Author: LANKA24X7

ඩීසල් ඇතුළු ඉන්ධන වර්ග තුනක මිල ඊයේ (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේය. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 6 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු කළ බව ද ඛනිජ තෙල් සංස්ථාව පැවසීය. ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල වෙනස් නොවන බව ද ඛනිජ තෙල් සංස්ථාව පැවසීය. මෙම මිල සංශෝධනයට අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 277 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 335 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 185 ක් බවත්…

Read More

ළමයින් හිංසනයට ලක්වීම වැළැක්වීම සඳහා රජය ගෙන ආ පනත් කෙටුම්පත සම්මත වුවහොත් දරුවන්ට උගන්වනවාද? නැතිනම් හිරේ යනවද? කියා ගුරුවරුන්ට හිතන්න වෙන බව ගුරු විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමියෝ මාධ්‍ය හමුවකදී ඊයේ (30) පැවසීය. මෙම දණ්ඩ නීති සංග්‍රහ සංශෝධනය ක්‍රියාත්මක වුණොත් පාසලකට ශිෂ්‍ය නායක මණ්ඩලයක් වැඩක් නැතැයි ද සුමංගල හිමියෝ කීහ. ගුරු සංගම් වල සහභාගීත්වයෙන් කොළඹදී පැවති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ උලපනේ සුමංගල හිමියෝ:- මේ පනත සම්මත වුණොත් වගේම පාසලකට විනය මණ්ඩලයක් වැඩක් නැහැ.කොටින්ම කියනවා නම් පාසලේ විනය කියන වචනයක් කතා කිරීමත් තහනම් වෙනවා.මේ නිසා රට වනසන, පාසල වනසන මේ පනත වහ හකුලා ගන්නැයි අප රජයෙන් ඉල්ලා සිටිනවා.…

Read More

ළමා දිනයේ දී සහ වැඩිහිටි දිනයේ දී ඔවුනගේ සුබ සිද්ධිය උදෙසා කළ යුතු දේ පිළිබඳව පුළුල් සංවාදයකට යා යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ලෝක ළමා දින සහ වැඩිහිටි දින සුබ පැතුම් පණිවිඩයෙන් පවසයි. විපක්ෂ නායකවරයා මෙසේද කියයි. ජාත්‍යන්තර ළමා දිනය සහ ජාත්‍යන්තර වැඩිහිටි දිනය වසරේ එක ම දිනයක පැවැත්වීම අතිශයින් ම අර්ථාන්විත සැමරුමක්. ‘අද දරුවා හෙට වැඩිහිටියකි.’ මේ ආත්තෝපදේශය අපට දරුවන් සහ වැටිහිටියන් ගැන මනා වැටහීමක් ලබාදෙයි. ළමුන්ගේ සුරක්ෂිතභාවය යනු සමාජයේ යහපැවැත්ම යි. සමාජයේ යහපැවැත්ම අනාගතයට දායාද කරනු ලබන වැඩිහිටියන් යනු රටක පූර්වාදර්ශ, පරමාදර්ශ සනිටුහන් කරන පිරිස යි. මේ දෙපිරිසම ආරක්ෂා කිරීම රැකබලා ගැනීම සහ ඔවුන් වෙනුවෙන් සමාජය…

Read More

දරුවන්ට පරිපූර්ණ ළමා ලෝකයක් සහ වැඩිහිටියන්ට ගෞරවනීය සමාජ ජීවිතයක් ගත කිරීමට අවැසි “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” වෙනුවෙන් උපරිමයෙන් කැපවෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ළමා සහ වැඩිහිටි දින සුබ පැතුම් පණිවිඩයෙන් පවසයි. අග්‍රාමාත්‍යවරිය මෙසේද කියයි. “ආදරෙන් සුරකින්න – අපට ලොව දිනනට ” යන්න තේමා කර ගනිමින් සමරන ලෝක ළමා දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය ලෙස සුබපැතුම් පිරිනැමීමට ලැබීම පිළිබඳව ඉමහත් සතුටට පත්වෙමි. රටක ජීවය වන්නේ දරුවන් ය. ඔවුන්‍ට පරිපූර්ණ ළමා ලෝකයක් ගොඩනැගීම අපේ කාර්‍යභාරයයි. ජනගහනයෙන් 31% කට ආසන්න ළමා පරපුරක් හිමි රටක් ලෙස දරුවන් වෙනුවෙන් වූ සුවිශේෂී වගකීමක් රජය වෙත පැවරී තිබේ. එකී වගකීම මැනවින් අවබෝධ කරගත් අප රජය ” සුරක්ෂිත…

Read More

ළමා සහ වැඩිහිටි අයිතිවාසිකම් සහ සුබසිද්ධිය වෙනුවෙන් රජය පූර්ණ වශයෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. ජනාධිපතිවරයා මෙසේද කියයි. ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට යෙදී තිබේ. රටක ජනගහනයෙන් ළමා සහ වැඩිහිටි නියෝජනය සැලකිය යුතු ප්‍රමාණයකි. මෙම පරම්පරා දෙකෙහිම අයිතිවාසිකම් සහ සුබසිද්ධිය වෙනුවෙන් පූර්ණ වශයෙන් අප රජය කැප වී සිටින අතර, දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ යහපැවැත්ම උදෙසා අඛණ්ඩව ක්‍රියා කරමින් සිටින්නෙමු. රටක මෙන්ම ලෝකයේ අනාගතය දරා සිටින්නේ ළමා පරපුරය. ඔවුන්ගේ ලෝකය අව්‍යාජ සහ නොකිළිටි ලොවක් වන හෙයින් අතිශය සුන්දරය. ඒ සුන්දරත්වය භුක්ති විඳීමට ඔවුන්ට…

Read More

2012 දී ඝාතනයට ලක් වූ රගර් ක්‍රීඩක වසීම් තජුඩින් මියගොස් සිටි රථයට පිටුපසින් පැමිණි සැක කටයුතු රථයක මිද්දෙණියේ දී ඝාතනයට ලක් වූ අරුණ විදාන ගමගේ හෙවත් ” කජ්ජා ” නැමැත්තා සිට ඇති බව ඔහුගේ බිරිය අනාවරණය කළ බව වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා ඊයේ පැවසීය. ඔහු මේ බව පැවසුවේ බත්තරමුල්ල සුහුදු පාය පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකටට එක්වෙමිනි. කජ්ජා නමැත්තාගේ බිරිය ස්වේච්ඡාවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පෙනී සිට මෙම ප්‍රකාශය දුන් අවස්ථාවකදී බවද වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. කොළඹ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය අසල පිලිස්සී ගිය මෝටර් රථයකයක තිබී රගර් ක්‍රීඩක වසීම්…

Read More

ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30) පෙරවරුවේ ටෝකියෝ හි ඉම්පීරියල් හෝටලයේදී නිපොන් පදනමේ ආරම්භක සභාපති යොහෙයි සසකාවා මහතා හමුවී සාකච්ඡාවක නිරත විය. ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය. ශ්‍රී ලංකාව තුළ සියලු ප්‍රජාවන්ගේ ජීවනෝපායන් නඟා සිටුවීම සඳහා අඛණ්ඩව සහයෝගය ලබා දෙන බව යොහෙයි සසකාවා මහතා මෙහිදී ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළේය. එසේම උතුර සහ නැගෙනහිර පළාත්වල පාසල් 100 ක් ප්‍රතිසංස්කරණය කිරීම සහ නවීකරණය කිරීම සඳහා වන ඉදිරි සැලසුම් ද ඔහු විසින් ඉදිරිපත් කරන ලදී. ශ්‍රී ලාංකික ජනතාවගේ සංවර්ධනය සහ යහපැවැත්ම…

Read More

ඉකුත් මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා තේරී පත්වීම බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) ප්‍රතික්ෂේප කළේය. පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

Read More

මැදිරිගිරිය මණ්ඩලගිරිය ජාතික පාසලේ සිසු දරු දැරියන් 40කට අධික පිරිසක් ශ්‍රමදානයක් අතරතුර හදිසියේ රෝගීවීම හේතුවෙන් අද (30) උදෑසන මැදිරිගිරිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ. උදෑසන පාසලේ පන්ති කාමර අවට පිරිසිදු කිරීමේ වැඩසටහනකට සහභාගි වීමෙන් අනතුරුව මෙම දරු දැරියන් කැසීමේ රෝග ලක්ෂණ ඉස්මතු කර ඇති අතර, පසුව ඔවුන්ගේ කිහිපදෙනෙකුට මෙම රෝග ලක්ෂණ කැපී පෙනීම හේතුවෙන් රෝහල්ගත කර ඇත. මේවන විට දරුවන් පස් දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතරින් අනෙක් දරුවන් ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් තිබේ. සිද්ධිය සම්බන්ධව මේ වන විටත් පාසලේ විදුහල්පතිවරයා විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Read More

අරගල කරුවන් විසින් 2022 දී ගිනිබත් කර විනාශයට පත් කළ කිරිඉබ්බන්වැව , මහවැලි අධිකාරියට අයත් ඉඩමේ දේපළ සඳහා රජයේ නිලධාරීන්ට බලපෑම් කර වන්දි ලබාගත්තේ යැයි කියන හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ශරීරයේ සෝඩියම් සාන්ද්‍රණය වැඩිවී වකුගඩු වලට බලපෑම්වීම සම්බන්ධයෙන් පූර්ණ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (30) බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය. පොදු දේපල පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුට ඇප ලබාදීමටට තරම් සුවිශේෂී කරුණක් ඉදිරිපත් වී නොමැති බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 14 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. සැකකරුට රෝග ඇත්නම් එය තත්කාලීන විය…

Read More