Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ලෝකයේ පෙම්වතුන් වැලන්ටයින් දිනය මල් සහ ආදරය ප්‍රකාශ කරමින් සමරද්දී බෙත් නීල් සහ මයිල්ස් ක්ලුටියර් පෙම් යුවළ ලොව දීර්ඝතම දිය යට හාදුවට හිමි ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කීමට සමත්ව ඇත. මෙම යුවළගේ දිය යට හාදුවේ දිග විනාඩි හතරයි තත්ත්පර හයකි.මීට පෙර ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කී දිය යට හාදුවේ දිග විනාඩි තුනයි තත්ත්පර විසි හතරක් වී තිබේ. බෙත් නීල් සහ මයිල්ස් ක්ලුටියර් පෙම් යුවළ මාලදිවයිනේ නිවාඩු නිකේතනයකදී මෙම ලෝක වාර්තාව තබා ඇත. බෙත් නීල් සහ මයිල්ස් ක්ලුටියර් පෙම් යුවළ විවාහ ගිවිසගෙන ඇති අතර ඔවුනට වයස අවුරුදු එක හමාරක දියණියක්ද සිටියි. ඔවුන් දෙදෙනාම රැකියාවෙන් කිමිදුම් උපදේශකයන්ය.
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ නිල කාර්යාලය මුද්‍රා තැබීමට කොල්ලුපිටිය පොලීසිය කටයුතු කර තිබේ. ඒ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකට අනුවය. කොල්ලුපිටිය ප්‍රදේශයේ පිරිසක් පැමිණ අදාළ කාර්යාලයේ තිබෙන වැදගත් ලියකියවිලි විනාශ කිරීමට උත්සාහ කරන බවට කොල්ලුපිටිය පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත. ඒ අනුව කොල්ලුපිටිය පොලීසිය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකණයට කරුණු වාර්තා කර ලබාගත් අධිකරණ නියෝගයක් අනුව මෙලෙස අදාළ කාර්යාලයට මුද්‍රා තබා තිබේ. ජනක රත්නායක මහතා මේ වනවිට විදේශගතව සිටින අතර ඔහු නැවත මෙරටට පැමිණීමෙන් පසු අදාළ කාර්යාලය විවෘත කිරීමට නියමිත බවද වාර්තා වෙයි.
මාතර, වැලිගම පොලීසිය ඉදිරිපිට අද (16) දහවල් උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ. ඒ වැලිගම දෙණිපිටිය ප්‍රදේශයේ අවුරුදු 12ක දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයින් එයට සම්බන්ධ නොමැති බව පවසමින්ය. පසුගිය දා අතිරේක පන්තියකට සහභාගී වී අදාළ දැරිය නිවස කරා යමින් සිටිය දී තරුණයින් සිව්දෙනෙක් විසින් පැහැරගෙන ගොස් ලිංගික අතවර සිදුකර තිබුණි. ඒ සම්බන්ධයෙන් දැරියගේ දෙමාපියන් සිදුකළ පැමිණිල්ලක් මත වැලිගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඒ අනුව අදාළ සිදුවීමට සම්බන්ධ බවට සැකකෙරෙන තරුණයින් දෙදෙනෙක් ඊයේ සවස දෙණිපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණි. එයට විරෝධය පළ කරමින් අත්අඩංගුවට ගත් තරුණයින්ගේ ඥාතීන් කෑ කෝ ගසමින් පොලීසිය ඉදිරියට රැස්ව පවසා…
පළාත් පාලන ඡන්ද විමසීම බාධාවකින් තොරව පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මුජිබර් රහුමාන් මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකාබැලීම සඳහා ලබන 23 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් තරගවදියි. මෙම පෙත්සම අද (16) ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
ලංකා සතොස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ 6ක මිල පහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව පහත සඳහන් භාණ්ඩවල මිල පහළ හෙළීම අද (16) සිට ක්‍රියාත්මක වේ. අර්තාපල් අල කිලෝවක් රුපියල් 20කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 375කි. ලොකු ළූණු කිලෝවක් රුපියල් 10කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 149කි. ආනයනික සම්බා සහල් කිලෝවක් රුපියල් 7කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල 198කි. රතු පරිප්පු කිලෝවක් ද රුපියල් 7කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 358කි. දේශීය රතු කැකුළු කිලෝවක් රුපියල් 5කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 164කි. ආනයනික සුදු කැකුළු කිලෝවක් රුපියල් රුපියල් 5කින්…
විදුලි ගාස්තුව වැඩිකිරීම හේතුවෙන් බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩිකිරීමට තීරණය කර තිබේ. සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසුවේ එම මිල 10%කින් වැඩි කෙරෙන බවය.
අද (16) සිට විදුලි කප්පාදුව නවත්වන බවත් ඒ අනුව අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට නියමිත බවත් විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමත කරන ලද විදුලිබල මණ්ඩලයේ ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමග අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නා ලෙස ජනාධිති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට සහ අදාළ නිලධාරීන්ට ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය. ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමග විදුලි පාරිභෝගිකයින්ට අඛණ්ඩ විදුලිය සැපයීම මෙන්ම අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීමටද පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා දැනුම්දී තිබේ. එමෙන්ම ආගමික ස්ථාන හා රජයේ අධ්‍යපන ආයතන සදහා සූර්ය පැනල ලබා දීමට පියවර ගන්නා ලෙස ජනාධිති රනිල් වික්‍රමසිංහ මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
සංස්ථාවක හෝ විශ්වවිද්‍යාලයක සේවකයින් වැඩ වර්ජන කළ පමණින් ආණ්ඩුව තීරණ නොගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ආණ්ඩුව තීරණ ගන්නේ පවතින නීති රීති වලට අනුව බව ද ජනාධිපතිවරයා කීය. රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසන බවත්, රාජ්‍ය සංස්ථාවක සාමාන්‍යාධිකාරීවරයකු ඉවත් කළ යුතු බව වෘත්තිය සමිති පවසන බවත් පැවසූ ජනාධිපතිවරයා කියා සිටියේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය වෘත්තීය සමිති මට්ටම දක්වා පහත වැටීම කණගාටුදායක බවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (15) කොළඹ ට්‍රේස් සිටි හි පැවති ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාල පර්යේෂණ ආයතනයේ “රාජ්‍ය ප්‍රතිපත්ති හා ආණ්ඩුක්‍රම පිළිබඳ මධ්‍යස්ථානය” ස්ථාපිත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
හලාවත පොලිස් වසමේ කොක්කාවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු නිවස තුළ බිම වැටී මියගොස් ඇතැයි හලාවත පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි. ඒ අනුව විමර්ශන ආරම්භ කළ පොලීසිය මියගොස් ඇත්තේ 49 හැවිරිදි පුද්ගලයෙක් බවට අනාවරණය කරගෙන ඇත. මියගිය පුද්ගලයා මානසික ආබාධයකින් පෙළෙමින් සිටි අයෙකු වන අතර ඔහුගේ පුතා විසින් එම පැමිණිල්ල සිදුකර ඇති බවත් පොලීසිය පැවසීය. මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හලාවත රෝහලේ සිදුකර ඇති අතර එහිදී මරණකරුගේ ගෙල ප්‍රදේශයේ වූ කැපුම් තුවාලයක් තිබීම සම්බන්ධයෙන් සැක සහිත බවට අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් ප්‍රකාශ කර ඇත. ඒ අනුව මරණය සාහසික ක්‍රියාවක් ද නැතිනම් වෙනත් හේතුවක් මත මරණය සිදුව ඇත්දැයි සොයා පරීක්ෂණ ක්‍රියාත්මකය.
