Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
සීමා නිර්ණය ජනගහනය අනුව සහ භූගෝලීය පිහිටීම අනුව නැවත වෙනස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලට සීමා නිර්ණය සම්බන්ධයෙන් බරපතල අසාධාරණයක් සිදුව ඇති බවය.
ලිස්ටීරියා නැමැති රෝග ව්‍යාප්තියේ මූලය සොයා ගැනීම සඳහා කඩිනමින් පර්යේෂණයක් සිදුකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය. ඔහු පැවසුවේ රජයේ අකාර්යක්ෂමතාව රෝග ව්‍යාප්තියට හේතුවී ඇති බවය.
පසුගිය පැය කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රදේශ දෙකක භූචලන වාර්තා වී තිබේ. කිරින්ද ප්‍රදේශයේ රික්ටර් මාපාංක 2.6ක සුළු භූචලනයක් වාර්තා වී තිබුණි. ඊයේ (18) පස්වරුවේ මෙම භූචලනය වාර්තා වු බව භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේය. එමෙන්ම ගෝමරන්කඩවල ප්‍රදේශයෙන් ද අද (19) අලුයම 3.30 ට පමණ රික්ටර් මාපාංක 3ක සුළු භූචලනයක් වාර්තා වී ඇති බව භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය වැඩිදුරටත් පැවසීය.
පළාත් පාලන ආයතන 341න් 340ක නිල කාලය අද (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. 2018 වසරේ මාර්තු 20 වනදා සිට වසර හතරක කාලයක් පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වුව ද පසුගිය වසරේ පැවති තත්ත්වය හේතුවෙන් වසරක කාලයක් එහි නිල කාලය දීර්ඝ කෙරුණි. කෙසේවුව ද පළාත් පාලන ආයතන නීතියට අනුව අද දිනයට පෙර ඡන්ද විමසීමක් පවත්වා නව සභිකයන් පත්කර ගත යුතුව තිබේ. එහෙත් ඡන්ද විමසීම එම දිනයට පෙර පැවැත්වීමට නොහැකි වීම හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය අද මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන් වේ. ඒ අනුව මහ නගර සභා 29හි බලය නාගරික කොමසාරිස්වරුන්ට ද, නගර සභා 36හි සහ ප්‍රාදේශීය සභා 275හි බලය එම ආයතනවල ලේකම්වරුන්ට…
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙල විභාගයේ පිළිතුරු පත්‍ර සඳහා ලකුණු ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පැමිණෙන්නැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වෙත යළිත් ලිඛිතව දැනුම් දී තිබෙනවා. ඒ, විභාග දෙපාර්තමේන්තුව විසින්. එම සාකච්ඡා හෙටින් ඇරඹෙන සතියේ අවස්ථා කිහිපයකදී පැවැත්වීමටයි විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ. ඒ සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් 300කට ආසන්න පිරිසකට කැඳවීම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අතර, විශ්‍රාමික විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ද සිටිනවා. උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සහ ඊට අදාළ පිළිතුරු විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් සම්පාදනය කර තිබෙනවා. ඒ අනුව දිවයිනේ සෑම දිස්ත්‍රිකයක්ම ආවරණ වන පරිදි සිසුන් විසින් සපයන ලද පිළිතුරු පත් කිහිපයක් අහඹු ලෙස…
පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඔහුට එරෙහිව ඇති නඩු විභාගයට මුහුණ දීම සඳහා ඉස්ලාමාබාද් අධිකරණය වෙත පිටත්ව යෑමෙන් පසු එරට ආරක්ෂක අංශ ඔහුගේ ලාහෝර් හි නිවස වෙත කඩා වැදී තිබේ. ඒ, නිවසට ඇතුළුවීම වැළැක්වීමට යොදා තිබූ සියලුම බාධක ඉවත් කරමිනි. එම අවස්ථාවේ දී හිටපු අගමැති ඛාන්ගේ නිවසේ රැඳී සිටි ආධාරකරුවන් සහ ආරක්ෂක අංශ අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය. ආරක්ෂක අංශවල මෙම ක්‍රියාකලාපයත් සමග ඛාන් පාර්ශ්වකරුවන් ප්‍රචණ්ඩකාරී වීම හේතුවෙන් පාකිස්තානය පුරා නොසන්සුන් තත්ත්වයක් මතු වී ඇත. විරෝධතාකරුවන් පාලනයට එරට ආරක්ෂක අංශ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බව වාර්තා වේ. ඉස්ලාමාබාද් අධිකරණය අසලින්ද වාර්තා වූයේ නොසන්සුන් තත්ත්වයකි. මේ අතර ඛාන් පාර්ශ්වකරුවන්…
මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ ඝාතනය කර තිබියදී කුඹුරකදී සොයාගත් 26 හැවිරිදි දනූකා මධුවන්ති නම් තරුණිය දූෂණය කර ඝාතනය කර ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී හෙළිදරව් වී තිබේ. ඇයව ඝාතනය කර ඇත්තේ ඉකුත් 10 වනදා රාත්‍රියේ 9.30ට පමණ බවට පොලීසිය අනාවරණ කරගෙන තිබුණි. ඊට අදාළව සැකපිට ආබාධිත හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගත් අතර මෙම ඝාතනය ඔහු විසින් සිදුකළේ ද යන්න පිළිබඳව තහවුරු කරගැනීම සඳහා ඔහුගේ DNA සාම්පල සහ මියගිය කාන්තාවගේ සිරුරෙන් ලබාගත් DNA සාම්පල පරීක්ෂණ සඳහා යොමුකර ඇති බව පොලීසිය පැවසීය. සැකකාර හමුදා සෙබළා අත්අඩංගුවට ගැනුණේ ඔහුගේ නිවස පොලිස් නිල සුනඛ ‘ඒගර්’ විසින් හඳුනා ගැනීමත් සමගය. අදාළ හමුදා සෙබළාගේ නියපොතු සහ සරමක ඒවන…
නව පොලිස්පති ධුරය ඇතුළු සෙසු ප්‍රධාන තනතුරු සඳහා පුද්ගලයින් පත් කිරීමේදී එම පත් කිරීමේ ක්‍රමවේදය ගැන මහජන විශ්වාසයක් ඇති කිරීමට නම් ඒ සම්බන්ධයෙන් විනිවිදභාවයකින් කටයුතු කළයුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින්ට මේ බව අවධාරණය කර තිබේ.
මැතිවරණය සඳහා මුදල් ලබානොදීමෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අධිකරණයට අපහාස කිරීමක් සිදුකර ඇති බැවින් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. නීතිඥයෙකු මාර්ගයෙන් ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් යොමු කරමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට මේ බව දැනුම් දී තිබේ. එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ, 2023 මාර්තු මස 7 වන දින මැතිවරණ කොමිසම විසින්, පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් 2023 මාර්තු මස 14 වන දින සිට කොටස් වශයෙන් නිකුත් කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට දන්වා ඇති බවය. එසේ වුවද 2023 පෙබරවාරි 13 වනදා එළඹුණු කැබිනට් තීරණයක් අනුව අවශ්‍ය මුදල් නිකුත් කළ නොහැකි බවත්, මුදල් නිකුත්…
කොටහේන පරමානන්ද මාවතේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය. වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ ත්‍රිරෝද රථ කාර්මිකයකු බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් පිස්තෝලයකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. වෙඩිතැබීමට හේතුව නිශ්චිත ලෙස අනාවරණය වී නැත.
