Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවීමට පියවර ගන්නා ලෙස නිදහස් ජනතා සන්ධානය අග්‍රාමාත්‍යවරයාගෙන් හා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම පිළිබඳව මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව වහාම කැඳවන ලෙස එම සන්ධානය අදාළ ලිපියෙන් ඉල්ලා ඇත. පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව කල්දැමීම සඳහා ගෙන ඇති තීරණය ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ තර්ජනයක් බව නිදහස් ජනතා සංධානය පෙන්වා දෙයි. මෙම තත්ත්වය සමනය කිරීම මෙන්ම කළමනාකරණය කිරීම රජයේ ප්‍රතිපත්ති සම්පාදකයින් හා උත්තරීතර ව්‍යවස්ථාදායකයේ නියොජිතයින් ලෙස පැවරී ඇති වගකීමක් වන බැවින් ස්ථාවර නියෝග 16 යටතේ පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කරන ලෙස එම සන්ධානය අග්‍රාමාත්‍යවරයාගෙන් සහ කථානායකවරයාගෙන් ඉල්ලා…
පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අතර ඊයේ (16) පැවැති තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත්විය. එම තගරයේ කාසියේ වාසිය දිනාගැනීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත්වූ අතර ඔවුන්ගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදුනි. ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කඩුලු 08ක් දැවී ලකුණු 112ක් රැස් කළාය. තරගය ජය ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ට හිමිවී තිබූ ඉලක්කය ලකුණු 113කි. පන්දුවාර 15යි පන්දු 05ක් අවසානයේ කිසිඳු කඩුල්ලක් නොදැවී ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් සිය ජයග්‍රාහි ඉලක්කය වෙත ගමන් කළාය.
දිවයිනේ ප්‍රධාන වශයෙන් අද දිනයේ වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි. එසේම දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පළාත් පාලන මැතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු අවසන් කර ඇති බව මුද්‍රණාලයාධිපතිනී ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පවසයි. මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් ඇය සඳහන් කළේ අද දිනයේ සිට ඡන්ද පෝළිම් දැන්වීම් පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කරන බවය. කෙසේවෙතත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති වීම හේතුවෙන් එම කටයුතු අකර්මණ්‍ය වී ඇති බව මුද්‍රණාලයාධිපතිනිය වැඩිදුරටත් පවසයි. දිවා කාලයේදී පොලිස් නිළධාරීන් 35 දෙනෙකු සහ රාත්‍රී කාලයේ පොලිස් නිළධාරීන් 25 දෙනෙකු බැගින් පොලිස් නිළධාරීන් 60 දෙනෙකු ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන අවස්ථාවේදී ආරක්ෂක කටයුතු සඳහා යොමුකරන ලෙස පොලිස්පතිවරයාගෙන් මීට පෙර ඉල්ලීමක් කර තිබේ. කෙසේවෙතත් ආරක්ෂක කටයුතු සදහා මේ වනවිට යොදවා…
මිනුවන්ගොඩ ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 30 හැවිරිදි වියේ පසුවූ පීල්ලවත්ත ආඬිඅම්බලම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි. ඊයේ (16) රාත්‍රියේ මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේදී ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී සැඟව සිටි පුද්ගලයෙකු විසින් ඔහුට වෙඩිතබා පලාගොස් තිබේ. මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇත. ඝාතනය සිදුකළ සැකකරු පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර මිනුවන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
බලශක්ති සම්ප්‍රේෂණ සම්බන්ධතාවයක් ආරම්භ කිරීමේ ව්‍යාපෘතියක් සඳහා අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එළඹෙන මාස දෙක තුළ අත්සන් තබනු ඇතැයි ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරොගොඩ මහතා ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත. එසේම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වෙළඳ ගිවිසුමක් පුළුල් කිරීම සඳහාද එළඹෙන මාස දෙකක කාලය තුළ සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බව රොයිටර් පුවත් සේවය පෙන්වා දී තිබේ.ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩගැනීමේ සැලැස්ම ප්‍රධාන කොටසක් උතුරේ තිබෙන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වර්ධනය කිරීම තුළ රඳා පවතින බවත් එහිදී ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව අතර බලශක්ති සම්ප්‍රේෂණ සම්බන්ධතාවයක් පිහිටුවීම මගින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් උත්පාදනය කරනු ලබන විදුලිය ඉන්දියාව වෙත…
යතුරුපැදි ආරක්ෂක හිස් වැසුම්වලින් පහරදීමෙන් එක්දරු පියෙක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සිසුන් පෙබරවාරි මස 28 වැනිදා දක්වා ළමා රැඳවුම් මධ්‍යස්ථානයකට යොමුකර තිබේ. පසුගිය පෙබරවාරි මස 14 වැනි දා සිදුවූ එම අවාසනාවන්ත සිදුවීමෙන් වැලිපැන්න, ගල්මත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි රංග විරාජ් ජයසිරි නැමති 34 හැවිරිදි එක්දරු පියෙක් ජීවිත්කෂයට පත්වුණි. එම ඝාතනය සම්බන්ධයෙන් 16 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙක් එදිනම අත්අඩංගුවට ගත් අතර, අනෙක් සිසුවා පසුව අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් සිසුන් තිදෙනාම මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නන් බව පොලීසිය පවසයි. 14 වැනි දා යතුරුපැදියකින් නිවස ආසන්නයේ වූ වෙළෙඳසැලට ගොස් එමින් සිටි විරාජ් යතුරුපැදි දෙකකින් අධික වේගයෙන් ආරක්ෂක හිස් වැසුම්…
මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ සොරකම්කර පිළිකා රෝගීන්ට විකුණු සැකකරුවෙකු ලබන 28 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාගශීලීන් විසින් ලබාදෙන ලද ඖෂධයක් එම රෝහලෙන් සොරකම්කර පිළිකා රෝගීන්ට රුපියල් 20,000ක මුදලකට විකිණීම සම්බන්ධව එම සැකකරුව අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. පසුව ඔහුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදී සැකකරුව ලබන 28 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (16) නියම කළේය. පිළිකා රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන රෝගීන්ට මෙම ඖෂධය හිඟ බව පවසමින් රුපියල් 22,000ක මුදලකට විකිණීමට එකඟවී පසුව එය රුපියල්…
ලෝකයේ පෙම්වතුන් වැලන්ටයින් දිනය මල් සහ ආදරය ප්‍රකාශ කරමින් සමරද්දී බෙත් නීල් සහ මයිල්ස් ක්ලුටියර් පෙම් යුවළ ලොව දීර්ඝතම දිය යට හාදුවට හිමි ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කීමට සමත්ව ඇත. මෙම යුවළගේ දිය යට හාදුවේ දිග විනාඩි හතරයි තත්ත්පර හයකි.මීට පෙර ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කී දිය යට හාදුවේ දිග විනාඩි තුනයි තත්ත්පර විසි හතරක් වී තිබේ. බෙත් නීල් සහ මයිල්ස් ක්ලුටියර් පෙම් යුවළ මාලදිවයිනේ නිවාඩු නිකේතනයකදී මෙම ලෝක වාර්තාව තබා ඇත. බෙත් නීල් සහ මයිල්ස් ක්ලුටියර් පෙම් යුවළ විවාහ ගිවිසගෙන ඇති අතර ඔවුනට වයස අවුරුදු එක හමාරක දියණියක්ද සිටියි. ඔවුන් දෙදෙනාම රැකියාවෙන් කිමිදුම් උපදේශකයන්ය.
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ නිල කාර්යාලය මුද්‍රා තැබීමට කොල්ලුපිටිය පොලීසිය කටයුතු කර තිබේ. ඒ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකට අනුවය. කොල්ලුපිටිය ප්‍රදේශයේ පිරිසක් පැමිණ අදාළ කාර්යාලයේ තිබෙන වැදගත් ලියකියවිලි විනාශ කිරීමට උත්සාහ කරන බවට කොල්ලුපිටිය පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත. ඒ අනුව කොල්ලුපිටිය පොලීසිය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකණයට කරුණු වාර්තා කර ලබාගත් අධිකරණ නියෝගයක් අනුව මෙලෙස අදාළ කාර්යාලයට මුද්‍රා තබා තිබේ. ජනක රත්නායක මහතා මේ වනවිට විදේශගතව සිටින අතර ඔහු නැවත මෙරටට පැමිණීමෙන් පසු අදාළ කාර්යාලය විවෘත කිරීමට නියමිත බවද වාර්තා වෙයි.
