Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා පනවා තිබූ කොවිඩ් නීති කිහිපයක් අද (07) සිට ලිහිල් කර තිබේ. කොවිඩ් පැතිරයාම වැළැක්වීම සඳහා පනවා තිබූ කොවිඩ් නීති කිහිපපයක් එලෙස අහෝසි කර ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. ඒ අනුව, විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට ඉදිරිපත් කිරීම සඳහා වන PCR පරික්ෂණ වාර්තාව අනිවාර්ය කර තිබූ නීතිය අද සිට අහෝසි වන බව ඔහු සඳහන් කළේය. එමෙන්ම කොවිඩ් මර්දන එන්නත් ලබාගත් බවට වන සහතිකය ද අද සිට අනිවාර්ය නොවන බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.
කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙහි පරිපාලනය විසින් සිදුකර ඇති අක්‍රමිකතා රැසක් විගණකාධිපති වාර්තාවෙන් අනාවරණයවීම පිළිබඳව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී අවධානය යොමුවී තිබේ. කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පාලනාධිකාරියෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කර සිටියේය. රෝහල් භූමියට අයත් ඉඩම් වෙනත් පාර්ශ්ව විසින් අත්පත් කරගැනීම මෙන්ම හඳුනාගැනීමට සිදු කළ මැනුම් කටයුත්තේ ද අක්‍රමිකතාවක් සිදුවී ඇති බව එහිදී අනාවරණය වුණි. මේ සම්බන්ධයෙන් රංජිත් බණ්ඩාර මහතා සහ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා විමසා සිටි අතර රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා ඊට ප්‍රතිචාර දැක්වීය. කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා, “සොෆ්ට්වෙයාර් ඩිවලොප්මන්ට් එකකට විශාල මුදලක් අත්තිකාරම්…
පොලිස් වෙස්ගෙන නිවසකට ඇතුළුවූ පුද්ගලයින් තිදෙනෙක් එහි නිවැසියන් බියගන්වා ඔවුන්ට පහරදී දේපළ කොල්ලකා තිබේ. පොලීසිය සඳහන් කළේ ඊයේ (06) අලුයම් කාලයේදී කෑගල්ල ගලිගමුව ප්‍රදේශයේ නිවසකදී මෙම කොල්ලකෑම සිදුවී ඇති බවය. අදාළ ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසක් ආසන්නයේ තාවකාලිකව සාදා ඇති නිවසකට ඇතුළුවී ඇති සැකකරුවන් එහි තිබූ රන් භාණ්ඩ සහ දේපළ එලෙස කොල්ලකා තිබේ. අදාළ නිවසේ හිමිකරු සිය මිතුරන් තිදෙනෙකු සමග තාවකාලිකව ඉදිකළ නිවසේ නිසා සිටියදී පොලීසිය බව පවසමින් ඊයේ අලුයම් කාලයේදී සැකකරුවන් නිවසට ඇතුළුවී ඇත. සැකකරුවන් විසින් නිවැසියන්ව දණගස්සා ඔවුන් සතුව තිබූ රන් අත්පළඳනාවක්, රන්මුදු 02ක්, රන් මාලයක්, පෙන්ඩන්ඩ් 02ක්, මුදලින් රුපියල් 355,000ක් සහ ජංගම දුරකථනයක් ඇතුළු තවත් දේපළ කොල්ලකා පළාගොස්…
2022 වසරේ මාර්තු මාසයෙන් පසු පළමුවරට වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පහළ ගොස් තිබේ. ඇඟලුම් අපනයන ආදායම පසුගිය ඔක්තෝබර් මාසයේ පහළ යෑම මීට ප්‍රධාන හේතුවවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,192ක් ලෙස සඳහන්ව තිබූ අතර එම ආදායම මෙම වසරේ ඔක්තෝබර් මසයේ සඳහන්ව තිබුණේ අමෙරිකානු ඩොලර් මිලියන 1,051ක් ලෙසය. පෙර වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව මෙම වසරේ ඔක්තෝබර් මස වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 11.9ක අඩුවීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ අතර මෙම වසරේ ඔක්තෝබර් මාසයේ විදේශ සේවා නියුක්තිකයින්ගේ…
යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සමග කළ අද දින (07)වන දින අළුයම පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේදි කළ වැටලීමකදි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සමග සැකකටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදි, ඉදිරි පරීක්ෂණ කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ විසින් සිදු කරනු ලබයි.
2022 ඔක්තෝබර් මාසය තුළ දී 28,473 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදෙස්ගත වී ඇති බව වාර්තා වේ. මෙයින් 11,399 ක් නුපුහුණු ශ්‍රමිකයින් වන අතර, පුහුණු ශ්‍රමිකයින් 7,887 ක් සහ ගෘහ සේවා සඳහා 6,165 ක්ද ඒ අතර වේ. ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2022 ඔක්තෝබර් මාසය තුළ වාර්තා වන විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 355 ක් බවයි. මේ අතර 2022 වසරේ ජනවාරි – ඔක්තෝබර් කාලපරිච්ඡේදය තුල දී 251,151 ක පිරිසක් රැකියා සඳහා විදෙස් ගත වී ඇති බව මහ බැංකුව නිකුත් කළ අදාළ වාර්තාවෙහි වැඩිදුරටත් සඳහන් වේ. මහ බැංකුව පවසන්නේ මෙය වසංගත සමයට පෙර වාර්ෂිකව රැකියා සඳහා විදෙස්ගත වූ ප්‍රමාණය ඉක්මවා යාමක් බවයි.…
ගෑස් මිල ඉහළ දැමූවද ආපනශාලාවල ආහාර මිල ගණන් වල වෙනසක් සිදු නොවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා කොළඹදී පැවසීය. තිරිඟු පිටි ඇතුළු වූ ආහාර ද්‍රව්‍ය වල මිල අඩු වීම නිසා ආපන ශාලා සඳහා යම් සහනයක් හිමිව ඇති බවත් ඔහු සඳහන් කළේය. ගෑස් තිරිඟු පිටි ඇතුළු ද්‍රව්‍යවල මිල පහළයාම හේතුවෙන් ආපන ශාලාවල ආහාර ද්‍රව්‍යවල මිල පහල දමන්නැයි ආපන ශාලා හිමියන්ගෙන් ඉල්ලීමක් කළත් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් මිල අඩු නොකළ බවත් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සම්පත් මහතා පැවසීය. මෙම දුෂ්කර අවස්ථාවේදී පාරිභෝගිකයන්ට සහනයක් වන අයුරින් කටයුතු කිරීමට ආපනශාලා හිමියන් කටයුතු කළ යුතු බවත් ඔහු තවදුරටත් කීවේය.
විදුලිබිල වැඩිකළහොත් ඉන් වඩා පීඩාවට පත්වන දිළිඳු ජනකොටස්වලට සහන ලබාදීමේ වැඩපිළිවෙලක් සකසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විෂය භාර ඇමති කාංචන විජේසේකර මහතාට උපදෙස් දී ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඒ අනුව වඩා පීඩාවට පත්වන ජනකොටස් වෙනුවෙන් විකල්ප වැඩපිළිවෙලක් සැකසෙනු ඇතැයි ද ඇමතිවරයා කීවේය. විදුලි බිල සම්බන්ධයෙන් පවතින සත්‍ය තත්වය ඇමතිවරයා රටට හෙළි කර තිබෙන බව ද බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (6) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
එළඹෙන උත්සව සමයේදී බිත්තර වල කිසිදු හිගයක් ඇති නොවන බවත් ඒ අනුව පාරිභෝගිකයන් හට අවශ්‍ය තරම් බිත්තර මිලදී ගැනීමේ හැකියාව තිබෙන බවත් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම් . සරත් අත්තනායක මහතා පවසයි . රජය මගින් පනවා තිබෙන පාලන මිලටත් අඩුවෙන් උත්සව සමයේදී පාරිභෝගිකයන් හට බිත්තර මිලදී ගැනීමට හැකි වන බවත් කිසිදු අයුරකින් රු.50 ට වැඩියෙන් බිත්තර මිලදී නොගන්නා ලෙසත් සරත් අත්තනායක මහතා කියා සිටී . විශේෂයෙන් එළඹෙන උත්සව සමය සඳහා නිෂ්පාදනය කරන කේක් යනාදී සඳහා බේකරි වලින් බිත්තර වලට විශාල ඉල්ලුමක් තිබෙන බව පවසන ඔහු එහෙත් එළඹෙන සතියෙන් පසු හිඟයකින් තොරව බිත්තර මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන් හට…
ශ්‍රී ලංකාවේ සෑම පවුල් 5 කින් පවුල් 2 ක් සිදුකරන වියදම් වලින් සියයට 75 ක් සිදුකරන්නේ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට බව යුනිසෙෆ් සංවිධානයේ නවතම වාර්තාවේ පෙන්වා දෙයි. තම මාසික වැටුපෙන් හෝ අදායමෙන් සියයට 75 ආහාර සඳහා වියදම් කරන විට සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට ඉතිරි වන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක් බව එම වාර්තාවේ දැක්වේ. ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය 2023 වසර පුරාවට පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ලබන වසරේ ශ්‍රී ලාංකිකයන් මිලියන 6.2 කට හදිසි මානුෂීය සහාය අවශ්‍ය බවට ඇස්තමේන්තු කර ඇති බවත් ඉන් මිලියන 2.9 ක් ළමුන් බවත් යුනිසෙෆ් සංවිධානය පවසයි. පසුගිය ඔක්තෝබර් මස සිට ලබන වසරේ පෙබරවාරි දක්වා කාලය ශ්‍රී…