Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
තමන්වහන්සේ ඉලක්ක කර පසුගිය දිනක එල්ලවූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්වහන්සේ කම්පනයට පත්වී සිටින බව පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් පවසයි. එසේම නැගෙනහිර විහාරස්ථාන සඳහා සැපයෙන ආරක්ෂාව කිසිසේත් ප්‍රමාණවත් නොවන බැවින් තමන් වහන්සේට හැකි ඉක්මනින් ආරක්ෂාවක් සපයා දෙන ලෙසට ද උන්වහන්සේ බලධාරින්ගෙන් ඉල්ලා සිටී. මඩකලපුව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්, අම්පාර මංගලගම ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ කුටියක සැතපී සිටියදී පසුගිය දිනක රාත්‍රියේ එම කුටිය ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුවිය. වෙඩි ප්‍රහාරය එල්ලවී තිබුණේ එම කුටියේ ජනේලයකටය.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
රජය පනවා ඇති නව බදු සංශෝධනවලට එරෙහිව ලබන 22 වනදා සිට දිවයින පුරා කළු සතියක් ප්‍රකාශයට පත්කිරීමට සියලු ක්ෂේත්‍රවලින් සැදුම්ලත් වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව තීරණය කර තිබේ. රජයේ නව බදු සංශෝධන සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව (16) පස්වරුවේ කොළඹ මහවැලි කේන්ද්‍රයේදී රැස්වී තිබුණි. එම අවස්ථාවට ඛනිජ තෙල්, වරාය, විදුලි, ජල, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීයවේදීන් එක්වී තිබේ. එහිදි අදහස් දැක්වූ ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක මහතා, “අපි කියන්නේ නෑ අපි බදු ගෙවන්නේ නෑ කියලා. අපි බදු ගෙවන්න සූදානම්. අපි දැනුත් බදු ගෙවනවා. අපි කියන්නේ මේ උද්ධමනයෙන් වෘත්තිකයාගේ බෙල්ලට තොන්ඩුව දාලා…
පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව අත්තනෝමතික ක්‍රියාමාර්ග ගන්නා බව පවසමින් සමගි ජන බලවේගය යුරෝපා කොමිසමට අද (17) සංදේශයක් බාර දුන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ඇතුලු සමගි ජන බලවේගයේ නියෝජිත පිරිසක් මෙම සංදේශය භාර දුන්හ. ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස මැතිවරණ කල් දැමීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් යුරෝපා කොමිසමේ නියෝජ්‍ය තානාපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ප්‍රකාශ කළේය. පළාත් පාලන මැතිවරණය පවත්වා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට මැදිහත් වන්නැයි යුරෝපාකොමිසමෙන් ඉල්ලීමක් කළ බවත් ඔහු තවදුරටත් කීවේය.
අධික ලෙස දුම් පිට කරන වාහන පිළිබඳව දැනුම් දෙන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. එවැනි වාහනයක අංක තහඩුව ඡායාරූපයට ගෙන ස්ථානය සහ වේලාව සඳහන් කර වට්ස්ඇප් හෝ වයිබර් පණිවිඩයක් මගින් 070-3500525 යන දුරකතන අංකයට එම දැනුම් දීම කළ හැකි බව එම දෙපාර්තුමේන්තුව පවසයි.
මාතර වෙල්ලමඩම මුහුදේ දියනෑමට ගිය පාසල් සිසුන් තිදෙනෙක් දියේ ගිලී අතුරුදන්වී තිබේ. ඔවුන් සොයා මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලීසිය පැවසීය.
බුද්ධි අංශ වාර්තා අනුව මාලිමාව මෙවර සියයට 80කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් මැතිවරණයෙන් ජයගන්නා බව රජයට දැනුම්දී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි. අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් හඳුන්නෙත්ති මහතා. “රනිල්ගේ, ගෝඨාභයගේ, රාජපක්ෂලාගේ, ඒ වටේ ඉන්න හෙන්චයියලාගේ පරාජය නළලේ ලියලා ඉවරයි. බුද්ධි අංශ විසින් ඒගොල්ලන්ට දීලා තියෙන වාර්තා සියල්ල කියන්නේ මොකක්ද. ? ජනතාව දිනන විසඳුම මාලිමාව ජනතාව පිළිඅරගෙන අවසානයි. ප්‍රතිඵලය සියයට 80ට වැඩියි කියන පණිවුඩය දැන් දීලා තියෙන්නේ. මැතිවරණ කොමිසමටත් අයිතියක් තියෙනවා. මැතිවරණය පවත්වන්න. මැතිවරණයට අවශ්‍ය මුදල් දෙන්න. භාණ්ඩාගාරයට අයිතියක් තියෙනවා. අද අපිට හුඟක්…
හෝමාගම පිටිපන පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා නැවත විවෘත කිරීමට තීරණය කර තිබේ. එහි උප කුලපතිවරයා සඳහන් කර ඇත්තේ පළමු වසරේ සිසුන් සඳහා එම විශ්වවිද්‍යාලය පෙබරවාරි 27 වනදා විවෘත කරන බවය.
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම විභාගයට ගැනීම සඳහා මාර්තු මස 02 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. මෙම පෙත්සම අද (17) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි. සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
පෙබරවාරි මස 22,23,24 සහ 28 යන දිනවලදී සිදුකිරීමට නියමිතව තිබූ තැපැල් ඡන්දය සලකුණු කිරීම කල්දැමීමට තීරණය කළ බව මැතිවරණ කොමිසම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම මේ බව දැනුම්දී ඇත.
