක් වන බැවිනි. ඒ අනුව ශ්‍රී ලාංකීය සිනමා වංශකතාවට නවමු පරිච්ඡේදයක් ආරම්භ කරමින් ලාංකීයවිශ්ව විද්‍යාලයකින් බිහිවූ ප්‍රථම චිත්‍රපටය ලෙස “වියසිදුරු” රන් අකුරින් ලියැවෙනු ඇත. “වියසිදුරු” චිත්‍රපටය ස්වීඩනයේ පැවැත්වුණු 3 වන බොඩෙන් ජාත්‍යන්තර සිනමා උළෙල (Boden International Film Festival – BIFF) නියෝජනය කරමින් මංගල චිත්‍රපට අධ්‍යක්ෂණයට (First Time Feature Film) හිමි සම්මානයට මීට අමතරව අමතරවපසුගිය කාලයේදී තරග කළ…
රිය අනතුරක් කොට ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයකුගේ මරණය සිදුකිරීම සම්බන්ධයෙනන් පවරා ඇති නඩු විභාගයට ඉදිරිපත් නොවු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රිරංගා මහතා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී කොහුවල පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ (17) අත්අඩංගුවට ගන්නා ලදී. ජේ.ශ්‍රිරංගා මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් වවුනියාව (මන්නාරම) මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා නිකුත් කළ වරෙන්තුවකට අනුව කොහුවල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙලෙස ඔහු අත්අඩංගුවට ගන්නා ලදී. රෝගී තත්වයක් හේතූවෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ගනිමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ජේ.ශ්‍රිරංගා මහතා අධධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.…
එළඹෙන මාර්තු 19 වනදා මධ්‍යම රාත්‍රියෙන් නිල කාලය අවසන් වන පළාත් පාලන ආයතන 340ක සභිකයන් සඳහා දැනට ගෙවනු ලබන දීමනා මාර්තු පළමු වනදා සිට මාර්තු 19 වනදා දක්වා පමණක් ගෙවීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම පැවැත්වූයේ 2018 ඔක්තෝබර් 11 වනදා බැවින් එම ප්‍රාදේශීය සභාවේ නිල කාලය අවසන් වන්නේ ලබන ඔක්තෝබර් පළමු වනදාය. 19 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන පළාත් පාලන ආයතන පළාත් ආණ්ඩුකාරවරුන්ගේ අධීක්ෂණය යටතේ ව්‍යවස්ථානුකූලව කොමසාරිස්වරුන් හා ලේකම්රුන්ගේ පාලනයට යටත් වෙයි. එම ආයතනවල දැනට ධුරයේ සිටින නගරාධිපතිවරුන් හා සභාපතිවරුන් යටතේම පවත්වාගෙන යාමට…
උපයනවිට බද්දට අදාළව සහනයක් ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා සමග ඉදිරියේදී පැවැත්වෙන සාකච්ඡාවේදී ස්ථිර කාලරාමුවක් සකස් කරගැනීමට ජනාධිපති ලේකම්වරයා එකඟතාවය පළ කළ බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි. ඔවුන් මේ බව සඳහන් කළේ ජනාධිපති ලේකම්වරයා සමග ඊයේ (17) පැවති සාකච්ඡාවකින් අනතුරුවය. රජයේ නව බදු ප්‍රතිපත්තිය හා ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වෘත්තීයවේදින්ගේ වෘත්තීය සමිති එකමුතුව දියත් කළ වැඩවර්ජනය අවසන් කෙරුණේ, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෘත්තීය සමිති සමග සෘජු සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් බවට දන්වා එවන ලද ලිපියට ප්‍රතිචාර දක්වමිනි. ඒ අනුව ජනාධිපතිවරයා සමග එළඹෙන සතියේ සාකච්ඡාව පැවැත්වීමට පෙර ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සාකච්ඡාවක් සඳහා කැඳවා තිබුණි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ. ජාත්‍යන්තර අපරාධ අධිකරණය චෝදනා කරන්නේ ජනාධිපති පුටින් යුද අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු බවය. නීතිවිරෝධී ලෙස ළමුන්ව යුක්‍රේනයේ සිට රුසියාවට පිටුවහල් කිරීම එහිදී එල්ලවී ඇති එක් චෝදනාවක් වෙයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.
දැනට මුද්‍රණය කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකාද මුදල් ලබාදෙන තුරු බාරදිය නොහැකි බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට අද (17)දැනුම් දුන්නාය. දැනට මුද්‍රණය කර ඇති ඡන්ද පත්‍රිකා බාර දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව තමාගෙන් ඉල්ලීමක් කළ බව රජයේ මුද්‍රණාලාධිපතිනිය සඳහන් කළාය. දිස්ත්‍රික්ක දාහතකට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර ආරක්ෂක ගබඩාවේ තැන්පත් කර ඇතත් ඒවා මිටි බැඳීම සහ පොලිසියේ ආරක්ෂාව යටතේ පරික්ෂා කිරීම තවමත් අවසන් නැතැයිද ඇය පැවසුවාය. ඡන්ද පත්‍රිකා මුද්‍රණය වෙනුවෙන් රජයේ මුද්‍රණාලය දැනට වැය කර ඇති මුදල රුපියල් කෝටි 20 ක් පමණ වේ. එහෙත් ඒ මුද්‍රණ කටයුතු වෙනුවෙන් දැනට ලැබී ඇත්තේ රුපියල් කෝටි හතරක පමණ…
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයෙක් ලෙස කුෂාන් ජයසූරිය මහතා පත්කිරීමේදී මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විෂයභාර අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව නොමග යවමින් මහජන උපයෝගිතා පනත උල්ලංඝනය කර ඇති බවත් එම නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට තීරණය කර ඇති බවත් මහජන උපයෝගිතා කොමාසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. එම කොමිෂන් සභා පනතට අනුව ලැදියා අතර ඝට්ටනයක් ඇති පුද්ගලයෙක් සභාවේ සාමාජිකයෙක් ලෙස පත්කළ නොහැකි බව කියන ඒ මහතා කුෂාන් ජයසූරිය මහතා විදුලිබල කර්මාන්ත ආශ්‍රිත සමාගමකට සම්බන්ධ යැයි ද සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි මස 14 වැනිදා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම්දීමෙන් පසුව පත්වීම් ලිපිය නැවත කැඳවා ඇති බවත් එසේ…
