Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (25) ජල කප්පාදුවක් සිදුකරන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය පවසන්නේ ඒ අනුව කොළඹ, දෙහිවල ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්තිටුවන බවය. එසේම එම මණ්ඩලය වැඩිදුරටත් පවසන්නේ මහරගම, බොරලැස්ගමුව හා කොළොන්නාව නගරසභා බල ප්‍රදේශවලටත් කොටිකාවත්ත සහ මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටත් රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලටත් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවය. ඒ අනුව හෙට උදෑසන 11 සිට රාත්‍රී 9 දක්වා පැය 10ක කාලයක් එම ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත මේ වසරේදී පාර්ලිමේන්තුවට ගෙනඒමට පියවර ගනිමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (23) පස්වරුවේ මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් සමඟ පැවති හමුවකදීය. පුවත්පත් කර්තෘවරුන් හා මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව සිදු කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, “මට කිව්වේ මම ආවේ හොරු ආරක්ෂා කරන්න කියලා. දැන් මම IMF එකත් එක්ක සාකච්ඡා කරලා දකුණු ආසියාවේ තදම දූෂණ මර්දන නීතිය අපි ගේනවා. හොරු ආරක්ෂා කරනවා නම් මට උවමනා නැහැ නේ මේක ගේන්න. විපක්ෂයෙන් ඉල්ලුවෙත් නැහැ. ඒ කියන්නේ අපිත් ක්‍රියා…
සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු, වයඹ සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද දිනට අදාළ කාලගුණ වාර්තාව නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ සෙසු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.
පින්නවල සහ මහඔය යන ප්‍රදේශවලදී සැකකටයුතු ලෙස මියගිය පුද්ගල මළ සිරුරු දෙකක් සොයාගෙන තිබේ. පොලීසිය පැවසුවේ පින්නවල පෙට්ට්‍රොෂෝ රක්ෂිතයේ තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන ඇති අතර ඔහු 36 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවට හදුනාගෙන ඇති බවය. මානසික ආබාධයක් සඳහා ප්‍රතිකාර ගනිමින් සිටි ඔහු අතුරුදන්ව ඇති බවට ඔහුගේ පියා විසින් පසුගිය 16 වන දින පින්නවල පොලීසිය වෙත පැමිණිල්ලක් ද සිදුකර තිබුණි. මේ අතර මහඔය පදියතලාව මාර්ගයේ 66 කණුව තේක්කවත්ත මාර්ගයේ සපත්තු පාලම අසල ඇළ මාර්ගයේ තිබී තවත් සැකකටයුතු ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ. පොලීසිය පැවසුවේ එම මළසිරුර අසල තිබී පා පැදියක් ද සොයාගෙන ඇති අතර 41 හැවිරිදි…
ආනයනික කිරිපිටි මිල අඩුකිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 200කින් සහ ග්‍රෑම් 400ක මිල රුපියල් 80කින් අඩුකළ හැකි වෙතැයි කිරිපිටි ආනයනකරුවන් පැවසීය. එම මිල අඩුවීම සඳුදා සිට ක්‍රියාත්මක කළ හැකි වෙතැයි ඔවුන් පැවසීය.
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවයට අදාළ කාරණා කිහිපයක් සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයාගෙන් සහ පුද්ගලයින් ලියාපදිංචිකිරීමේ කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. අදාළ පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අගතියටපත් පාර්ශවයේ නීතිඥවරු ඉදිරිපත්කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුවයි මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළ බව වාර්තා විය. එම ප්‍රකාශ ලැබීමෙන් අනතුරුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32වන වගන්තිය යටතේ ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන්නැයි අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු විසින් ඉදිරිපත්කර ඇති ඉල්ලීම සලකාබැලිය හැකිද ? නැද්ද ? යන්න තීරණය කරන බවත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා කියා…
ආනයනය කරන ලද බිත්තර බේකරි කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සඳහා ලබාදීමට නිකුත් කිරීම සඳහා තවත් දින 3ක් ගතවනු ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. අද පාල්රිමෙන්තුවේදී රෝහණ බණ්ඩාර මහතා යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකරන පරීක්ෂණ වලින් අනතුරුව ඒවා නිදහස් කර ගැනීමට නියමිතව ඇති බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා, “බිත්තර ආනයනය කළ යුතු බවට කැබිනට් අනුකමිටුවක් හරහා එකමතිකව තීරණයක් ගත්තා. ඒ නිසා තමයි අපි කටු සහිත බිත්තර ආනයනය කළේ. අද වෙද්දී ඒ පළවෙනි බිත්තර තොගය කොළඹ වරායට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ අනුව තව දවස්…
පේදුරුතුඩුව ප්‍රදේශයේ වෙරළ තීරයක ගාල්කර තිබූ ධීවර බෝට්ටු කිහිපයකට කිසියම් පිරිසක් ගිනිතබා තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (22) අලුයම මෙම ගිනි තැබීම සිදුව ඇති බවය. මෙලෙස ගිනි තබා ඇත්තේ පේදුරුතුඩුව නගර් කෝවිල් ප්‍රදේශයේ වෙරළ තීරයේ ගාල්කර තිබූ ධීවර බෝට්ටු කිහිපයකටය. ගින්නෙන් බෝට්ටු 10කට හානි සිදුව ඇති බවත් එම හානිය මෙතෙක් තක්සේරු කර නොමැති බවත් පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලැබූ පළමු බිත්තර තොගය දිවයිනට ළඟා වී තිබේ. රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ ටී.ඒ.ඩී රංජිත් මහතා සඳහන් කළේ අදාළ බිත්තර තොගය අද අළුයම දිවයිනට ළඟාවූ බවය. මෙරට බිත්තර මිල පාලනය කිරිමේ අරමුණින් ඉන්දියාවේ සිට බිත්තර ආනයනය කිරිමට රජය තීරණය කරනු ලැබීය. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සදහන් කළේ ඒ අනුව පළමු බිත්තර තොගය ලෙස බිත්තර මිලියන 2ක් ආනයනය කර ඇති බවය. දිවයිනට රැගෙන ආ බිත්තර තොගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකරන පරීක්ෂණ වලින් අනතුරුව ඒවා නිදහස් කර ගැනීමට නියමිතව තිබේ. වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළේ මෙම ආනයනය කරන ලද බිත්තර සහනදායී මිලක් යටතේ බේකරි කර්මාන්තය…
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සේවකයින් වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ. ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා සදහන් කළේ අද පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා දිවයිනපුරා සියලු කාර්යාල සහ වැඩබිම්වල සේවකයින් මෙම වැඩවර්ජනය සදහා සහභාගී වන බවය. වැඩවර්ජනය හේතුවෙන් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කාර්යාල සේවාවන් සහ පාරිභෝගික සේවාවන් අද දිනයේ ඉටුනොවන අතර අයකැමි අංශ ද වසා දැමීමට සැලසුම් කර තිබේ. උපාලි රත්නායක මහතා සදහන් කළේ මෙම වැඩවර්ජනයට සමගාමීව අද දහවල් 12ට පැලවත්ත ජල සම්පාදන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට ද සැලසුම් කර ඇති බවය.
