Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ඌව පළාතෙත් අම්පාර, මඩකලපුව, පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි. මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් මිලෙහි අඩුවීමක් අද දින (10) දක්නට ලැබෙනවා. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81.12ක් ලෙස සටහන්වූ අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 75.13 දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මීට දින 04කට පෙර ඩොලර් 86.26ක් ලෙස සටහන් වී තිබුණා. ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල මීට දින 04කට පෙර ඩොලර් 80.46ක් ලෙස දැක්වුණා.
මෑතකදී විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (10) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. එහි වගඋත්තරකරුවන් ලෙස මහජන උපයෝගීතා කොමිසම, එම කොමිසමේ සාමාජිකයන්, ලංකා විදුලිබල මණ්ඩල මණ්ඩලය, ලෙකෝ ආයතනය සහ නීතිපතිවරයා නම් කර තිබේ. විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා වූ යෝජනාවක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත 2023 ජනවාරි මස 5 වැනිදා ඉදිරිපත් කළ අතර ඒ අනුව අදාළ කොමිසම විසින් පුවත්පත් දැන්වීම් පළ කර ඊට අදාලව විවිධ පාර්ශව ගෙන්වා අදහස් ලබාගත් බවද පෙත්සම්කරු පවසයි. පසුගිය පෙබරවාරි මස 13…
රාගම ප්‍රදේශයේ කාන්තාවක් ගැහැනු ළමයෙකුට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ රාගම පොලීසිය ඊයේ රාගම රෝහලට ඇතුළත් කර ඇය මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි. පොලීසිය පැවසුවේ 17 හැවිරිදි වියේ පසුවන ළමයාගේ මව මියගොස් ඇති අතර කුඩම්මා විසින් ඇයට මෙලෙස පහර දෙන බවය. අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ළමයා අද ඉදිරිපත් කර අධිකරණ නියෝගයක් ලබාගැනීමෙන් පසු පහරදෙන කාන්තාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිසිය පැවසීය.
ලංකා විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශ යටතේ ඇති ආයතනවල වියදම හැකිතාක් අවම කිරීමේ වැඩපිළිවෙලක් මේ වනවිට ක්‍රියාත්මක බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (09) පාර්ලිමේන්තුවේ පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය. QR කේතය මගින් ඉන්ධන කෝටාව යාවත්කාලීන කිරීම අඟහරුවාදා දිනට වෙනස් කිරීම සිදුකරනු ලැබූවේ ද සෙනසුරාදා සහ ඉරිදා දිනවල ඛනිජතෙල් සේවකයන්ට ගෙවීමට සිදුවන රුපියල් මිලියන 20කට ආසන්න අතිකාල වියදම් ඉතිරිකර ගැනීමට බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය. එසේම මෙම ආයතනවලට අලුතින් සේවක බඳවා ගැනීමක් සිදුනොකරන බවත් දැනට සේවයේ නියුතු කාර්ය මණ්ඩලය කළමනාකරණකින් යුතුව යෙදවීම හරහා වියදම් හැකිතාක්…
මැතිවරණ කොමිසමේ උපදෙස් පරිදි පළාත් පාලන මැතිවරණය 2023.04.25 වනදා පැවැත්වීමට දින නියම කරමින් එක් එක් තේරීම්භාර නිලධාරියා විසින් අති විශේෂ ගැසට් පත්‍ර නිකුත්කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම පැවසුවේ, එක් එක් තේරීම්භාර නිලධාරියා විසින් අංක 2322/28 සිට 2322/52 දක්වා වූ අති විශේෂ ගැසට් පත්‍ර මගින් එකී මැතිවරණය පැවැත්වීමට දින නියම කර ඇති බවය. ඊට අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්…
මෙවර යල කන්නයේ දී දිස්ත්‍රික් අටක අඩු ආදායම්ලාභී ගොවීන් සඳහා යුරියා පොහොර මිටියක් බැගින් නොමිලයේ ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ. වවුනියාව, මුලතිව් ,ත්‍රිකුණාමලය, අනුරාධපුර, මොනරාගල ,බදුල්ල, හම්බන්තොට සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ගොවීන් සඳහා මෙලෙස යූරියා පොහොර නොමිලේ ලබාදීමට තීරණය කෙරිණි. මෙම මස 17 මෙරටට මඩ පොහොර ලැබුනු වහාම උතුරු හා නැගෙනහිර පළාත් වලට ඒවා බෙදාහැරීමට ප්‍රමුඛත්වය ලබා දීමටත් වී හා අනෙකුත් අතිරේක බෝග සදහා අවශ්‍ය බීජ කඩිනමින් ලබා දීම,මඩ පොහොර, යුරියා පොහොර හා බන්ඩි පොහොර යන රසායනික පොහොර වර්ග තුනම කන්න තුනකට පසු එකම කන්නයට ලැබෙන පළමු අවස්ථාව මෙයවීම නිසා හිඟයකින් තොරව ගොවි ජනතාවට පොහොර ලබා දීමටත් තීරණය…
විදෙස් ශ්‍රමිකයින් වෙනුවෙන් තීරු බදු සහනයක් සහිතව විදුලි වාහන ආනයනය කිරීමේ වැඩසටහන ඊයේ සිට ආරම්භ කර තිබේ. එලෙස ශ්‍රී ලංකාව වෙත ගෙන්වන ලද වාහන රේගුව විසින් නිදහස් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත. විදෙශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසා ඇත්තේ පසුගිය වසර අවසානය වනවිට විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 475 දක්වා වර්ධනය වී ඇති බවය. එලෙස විදේශ ප්‍රේෂණ වැඩිවීමට මෙම වැඩපිළිවෙල ඉවහල් වී ඇති බවද අමාත්‍යවරයා පවසා ඇත. විදේශගත ශ්‍රමිකයින්ගේ මුදල් මෙරට එවීමේදී නීත්‍යානුකූල ලෙස එවන අවස්ථාවන්හිදී එම ප්‍රමාණය මත පදනම්ව විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවිය. එහිදී අදාළ ශ්‍රමිකයා විසින් මෙරට එවන මුදල් ප්‍රමාණයෙන් අඩකට…
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදල සහ සහයෝගය ලබා ගත්තා කියා එක රැයකින් රටේ තිබෙන සියලු ප්‍රශ්න විසඳෙන්නේ නැතැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. රටක් හදන්න අවුරුදු ගණනාවක් යන නමුත් රටක් විනාශ කිරීමට පැයක් වත් යන්නේ නැතැයි ද ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සාර්ථක ගමනක් ආරම්භ කර තිබෙන අතර සියලු දෙනා දේශපාලන පක්ෂ, පාට, ජාති සහ ආගම් භේද ඉවතලා රට වෙනුවෙන් එකට එකතු විය යුතු බවද සඳහන් කළේය. හැමදාම මහා පාරට ඇවිත් උද්ඝෝෂණය කරමින් අවස්ථාවාදී,පටු සහ දේශද්‍රෝහී විපක්ෂය කරන්නේ රට තව තවත් අරාජික කිරීම යැයි හිටපු මුදල් ඇමතිවරයා කීය
රෝහල් වල හිඟ ඖෂධ පිළිබඳ ලැයිස්තුවක් තිබේ නම් එය ලබා දෙන්නැයි ද හැකි අයුරින් උදව් කරන්නට සූදානම් බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. අද වන විට රෝහල් පද්ධතියේ අත්‍යවශ්‍ය ඖෂධ රැසක හිඟයක් පවතින අතර පිළිකා ,හෘද රෝග, අධික රුධිර පීඩනය,දියවැඩියා ,අක්මා රෝග ආදී ජීවිත බේරාගන්න ඖෂධ වල බරපතළ හිඟයක් රෝහල පද්ධතියේ තිබෙන බවද විපක්ෂ නායකවරයා කීය. අත්‍යවශ්‍ය ජීවිත බේරාගන්නා උපකරණ වලත් බරපතළ හිඟයක් මේ වන විට තිබෙන බවද මේ වන විට රෝහල්වල ඖෂධ සහ උපකරණ හිඟය බරපතල තත්වයක තිබෙන අතර වැදගත් සැත්කම් ගණනාවක් කල් ගොස් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.
