Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් දුම්රිය දෙකක් එකම දුම්රිය පිල්ලේ එකම දිසාවට ළංව ධාවනය වීමේ පුවතක් අද (05) වාර්තා විය. අද පෙරවරු 9.45 ට පමණ පානදුර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 328 දරන මන්දගාමී දුම්රියට පානදුර, මොරටුව අතර ප්‍රදේශයේදී ඉදිරියට ධාවනය වීම සඳහා එම සංඥා කුලුනේ කොළ පැහැති සංඥාව ලැබී තිබියදී තවත් දුම්රියක් එදෙසටම ධාවනය වී තිබේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පැවසුවේ, මුහුදුබඩ මාර්ගයේ වර්ණාලෝක සංඥා පද්ධතියේ බරපතළ දෝෂයක් හේතුවෙන් මෙවැනි තත්ත්වයක් මතුව ඇති බවය. ඒ අනුව කඩිනමින් අදාළ සංඥා දෝෂයට විසදුම් ලබාදිය යුතු බව එම සංගමය දුම්රිය බලධාරීන්ට ලිඛිතව දැනුම් දී…
දින දෙකක් වයසැති කුඩා බිළිඳෙකු රුපියල් 75,000ක මුදලකට අලෙවි කිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරු වූ 46 හැවිරිදි තිදරු මවකට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර 7ක සිරදඬුවම් නියම කර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය. සිරදඬුවමට අමතරව රුපියල් විසිදහසක දඩ මුදලක් ද එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස 6ක ලිහිල් සිරදඬුවමක් නියම කරන බවත් විනිසුරුවරයා නියෝග කළේය.
පෞද්ගලික බස් කර්මාන්තය මුදා නොගත් කලාප තිබෙන කර්මාන්තයක් බවට පත්වී තිබෙන බව ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් බිමල් රත්නායක මහතා මේ බව කීය. ශ්‍රී ලංගම ආයතනය පිහිටවනු ලැබුවේ පනස් අට වසරේදී.අප රටේ ප්‍රවාහන ක්ෂේත්‍රයේදී පෞද්ගලික බස් රථත් සැලකිය යුතු සේවයක් කරනවා.එමෙන්ම සැලකිය යුතු ව්‍යාපාරික පැලැන්තියක්ද ගොඩනැගී තිබෙනවා. පෞද්ගලික බස් රථ නියාමනය කිරීම මෙන්ම සේවක සුභසාධනය ආදී ක්‍රියා රැසක් කළ යුතුව තිබෙනවා. පාරට ගියාට පස්සේ බස් එක ලංගමද පෞද්ගලිකද කියල අදාළ වෙන්නේ නෑ.අප කවුරුත් මහ මඟ හරියට පාවිච්චි නොකළොත් විශාල ගැටලු වලට…
සමෘද්ධි පනත සංශෝධනය කිරීම සඳහා වු පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට රජය පියවර ගෙන තිබේ. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජාසවිබල ගැන්වීමේ අමාත්‍යාංශය විසින් අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. එම පනත් කෙටුම්පතට අනුව සමෘද්ධි ප්‍රජාමුල බැංකුවල ගිණුම් ජාතික විගණන පනතේ විධිවිධාන යටතේ විගණනය කිරීම සඳහා යෝජනා කර තිබේ. ඊට අමතරව සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිතිවල ගිණුම් විගණනය කිරීම සඳහා ද අදාළ පනත් කෙටුම්පත මඟින් යෝජනා කර ඇති බව වාර්තා වේ. මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමෙන් අනතුරුව සමෘද්ධි සංශෝධන පනත ලෙස නම් කිරීමට නියමිතය.
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණ තිබේ.
2015 /2016 වසරවලදී සිදුවූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනුකොට ඇති අධි චෝදනා පත්‍රය බලරහිත කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ රිට් ආඥාව අහෝසි කළ ශ්‍රේෂ්ඨාධිකරණය මහාධිකරණයේ පවරා ඇති නඩුව විභාගයට ගැනීමට නියම කළේය. මහාධිකරණයේ ගොනුකොට ඇති අධි චෝදනා පත්‍රය බලරහිත කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ රිට් ආඥාව අහෝසි කරන්නැයි ඉල්ලමින් නීතිපතිවරයා ගොනු කර තිබූ විශේෂ අභියාචන පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස නියෝග කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තූරේරාජා, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන මහත්වරුන්ගේ හමුවේ පැවැති මෙම විශේෂ අභියාචන පෙත්සම් විභාගයෙන් අනතුරුව අදාළ නියෝගය ප්‍රකාශයට පත් කෙරිණී. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තූරේරාජා සහ…
මේ වසරේ මුල් කාර්තුවේදී පමණක් මෙරටට ඩොලර් කෝටි හැටපහක සෘජු විදේශ ආයෝජන 64ක් පැමිණ ඇතැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (4) පැවසීය. එදා මේ රටේ ක්‍රියාත්මක වූයේ චෞර රාජ්‍යයක් බව පැවසූ අමාත්‍යවරයා අල්ලස දුෂණය වංචාව නැති හෙයින් විදේශ ආයෝජකයන් බිය සැක නැතුව පැමිණෙමින් සිටින බවද සඳහන් කළේය. ඔහු මෙසේ පැවසුවේ දූෂණ විරෝධී පනතේ රෙගුලාසි පිළිබඳ විවාදයේදීය. සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේද පැවසීය. අද රටට ආයෝජකයන් එනවා. රාජ්‍ය නායකයන් එනවා. ගිවිසුම අත්සන් කරන්න කතා කරනවා. මේක එදා තිබුණේ චෞර රාජ්‍යයක්. ජන අරගලයකින් චෞරයන් සියල්ල සුද්ද කළා. තව අවතාර කිහිපයක් ඉන්නවා. අද බලන්න අපේ රටට කොච්චර ආයෝජකයන් ඇවිල්ලද…
කන්ටේනර් 323 ක් නිදහස් කර ඇතැයි කියන ආන්දෝලනාත්මක සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ කමිටුවේ වාර්තාව ලබන සතියේදී නිකුත් කිරීමට නියමිත බව මහ භාණ්ඩාගාරයේ නියෝජ්‍ය මහලේකම් ඒකේ සෙනෙවිරත්න මහතා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ප්‍රකාශ කළේය. ඒ කමිටුවේ වාර්තාව මේ දිනවල සකස් කරගෙන යන බවද ඔහු කීය. මේ අතර වාහන ආනයනයෙන් රජය අපේක්ෂා කළ රුපියල් කෝටි 45000 ආදායම මේ වසර අවසානයේදී ළඟා කරගත හැකි වනු ඇතැයි මහා භාණ්ඩාගාරයේ ප්‍රධානීහු රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ප්‍රකාශ කළහ. මේ වසරේ පළමු මාස පහේදී වාහන ආනයනයෙන් රුපියල් රුපියල් කෝටි 13600 ක ආදායමක් උපයාගෙන ඇති බවද ඔවුහු ප්‍රකාශ කළහ. වාහන ආනයනයට ණය වර ලිපි…
දෙවැනි ලෝක යුද්ධයේදී පුපුරා නොගිය බෝම්බ තුනක් සොයා ගැනීමත් සමග ජර්මනියේ කොලොග්නේ නගරය වැසියන් 20,500 ක් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කිරීමට එරට බලධාරීන් තීරණය කර ඇත. ඩොයිට්ස් ප්‍රදේශයේ නැව් තටාංගනයක තිබී එම බෝම්බ තුන පසුගිය 2 වැනිදා ජර්මනි ආරක්ෂක අංශ විසින් සොයා ගන්නා ලදි. සොයා ගත් බෝම්බ තුනෙන් බෝම්බ දෙකක් ටොන් 20 ක් බරැති ඒවා බවත් ඉතිරි බෝම්බය ටොන් 10 ක් බරැති එකක් බවත් කොලොග්නේ නගර බලධාරීහු ප්‍රකාශ කළහ. බෝම්බ සොයා ගැනීමත් සමග අනතුරුදායක ප්‍රදේශයක් නම් කරමින් එම ප්‍රදේශයේ සිටි වැසියන් 20,500 ක් ආරක්‍ෂිත ස්ථාන කරා යොමුවන ලෙස දැනුම් දුන් බවද නගර බලධාරීහු පැවැසූහ. රෝහලක්, වැඩිහිටි මධ්‍යස්ථාන දෙකක් සහ නගරයේ…
උසස්වීම්, බඳවා ගැනීම් ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය අද (5)උදෑසන 8.00 සිට එක්දින වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණයකර තිබේ. පරිපූරක වෛද්‍ය සේවාව තුල නිර්මාණය වී ඇති ගැටළු විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යතුමාගේ සාධනීය මැදිහත්මක් නොවීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළැබෙන බව එහි ලේකම් චානක ධර්මවික්‍රම මහතාපැවසීය. රසායනාගාර විද්‍යාඥ, ඖෂධවේදීන්, වෘත්තීය චිකිත්සක ඇතුලු වෘත්තීය සංගම් පහක නියෝජිතයින් මේ සඳහා එක්වන බවත් ඔහු සඳහන් කළේය. ඒ අනුව රසායනාගාර සේවා, ඖෂධ නිකුත් කිරීම, සායන කටයුතු ඇතුලු සියලු සේවා සඳහා එමගින් බලපෑම් එල්ල විය හැකි බවත් ධර්මවික්‍රම මහතා කීවේය.