Author: LANKA24X7

රට තුළ අත්‍යවශ්‍ය ඖෂධ 150ක පමණ දැවැන්ත හිඟයක් නිර්මාණය වී ඇති බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ උප සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පවසයි. වෛද්‍යවරයා ප්‍රකාශ කළේ, දැනට පවතින අත්‍යවශ්‍ය ඖෂධ තොග අවසන් වෙමින් පවතින තත්වයක් ද මේ වන විට නිරීක්ෂණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගේ මැදිහත් වීම අවම මට්ටමක පවතින බවය. “රජය රු බිලියන 322ක මුදලක් පසුගිය අයවැයෙන් ඖෂධ සඳහා වෙන්කරනවා කියලා කිව්වත් ඒ මුදල් කිසිසේත්ම නොලැබෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ නිසා මේ වෙනකොට ජීවිතාරක්ෂක ඖෂධවල ඉඳලා විශේෂයෙන්ම හදිසි අනතුරු සේවාවන් පවතින ඖෂධවල සිට සියලුම ආකාරයේ ඖෂධ වර්ග, විශේෂයෙන්ම පිළිකා නාශක ඖෂධ වර්ග දක්වා විශාල පරාසයක ඖෂධ දැවැන්ත…

Read More

නිෂ්පාදන දෝෂ හේතුවෙන් ධාවනයේදී වායු බැලුන ක්‍රියාකාරීත්වය අනාරක්ෂිත යැයි හෙළිදරව් වූ මෝටර් රථ ඛාණ්ඩ හා මාදිලිවලට අයත් මෝටර් රථ ලක්ෂ 07කට අධික සංඛ්‍යාවක් මෙරට තුළ ධාවනයේ යෙදෙන බව අනාරවණය වී තිබේ. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසන්නේ, අවදානම් කාණ්ඩයේ පවතින වාහන ඒජන්ත සමාගම් සමඟ සාකච්ඡා කර හිමිකරුවන් හරහා එම වාහන යළි කැඳවීමට පියවර ගනිමින් සිටින බවය. වායු බැලුන ක්‍රියාකාරිත්වය රියදුරාට මාරාන්තික විය හැකි වර්ගයේ මෝටර් රථ සහ ජීප් රථ මෙරට මාර්ග පද්ධතිය තුළ ධාවනය වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. නිෂ්පාදන දෝෂ සහිත එම කාණ්ඩයන්ට අයත් වාහන ලෝකයේ සෙසු රටවල ආපසු කැඳවා ඒවායේ වායු බැලුන…

Read More

රෝගී ප්‍රතිකාර සඳහා ලබාදෙන අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 140කට අධික ප්‍රමාණයක තොග මේ වන විට අවසන් වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුවිය යුතු බවය. මෙම තත්ත්වය හමුවේ ජාතික රෝහලේ සිට ග්‍රාමීය රෝහල් දක්වා සමස්ත රෝහල් පද්ධතියේම සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාම දැඩි අභියෝගයකට ලක්ව ඇති බව ද ඒ මහතා පවසයි. මේ අතර ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ මෙරටට ගෙනඑනු ලබන ඖෂධවලින් 80%ක් ලියාපදිංචි කර නොමැති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. ඔහු පවසන්නේ මේ සඳහා ඖෂධ නියාමන අධිකාරිය එය වගකිවයුතු…

Read More

පසුගිය රජය කාලයේ ආගමික නායකයන් 140 දෙනකුට ලබා දුන් වාහන වලට ඉන්ධන ලබා දීම පසුගිය සතියේ සිට අත්හිටුවා ඇත. මෙම වාහන ලිඛිත පැවරීම කින් තොරව පාවිච්චි සඳහා ලබා දී ඇති අතර මසකට ඉන්ධන ලීටර් 250 රජය මගින් සැපයූ බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා කීය. ඉන්ධන ලබාදීම අත්හිටුවීමට තීරණය කර ඇති අතර වාහන පවරා ගැනීමක් සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නැති බවද එම ප්‍රකාශකයා කීය.

Read More

සියලු රාජ්‍ය ආයතනවල සංචිත වාහන භාවිතා කිරීම අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් සීමා කරන ලෙසට භාණ්ඩාගාර ලේකම් සිරිවර්ධන මහතා සියලු ප්‍රධානීන්ට දැනුම් දී ඇත. මාර්ගගත ක්‍රමවේද හැකිතාක් පාවිච්චි කරමින් රැස්වීම් සම්මන්ත්‍රණ සාකච්ඡා පැවැත්වීම මගින් ප්‍රවාහන අවශ්‍යතා පැනනැගීම සීමා කිරීමට කටයුතු කළ යුතු බවද සඳහන් කර ඇත. එමෙන්ම කලාප, ප්‍රාදේශීය, උප කාර්යාල මගින් පහසුවෙන් ආවරණය කළ හැකි රාජකාරි හා සේවා අවශ්‍යතා වෙනුවෙන් රේඛීය අමාත්‍යංශය විසින් ප්‍රවාහන පහසුකම් සඳහා වියදම් දැරීම අවම කරන ලෙසට ද නියම කර ඇත.

Read More

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ඉනිමකින් සහ ලකුණු 132කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා. සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පළමු ඉනිම සඳහා රැස් කිරීමට හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 177ක් පමණයි. එහිදී, ප්‍රතිවාදී කඩුලු 5ක් දවා ගැනීමට රවීන්ද්‍ර ජඩේජා සමත් වුණා. රවිචන්ද්‍රන් අශ්වින් ද කඩුලු 3ක් බිඳ හෙලුවා. සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 400ක් රැස් කළා. නායක රෝහිත් ෂර්මා ලකුණු 120යි. අක්සාර් පටෙල් ඊයේ දිනයේ දැවී ගියේ ලකුණු 84ක් රැස් කර සිටියදීයි. රවේන්ද්‍ර ජඩේජා ලකුණු 70යි. පන්දු යැවීමේදී ටොඩ් මර්ෆි කඩුලු 7ක් බිඳ හෙලුවා. ඉන් අනතුරුව දෙවන ඉනිම ක්‍රීඩා…

Read More

පලාත් පාලන ඡන්ද විමසීමට පවතින බාධා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා පවසයි. මැතිවරණයට අදාළ බාධා කිරීම් සම්බන්ධ සිද්ධීන් 20 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට කොමිසමට ලැබී තිබේ. දේශපාලන අධිකාරියෙන් මෙන්ම ඇතැම් සංවිධාන වලින් ද මෙම බලපෑම් එල්ලවී ඇති බව එම කොමිසම සඳහන් කළේය. දිස්ත්‍රික් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්, මැතිවරණ කොමිසමේ නියෝජිතයන් අතර ඊයේ (11) පැවති සාකච්ඡාවේදී ද මේ සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත. මේ අතර දේශපාලන පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් එළඹෙන අඟහරුවාදා දිනයේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. එදින උදෑසන 10ට මෙම සාකච්ඡාව ආරම්භ වීමට…

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂා කරන ණය සහනය ලබාගැනීම සඳහා එම අරමුදල සමග කාර්යය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළඹීමට පාකිස්තාන රජය තවමත් අපොහොසත් වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඒ, හමුවේ පාකිස්තානය නුදුරේදීම දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ පානු ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි. ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ පාකිස්තානය මේ වනවිට මුහුණ පා සිටින දරුණු මූල්‍ය අර්බුදය එරට පාලන තත්ත්‍රය දශක ගණනාවක සිට අනුගමනය කළ දුර්වල ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් බවය. ආර්ථිකය කඩාවැටීම වළක්වා ගැනීම සඳහා පාකිස්තාන රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂා කරන සමස්ථ ණය සහන පැකේජය අමෙරිකානු ඩොලර් බිලියන 7 ක් බව පැවසෙයි.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් වරක් ජනාධිපති ධුරයට තරග කළ යුතු බවට වන යෝජනාවක් නිදහස් පක්ෂය විසින් සම්මත කරගෙන තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ථ ලංකා කාරක සභා රැස්වීම ඊයේ (11) පෙරවරුවේ ඩර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විය. මෙම කාරක සභාව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඊට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසක් එක්ව සිටි බව වාර්තා වෙයි. මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් ද මීට එක්වී සිටි අතර එහිදී අදාළ යෝජනාව සම්මත වී ඇති බව වාර්තා විය. රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, “අපි…

Read More