Author: LANKA24X7

ඉදිරි සති කිහිපය ඇතුළත ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල විශාල ප්‍රතිශතයකින් පහළ යනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ මෙලෙස විශාල ප්‍රතිශතයකින් එක්වරම ඉන්ධන මිල පහළ යාම හේතුවෙන් ලොවපුරා ජනතාවට ඉන් විශාල සහනයක් ඇතිවනු ඇති බවය. මේ අතර එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉන්ධන මිල සියයට 20ක ප්‍රතිශතයකින් පමණ මෙලෙස පහළ යනු ඇති බවය. රුසියා-යුක්‍රේන යුද්ධයෙන් පසුව මෙවැනි අගයකින් බොරතෙල් මිල පහළ යනු ලබන ප්‍රථම අවස්ථාව මෙය බවද එම වාර්තා පෙන්වා දී තිබේ. විශ්ලේෂකයින් පෙන්වා දී ඇත්තේ පසුගිය වකවානුවේ බොරතෙල් මිල ඉහළ යාමට රුසියා-යුක්‍රේන යුද්ධය ප්‍රබල සාධකයක් වූ බවය. මේ අතර පසුගිය සතිය වනවිට බොරතෙල් බැරලයක…

Read More

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මාසයේ 05 වනදා ආරම්භවීමට වැඩි ඉඩකඩක් පවතින බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව එම වාර්තා වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එම තරගාවලිය නොවැම්බර් මස 19 වනදා දක්වා පැවැත්වෙනු ඇති බවය. කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් පැවැත්වෙන තරග 48කින් සමන්විත එම තරගාවලිය දින 46කදී පැවැත්වෙයි. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එම මෙම තරග Ahmedabad, Bengaluru, Chennai, Delhi, Dharamsala, Guwahati, Hyderabad, Kolkata, Lucknow, Indore, Rajkot, Mumbai ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇති බවය. එම ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ තරගාවලියේ අවසාන මහා තරගය නොවැම්බර් 19 වනදා ලොව විශාලතම ක්‍රීඩාංගණය වන නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී…

Read More

යුක්‍රේනයේ උසස් පාසලකට රුසියානු හමුදාවට අයත් ඩ්‍රෝන යානාවකින් මිසයිල ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත. මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ප්‍රහාරය හේතුවෙන් එම පුහුණු පාසලේ ගොඩනැගිල්ලකට බරපතළ හානි සිදුව ඇති බවය. ප්‍රහාරයෙන් තවත් 7දෙනෙකුට ආසන්න පිරිසක් තුවාළ ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Read More

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමග තීරණාත්මක සාකච්ඡාවක් අද (23) දිනයේ පැවැත්වීමට නියමිතය. පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු මාර්තු මස 28 වන දින සිට 31 වන දින දක්වා සිදු කිරීමට නියමිත අතර මැතිවරණය අප්‍රේල් 25 වන දින පැවැත්වීමට දින නියම කර තිබේ. එහෙත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ නියමිත දිනට මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුවී ඇති බවය. කෙසේවෙතත් තැපැල් ඡන්ද පත්‍රිකා නියමිත දිනට ලබාදීමට නොහැකි බව රජයේ මුද්‍රණාලය විසින් දැනුම් දී ඇති බැවින් අදාළ දිනයන්වල මැතිවරණය පැවැත්වීම ගැටලු සහගතවී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ…

Read More

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙරට දේශපාලනඥයින් ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කිරීමට සිහින දුටුව ද, ඇතැම් දේශපාලන ව්‍යාපාරවල තීන්දු තීරණ හේතුවෙන් ශ්‍රී ලංකාවට පසුගිය 75 වසර තුළ සිදුවූ විනාශය අතිමහත් බවද ජනාධිපතිවරයා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී ඊයේ (22) පස්වරුවේ පැවැති දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ 71වන ගුණ සමරු වැඩසටහනට එක්වෙමිනි. ශක්තිමත් හා බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට සේනානායක උරුමය ඉදිරියට ගෙනයා යුතු බවද…

Read More

රාමසාන් උපවාස සමය මෙම මස 24 වන සිකුරාදා සිට ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි. කොළඹ මහ පල්ලිය වැඩිදුරටත් නිවේදනය කරන්නේ නව අඩ සඳ ඊයේ දිනයේ දර්ශනය නොවූ බැවින් මෙලෙස රාමසාන් උපවාස සමය ආරම්භ කෙරෙන බවය.

Read More

ආර්ථික අර්බුදය මතුවූ අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම පමා කිරීම ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා සිදු කළ විමර්ශනයේ වාර්තාව අධිකරණය හමුවේ ගොනුකර ඇතැයි නීතිපතිවරයා ඊයේ (22) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුනි. ඒ, එම අර්බුදයට වගකිවයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද කැඳවූ අවස්ථාවේදීය. වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූරයෙකු වන ජුලියන් බෝලිං ඇතුළු පිරිසක් සහ කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහීම් මෙන්ඩිස් ඇතුළු කථිකාචාර්යවරුන් පිරිසක් පෙත්සම් ගොනුකර තිබුණි. අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද…

Read More

අද දිනයේ සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස්කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

Read More

විදුලි ගාස්තු වැඩිකිරීමට එරෙහිව ගොනුකළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ අභියාචනා පෙත්සමක් සලකාබැලීම සඳහා අගෝස්තු මස 04 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. මෙම පෙත්සම මුර්දු ප්‍රනාන්දු මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විනිසුරු මඬුල්ල නියම කළේ අදාළ පෙත්සම සලකාබැලීම සඳහා අගොස්තු 4 වනදා කැඳවන ලෙසය. විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අදාළ අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබුණි. එහි වගඋත්තරකරුවන් ලෙස මහජන උපයෝගිතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු පිරිසක් නම්කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ අභියාචනා පෙත්සමින් සඳහන් කර තිබෙන්නේ පසුගියදා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය…

Read More

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 220ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු පෙරියසාමි සුරේෂ් කුමාර් නමැති පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය. කොළඹ මහාධිකරණයේ පූර්වගාමී විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා විසින් තීන්දුව ලබාදුන්නේය. 2013 වසරේ පෙබරවාරි 8 වනදා කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑමයකට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටියදී මෙම විත්තිකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. පසුව අදාළ මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා විසින් පරීක්ෂාවට ලක් කළ අතර ඒ තුළ හෙරොයින් ශුද්ධ බර ග්‍රෑම් 220ක් තිබූ බව රස පරීක්ෂකවරයා විසින් අධිකරණයට වාර්තා කළේය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ…

Read More